IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ආර්ථිකයේ එකක් කඩතොලු වසා දෙකක් හදන බදු සංශෝධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරේදේශ අනුව අයවැය හිඟය, මුදල් ණයට ගත හැකි ප්‍රමාණය, ආදායම් ඉලක්ක යනාදිය ගැන සීමා ලකුණු කොට තිබේ. මෙම සීමාව තුළ උවමනා ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විරුද්ධතාවයක් ආණ්ඩුවට නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණ, උපයනවිට ගෙවන බදු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වටයේ සාකච්ඡා අවසානයේ දී ආණ්ඩුව ලබාගත් සියුම් ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා ඇඟවීය. 
මෙරට පුරවැසියන් සිය කැමැත්තෙන් ජනාධිපතිවරයෙකු පත් කරගත් අතර පසුව තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් තෝරාගත්තේය. අවාසනාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැතිවරණයකට තරග කර නැත. පසුගිය ආණ්ඩුවෙන් නිර්මිත බලය වත්මන් ආණ්ඩුවේ ජනතා ජයග්‍රහණ ඉක්මවා පතුරවන්නට සමත්ව සිටී. ආණ්ඩුවේ කටයුතු මුල්‍ය අරමුදලේ නිලධාරීන්ට රිසි පරිදි හසුරුවන්නට ඉඩ දෙන අතරවාරයේ ශ්‍රී ලංකාව ස්වෛරීත්වය ගැන  වර්ණනා කිරීම කිසිසේත් උචිත නොවේ. ආණ්ඩුවට තමන්ගේ සැලැස්මක් තිබිය යුතුය. ධනය උත්පාදනය කරන හා රට දියුණු කරන ක්‍රියාමාර්ග ගැන අදහසක් රහිත ස්වභාවයක් තුළ බාහිර බලපෑම් හැර අනෙක් වපරිසයක් නොමැති බව උපකල්පනය කරන්නට සිදුවේ. පිටතින් එන අදහස් ආර්ථික යෝජනා ලෙස ජනතාව හමුවේ තැබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනැගෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී බිඳවැටුණු රටවල ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහාය. විසි එක් වැනි සියවසේ කොවිඩ් වසංගතයෙන් බිඳවැටුණ රටවල් හදන්නට පැරණි රාමුව ගැළපෙන්නේ නැත. විකල්ප අදහස් රහිත දේශපාලනයෙන් ජරාජීර්ණ වූ රටවල්වලට මුල්‍ය අරමුදල හැර අනෙක් සරණක් නැත. චීනය, ඉන්දියාව, ග්‍රීසිය වැනි රටවල් මුල්‍ය අරමුදලේ බරපතළ කොන්දේසි ප්‍රතික්ෂේප කරන ලද රටවල් ලැයිස්තුවේ ඇත. අවුරුදු හතරක් දක්වා වරින් වර රටට එන නිලධාරීන් ගේ මතය අනුව හැඩගැසෙන බව දැනටමත් සහතික කරන ආණ්ඩුවක් මහජන හිතකාමී ආකාරයකට කටයුතු කරන්නේ ද යන්න 
සැක සහිතය.


එකක් සහන සපයා දෙකක් අය කර ගැනීම


උපයනවිට ගෙවන බදු සඳහා සංශෝධනයක් කර ඇත. ලබන වසරේ සිට එය ක්‍රියාත්මක වෙනු ඇතැයි පළවේ. මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා පමණක් තිබුණ බදු නිදහස රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා නංවා ඇත. උපයන විට බදු ගෙවමින් සිටි වෘත්තිකයන්ට අවසානයේ දී අතට ලැබෙන ප්‍රමාණය ආණ්ඩුව දැන ගත යුතුය. මෙතෙක් ලක්ෂ පහක් දක්වා තිබුණ සියයට හයක සීමාව රුපියල් මිලියනයක් දක්වා සංශෝධනය කෙරේ. මාසික ලැබීම් ලක්ෂ දෙකක් වූ පසු සියයට හැත්තෑ එකක් නිදහස් වෙන බව ප්‍රකාශ කරන අතර ඇත්ත වශයෙන් සියයට විසි නමයක් රජයට බදු ගෙවිය යුතුය. ඉපැයීම් රුපියල් ලක්ෂ දෙහකමාරක් වෙන විට රජයට ගෙවන බද්ද සියයට තිස් නමයක් වේ. ලක්ෂ තුනක් වූ පසු මාසික වැටුපෙන් සියයට පනස් තුනක් බදු ගෙවිය යුතු 
බව දැක්වේ. 
මැති ඇමැතිවරුන්ගේ වැටුප්, දීමනා හා වරප්‍රසාද ප්‍රශ්න කරමින් සිටි ප්‍රජාව, ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ සහනශීලී ආකෘතියක් අපේක්ෂා කළේය. පුරුදු වැල්පාලම හැර අනෙක් මාර්ගයක් නැති බව ජනතාවට ඔප්පු කරමින් සිටී. මෙම ප්‍රතිපත්ති ගැන ලජ්ජාවට පත්විය යුතු නැත. ලෝකයේ ආර්ථික රාමු සලකා බලන විට විවෘත ආර්ථිකය හැර අනෙක් ක්‍රමයක් නැත. ධනය උත්පාදනය කළ යුතුවේ. තරගකාරීව ධනය උපයන මාර්ග සඳහා වේගයෙන් අවතීර්ණ වුවහොත් අස්වැසිල්ලක් ඇත. සහන බෙදන්නට නම් මුදල් අවශ්‍යය. ආණ්ඩුවකට ධනය නිපදවිය නොහැක. ප්‍රතිපත්ති සකස් කර පෞද්ගලික අංශයට අවස්ථා විවෘත කිරීම ආණ්ඩුවේ වගකීමකි. ජනතාව සූරාගෙන කන ධනේෂ්වර ව්‍යාපාර හැදුණ පසු ඒවා නියාමනය කරන ක්‍රමයෙන් හා අවතැන්වන අහිංසක ජනතාව බලා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙළ සකස් කිරීම ආණ්ඩුවක ප්‍රයත්නය විය යුතුය. 
විවෘත ආර්ථික ක්‍රමයේ මෙම යථාර්ථය වටහා ගත් රටවල් ලෝකයේ ඉහළටම පැමිණ ඇත. අවංකව ජනතාවට කියා දී ඉක්මනින් ප්‍රතිසංස්කරණ ඇති කරන්නට අසමත් බියගුලු නායකයෝ එදා සිට මෙරට කටයුතු ඉබාගාතේ යන්නට ඉඩ හැරියේය. අවසානයේ දී ආර්ථික විනාශයකින් කෙළවර විය. නැවත එවැනි ඉරණමකට තල්ලු නොකරනු සඳහා ජවය ඇති අංශ තෝරා වහාම ඉඩ දෙන ආර්ථික සංස්කෘතියක් ඇති කළ යුතු වේ. බ්‍රසීලයේ ලූලා ඩී. සිල්වා, වමට සිග්නල් දමා බලයට පැමිණ ආර්ථිකය දකුණට හැරවීය. ඩෙන් ෂියාවෝ පිංග් චීනය හරවන විට කියා සිටියේ බළලා මැටියෙන් නමුත් මීයන් අල්ලන්නේ නම් ප්‍රශ්නයක් නැති බව ය. ඉන්දියාවේ අගමැති මන් මෝහන් සිං, ප්‍රතිසංස්කරණ යෝජනා කරන විට එරට විද්වත්හු ඒවා විශ්වාස කළේ නැත. අද මෙම රටවල් ලෝක සිතියමේ කැපී පෙනෙන ස්ථාන අත්පත් 
කරගෙන ඇත. 


රඳවා තබා ගැනීමේ බද්ද පැනැවීම පිටුපස රහස


අලුත් යෝජනාව අනුව වානිජ බැංකුවල ප්‍රතිලාභ මත මෙතෙක් අය කළ සියයට පහක රඳවා තබාගැනීමේ බද්ද සියයට දහය දක්වා වැඩිකරගෙන තිබේ. සමාජයේ සෑම තරාතිරමක පුද්ගලයෙකුට එය ගෙවන්නට සිදුවෙන සෘජු බද්දකි. ඉතාම පහසුවෙන් බැංකුවලින් අය කරන මෙම කොටස භාණ්ඩාගාරයට යවන්නට ‘‘ටින්’’ අංක හෝ අන්තර් ජාල ගෙවීමේ ක්‍රම අවශ්‍ය නොවේ. බැංකු කටයුතු ගැන නොදන්නා ජන කොටස් පවා මාසය අවසානයේ දී ගිණුමේ පොලියෙන් අඩු වූ ප්‍රමාණය නොදන්නා තරමට එය ඉතාම සූක්ෂමය. විශ්‍රාමිකයන් ඇතුළු පොලියෙන් යැපෙන කොටසට සහන සඳහා විශේෂ කවුළුවක් විවෘත කර නැවත ලබාගත හැකි  බව ජනාධිපතිවරයා අවධාරණයෙන් කියයි. අය කරන රඳවා ගැනීමේ බද්ද සියලුම දෙනා ඉල්ලා සිටින තරමට රට දුප්පත් වී තිබේ. ජනතාව පෙල ගැසී අයැදුම් කළහොත් ආපසු හරවන්නට ආණ්ඩුව සූදානම් ද?
එක තැනකින් දේශීය කිරි හා යෝගට්වල බද්ද ඉවත්කරන අතර තවත් තැනෙකින් ආනයනික ලූනුවල බදු අඩු කෙරේ. සහල් ආනයනය කරන්නට විවෘතව ඉඩදෙන අතර බද්දක් හඳුන්වා දී ඇත. අලුත්ම වාර්තා අනුව, දියලුණු මෙට්‍රික් ටොන් තුන්දහසක් ද ආනයනය කරන තීන්දුවක් ගෙන තිබේ. (රට වටේ මහ මුහුද තිබිය දී පිටරටින් ලුණු ගෙන ඒම අනුමත කළ හැකි ද?) දියලුණු ගෙන්වීමේ දී බදු අය කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත. තැනින් තැන කරන මෙවැනි විෂම බදු අවසානයේ දී ගෙවන්නේ මෙරට ජනතාව හැර අනෙක් පාර්ශ්වයක් නොවේ. බදු ඉවත් කිරීමෙන් පසු අඩු මිලට ලැබුණ දෙයක් ගැන පාරිභෝගිකයෝ දන්නේ නැත. ලූනු මිල හෝ කිරි, යෝගට් මිල හෝ පහත වැටී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ද? සහල් වෙළෙඳ පොළ පාලනය කළ නොහැකි වූ පරිදි අනෙක් කටයුතු ද කළ නොහැකි අතර එකක් අඩුකර වෙනත් තැනෙකින් ආදායම හදා ගන්නට මහා භාණ්ඩාගාරය කටයුතු කරන බව දැක්විය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව අයවැය හිඟය, මුදල් ණයට ගත හැකි ප්‍රමාණය, ආදායම් ඉලක්ක යනාදිය ගැන සීමා ලකුණු කොට තිබේ. මෙම සීමාව තුළ උවමනා ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විරුද්ධතාවක් ආණ්ඩුවට නැත.


පාලනය කරන ලද හැඟීම් නැවතත් ඉදිරියට


ආර්ථිකය ස්ථායී කරන පියවර තුළ ජනතාවගේ ඉල්ලුම පාලනය කළේය. සියලුම දේ සඳහා ගාස්තු වැඩි කරන ලද අතර ආදායම් බදු මගින් අතට ලැබෙන මුදල ද සීමා කර ඇත. විදුලිය, ජලය හා ගෑස් වැනි අංශවලට පනවන ලද මිල සූත්‍ර මෙරට ජනතාවගේ පරිභෝජන හැකියාව අඩු කළේය. පිටරටින් ගෙන්වන වර්ග සියයක් නතර කළේය. රථ වාහන ගෙන්වීම අත්හිටුවීය. අනෙක් අතට, වැටුප් හා දීමනාවලට පනවන ලද බදු හේතුකොටගෙන සැලකිය යුතු ප්‍රමාණයකින් මිල දී ගැනීමේ හැකියාව පහත වැටිණ. අද ජනතාව, තමන්ට අවශ්‍ය නමුත් ඒවා මිල දී ගත නොහැකි වටපිටාවක පසුවේ. ආර්ථික විද්‍යාව අනුව, මෙමගින් රටක ආර්ථිකය හකුළුවයි. අවුරුදු දෙකක් තුළ සියයට දහයකින් පහත වැටීම එහි ප්‍රතිඵලයකි. ජීවත් වූ වටපිටාවෙන් සියයට දහයක් වැටුණු තැනක සිට පියවර තුනක් හතරක් එනම් සියයට තුනක හතරක වර්ධනයක් ප්‍රමාණවත් නැත. එය ද දුබල ස්ථානයකි. ශ්‍රී ලංකාව ආපසු හැරවීම සඳහා සියයට දහයක වර්ධන ඉලක්කයක් අවශ්‍ය කෙරේ. ලොකුවට හිතන, අලුත් ව්‍යාපාර සඳහා ඉඩ දෙන, කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් පසුබිම සකස් කරන අලුත් නීති සම්පාදනය කිරීමෙන් හැර ප්‍රසාරණයක් අපේක්ෂා කළ නොහැක. 
ආර්ථිකය තිබෙන තැන සිට අලුත් වටයකින් දියුණු කිරීමෙන් පමණක් රජයේ ආදායම තරකරගත හැකි වේ. එම පියවර වෙනුවෙන් එතැනින් මෙතැනින් කඩොලු සකස්කරන අපිළිවෙළ ක්‍රමවේදයකින් පලක් නැත. දියුණු දැක්මක් සහිත අය වැය ප්‍රකාශනයක් අවශ්‍ය වී තිබේ. ආණ්ඩුව තාවකාලික ඇස්තමේන්තුවක් 2025 වසරේ පළමු කාර්තුවට ඉදිරිපත් කරන අතර පෙබරවාරියේ දී අය වැය යෝජනා ගෙන එන බව හෙළිකර ඇත. දැනටමත් පළමු කාර්තුව සඳහා රුපියල් ට්‍රිලියනයක් ණය ගත යුතුව ඇති බව ප්‍රකාශ වී තිබේ. ණය ගැනීම වෙනුවට ව්‍යාපාර ඇතිකරන හා එයින් ප්‍රසාරණය වෙන පිළිවෙළ ගැන හිතන්නට ආණ්ඩුව දක්ෂ විය යුතුය. ආණ්ඩුව බලයට පත්කරන ලද ජනතාව ඉවසා සිටින කාලයක් තිබේ. දින ගණන සමග වේගයෙන් එතැනට ළඟාවෙනු ඇත. සුපුරුදු සුවපහසු ආර්ථිකය රහිත මොහොතේ දී ජනතාව සිය අප්‍රසාදය පළකරන්නට ඉඩ තිබේ. ශ්‍රී ලාංකිකයන් දුප්පත් නැති අතර මැදි ආදායම් ජන කොටසකි. ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කරන ලද මහරගම, හෝමාගම, කඩුවෙල හා ගම්පහ එයට ඉතා හොඳ සාක්ෂියකි. අස්වැසුම ඉල්ලන්නේ නැති මෙම ප්‍රජාව ආර්ථික නිදහස අපේක්ෂා කරන බව අවධාරණය කළ යුතු වේ. උපයනවිට ගෙවන වැටුපට ලැබුණ සුළු වරප්‍රසාදය ඔවුන්ට මහමෙරක් නොවන බව ද දැක්විය යුතුය.


අනාගතයේ දී අපේක්ෂා කළ යුතු රාමුව ගැන යමක්


ඇමෙරිකානු ඩොලර් මිලියන සියයකින් රටට වාහන ගෙන්විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතය වෙනස් නොවනු ඇති බව ආණ්ඩුව විශ්වාස කරන බව පෙනේ. වාහන ගෙන්වීම හුදෙක් එක සංසිද්ධියක් නොවේ. පැරණි පොසිල ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වන අතර එයට සමාන්තරව ඉන්ධන ආනයනය ද වැඩි කරන්නට සිදුවෙන බව ආණ්ඩුව වටහා ගත යුතුය. දැනටමත් මෙරටට ගෙන්වන ඉන්ධනවලින් සියයට හැටක් ප්‍රවාහන අවශ්‍යතා සඳහාය. එය ඉහළ යන තරමට රටේ ඩොලර් ඉල්ලුම ද ඉහළ යනු ඇත. වැසි කාලය සමග ජල විදුලිය උපරිමව භාවිත වෙන අතර දැවිතෙල් හා ගල් අඟුරු බලාගාර උත්පාදනය අඩු කරගෙන තිබේ. මෙය හේතු කොටගෙන රටට ආනයනය කරන බලශක්ති සඳහා වියදම පාලනය වී ඇත. ඉදිරියට එය එලෙසම තිබෙන බව විශ්වාස කළ යුතු නැත. 
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරටට එවන විගමනික ප්‍රේෂණ අඩු වී තිබේ. ආර්ථික විශේෂඥයන් නොදන්නා නමුත්, මෙරටට විනිමය එවන කොටස් ඉදිරියේ දී රුපියලේ අගය අවප්‍රමාණය විය හැකි බව සැක කරති. රටට ණය ගන්නට සිදුවෙන බව දන්නා පිරිස් ඉහළ පොලියක් වාණිජ බැංකුවලින් ලැබෙන බව අවබෝධ කරගෙන ඇත. ආර්ථිකයේ මුදල් ප්‍රවාහය අනුව, උද්ධමනය හැසිරෙන ආකාරය ව්‍යවසායකයෝ නොදන්නවා නොවේ. විනිමය අනුපාතිකය, ණය පොලිය හා උද්ධමනය රටක ආර්ථිකය විනාශ කළ හැකි කුලුනු තුනකි. ශ්‍රී ලංකාව සොයා ගත යුතු මෙම ආගාධයෙන් ගැලවෙන මාර්ගය වෙන අතර පැරණි සිද්ධිවලට වගකිව යුතු අංශවලට දොස් තබන අලුත් වචන නොවේ. 
ජනතාව සිස්ටම් වෙනස් කරන ලෙස බල කළේය. රජයේ වියදම අඩු කරන අතර රාජ්‍ය සේවය කුඩා කර කාර්යක්ෂම කරන තෙක් බලා සිටී. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එක අදහසකි. අනෙක් අතට, පාඩු ලබන ව්‍යාපාර පැත්තකට කර අලුත් ව්‍යාපාර ගොඩනගන්නට දෙස් විදෙස් ව්‍යවසායකන් අපේක්ෂා කරන ලද බව නොරහසකි. රජයේ කටයුතු විනිවිද පෙනෙන ක්‍රමවේදවලට ඇතුළු කරන අතර, දූෂණය අඩුම තැනකට පත්කරනු ඇතැයි සිතා සිටියේය. එහෙත් පැරණි යාන්ත්‍රණය, එවකට සිටි නිලධාරීන් සහ අතට එකක් පෙන්වා දෙකක් අත යටින් ගන්නා පුරුදු බදු සංශෝධන අප ඉදිරියේ විසුරුවමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
සාරා කන්දෙගොඩ

 



අදහස් (0)

ආර්ථිකයේ එකක් කඩතොලු වසා දෙකක් හදන බදු සංශෝධන

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 2445 9

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
2024 දෙසැම්බර් මස 17 3058 8

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 4411 9

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?
2024 දෙසැම්බර් මස 17 2615 14

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 636 4

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 6343 9

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 116 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 85 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site