IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


ඇමති මඩුල්ලට ගිය ලක් වනිතාවෝ

 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කළද එය තවමත් අසම්පූර්ණ ය. සමාජයෙහි සාම්ප්‍රදායික වැඩවසම් ලක්ෂණ සහ ධනේශ්වරවාදී ලක්ෂණ මුල්බැසගෙන තිබීම ඊට හේතුව වී තිබේ. 1931 වර්ෂයේ දී ලාංකිකයන්ට ලැබුණු සර්ව ජන ඡන්ද බලය හේතුවෙන්  උගත්, බුද්ධිමත්, ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව අවුරුදු 21ට වැඩි සියලු‍ දෙනාට දේශපාලන බලය හිමිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යවස්ථාදායක ආයතනවල නියෝජිතවරියන් වශයෙන් තේරී පත් වීමට කාන්තාවන්ට ද අවස්ථාව සැලසිණ.  එම අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කර තිබේ. 
 
ලෝකයේ ප්‍රථම අගමැතිනිය සහ ජනාධිපතිනිය ලංකාවෙන්  බිහි වුවද, ආසියානු කලාපයේ කාන්තාවන් දේශපාලනයේ නියෝජනය වීම අවම රාජ්‍ය වන්නේ ද ලංකාවයි. වර්තමාන ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ 225 අතරින්, කාන්තා නියෝජනය 13කි. එනම් 5.78%කි. පළාත් සභා තුළ කාන්තා නියෝජනය 4.8%කි. පළාත් පාලන ආයතනවල 1.8%කි. අතීතයේ පටන්ම දේශපාලනයට සම්බන්ධ වූ බොහෝ කාන්තාවන් සැලකීමේ දී දේශපාලන පවුල් පරිසරය, මූල්‍යමය ස්ථාවරත්වය ඔවුන් වටා කේන්ද්‍රගතව තිබේ. 2023 මහාබැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 22.037කි. ඉන් 52.4%ක් කාන්තාවන්ය. ලංකාවේ ඡන්දදායකයින්ගෙන් 56%ක් කාන්තා ඡන්දදායකයින්ය. වැඩිම පිරිසක් කාන්තාවන් වුවද තීන්දු තීරණ ගන්නා ආයතනයන්හි කාන්තා නියෝජනය අවම මට්ටමක පවතී. ලංකාවේ පාර්ලිමේන්තු මහමැතිවරණයන් සඳහා කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් වුවත්, ඉතා සීමිත කාන්තා නියෝජනයක් පමණක් දක්නට ලැබේ. 
 
1931 දී පැවැත්වූ මැතිවරණය සඳහා කාන්තාවන් තිදෙනෙකු අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් වූ අතර, ඉන් දෙදෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. වෛද්‍යවරියක් වූ තේසුම් සරවනමුත්තු  ඉන් එක් අයෙකි. අනෙක් කාන්තාව වූයේ රදල පවුලකින් ඉදිරිපත් වූ ඇඩ්ලින් මොලමුරේ ආර්යාවයි. 1936 මැතිවරණය සඳහා කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත් වුවත්, ඉන් ජයගනු ලැබූවේ උතුරු කොළඹ ආසනයෙන් තරග කළ වෛද්‍ය තේසුම්  සරවනමුත්තු  පමණි. 
 
සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැත්වූ පළමු මැතිවරණය සඳහා කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත් විය. ඒ මැදකොළඹ ආසනයෙන් අයේෂා රවුෆ්, කිරිඇල්ල ආසනයෙන් ෆ්ලෝරන්ස් සේනානායක සහ බලපිටිය ආසනයෙන් ශ්‍රීමතී  අභයගුණවර්ධන  ය.  එහෙත් එහිදී ජයග්‍රහණය කළේ ප්ලෝරන්ස් සේනානායක පමණි. පසුව නිතරගයෙන් අවිස්සාවෙල ආසනයෙන් කුසුමා ගුණවර්ධන මහත්මිය පාර්ලිමේන්තුවට පත් වූයේ, පිලිප් ගුණවර්ධන මහතා වෙනුවටය. මහනුවර ආසනයේ ටී. බී.ඉලංගරත්නගේ පුරප්පාඩුවට අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර, ඉන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ තමාරා කුමාරි ඉලංගරත්නය.  
 
1952 මැතිවරණය සඳහා කාන්තාවන් 12 දෙනෙකු ඉදිරිපත් වූවද, ජයගනු ලැබූවේ දෙදෙනෙකු පමණි. එස්. ඒ.වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වූ ඩොරින් වික්‍රමසිංහ අකුරැස්ස ආසනයෙන් ද,  තරග කළ කුසුමා ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනයෙන්ද  තේරීපත් විය. 1956 මැතිවරණය සඳහා කාන්තාවන් ඉදිරිපත් වූයේ 5 දෙනෙකු පමණි. මෙම මැතිවරණයේ සුවිශේෂත්වය වනුයේ ඉන් සිව්දෙනෙකුම ජයගැනීමයි. ප්‍රථම වරට කැබිනට්   ඇමති ධූරයක් විමලා විජයවර්ධන ට හිමිවිය. ඒ සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙනි. 
 
1960, 1970 මැතිවරණවලදී කාන්තා නියෝජනය පිළිබිඹු වූ අතර, ඒ ඔස්සේ කාන්තා දේශපාලනයේ වර්ධනයක් සිදුකරගනිමින් - 1972 දී මෙරටටම අනන්‍ය වූ නව ස්වදේශීය ආණ්ඩුක්‍රමයක් ගොඩනඟා ගන්නේ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙනි. කාන්තා නියෝජනයේ සුවිශේෂීම අවස්ථාව වන්නේද එයයි. 
 
1947 සිට 2020 දක්වා කාලය තුළ පැවැත් වූ මැතිවරණයන්හි දී පාර්ලිමේන්තුව සඳහා කාන්තා නියෝජනය කෙබඳු ද යන්න සලකා බැලීමේ දී, මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව, ඒ ඒ වර්ෂයන්හි දී කාන්තා නියෝජනය ප්‍රතිශතාත්මකව මෙසේය.
 
1947 101 3 3.0%
1952 101 2 2.0%
1956 101 4 4.0%
1960 (මාර්තු) 157 3 1.9%
1960 (ජුලි) 157 3 1.9%
1965 157 6 3.8%
1970 157 6 3.8%
1977 168 11 6.5%
1989 225 13 5.8%
1994 225 12 5.3%
2000 225 9 4.0%
2001 225 10 4.4%
2004 225 13 5.8%
2010 225 13 5.8%
2015 225 13 5.8%
2020 225 13 5.8%
 
1947 සිට 1977 දක්වා ලංකාවේ සරල බහුතර නියෝජන ක්‍රමයට අදාළව මැතිවරණ පැවැත්වූ අතර, 1978 න් පසුව සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන ලදී. සමානුපාතික නියෝජනය යටතේ පැවති පළමු මැතිවරණය 1989 දී පැවැත්විණ. එම්.එච්.එම්. අෂ්රොෆ්ගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය වන ෆෙරියල් අෂ්රොෆ් 2000 වර්ෂයේ දී ප්‍රථම මුස්ලිම් නියෝජිතවරිය ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූවාය. 
 
එසේම 2000 වර්ෂයේ දී  ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ. ඩී.අන්ජාන් උම්මා මහත්මිය පත්වීම සුවිශේෂි විය. 2004 වර්ෂ‍යෙන් පසුව පවත්වන ලද මහමැතිවරණවලදී පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන කාන්තාවන් ප්‍රමාණය ඒකාකාරී අයුරින් පෙන්නුම් කරයි.
 
පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිය වූ ඇඩ්ලින් මොලමුරේ, රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වන්නේ, රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇගේ පියා වන මීදෙණිය අධිකාරම්ගේ මරණයෙන් පසවුය. 1931 දී පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය, ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව වන අතර - මහජන ඡන්දයෙන් පත් වූ පළමු මහජන නියෝජිතවරිය ද වේ. 
 
සැමියාගේ හෝ සහෝදරයාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවල සහ  විවිධ හේතූන් මත මියයාම හෝ ඉල්ලා අස්වීම වැනි හේතුවක් මත පදනම්ව - චන්දයෙන් නැත්නම් සෘජු පත්කිරීම් හරහා පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකු ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ලෝකයේ පළමු අගමැතිනිය බිහිවන්නේ ද, ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය මෙරටින් බිහිවන්නේ ද, මෙම ක්‍රියාවලියේ දිගුවක් ලෙසය. 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය බවට පත්වන්නේ හිටපු අගමැති එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1959 දී ඝාතනයට ලක්කිරීමත් සමග ය. 
 
මියයන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ බණ්ඩාරනායකගේ හිඩැස පිරවීමට සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට පිවිසියාය. එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය සැමියා වූ විජය කුමාරතුංගයන්ගේ දේශපාලනයට සහය දක්වමින් සිටි අතර, 1988 දී ඔහුගේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිස - 1994 ජනාධිපතිවරණයෙන් ජයගත්තාය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රතිවාදියා වූ ගාමිණි දිසානායකගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂිකාව වූවාය.
 
  • 1977 දී ඩබ්. එම්. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ අමරා පියසිලී රත්නායක.
  • 1977 දී එස්. ද සිල්වා රණසිංහ‍ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ.
  • 1982 දී බන්දුහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ දයා සේපාලි සේනාධීර.
  • 1983 දී කේ. ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ රාසමනෝහරි පුලේන්ද්‍රන්.
  • 1991 දී මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන්.
  • 1993 දී ලලිත් ඇතුළත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ වන ශ්‍රීමනී ඇතුළත්මුදලි.
  • 1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ සුරංගනී එල්ලාවල.
  • 2008 දී ටී. මහේශ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන්.
  • 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.
  • මාතර දිසා ඇමති, දෙනියාය පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඝාතනයෙන් පසු ඔහුගේ නැඟණිය කීර්තිලතා අබේවික්‍රම.

යන කාන්තා නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු ආගමනය සිදුව ඇත්තේ යම් දේශපාලන පවුල් පසුබිමක් මත පදනම්ව ය. 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන්ගත් අතර, ඉන් 11 දෙනෙකුම දේශපාලන පවුල් පසුබිමක් සහිතව තේරීපත් වූවෝය. ඒ අතර සිටි ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහට සිය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු අසුන අහිමි විය. සෙසු දොළොස් දෙනා අතර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මෙම මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර ඇය පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.

2020 මහමැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් සිව්දෙනෙක් සහ මහජන ඡන්දයෙන් අටදෙනෙකු වශයෙන් මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ඉන් වැඩි පිරිසක් නීතිඥ සහ ගුරු වෘත්තිය නියෝජනය කරති. මෙම 12 දෙනාගෙන් අට දෙනෙකුට දේශපාලනයට පිවිසීම සඳහා පවුල් පසුබිමක් පවතී. මෙම මන්ත්‍රීවරියන් 12 දෙනාගෙන් පස් දෙනෙක් සිය පවුලේ සාමාජිකයෙකු මියයාමෙන් පසුව දේශපාලනයට පිවිසියෝය.

 

  • හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ධර්මදාස වන්නිආරච්චිගේ දියණිය වන නිතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි.
  • 2008 දී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිඳ වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ.
  • 2002 දී ගාමිණී අතුකෝරළගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය වන තලතා අතුකෝරළ.
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේරත්න බණ්ඩාගේ දියණිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේත්න කවිරත්න. 
  • හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධනගේ නැඟණිය වන කෝකිලා හර්ෂණී ගුණවර්ධන.
  • 2019 දී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පසුව ‍දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිඳ වන මුදිතා ප්‍රිශාන්ති.
  • 2019 දී සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූ මංජුලා විජේකෝන් දිසානායක.
  • සබරගමුව පළාත් සභා හිටපු අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහගේ බිරිඳ වන රාජිකා වික්‍රමසිංහ. 

යන මහත්මීන් 2020 මහමැතිවරණයෙන් තේරී පත් වූ අතර විශේෂඥ වෛද්‍ය අරඹේපොල සහ මංජුලා වීරකෝන් දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද, ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද, ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට පිවිසියහ. මීට අමතරව ගීතා සමන්මලී කුමාරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් කාන්තාවන්ට ඔවුන්ගේ පවුල් තුළින් ලැබෙන දේශපාලන පන්නරය ඔවුන්ගේ දේශපාලන ගමන් මගට ඉවහල් වූ බවත් ස්වාමියාගෙන් බිරිඳට, පියාගෙන් දියණියට ආදී ඥාතීත්වයෙන් ලැබෙන අනුග්‍රහය මතද පියවරුන්, සැමියන්, සොයුරන් මියයෑමෙන් හෝ ඉවත්වීම  යන කාරණා පාදකව එම හිඩැස් පිරවීමට බොහෝ කාන්තාවන් පාර්ලිමේන්තුවට පිවිස ඇති බවද තහවුරු වේ. 

එසේ දේශපාලන වටපිටාවක් නොමැති අයෙක් ජනප්‍රියතාව මත පදනම්ව ජනතා පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. ලංකාවේ ජනගහනයෙන් කාන්තා ප්‍රතිශතය ඉහළ ගිය ද ව්‍යවස්ථාදායකයේ සැලකිය යුතු ආසන ප්‍රමාණයක් කාන්තාවන්ට හිමිවන්නේ නැත. 2016 වර්ෂයේ දී හිටපු අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතනයන් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතියක් සම්මත කර ගත්තද එය ක්‍රියාත්මක වනවා ද යන්නෙහි ගැටලු පවතී.

තවද දේශපාලන මැදිහත්වීම, ජනප්‍රියත්වය හැරුණු විට සාමාන්‍ය කාන්තාවකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සැබවින්ම සිහිනයක්ව ඇති බව අතීත සාධක සලකා බැලීමේ දී ගම්‍යමාන වේ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන මහමැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන පක්ෂ නියෝජනය කරමින් කාන්තාවන් නාමයෝජනා භාරදී ඇති අතර, මැතිවරණයෙන් තේරී පත්වන  කාන්තා නියෝජිතයන් කවුරුන්වේ ද යන්න සහ මෙතෙක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වූ කාන්තා නියෝජනය පෙර පරිද්දෙන්ම අවම මට්ටමක් ගනීද, නැතිනම් පවුල් දේශපාලන බලය, මූල්‍යමය බලය තේරීපත් වීමට නියමිත නව පාර්ලිමේන්තුව වටා කේන්ද්‍රගත වේ ද නැතිනම් මෙහි වෙනසක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් පොදු සමාජයේ කතිකාවත් නිර්මාණය වී තිබේ. 


මනීෂා වීරසිංහ


 



අදහස් (0)

ඇමති මඩුල්ලට ගිය ලක් වනිතාවෝ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු
2024 ඔක්තෝබර් මස 23 3473 15

මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘
2024 ඔක්තෝබර් මස 22 1126 0

’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ම


ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 2744 10

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 3270 9

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 11394 41

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 7399 24

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 157 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site