IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ඉතිහාසයේ පළමුවතාවට ආණ්ඩුව හාමුදුරුවරුන්ටත් නීති දානවා

(වැල්ලව - ශිවා බණ්ඩාර සහ රිදීගම වාර්තාකරු)

ඉතිහාසයේ පළමුවතාවට වත්මන් ආණ්ඩුව මගින් ස්වාමීන් වහන්සේලාට නීති දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (22) පැවසීය.

කුරුණෑගල දොඩන්ගස්ලන්ද මීපිටිය ශ්‍රී ජිනමන්දාරාමයේ පැවති දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය (22) සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය. 

මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“තව මාස දෙකක් පරක්කු වුණානම් හාමුදුරුවන්ට මේ ගොඩනැගිල්ල හදන්න වෙන්නෑ. මං එහෙම කිවේ අලුතින් පනතක් ගේන්න යනවා. ඒ පනත තමයි නව ආගමික ස්ථාන ඉදිකිරීම, පවත්වාගෙන යාම පිළිබඳව සකස් කරන ලද පනත් කෙටුම්පත. ඒකට අනුව අලුතින් පන්සල් හදන්න විතරක් නෙමෙයි දහම් පාසල් හදන්නත් අවසර ගන්න ඕනෑ. එසේ මෙසේ අවසරයක් නෙමෙයි. සර්ව ආගමික කොමිසමෙන් අවසර ගන්න ඕනෙ. ප්‍රාදේශීය සභාවෙන්. එහෙමත් බැරිනම් දිස්ත්‍රික්කයෙන් පළාතෙන් නැත්නම් අමාත්‍යංශයෙන් පෝලිමේ අවසර ගන්න ඕනෙ. එක්කෙනෙක් හරි විරුද්ධ වුණොත් දහම් පාසල දාන්න බෑ. එහෙමයි අලුත් පනතෙ තියෙන්නෙ.

භූමියේ අයිතිය අනිවාර්යයෙන්ම හාමුදුරුවෝ තහවුරු කරන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි භෞතික සම්පත් වැසිකිළි නැතිව දහම් පාසල් හදන්න බෑ. ඉක්මණට මේ දහම් පාසලටත් වැසිකිළි පද්ධතියක් ඉදි කරන්න. නැත්නම් මේ පනත සම්මත වුණොත් මේ දහම් පාසල වහල දායි. මේක තමයි රටේ අලුත්ම තත්ත්වය.

බෞද්ධයාට ආගමික සිද්ධස්ථාන හදන්න නීති දාන්න පුළුවන්ද. ඉතිහාසයේ පළවෙනිවතාවට තමයි හාමුදුරුවන්ට නීති දාන්නෙ මං හිතන්නෙ. බුදුහාමුදුරුවෝ නීති දැම්ම වගේ නෙමෙයි මේ ආණ්ඩුවෙන් නීති දාන්නෙ. මේකෙ යටි අදහස ජනතාව පන්සලෙන් ඈත් කිරීමද නැත්නම් දහම් පාසලින් දරුවා ඈත්කිරීමද කියල සැකයක් තිබෙනවා. මේවා පිළිබඳව අපේ හාමුදුරුවරු දැනුවත් වෙලා අදාළ ස්ථානවලට ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. මේකේ පිටපතක් මට දුන්නෙ මහානායක හාමුදුරුවො.

අපි අවුරුදු 30ක යුද්ධය ඉවර කරල රටේ සංවර්ධනය ඇති කළා. වර්ෂාව නැති වෙනකොට විදුලිය නෑ. නොරොච්චෝලේ හැදුවේ නැත්නම් රටේ විදුලියත් නෑ. නොරොච්චෝලේ හදද්දී අපිට බැන්නා. මුල් ගල තියන්න යද්දී කළු කොඩි දාල විරෝධය පෑවා. අද ඒක හදල ඒකට වියදම් කළා වගේ දහ ගුණයකටත් වඩා ලාභ ලබල තිබෙනවා. අධිවේගී මාර්ගයත් ඒ වගේ. අධිවේගී මාර්ගය අපිට දුන්නනම් අපි මේ කරා වගේ සියයට දහයක වියදමකින් කරල පෙන්නනව කියපු, මහින්ද සියයට අනූවක් සාක්කුවෙ දාගත්ත කියපු උදවිය අද ඒකේ ලාභ ලබනව. අද හයිවේ එක හැදුවනම් කිලෝමීටරයකට මෙච්චරයි කියපු උදවිය අද ඒ වගේ තුන් ගුණයක් ගෙවල ඒක හදනවා. දැන් අපේ කාලේ දුන්නට වඩා තුන් ගුණයකින් කොන්ත්‍රාත් එක වැඩි.

මේ විදියට මේ උදවිය අපි කරපු සෑම ක්‍රියාවලියක්ම විවේචනය කළා වගේම අද ඒ සියල්ලම විකුණන් කනවා. අපි වරාය ගැන ආඩම්බර වෙනවා. ඉතිහාසයෙත් අම්බලන්තොට ප්‍රදේශයේ වරායක් තිබුණ බවට අදත් සාක්ෂි මතුවෙනවා. අපි මේක හදද්දී ඒකටත් විරුද්ධ වුණා පිහිනුම් තටාකයක් කියල. අද වරාය විතරක් නෙමේ අපි කර්මාන්ත ශාලා හදන්න වෙන් කරපු හෙක්ටයාර 2500 ක භූමි භාගයත් විකුණල දාල. ළඟදී වරාය බලන්න පාසල් ළමයි වගයක් ආවා. ඔතනට ගියාට වැඩක් නෑ, බලන්න දෙන්නෑ, චීනයෙන් අවසර ගන්න ඕනෑ කියල එතන හිටපු තරුණයෙක් කියල. පසුව ඒ දරුවෝ එතනට ගියාට අවසර දීල නෑ. ගුවන් තොටුපළටත් ඒ ටික වෙනව තව ටික දවසකින්.

මේ දේවල් හදල රටේ සම්පත් ඉතුරු කරල දුන්නම මේ රටේ සම්පත් ටික විකුණන් කන තත්ත්වයට අද පත්වෙලා. මේ තත්ත්වය නිසා අද ජීවන වියදම ගැන මහ බැංකුවේ මහා මංකොල්ලය ගැන කතා කරන්නෙ නෑ. ඒවට සම්බන්ධ අය අද පිටරටවල යහතින් ඉන්නවා. නමුත් රුසියාවේ හිටපු තානාපතිවරයා ගැන හොයනවා.

හැමදාම ඩුබයි යුක්ක්‍රේනය ඕස්ටේ්‍රලියාව ඇමරිකාව වගේ හැම රටටම ගිහින් එනවා. එක්කෙනෙක් නෙමෙයි හත් දෙනෙක් විතර. සුමාන දෙකක් විතර රටේ තිබෙන හැමදේම බලල සූදුපළවල් වලටත් ගිහින් එනවා. ඒවාට අපි ළඟ සාක්ෂි තිබෙනවා. සමහරු අපිට ඒවට ගිය පින්තූර එවනවා. චීනයට ගියාම චීන මහා ප්‍රාකාරය බලල සිරි නරඹල එන්නේ. යන වැඬේ නෙමේ කරන්නෙ. අද මේ යන විදියට ඒ දේවල් හොයන්න කොමිටි දහයක් දාලත් බැරිවෙයි.
උදයංග ආවෙත් නෑ. ගෙනාවෙත් නෑ. අල්ලන් ඉන්නවා කියනවා. ඒත් හරියටම දන්නෑ. ඕක ඔච්චර දඟලන්න දෙයක් නෑ. මට කිවනම් මං පණිවිඩයක් අරිනව එන්නෙයි කියල. එතකොට ඒවි. ඒක කියන්නෙත් නෑ. මං ගාවට ඇවිත් කියන්න ලැජ්ජයි. නැත්නම් පණිවිඩයක් ඇරියොත් එයි. මං කිවොත් එන්න එපැයි මං පත්කරපු මිනිහනේ.

එෆ්.සී.අයි.ඩී. කියල එකක් දාගන ඉන්නවා. තනිකරම මඩ ගහන්න අපහාස කරන්න විනාශ කරන්න. ඒ ආයතනය නීත්‍යානුකූල නොවන ආයතනයක්. සමහර ඇමැතිවරු කියනවා පාර්ලිමේන්තු ගිහින් හෙට අහවලා රිමාන්ඞ් කරනවා. අනිද්දට ජම්පරේ අන්දනවා. නඩු තීන්දුව දෙනව කියල. පැමිණිලි ාරයත් නඩුකාරයත් එක්කෙනාම වෙලා තීන්දුව දීලත් ඉවරයි. ඉතින් මේ රටට අධිකරණයක් අවශ්‍ය නෑනේ. අධිකරණයෙන් දෙන තීන්දුව ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුව තුළදී දෙනව කියන්නෙ අධිකරණයට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවටත් කරන අපහාසයක්. මේ තත්ත්වය ගැන රටේ ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනේ.

අද ගැහැණු පිරිමි භේදයක් නැතුව රටේ කුඩා දරුවෙකුටවත් පාරේ බැහැල යන්න බෑ. මේ දවස්වල මිරිස්සේ ඇතිවුණු තත්ත්වය. පිටරට කාන්තාවක් සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ යනව. එදා මේ වගේ තත්ත්වයක් තිබුණනම් බනින්නේ ජනාධිපතිවරයාට. දැන් කවුරුත් ඒවට ජනාධිපතිවරයාට ආණ්ඩුවට පොලිසියට ඇමැතිවරයාට මොකුත් කියන්නැ. ඒක පත්තරේ පොඩියට යනව එච්චරයි. ෆේස්බුක් එකේ යනවා.

රට අරාජික වෙලා. ආයෝජකයෝ රටට එන්නෙ නෑ. ආර්ථිකය කඩා වැටිල. මේ සැරේ අවුරුද්දට එළවළු ලාබයි. ලාබ වුණත් මිනිසුන්ට ගන්න සල්ලි නෑ. අපේ කාලේ මිනිස්සුන්ගෙ අතේ සල්ලි තිබුණ. අපි මිනිස්සුන්ට සල්ලි ලැබෙන මාර්ග හදල තිබුණ. අද මිනිස්සුන්ට සල්ලි නෑ. අද ජනතාව විඳින දුක් පිළිබඳව අපි දන්නවා. ඒව වසන් කරල වෙන වෙන ප්‍රශ්න ඇති කරල රටේ ජනතාවගේ ඔලු වෙන පැතිවලට යොමු කරවන වැඩපිළිවෙළවල් මේ ආණ්ඩුව හොඳාකාරව දන්නවා. ඒව පිළිබඳව හොඳට දැනුවත් වෙලා ඉන්නෙ මේ කට්ටිය. ඒ නිසා තමයි අපිටත් හුඟක් වෙලාවට රටේ ප්‍රශ්න පිළිබඳව කතා නොකර අනවශ්‍ය ප්‍රශ්න පස්සෙ පන්නන්න වෙලා තියෙන්නෙ. මේව පිළිබඳව දේශපාලකයෝ අවබෝධයෙන් කටයුතු කළොත් හොඳයි කියල මම හිතනවා” යැයි පැවසීය

මෙහිදී පිළිගැනීමේ කතාව මීපිටිය ශ්‍රී ජිනමන්දිරාමාධිපති පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද විද්‍යායතනයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති රිදීගම සමථ මුල මණ්ඩලයේ සභාපති දොඩම්ගස්ලන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සාම සූර්ය ශ්‍රී හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක යටිහේන විපුලතිස්ස නායක හිමියන් විසින් සිදුකරන ලදී.
මේ අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක්ද විහාරස්ථ දායක සභාවද ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ සිසු සිසුවියෝද සහභාගී වූහ.

 

 



අදහස් (6)

ඉතිහාසයේ පළමුවතාවට ආණ්ඩුව හාමුදුරුවරුන්ටත් නීති දානවා

theshan Wednesday, 25 April 2018 09:46 AM

එතකොට ඔබතුමා කියන ස්වාමීන් වහන්සේලා, නිකන් නෙමෙයි, මහා නාහිමිවරුන් එපා කියද්දීත්, දළදා මාලිගා වටේට කාර් එලෙව්වේ? ඒවා හොඳයිද? තාම නින්දෙන් ඇහැරිලා නැහැ වගේ...

:       466       410

BamunuarachchiWednesday, 25 April 2018 10:56 PM

සුපුරුදු පරිදී ඔය ඇසුවේ කොටලු ප්‍රශ්නයක. මෙතනදී පෙන්වාදුනේ බුද්දාගමට මෙරටේ තිබුන ස්ථානය අනිකුත් ආගම්වල බලපෑම් නිසා දියකර හරින බවයි. අලුතින් ගෙනෙන පනත් වලින් බුද්දාගමට මෙරට තිබූ ස්ථානය නැතිවී යනවා නැවත සිංහල බෞද්ධයාට 1956 න් පෙර තිබූ තත්වයට පත්වෙනවා. ඔය පනත සම්මත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කිසියම් මර්දනයක් නේද? මහින්ද නින්දෙන් ඇහැරිලා බොහොම කල් ඕගොල්ලෝ තාම නිදි. ඔය විදිහට ගියොත් හම්බ මිනිසුන් ඉන්න ප්‍රදේශවල පන්සලක පිරිතක් කියන්නත් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්නවෙවී. එක දවසේ කාර් පැදිල්ල ගැන හිතන්න එපා සදහටම සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධයාට වෙන නස්පැත්තිය ගැන සිතපල්ලා. සුළු ජාතිකයින්ගේ ඡන්දය බලාගෙන මුන් මහජාතිය පාවා දෙනවා එක මේ කොටළුවන් 62 ට පෙන්නේ නැත.

:       0       0

mahinda Wednesday, 25 April 2018 10:23 AM

මෙතුමා කරපුවා මතක නෑ. අද ඕන දෙයක් මාධ්‍යයේ කියන්න ලියන්න පුළුවන් නිසා කෑ ගහනවා. සියලු ආගම් හා නායකයන්ට ගරු කල යුතුයි. ඒ වගේම රටක නීතියත් ඒ සියලු දෙනාටමත් එක වගේ තියෙන්න ඕනෑ. නීතිය තුලින් සහන ලබා දෙන්න ඕන නම් දෙන්න පුළුවන්. ඔබතුමා කෑ ගහන්නේ හරියට මේ නීතිය බෞද්ධ අයට විතරයි වගේ. ආගම්වාදය, ජාතිවාදය තුලින් දේශපාලන වාසි ගන්න පුරුද්ද තාමත් තියන එක ගැන දුකයි.

:       0       81

BamunuarachchiWednesday, 25 April 2018 11:15 PM

මෙතුමා මොනවාද සිංහල බෞද්ධයාට විරුද්දව කලේ? දැනට මේ සිංහල බෞද්ධයාට තිබෙන ස්ථානය නැතිකර ගතයුතුද? 1956 පෙර මෙරටේ සිංහල බෞද්ධයාට තිබුන ස්ථානය ගැන මෙකොටලුවන්ට අවබෝදයක් තිබෙනවාද? සිංහලයින්ගෙන්ම පිරී තිබුන රටේ ප්‍රධන නගරවල අද තත්වය මොකක්ද. වාසනාවකට සිංහලකම හිතන මිනිසුන් සිටින සමහර ප්‍රදේශ තවමත් සිංහලයින් අත පවතිනවා. මහින්ද මහතානනී අපිත් පාසල් යන කාලයේ සිංහල බෞද්ධකම රැකගන්න පාසල් රැස්වීම් වල කතා පැවැත්තුවා දැන් ළමයින්ට එහෙම කතා කොරන්න ඉඩ දෙනවාද කියා නොදනිමි

:       0       0

Ajith Nissanka Wednesday, 25 April 2018 01:28 PM

එතකොට හාමුදුරුවරුන්ට රටේ තියෙන්නේ වෙන නීතියක්ද? මෙතුමාගේ කාලේ ඔබතුමාගේ පවුලේ අය සහ ඔබලාට පිරිත් නූල් දාපු සමහර ස්වාමින් වහන්සේලා නම් හිටියේ නීතියට උඩින්නේ!

:       0       52

BamunuarachchiWednesday, 25 April 2018 11:41 PM

හලෝ කොටලු ප්‍රශ්න අහන්න එපා මේ කියන්නාවූ අණ පනත් නිසා සමස්තයක් හැටියට සිංහල ‍බෞද්ධයාට වෙන්නයන විපත ගැන අවදානය යොමු කරන්න. මේක මහින්දගේ පරශ්නයක් නොවෙයි මේක රටේ මහජාතිය වන අපේ ප්‍රශ්නයක. සිංහල ජාතිය කිසියම් ආගමක් මුල්වරටම වැළඳ ගත්තානම් ඒ බුද්දාගමයි. ඊට අවුරුදු දහස් ගණනකට පසු මෙරට ආ වෙනත් ආගම් නිසා එපමනකල් තිබූ සිංහල බෞද්ධ සංස්කෘතිය විකෘතිවී ගියා. ඉතිරිවී තිබෙන දේවත් අපේ දරු මුණුබුරන්ට රැකදෙන්න අපි උත්සාහ නොවෙයි අධිෂ්ධාන කර ගමු. පාසල් යන කාලයේ ගුරුවරුන්ගේ පැටිගිරිය සේව්වානම් අපිට ඉගෙනගන්න ලැබෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5590 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 656 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1999 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3696 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 159 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 327 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1001 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site