IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


‘‘ඉන්න බැරි නම් යන්න‘‘

(අංජුල මහික වීරරත්න)

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරු රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිවරයාට හිතවාදී පිරිස් එහිදී දැනුම් දී තිබෙන්නේ මෙවැනි තීරණාත්මක මො⁣හොතක මන්ත්‍රීවරුන් නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීම පලක් නොවන බවයි.ඔවුන් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවද හිතවාදීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ .

රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බව වාර්තා වෙයි. එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිප දෙනකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇත.

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා ඇත්තේ තමන් ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව දෙන ලෙසත්ය.

 



අදහස් (25)

‘‘ඉන්න බැරි නම් යන්න‘‘

විජිත් Saturday, 07 September 2024 12:08 AM

අහකයන සර්පයෙක්ව රෙද්ද අස්සේ දමාගෙන දැන් කනවෝ කනවෝ කියන ඇමැතිලා. යන්න එන්න තැනක් නැතිව හිටපු නාකි මිනීමරු, බැංකු හොරාකාපු හිඟන්නෙක්ව ඡන්ද 134 කින් ජනාධිපති ලෙස පත්කර ගන්න ඡන්දෙ දීපු හොරුන්ට ඔහොම වෙලා මදි. ඔය මොනවා කළත් රනිල්ට 20% කට වඩා ඡන්ද ගන්න බැහැ.. ඒක ස්ථිරයි !!! අපි බලමු ඔය එලවපු අයට කොන්දක් තියෙනවද කියලා දැන් ප්‍රසිද්ධියේම රනිල් නාකියාට විරුද්ධව ඡන්දෙදී වැඩ කරන්න.

:       74       26

shantha Saturday, 07 September 2024 12:13 AM

ඔය වයසක මිනිහා ජනාධිපති වෙලා ඉන්නේ තව සුමාන 3 ක් විතරයි. ඊට පස්සේ මිනිහාගේ ඉස්සර කෙරුම් වලට හිරේ යන්න වෙනවා. ඔය එලවපු ඇමැතිලාට ගමට යන්න බැහැ. මොකද මිනිස්සු ගහන්න මරන්න බලාගෙන ඉන්නේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් ආයේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.

:       73       27

විජිත් Saturday, 07 September 2024 12:15 AM

# මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!! අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!

:       70       29

Nimal 1 Saturday, 07 September 2024 01:08 AM

තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකිරීමේ අයිතිය මේ මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට නැද්ද?

:       44       17

Chandima Saturday, 07 September 2024 03:08 AM

යන්න කියපු පළියට යන්න එපා... යන්න කළින් වැඩේ අල කරලාම යන්න.

:       43       17

sathyapapa Saturday, 07 September 2024 03:36 AM

"පුළුවන්" "පුළුවන්" කිය කියා හිටපු කෙනා "බෑමයි" කියලා තේරුණාට පස්සේ "ඉන්න බැරි නම් යන්න" කියලා ළඟ හිටපු අය එලවන්නේ...!

:       35       18

chandima Saturday, 07 September 2024 05:00 AM

මෙච්චර කල් එකට උන්නු එකේ... තව සති දෙකක් ඉඳලා එකටම ගියා නම් නරකද?

:       41       17

siri Saturday, 07 September 2024 05:31 AM

134ක් මුල්වෙලා තනතුර අරන් දුන්නා.. අන්තිමට කළගුණ සලකන විදිහ...

:       36       19

sam Saturday, 07 September 2024 06:45 AM

නියමයි.. කොහොමද බලතණ්හාවේ ප්‍රතිඵල... තණ්හා ජායතී සෝකෝ.. ලොක්කාට ඕනෑ මොන ක්‍රමයෙන් හරි බලයට එන්නයි.

:       36       20

ජනරළ Saturday, 07 September 2024 07:49 AM

ලිප ගිනි මොළවෙන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ. තව දවස් කීයද? ඔය පින් ඉතුරු වෙලා තියෙන්නේ...?

:       38       21

Rohana Saturday, 07 September 2024 07:56 AM

තමන් කැමැති දේශපාලන මතයක් දැරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරාගන්න රනිල්ට ඇති අයිතිය කුමක්ද? මෙහෙම තර්ජනයෙන් සහ බිය ගැන්වීම්වලින් රටක් පාලනය කළ හැකිද?

:       33       17

Buddika Saturday, 07 September 2024 08:25 AM

ඒක හරි යා යුතුයිනේ. ඒ වගේම හොරුන් එක්ක එකට ගමනක් යා නොහැකි බව, එවන් ගමනකින් රට නැවතත් අගාධයකට යන බව ඔබද තේරුම්ගත යුතුයි. ඔබ හොරෙක් නොවන බව ඇත්ත. එහෙත් ඔබ වටා ඉන්නේ පල් හොරු, කම්බ හොරු රැළක්. ඒ ඔලුගෙඩිවලට ඡන්ද මේ රටේ නැතිබවත් සිහියට ගන්න. මේ නිසාම ඔබගේ පරාජය ස්ථිරයි.

:       32       10

Sirisena Silva Saturday, 07 September 2024 05:38 PM

බුද්ධික හරි... ඇත්තටම දැන් එජාප සාමාජිකයින් ඉන්නේ පසුගාමී වෙලා කියන්න පුළුවන්... මොකද එජාප පාක්ෂිකයින්ට උපරිමයෙන් හිරිහැර කරපු එවුන් ඔක්කොමලා දැන් ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ නිසා පාක්ෂිකයන් බොහෝ කලකිරීමෙන් ඉන්නවා පක්ෂය කඩාගෙන ගියපු නිසා විපක්ෂයේ නායකයා ගැන පැහැදීමත් අඩුයි... දූෂණ හා හොරකම් ගැන දඬුවම් දෙනවා කියන අයියලා 1971 සිදුවීම් ගැන නැතත් 88-89 කාලයේ කරපු ඒවා ගැන පරීක්ෂා කර අගතියට පත්වූ සැමටම එදා සිද්දි වෙනුවෙන් අදට ගැලපෙන ආකාරයට වන්දියක් දෙනවා නම් ඔවුන් ගැන බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඡන්ද පත්‍රිකාව කටුගානවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

:       3       4

Rama Saturday, 07 September 2024 08:56 AM

අරාබියාගේ කූඩාරමට රිංගපු ඔටුවාගේ කතාව මතක් වෙනවා...

:       4       9

CHINTHANA Saturday, 07 September 2024 09:37 AM

ආණ්ඩු පක්ෂය පොහොට්ටුව... රනිල් එක මන්ත්‍රීකමක් තියාගෙන පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වෙලා දැන් පොහොට්ටුවේ අයට යන්න කියන්නේ කොහොමද?

:       27       15

ජයනාත් Saturday, 07 September 2024 09:52 AM

දේශපාලනිකව අවසානය ළං වෙනකොට විකාර කියැවෙනවා. කියන්නේ මොනවාද දන්නෑ. සිහි විකල්වෙලා.. පව්..!

:       24       14

ගමේ එකාලා Saturday, 07 September 2024 10:06 AM

කොහොමටත් ඔය දූෂිත දේශපාලුවන්ට රඟන්න වෙන්නේ තව ටික කාලයයි.

:       22       12

ashok Saturday, 07 September 2024 10:43 AM

දැන් නම් හිටියා ඇති නේද? අවුරුදු 40 විතර බොරු කිය කියා හිටියනේ...!

:       33       17

සිල්වා Saturday, 07 September 2024 10:53 AM

ඇතුළත කචල් එළියට එමින් පවතී. ගෑස් සිලින්ඩරයේ ඡන්ද ව්‍යාපාරය කඩාවැටීම පටන්ගෙන...

:       34       14

අරවින්ද මොනරවිල Saturday, 07 September 2024 11:03 AM

පින් ජනාධිපතිගේ සහ සහචරයින්ගේ කාලය අවසන් වීගෙන එන්නේ, ඒ නිසා දැන් බොරුවට වෙනස් කණ්ඩායම් වගේ පෙන්වන්න රැඟුවාට එකට එක්වී හවුලේ රට කෑ ඔවුන් බව රටම දැන් දන්නවා. ඒ නිසා යන්න සූදානම් වෙනු...!

:       28       15

Susa Saturday, 07 September 2024 11:53 AM

පිනට ඇවිත් මෙහෙම නම් ඡන්දයක් දිනුවොත් කොහොම තගා පාර දාවිද? කොහොමටත් මතකයිනේ යහපාලනේ කාලේ මෙයාට වැන්දේ නැති මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවේදී කියපු දේවල්. දැන්නම් හිතෙනවා බටලන්ද 2.0 එන්නද හදන්නේ කියලා. කප්පම් කාරයොත් කිට්ටු කරගෙනනේ ඉන්නේ. මොනවා කරන්න බැරිද එතකොට...?

:       33       21

Prabha Saturday, 07 September 2024 12:50 PM

සිලින්ඩර් සීයා වියරු වෙලා...

:       38       30

Rata Perata Saturday, 07 September 2024 12:58 PM

මෙයා බලෙන් ඉඳගෙන අනිත් අයට ගොන් පාට් දානවා. හොඳ වැඩේ රනිල්ගේ නැට්ටේ එල්ලෙන්න ගිය අයට...

:       31       35

ranjith Saturday, 07 September 2024 04:59 PM

දැන් හිටියා ඇති කියන පණිවිඩය මේ මස 21 දින ජනතාව කියාවි...

:       26       16

sukitha Saturday, 07 September 2024 07:56 PM

මෙතුමා ජනතාවට කියන්නෙත් ඔය ටිකම තමයි....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1902 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3543 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1554 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4672 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1345 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1235 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 614 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 972 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site