එෆ්.අස්ලම්
උතුරේ ජාතික ගැටළුවට විසඳුම් ලබාදීමේ අරමුණින් පැවති රජය පලවා හරිමින් වත්මන් රජය බලයට ගෙන ඒමට පුරෝගාමීව තමා කටයුතු කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
මෙම ගැටළුවට විසඳුම් ගෙන ඒමට නම් රජය සමඟින් එකඟතාවයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මඩකලපුව පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ඊයේ (15) විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම උත්සවයේ දී අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළකර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීය.
ඉදිරි කාලයේ දී නව ව්‍යවස්ථාවක් තුළින් පළාත් පාලන ආයතනවලට හිමි බලතල තව තවත් වැඩි කිරීමට යෝජිතයි. ඒ තුළින් පළාත් පාලන නියෝජිතයින්ට ජනතාවට වැඩි වැඩියෙන් සේවාවක් කරන්න පුළුවන් වේවි. පළාත් පාලන ආයතන කියන්නේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ආයතන බව සැවොම අවබෝධ කර ගත යුතුයි.
මඩකලපුව දිස්ත්‍රික්කය කියන්නේ වඩාත් වැදගත් සුවිශේෂී දිස්ත්‍රික්කයක්. දේශපාලනයේදී කොයි අවස්ථාවේදීත් බෙදීම් පවතිනවා. පරස්පර අදහස් හා මතභේද පවතිනවා. කොපමණ බෙදීම් එකිනෙක පරස්පර අදහස් හා මතභේද පැවතියත් ජනතාවට සේවාවක් සිදුකළ යුතුයි. අප එකතු වෙලා අප අතර පවතින බේද වලින් ඈත් වෙලා ජනතාව ගැන හිතල ඔවුන් වෙනුවෙන් කරන්න ඕන සේවාවන් සිදුකිරීම තුළින් සැබෑ සේවාවක් ජනතාවටත් ඉටුවනු ඇති.
දෙමළ ජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවලට අර්බුද වලට මුහුණ පා සිටිනවා. අපගේ ප්‍රදේශවල 30 වසරක කාලයක් පැවති යුද්ධය ඊට හේතුවයි. යුද්ධයෙන් මහා විනාශයක් සිදු වුණා. දෙමළ ජනතාවගේ තත්වය තවමත් සාමාන්‍ය තත්වයට හැරිල නැහැ. ඔවුන් තවමත් දුෂ්කරතාවලට අර්බුද වලට මුහුණ පා සිටිනවා.
අතුරුදන් වූවන්ගේ ගැටළු, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ඉඩම් ප්‍රශ්න, නැවත පදිංචි කිරීමේදී පවතින ගැටළු, විරැකියාව, සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න ගණනාවකට දෙමළ ජනතාව මුහුණ දී සිටිනවා. මේ යුද්ධයෙන් සිදුවූ විනාශයන්. මේ ප්‍රශ්න මඟහැර සිටිය නොහැකියි. කල් නොමරා මේ ප්‍රශ්න විසඳන්න ඕන. අපි ඒ ප්‍රශ්න විසඳමින් සිටිනවා.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරේ ජාතික ගැටළුව විසඳීමට නම් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි - සම්බන්ධන්