නාලක සංජීව දහනායක
කොළඹට රැස්වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන්ට පමණක් යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අද (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එබැවින් ජනබල උද්ඝෝෂණය අසාර්ථක බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්රකාශ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය කනගාටු නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
රට අඳුරු යුගයක් කරා රැගෙන යමින් තිබෙන යහපාලන ආණ්ඩුවට එරෙහිව තවත් එක් දැවැන්ත ජනතා විරෝධයක් කොළඹ දී පවත්වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන්නෙමු. බලයට පත් වී වසර තුනක් තිස්සේ ජාතික සම්පත් විකුණමින්, ජාතික ආරක්ෂාව විනාශ කරමින්, ජනතා මුදල් මංකොල්, කමින් රට අගාධයට ඇද දමන වර්තමාන ආණ්ඩුව, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට එක් රොක් වී දුන් පණිවුඩය තේරුම් ගත යුතු බව අප කල්පනා කරන්නෙමු.
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය උද්ඝෝෂණය අසාර්ථක බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්රකාශ සම්බන්ධයෙන් අපට කනගාටුවක් නැහැ. මන්ද ගල් ගසන්නේ පල ඇති රුකට බව අප හොඳින් දන්නා බැවිනි. කොළඹට රැස් වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන් හට පමණකි. කවුරු කෙසේ කීවත් අද රටේ ජනබලයට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බව නැවත වරක් තහවුරු වී තිබේ. අවලාද නොනගා හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අපි ආණ්ඩුවට අභියෝග කරමු.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘උද්ඝෝෂණය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන්ටයි’
Saththaya Thursday, 06 September 2018 01:28 PM
සමාජ සේවයේ යෙදෙන අය මහජනයාට අවහිර නොකර, එදිනෙදා ජන ජීවිතය කඩා කප්පල් නොකර ඉන්නවාද දැන්වත්. මොකද කරපු සෙල්ලම් වලට ණය ගෙවන්නේ ජනතාව. ඒ වාගේම පාර්ලිමේන්තු යන්නේ කරන කටයුතු කඩාකප්පල් කරන්න නෙවේ. ඒකත් ජනතාවගේ කාලය විනාශ කරන වැඩක්. මහජන මුදල් නාස්තියක් . අපි මහත්මා ගතිගුණ පුරුදු පුහුණු වෙමු .
Shan Friday, 07 September 2018 05:54 AM
මේ කියන කුහක අය කත් අදින්නේ කාටද කියල අපි දන්නවා.
rohana Friday, 07 September 2018 09:12 AM
මේ මන්ත්‍රිතුමෝ... මේක අසාර්ථක තමයි ටිකක් බලන්න අරක්කු බීලා සින්දු කියලා නටන අය නෙවෙයිද එතැන හිටියේ...?
Sathyapala Saturday, 08 September 2018 10:11 AM
ඒකාබද්ධයේ තරම් දූෂිත කුහකයෝ තව කොහෙද ඉන්නේ? බලය නැතුව පිස්සු වැටිලා. දූෂිත දේශපාලකයන්ගේ අරමුණු ඉෂ්ඨ කරගන්න ජනතාව අවියක් කරගෙන කරන වැඩ...