IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


එකක් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා: අනෙක අධිකාරිවාදයට ආවඩනවා

(*** විනිතා එම්. ගමගේ)

අද වනවිට රට කඳවුරු දෙකකට බෙදී ඇති බවත් එකක් අධිකාරීවාදයට ආවඩන කඳවුර වන අතර අනෙක ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කඳවුර බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකිර් මාකර් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

බල තුලනය අහෝසි කර සියල්ල විධායකය යටතට ගන්නට දරන උත්සාහයක් විධායකය තුළින් පෙනී යන්නේ යැයි ද පරිණත අගමැතිවරයකු සිටිතත් අද අගමැති උපදෙස් ගණන් නොගෙන ජනාධිපතිවරයා තම අභිමත පරිදි කටයුතු කරමින් සිටින්නේ යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නීතියක් අවශ්‍ය නැහැ. චක්‍රලේඛ අවශ්‍ය නැහැ. මම කියන දේ තමයි නීතිය යැයි කියන රටක තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගත හැකි දැයි ඔහු ප්‍රශ්න කළේය.

ඉමිටියාස් බාකිර් මාකර් මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා 19 වන සංශෝධනයෙන් පසු මැතිවරණවල ප්‍රචණ්ඩත්වය වාර්තා වූයේ නැතැයි ද ඉන් පෙර මැතිවරණවල ඉතාම නරක අන්දමින් ප්‍රචණ්ඩත්වය වාර්තා වූයේ යැයි ද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ එකම උවමනාව වී ඇත්තේ 20 වැනි සංශෝධනය කෙසේ හෝ සම්මත කර ගැනීම යැයි ද රටේ ප්‍රශ්න පිළිබඳව කිසිදු හැඟීමක් ඔවුන් තුළ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ජීවන වියදම් ඉහළ ගිහින්. ලක්ෂ ගණනක් රැකියා නැතිව සිටිනවා. විදේශගත වෙලා සිටින විශාල පිරිසක් මේ රටට එන්න බැරිව සිටින බවත් පැවැසූ බාකිර් මාකර් මහතා ලංකාවේ සිටියත් පිටරට සිටියත් අපේ ජනතාව රැකබලා ගැනීම රජයේ යුතුකම හා වගකීම යැයි ද කීය.
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිවීම හා නිසි ලෙස ඒ ප්‍රශ්න ඇමතිය නොහැකි වීම තුළ මතුවිය හැකි තත්ත්වයන් ගණනාවක් වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන උත්තරීතර ලියවිල්ලක් වන අතර එය ජනතා අයිතිවාසිකම් ගලා එන උල්පත වන්නේ යැයි ද ඔහු කියා සිටියේය.

එය වෙනස් කිරීමක දී ජනතා සංවාදයක් කතිකාවක් අවශ්‍ය වන අතර ප්‍රබුද්ධ අදහස් මෙන්ම සමාජයේ අදහස් හුවමාරුවක් සිදුවිය යුතු යැයි ද කියා සිටි ඔහු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන්නට කමිටුවක් පත් කර ඇති මොහොතක එයට ඉඩ නොදී මේ සංශෝධන කඩිමුඩියේ සම්මත කරගන්නට යන්​නේ යැයි කී බාකීර් මහතා පාලක පක්ෂයේ දේශපාලනඥයින් පවා මේ සංශෝධන ගැන විවේචන ඉදිරිපත් කරන්නේ යැයි  ද කීය.

මේ නිසා අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළ නමුත් ඒ කිසිවක් නොසලකා කිසිදු වෙනසකින් තොරව එම සංශෝධන ගෙන එන්නට රජය සූදානම්වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

සමහර පාලක පක්ෂයේ දේශපාලනඥයින් මේවා හදන්නට අපි දායක වූණේ නැතැයි කියමින් අත හෝදාගන්නට හදන බවත් මේ පිටුපස සිටිමින් මේවා හදන්නට පියවර ගත් අදෘෂ්‍යමාන හස්තය කුමක් දැයි තමන් විමසා සිටින බවත් ඔහු කියා සිටියේය.

මේ වැනි සිද්ධීන් වෙනත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවී යැයි ද අසීමිත බලයක් කෙනෙකුට ලැබුණු විට ඔවුන් සිතන්නේ මට ලැබුණු බලය අසීමිතයි. මේ වගේ බලයක් වෙන කාටවත් ලැබුණේ නැහැයි යැයි සිතමින් අධිපතිවාදය පතුරන පාලකයන් ලොව පුරා නොයෙක් අවස්ථාවන් හිදී දැකිය හැකි වී යැයි ද පැවසූ බාකීර් මාකර් මහතා මෙවැනි දේ සිදුවන විට බලා සිටින්නට හැකියාවක් ඇත්දැයි ප්‍රශ්න කර සිටියේය.

ජනතා වරමකින් බලයට පත්වන ආණ්ඩුවක් වසරකින් පසු කැමති අවස්ථාවක බලයෙන් පහකිරීමට ජනාධිපතිවරයාට බලය දෙන සංශෝධනයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තර්ජනය කිරීමක් යැයි ද අගමැතිවරයා ද මෙයින් හෑල්ලු කර ඇති බව යැයි ද හෙතෙම කියා සිටියේය.

මොකක්ද මේ කරන්න හදන්නේ. මෙයින් පුරවැසි අයිතිවාසිකම් අහෝසි කරමින් එක පුද්ගලයෙක් හිතු මතේ වැඩ කරන්නට යාම යැයි ද ඔහු සඳහන් කළේය.

අපේ රටට ලී ක්වානු යූ කෙනෙක් ඕන කියන නමුත් අපට පෙනෙන්නේ කඳවුරු දෙකක් පමණකැයි ද පෙන්වා දුන් බාකිර් මාකර් මහතා මහජන මුදල් පරිහරණය කරන හැටි විගණනයට පවා ඉඩක් මේ රජයේ නැතැයි ද පෙන්වා දුන්නේය.

බැඳුම්කරය වැනි ප්‍රශ්න එළියට ආවේ විගණකාධිපතිවරයාගේ අභිමතය නිසා යැයි ද වත්මන් රජයේ පිළිවෙත් නිසා විගණකාධිපතිවරයාගේ බලය බිඳී ඇතැයි ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා විගණකාධිපති පත් කරද්දී සුදුසුකම් ගැන පවා වචනයක් වත් නැතැයි පෙන්වා දුන්නේය.
ජනතාව මේ සම්බන්ධව දැනුවත් විය යුතු යැයි ද අවදිවිය යුතුව ඇතැයි ද කී ඔහු සත්‍ය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සියලු දෙනා තම වගකීම් අනාගතය වෙනුවෙන් ඉටු කළ යුතු යැයි ද කියා සිටියේය.

නැවත නැවතත් සිවිල් සංවිධානවලට ජනතා නියෝජිතයන්ට කියන්නට ඇත්තේ අපි මුණිවත රැක්කොත් සිදුවෙන්නේ පුරවැසි අයිතිවාසිකම් නැති හෑල්ලු කරපු සමාජයක් අනාගතයට ඉතිරි වෙන බව යැයි කි ඔහු අද ස්වාධීන කොමිසන් සභා අවසන් කර අභිමතයට අනුව සියල්ල කළ හැකි තැනට පත් කරගෙන ඇතැයි ද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කරන්න පුළුවන්. අභියාචනාධිකරණ සභාපති විනිසුරු පත් කරන්න පුළුවන් එහි විනිසුරුවන් පත් කරන්න පුළුවන්. නීතිපති පත් කරන්න පුළුවන්. පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයාගේ අභිමතයට අනුවයි.

පුද්ගලයින්ට විරුද්ධව නොව අධිපතිවාදයට විරුද්ධව තමන් කතා කරන බවත් අනාගත පරපුර වෙනුවෙන් රකින්නට රටක් මේ තත්ත්වයේ දී ඉතිරි නොවෙන බවත් කී මන්ත්‍රීවරයා මෙවන් හැසිරීමකට කිසිවෙකුත් උදව් කළ යුතු නැතැයි ද පැවසීය.

විගණන නිලධාරින්ගේ සංගමය මේවාට විරුද්ධව අදහස් දක්වා ඇතැයි ද අනෙක් පිරිස් ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි ද මහජන නියෝජිතයින් ද ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

එකක් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා: අනෙක අධිකාරිවාදයට ආවඩනවා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 October 2020 08:27 AM

ඉමිතියාස් බාකීර් මාකර් කියන්නේ බොහෝ කලක සිට මා හොඳින් දන්නා හඳුනන උගත්, බුද්ධිමත් දේශපාලනඥයෙක්... එතුමා මේ ලිපියෙන් දක්වා ඇත්තේ බොහෝමත්ම වැදගත් විග්‍රහයක් බව බුද්ධිමත් කොයිකාටත් පෙනීයනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 550 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 753 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6121 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 720 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 99 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 224 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site