IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


“එජාපයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් විතරයි”

(මොහොමඩ් ආසික්)
 
ජනාධිපතිවරණය ළංවෙමින් තිබියදී එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ  ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් පමණක් බවත්, ඒ පිරිස ඉදිරි දිනවලදී තමන් සමඟ එක් වනු ඇති බවත්  මහනුවර දිස්ත්‍රික්  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද(10) පැවැසීය.
 
හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් පූජාපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා එසේ කීය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා මෙසේද කීය.
 
“මේ වන විට වැනෙන එක්සත් ජාතික පක්ෂ කාරයෝ කවුරුත් නෑ. මේ වන විට පාවෙන ඡන්ද කියල දෙයක් නෑ. ඒ ඔක්කොම අපිත් එක්ක එකතු වෙලා ඉවරයි.  තව ඉතිරිවෙලා තියෙනවා  ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක්.  මේ පිරිසට  කරුණු පැහැදිලි කරන්න ඕන. මුලින්ම ඒ අය තමන් දාගෙන ඉන්න කණ්ණාඩිය ගලවලා  මේ රට වැටිල තියෙන තත්වය බලන්න  ඕන. මේ රට මේ තත්වයට වැටීමට වග කියන්න ඕන කැපුවත් කොළ කියන ඔය අයගේ නායකයින් කියලා ඔවුන්ට කියල  දෙන්න ඕන. 2015 ජනාධිපතිවරණය තියෙනකොට මේ රට තිබුණේ  හොඳ තත්වයක.  ආර්ථික වර්ධන වේගය තිබුණා  7.8% ක තත්වයක. එදා  මේ රටේ ත්‍රස්තවාදයක් තිබුණේ නෑ, සාමය තිබුණා.  
 
නමුත් 2015  ඒ රජය බලයට පැමිණීමත් සමඟ 2019 මැතිවරණය පවත්වනකොට  ඒ තිබුණු සියලු  දේ නැති වෙලා ගියා.  ඊට හේතුව වෙන කිසිවෙක්වත්  නෙවෙයි, එක්සත් ජාතික පක්ෂ පාලකයනුයි. එක්සත් ජාතික පක්ෂයට  ආදරය කිරීම ගැන අපට ගැටලුවක් නැහැ. නමුත් ඒ පක්ෂයේ වර්තමාන නායකයින් ගැනයි ගැටලුව තියෙන්නේ.  2015 ජනාධිපතිවරණය පැවැත්වෙනකොට රටේ තිබුණේ සාමාන්‍ය තත්වයක්. ඒ තත්වය 2019 වෙද්දි අසාමාන්‍ය තත්වයක් බවට පත් වෙලා” යැයිද ඒ මහතා කීය.



අදහස් (0)

“එජාපයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් විතරයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1839 31

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3458 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1531 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4623 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1337 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1230 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 117 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 821 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 630 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site