IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක්’

(බිඟුන් මේනක ගමගේ)

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංස්කරණයකින් තොරව තරග කිරීමට කටයුතු කළහොත් එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයේදී දැඩි අර්බුදයකට යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය නොදී විපක්ෂ නායක ධුරය දුන් පමණින් එක්සත් ජාතික පක්ෂයට මහමැතිවරණය පහසු වනු ඇතැයි සිතිය නොහැකි යැයි ද හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

කාර්යක්ෂම වැඩක් කළ හැකි තරුණ නව කණ්ඩායමක් ඉදිරි පෙළට පැමිණ මැතිවරණය මෙහෙයවුවහොත් ජනාධිපතිවරණයේදී අහිමි වූ මධ්‍යම පාංතික ඡන්ද නැවත එජාපයට ආකර්ශනය කරගත හැකි යැයි කී හෙතෙම පවතින නායකත්වය සමග එවැනි අභියෝගයකට මුහුණ දිය නොහැකි යැයි ද කීවේය.

පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් එ.ජා.ප නායකත්වය නම්කළ නව කමිටුව සම්බන්ධයෙන් කළ විමසීමේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය.

“ මහ ඡන්දයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙනවා නම් සම්පූර්ණ වෙනසක් විය යුතුයි. හැබැයි ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය විය යුතුයි. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට ගෙදරට කතා කරලා ‘ඔන්න ඔයා නායකයා’ කියන එක නෙවෙයි. පක්ෂෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර ඡන්දයකින් විමසිය යුතුයි.

නායකයා පමණක් නෙවෙයි ව්‍යවස්ථාවත් වෙනස් කරන්න ඕනෑ. නියෝජ්‍ය නායකයා, සභාපතිවරයා තෝරනවා නම් එහෙමයි. මහලේකම් හා භාණ්ඩාගාරික තමන්ට කැමැති කෙනකු තෝරාගැනීමට නායකත්වයට ඉඩ දිය යුතුයි. අනෙක් නිලධාරින් බහුතර ඡන්දයෙන් තේරීපත් විය යුතුයි. එහෙම නැතිව මෙහෙම ගියොත් නම් මැතිවරණයකට ඇත්තටම ඡන්දෙ ඉල්ලන්න එක්සත් ජාතික පක්ෂයේ කවුරු ඉදීවිද දන්නේ නෑ” යැයිද හෙතෙම පැවසීය.
 



අදහස් (4)

‘එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක්’

Dhilak Gamage Friday, 13 December 2019 09:48 AM

දැන් ඉතින් මොන ප්‍රතිසංස්කරණයක් කළත් වැඩක් වෙන්නේ නැහැ...

:       106       212

අජිත් පි Friday, 13 December 2019 07:28 PM

එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නම් එය පක්ෂය තුළ කතා සාකච්ඡා කර විසඳා ගන්නවා වෙනුවට මාධ්‍ය සාකච්ඡා තිබ්බට විසඳුම් ලබන්නේ හෝ නායකත්වයේ වෙනසක් සිදුවන්නේම නැත. විනයක් නොමැති කණ්ඩායමක් දැනට වසර 10ක පමණ සිට නායක නෙරපීමට උත්සාහ කළත් ඵලක් නොවීය. ඔවුන් එදත් අදත් කරන්නේ මාධ්‍ය සකච්ඡා තබමින් පක්ෂය දෙකඩ කිරීම පමණි. පරාජයෙන් පසු නායකයට බනින මේ කට්ටිය 2015 මැතිවරණයෙන් පසු නායක නෙරපීමට කටයුතු නොකළේය.

:       0       12

රණවක Friday, 13 December 2019 11:28 PM

එජාපයට ඕනෑ පූර්ණ ප්‍රතිසංස්කරණයක් නම් පරාජිතයන් කිහිප දෙනෙකු නෙරපා අලුත් හික්මීමක් තිබෙන කණඩායමක් පත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු කළ යුතුය. මොවුන් සැමදෙනාම පැරදවි ඇත්තේ අතිවිශාල පරතරයකින් නිසා මොවුන් වෙනුවට අලුත් කණඩායමක් ඉදිරිපත් කළ යුතුය. රනිල් පක්ෂයේ නායකයාය පරාජිතයන්ගේ පදයට නටන්නට ඔහු සුදානම් නැත. එජාපය පරාජය වීමට හේතුව නායකයා නොව පක්ෂයට එකතුවූ දේශපාලන අවබෝදයක් නොමැති මෝඩයන් කණ්ඩායමක් දිගින් දිගටම නායකයයව ප්‍රසිද්දියේ විවේචනය කිරීම නිසා පර්ක්ෂිකයන් කලකිරී ඇත. පක්ෂය පරාද කරන්නේ ඔවුන්ය. එජාපයට කොඩිවිනයක්ව සිටින පරාජිත කණ්ඩායම පක්ෂයෙන් නෙරප දැමීමට කාලය පැමිණ ඇත. නොමැතිනම් මෙම පක්ෂයට ගොඩයමක් නොමැත.ජේ.ආර්. සිටියා නම් මොවුන් සියලුදෙනාගේ මේවන විට පක්ෂ සමාජිකත්වය තහනම් කොට පක්ෂයෙන් පන්නලය.

:       0       14

waruna Saturday, 14 December 2019 04:34 AM

ඔබතුමා උගතෙක් හා අවංක අයෙක් හැටියටයි මම සිතුවේ... නමුත් බොරු සමීක්ෂණ වාර්තා හදලා සජිත්ට ගමේ විශාල බලයක් තිබෙනවා. ඔහු අනිවාර්යයෙන් දිනනවා වගේ බොරු සමාජගත කරලා පාක්ෂිකයන් නොමග අැරියා. ඔබතුමාත් දැන් අනිත් අයගේ ගානට වැටිලා තියෙන්නේ. කරුණාකර රටේ ජාතික නායකත්වට සුදුසු පරිණත නායකයෙක් යෝජනා කොට ඒ වෙනුවෙන් කැපවෙන්න. සජිත් රටක් ජාතික නායකත්වයට කිසිම ආකාරයකින් සුදුසු නොවේ.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 521 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 709 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6056 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 711 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site