(කාංචන කුමාර ආරියදාස)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් එතුමාට එයට බාධාවක් තිබෙනවා ද එතුමාගේ වෙන මතයක් තිබෙනවා ද යන්න එතුමා විසින් තීරණය කළ යුතු බවත් වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මාතලේ නාවුල ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොයෙක් නොයෙක් නම් යෝජනාවී තිබෙන බවත් සමහර අය ආවොත් ඒ අයට ඇප මුදල වුණත් බඳින්න සූදානම් යැයි ප්‍රකාශයක් කර ඇති බව ද හෙතෙම ඉඟි පළ කරන්නට විය.
එවැනි අය ජනාධිපතිවරණයට එන එක හොඳ බවත් එහෙත් එන්නට පෙර සිරගත වුවහොත් එය පාඩුවක් බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල සිංගප්පූරු සංචාරයක නිරතව සිටියද අර්ජුන මහේන්ද්‍රන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම අර්ජුන් මහේන්ද්‍ර කොහේ ඉන්නවාද යන්න කිසිවෙක් නොදන්නා බවද හෙතෙම සඳහන් කළේය. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශ ගත වූ පසු දුටු තැන අල්ලන්න රතු නිවේදන නිකුත් කර ඇති අයගේ නිවෙස්වලට ගොස් කා බී එකට සිටින බව හෙතෙම සඳහන් කළේ ය.
රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම රජය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බවයි. විපක්ෂය වීවිධ අවලාද නැගුවද එය රජයට ප්‍රශ්නයක් නොවන බවත් අතීතයේ සිදුවූ ඉතාම හානිකර සිද්ධීන් ඇති වෙන්න රට තුළ ඉඩ නොතබන බවද සඳහන් කළේය.
පසුගිය මැතිවරණයේ දී රජය පිළිබඳව කුඩා කුඩා ප්‍රශ්න පැවතියද රැකියා පිළිබඳ ප්‍රශ්නය පැවතුනද එහෙත් රටේ බඩු මිල ඉන්ධන මිල තවමත් ඉතා පහළ මට්ටමක පවතින බව හෙතෙම සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘එජාපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂක වන්නේ අගමැතිවරයායි‘
shan saudi Monday, 09 July 2018 07:47 AM
ඒ කියන්නේ ගෝඨාබය හෝ මහින්ද විසින් තෝරන කෙනෙක් රටේ ජනපති වෙනවා කියන එකනේ...
kalani Monday, 09 July 2018 08:13 AM
බැලුමක් උඩ යන්නේ පාට අනුව නොව එය පුරවා ඇති වායුව අනුවයි.
shan saudiMonday, 09 July 2018 10:46 AM
වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් පුරවන්නේ වායු වෙනුවට ජලයනේ ඉතින් උඩ යයිද?