(නිමල කොඩිතුවක්කු)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමඟ සන්ධාන ගතවන පක්ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශ්වයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පුළුල් සන්ධානයකින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් පැවසූ මහලේකම්වරයා ඒ සඳහා පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් පැන නැගී නැතැයිද සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්වේ.
‘‘එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.
ඒ එකඟතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කරනුයේ එක්සත් ජාතික පක්ෂයෙනි.
මේ පදනම මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මතයන් හා සම්ප‍්‍රදායන් ආරක්ෂා කර ගනිමින්, පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගන්නා බවත් ඒ තෝරා ගැනීමෙන් පසු සන්ධානයට අයත් සියළු පාර්ශ්වයන්ගේත්, අපේ ප‍්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගෙත් සහය ඇතිව අපේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂේයේ සියළු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි’’ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘එජාපය හා සන්ධාන ගත පක්ෂ අතර අර්බුදයක් ඇතැයි මවාපෑමේ උත්සාහයක්‘‘
Gamarala Tuesday, 17 September 2019 01:10 PM
සංධානය පුළුල් වෙලා නැතිනිසා වෙන්න ඇති අපේක්ෂකයා හොයාගන්න බැරි වෙලා තියෙන්නේ...
Ranil Friday, 20 September 2019 12:38 PM
ඇත්ත ඇත්ත අකිල ඇමතිතුමා, කිසිම අර්බුදයක් නෑ, කුණුහරුපෙන් බැනගන්නවයි දත් හැලෙන්න ගුටි ගහගන්නවයි විතරයි!
anura Wednesday, 25 September 2019 07:41 AM
ඇත්ත කථාව. මේ රඟපෑම කරන්නේ මාධ්‍යවත්, ජනතාවත් නොවෙයි, ඔය ගොල්ලොම තමයි. සමහර විට වැට උඩ සිටින ඡන්ද කඩා ගැනීමට කරන උප්පර වැට්ටියක් වෙන්න පුළුවන්. සමහර ඡන්ද දායකයන් හදිසියේ ඇතිවන දුකට, අනුකම්පාවට තමන්ගේ වටිනා ඡන්දය පූජා කරලා පස්සේ පසුතැවිලි වෙනවා. එවන්නන් බිලී බාගන්න කරන දෙයක් ලෙසටයි පේන්නේ...