(නිමල කොඩිතුවක්කු)
ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කළ බවට පවසමින් මේ දිනවල සැණකෙලි පවත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුළත් ප්රජාතන්ත්රවාදයක් නැතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (31) පැවසීය.
තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් පිහිටුවන බවට උදම් ඇනූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සරල බහුතරයවත් රැක ගැනීමට නොහැකි තත්වයට අද පත්ව ඇතැයිද වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
‘‘රටේ ආර්ථික තත්වය බරපතල තත්වයකට පත්ව තිබෙනවා. විරැකියාව වැඩිවෙලා තියෙනවා. ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවෙච්ච දේවල් දෙන්න විදියක් නැහැ.
මේ අභියෝග මැද මේ වර්ෂය එළැඹෙන්නේ මැතිවරණ වර්ෂයක් විදියටයි. දැන් දෙමළ ජාතික සන්ධානයත් ඔවුන්ගේ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටිනවා. මේ නිසා ආණ්ඩුව ඉන්නේ හැම අතින්ම අසීරු තත්වයකයි.
ජනතාව මුළා කරන කෙටිකාලීන අයවැයක් ගෙනල්ලා ඡන්දයකට යන එක තමයි දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඒ අයට කරන්න තියෙන්නේ ඡන්දයක් නොතියන තැනට රට ගෙනියන එකයි.
මේ ආන්ඩුවට දැන් සරල බහුතරයත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැන් වෙනම කණ්ඩායමක් විධියට පෙනී සිටිනවලූ. මේ අනුව දැන් ආණ්ඩුවට අර 103ත් නැහැ.
මෙවැනි තත්වයට පත්වෙච්ච ආණ්ඩුවක් ඡන්දයක් නොතියන තැනට මේ රටේ යම් සිදුවිම් ඇතිකරන්නත් පුලූවන් වේවි. ඒ අනුව ආගම් භේද, ජාති භේද ඇතිකරන තත්වයට මේ ආණ්ඩුව කටයුතු කරන්න පුලූවන්. මාධ්‍ය මර්දනයටත් කටයුතු කරාවි. ඒ නිසා තමයි මාධ්‍ය ඉලක්ක කරමින් අගමැතිවරයා යම් යම් ප්‍රකාශ සිකරන්නේත්.
ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කළ බවට පවසමින් මේ ආණ්ඩුව මේ දිනවල සැණකෙලි පවත්වනවා. නමුත් ජනමතය යටපත් කරන ලද අධිකරන නියෝගයක පිහිට තමයි මේ ජයග්‍රහණය කරලා තියෙන්නේ.
ප්රජාතාන්ත්රවාදය ජයග්‍රහණය කලා කිවුවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුලෙත් ප්රජාතන්ත්රවාදයක් නැහැ. ඒ නිසා අද ඒ අයට සිද්ධ වෙලා තියෙනවා අද වෙනම කල්ලි ගැහෙන්න.
අද රටේ තැන තැන බුදුපිළිම කැඩාදැමිමේ ප්රයත්නයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා විශාල වශයෙන් බෞද්ධ ආගමික සිද්දස්ථාන වල ඇවිදමින් ඉන්න වෙලාවක තමයි මේ බුදු පිලිම කැඩෙන්නේ.
මාධ්‍ය මර්ධනයට කුරුමානම් අල්ලමින් මේ තියෙන ප්රජාතන්ත්රවාදය කනපිට හරවලා තමන්ගේ බළය මේ රටේ පවත්වාගෙන යාමට ඉඩ ලබා ගන්නේ කොහොමද කියලා මේ ආන්ඩුව කටයුතු කරමින් සිටිනවා.
තුන් හතර පැත්තකින් එල්ල වෙන පීඩනය මැද ආණ්ඩු කර කියා ගන්න බැරි තත්වයට අද පත් වෙලා ඉන්නවා. අද හැම පැත්තකින්ම ඡන්දයක ඉල්ලිම් ඉදිරිපත් වෙනවා. මේ අතරම ජනතාවගේ විරෝධයත් මේ ආණ්ඩුවට එල්ල වෙනවා.
ජනාදිපතිවරයාත් මේ ආන්ඩුවත් එක්ක කටයුතු කරන්නේ නැහැ. අනික් පැත්තෙන් මහින්ද රාජපක්ස මහතාගේ නායකත්වයෙන් දැවැන්ත විපක්ෂයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්වයට පත්වෙලා සිටින ආන්ඩුවක් පිලිබ`ද අපිටත් අනුකම්පා කරන්න වෙනවා.
මේ වගේ තත්වයකට පත්වෙලා තියෙන ආන්ඩුවකට ගන්න වෙන්නේ මර්දනයේ මාවතයි. එහෙම නැත්නම් මේ රටේ ප්රජාතන්ත්රවාදය නැති කිරිමේ මාවතයි. එහෙමත් නැත්නම් ඉතාම තිවකාලිකව මහජනතාව රැුවටීමේ මාවතයි.’’ යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසිය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘එජාප ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයක් නැහැ‘