නාලක සංජීව දහනායක
රට පාලන කළ ඕනෑම ආණ්ඩුවකට එරෙහිව එතෙක් මෙතෙක් ඉදිවූ දැවැන්තම මිනිස් පවුර අද කොළඹ නගරයේදී ඉදිවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (04) පැවසීය.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට යම් අපහසුතාවයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් තම කනගාටුව පළකරන බවද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.
‘1505 වසරේදී පෘතුගීසින් මෙරටට පැමිණි දින සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා ගතවූ අවුරුදු 513 ක ඉතිහාසය තුළ අපේ රටේ නොයෙක් ආකාරයේ උද්ඝෝෂණ ඇති වුණා. නමුත් අපේ රටේ තිබූ ඕනෑම ආණ්ඩුවකට එරෙහිව කොළඹ නගරයේ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට (5) අගනුවරදී ඉදිවෙනවා. මේ මිනිස් පවුර රට සුරකින මිනිස් පවුරයි.
අපි සියලුම දෙනා මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුය යන මතය දරනවා. ඒ සම්බන්ධයෙන් අපි අතර කිසිම මතභේදයක් නැහැ. ඒ නිසා නිදහස් රටක්, නිදහස් ආර්ථිකයක් අපේක්‍ෂා කරන සියලුම දෙනා පක්‍ෂ භේදයෙන් තොරව මෙයට සහභාගි වෙනවා. මේ උද්ඝෝෂණය නිසා පුරවැසියන්ට යම් අපහසුතාවයක් සිදුවෙනවා නම් ඔවුන්ට අපි අපේ කනගාටුව පළ කරනවා.’
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී අද (4) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘එතෙක් මෙතෙක් බිහිවු දැවැන්ත මිනිස් පවුර කොළඹ ඉදිවෙනවා’
Saththaya Wednesday, 05 September 2018 07:42 AM
ඒ කියන්නේ තාමත් යහමින් මුදල් ගැවසෙනවා. හිගයක් ඇති වෙන්නෙම නැහැ. ඊට ඉස්සෙල්ල ආණ්ඩුව පෙරලන්නයි වෑයම.