IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


එ.ජා.පය තනිව තීන්දු ගත්තේ නැහැ

ජනපති එජාපයට එරෙහිව කළ වාග් ප්‍රහාරය, ජනපති නොදැන ද එජාපය වැඩ කරන්නේ, එජාපය 20 වැනි සංශෝධනයට විරුද්ධ ඇයි,  ගෝඨාභයට එජාපය බය ඇයි, 118 ලැයිස්තුවේ එජාපයේ අයගේ නම තිබේ ද ආදී කරුණු පිළිබඳ මෙවර ‘රජ වීදියෙන්’ අදහස් දක්වන්නේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාය.

ප්‍රශ්නය:- ජනපතිවරයා පසුගියදා අගමැති ප්‍රමුඛ එජාපයට එරෙහිව එල්ල කළ දැඩි ප්‍රහාරය පිළිබඳව එජාපයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- 2015 ජනවාරි 08 වැනිදා මුළු රටේම දේශපාලන වෙනසක් කිරීම සඳහා එජාපය මුළු හදවතින්ම පෙනී සිටියා. ඒ දේශපාලන වෙනස කිරීමට එජාපය ප්‍රමුඛ තවත් සිවිල් සංවිධාන ගණනාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදුන්නා. කවුරුත් අමුතුවෙන් නොකිවුවාට එතනදී එජාපය කළ කැපකිරීම හැමෝම දන්නවා. පසුගිය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරලා තමයි අපි මැතිවරණයට ගියේ. එසේම දින 100 වැඩසටහනේ වගකීම ජනපතිවරයාම බාරගෙන එය ඉදිරිපත් කළා. අපි කිසිම දෙයක් රටට හංගලා කළේ නැහැ. සියලුම ලියකියවිලි ජනතාව ඉදිරියට අපි ඉදිරිපත් කළා. ඒ නිසා කාටවත් ඒ සිද්ධ වෙච්ච දේවල් නැහැ කියන්න බැහැ. එක තමයි එජාපයේ ස්ථාවරය.

ප්‍රශ්නය:- ජනපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දීම අගමැතිවරයා තහනම් කළා නේද?

පිළිතුර:- ඒකට පිළිතුරු දීමේ කිසිම උවමනාවක් එජාපයට නැහැ. මොකද ඒ කිසිම දෙයක් හංගලා කරපු දේවල් නොවෙයි. ජනවාරි 08 වෙනස වුණේ කොහොමද කියලා හැමෝටම පැහැදිලියි. එජාපයේ කාර්යභාරයත් හැමෝටම පැහැදිලියි. දින 100 වැඩසටහන ඉදිරිපත් වෙනකොට එජාපය හැටියට අපිත් සහයෝගය ලබා දුන්නා. අපි එජාපය හැටියට එදා වගේම තමයි කිසිම වෙනසක් වෙලා නැහැ.

ප්‍රශ්නය:- ඔබ ඔහොම කිවුවාට ජනපති කියනවනේ දින 100 හැදුවේ කවුද කියලා එතුමා නොදන්නා බව. මහින්දට තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නේ එජාපය නොවෙයිද?

පිළිතුර:- දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා දන්නැහැයි කියන කතාව මම දන්නැහැ කොහොමද කියන්නේ කියලා. පොදු අපේක්ෂකයාට සහය දුන් සියලු බලවේග එකතුවෙලා තමයි දින 100 වැඩසටහන හැදුවේ. ඒ වැඩසටහන හැදුවාට පස්සේ ජනපතිවරයාම තමයි ප්‍රකාශ කළේ ඒ වැඩපිළිවෙළේ වගකීම තමන් බාර ගත්නා බව. මේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සියල්ල ඒ අවස්ථාව ආවරණය කළා. ඒ වැඩපිළිවෙළ වෙනසක් වුණා. අපි දන්නෑ කියලා එජාපය කිසිම අවස්ථාවක කියන්නේ නැහැ. හෙලිකොප්ටර් දීමත් ජනපතිවරයාම ප්‍රකාශ කළා මමයි දුන්නේ කියලා. ඒ නිසා අපට ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. හිටපු ජනපති කියනවා එයා බලයේ ඉන්නකොට තමයි හෙලිකොප්ටර් අරන් ගියේ කියලා. එජාපයට මේ ගැන සම්බන්ධයක් නැහැ. ඒක බේරාගත යුත්තේ හිටපු ජනපති හා වත්මන් ජනපති විසිනුයි.

ප්‍රශ්නය:- 2020 දී රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ අරමුණ නිසාද ජවිපෙ ගෙන ආ 20 වැනි සංශෝධනයට එජාපය විරුද්ධ?

පිළිතුර:- 2020 ජනපති අපේක්ෂකයා පිළිබඳ නිල වශයෙන් එජාපය තීරණය කරලා නැහැ. එහෙත් 2015 ජනපතිවරණයේදී අපි පොරොන්දු වුණා ජනපති ක්‍රමය අහෝසි කරන බවට. මේ මොහොතේ ජවිපෙ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය පිළිබඳ හොඳ නරක බලලා තමයි තීන්දුවක් ගැනීමට සිදු වෙන්නේ. ජනපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණාව පිළිබඳ එදා අනිකුත් කණ්ඩායම් සමඟ එජාපයත් සහයෝගය දැක්වූවා. අපි ඉදිරියේදී බලමු.

ප්‍රශ්නය:- රනිල් සහ සජිත් ඉදිරි ජනපතිවරණයේදී ජනපති අගමැති තනතුරු බෙදා ගැනීමේ එකඟතාවකට පැමිණ තිබෙන නිසා පක්ෂ ප්‍රතිසංවිධානය අවුල් වී තිබෙන බව එජාප පසුපෙළ චෝදනා කරනවා?

පිළිතුර:- පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ එජාප මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එකතු වෙලා කමිටුවක් පත් කරනු ලැබුණා. එහිදී ඡන්දයෙන් තීන්දු තීරණ ගන්න 12 දෙනෙක් පත් කෙරුණා. ඒ කමිටුවට තමයි සම්පූර්ණ බලය ලබා දුන්නේ පක්ෂ ප්‍රතිසංවිධානය ගැන. එහිදී තීන්දු තීරණ ඉක්මනින් ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. එජාපයේ සිටින විවිධ නායකකම් දරන පිරිසක් එයට පත්වී තිබෙනවා. අපේ බලාපොරොත්තුව තමයි ඉතා ඉක්මනින් ඒ කමිටුව මගින් පක්ෂ ප්‍රතිසංවිධානය කරයි කියලා.

ප්‍රශ්නය:- ශ්‍රීලනිප නව තනතුරු මාරු කරන අවස්ථාවේ ජනපති පැවසුවා පුංචි ඡන්දයේ ප්‍රතිඵලය වන්නේ ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවේ නොසිටිය යුතුයි යන්න?

පිළිතුර:- 2015 ජනවාරි 08 ඡන්දයට මුහුණ දීම සඳහා ශ්‍රීලනිපයෙන් යම් කොටසක් තමයි වත්මන් ජනපති සමග එළියට පැමිණියේ.

ඒ කොටස අදටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව. මහ මැතිවරණයෙනුත් පසු තනතුරු බලාගෙන ආපු ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට ජනවාරි 08 ගැන එහෙම ලොකු හැඟීමක් තිබෙන බව පෙනෙන්නට නැහැ. ඒ අයට වුවමනා වී තිබුණේ කොහොම හරි බලය ගන්න විතරයි. ඒ සඳහා විවිධ ඩීල් සහ කුමන්ත්‍රණ ඒ අය කරමින් සිටියා. අපේ රජයේ ඒ අය රැඳී සිටිමින් කවදාද නැවත රාජපක්ෂලා සමග එකතු වෙන්නේ කියන සිහිනයක ඒ අය සිටියේ. තවත් සමහර අයට අගමැති සිහින තිබුණා. ඒ අය තමයි අනිත් පැත්තට යන්න තීරණය ගත්තේ. අපි හැමවෙලාවෙම කියන්නේ ජනතාව ඉල්ලන්නේ ජනවාරි 08 දුන් පොරොන්දු ඉටු කරන්නයි කියලා. හොරු ඇල්ලීම හරියට කළා නම් පළාත් පාලන මැතිවරණයෙන් අපට හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා.

ප්‍රශ්නය:- රටට අහිතකර තීන්දු ගණනාවකින් රට ගලවා ගන්තේ ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිපය කියලා ජනපති කිවුවා. රාජ්‍ය බැංකු බේරාගත්තේත් එතුමා කියලා එතුමා පැවසුවා. ඇයි රටට එජාපය මෙහෙම කරන්නේ?

පිළිතුර:- මං හිතන්නේ අපි එජාපය විදියට අවදානමක් අරගෙන තමයි 2015 පොදු අපේක්ෂකයාට උදව් කළේ. අපිට තමයි පොදු අපේක්ෂකයා පිළිබඳ ලොකුම වගකීම තිබෙන්නේ. අපි පැහැදිලිවම කිව යුතු දේ තමයි මේ තීන්දු තීරණ එජාපයට විතරක් තනිවම ගත නොහැකියි. ඒවා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඒ තීන්දු තීරණ අනුව තමයි හැමදේම ක්‍රියාත්මක වන්නේ. එජාපය ප්‍රධාන අමාත්‍යාංශ ගණනාවක් හොබවනවා වගේම ශ්‍රීලනිපයත් එහෙම ප්‍රධාන අමාත්‍යාංශ ගණනාවක් හොබවනවා. අපි ආණ්ඩුවක් විදියට වගකීම් බෙදාගෙන වැඩ කළා වගේම කැබිනට් මණ්ඩලයක් විදියට සාමූහිකව තීන්දු තීරණ ගන්නේ. තීන්දු තීරණ ගන්න කොට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට ජනපතිවරයා අනුමත කළ තීන්දු තමයි රටට ප්‍රකාශ කරන්නේ. අපි කිසිම තීන්දුවක් තනිවම ගන්නේ නැහැ.

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනටම එජාපය මඩ ව්‍යාපාරයක් දියත් කර ඇති බවට චෝදනා එල්ල වෙනවා. ජනපති අපේක්ෂකයා ගෝඨාභය වෙනවාට ඇයි එජාපය ඔය තරම් බය?

පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී කරපු කියපු සමහර දේවල් ගැන නම් ඇත්තටම අපි බයයි.
මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා වෙනවාට අපට වඩා බය සාමාන්‍ය ජනතාව. අපිට ගෝඨාභයට අමුතුවෙන් මඩ ගහන්න දෙයක් නැහැ. එහෙත් ඔහුගේ ඉතිහාසය පිළිබඳ මාධ්‍ය මගින් ආවරණය කර තිබෙනවා. එසේම මේ රටේ මරණයට පත්වුණු අතුරුදන් වුණු ජනතාවට වගකියන්නේ කවුද කියන ප්‍රශ්නය තිබෙනවා. හලාවත ධීවරයන්ට වෙඩි තිබ්බේ කවුද, රතු පස්වල ජනතාවට වෙඩි තිබ්බේ කවුද කියලා මුලින්ම ජනතාවට හෙළි කරලා ඉන්න. අපි කියන්නේ ගෝඨාභය තමයි මේ රටේ ඒකාධිපතිත්වය වපුරවන්න උදව් කළ පුද්ගලයා. ඒකාධිපතිවාදය තමයි 2015 ජනවාරි 08 අපි අවසන් කළේ. මෙවැනි පුද්ගලයකු නැවත විධායක ජනපති පුටුවට එනවා කියන්නේ රට නැවතත් ඒකාධිපතිවාදයට යන ගමන නැවත ආරම්භ වීමක්. අපි කාටවත් මඩ ගහන්නේ නැහැ. ජනතාවට අතීතය මතක් කර දෙනවා පමණයි. රට ලැබූ නිදහස නැවත අන්තවාදී බලවේගවලට දෙනවා ද සුදු වෑන් සංස්කෘතිය නැවත ගේනවා ද තුවක්කු සංස්කෘතිය නැවත ඇති කරනවා ද තම විරුද්ධවාදීන්ට මාධ්‍යවේදීන්ට නැවත පොළොව යටට යන්න වේවි ද කියන එක තමයි අපි ජනතාවට මතක් කරන්නේ. මේවා එජාපය අලුතෙන් හදන ඒවා නොවෙයි.

ප්‍රශ්නය:- බැඳුම්කරය පිළිබඳ වැඩිම චෝදනා එල්ල වුණේ එජාපයට. දැන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 නාමලේඛනයක් පිළිබඳ කතාවෙනවා. එජාපයේ මන්ත්‍රීවරුන්ගේ නම් තිබුණොත් පක්ෂයක් විදියට ගන්නා තීන්දුව කුමක්ද?

පිළිතුර:- මම නම් බැඳුම්කරය පටන් ගත්දා ඉඳලාම කිවුවේ මේකට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. අපේ රටේ නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරලා කවරු හෝ වැරැද්දක් කරලා තියෙනවා නම් ඊට අවශ්‍ය දඬුවම් ලබාදිය යුතුයි. එතැනදී එජාපය ද ශ්‍රීලනිපය ද ජවිපෙ ද කියලා නැහැ. ජනපති කොමිසමේදී හෙළි වුණේ පස්දෙනෙක් ඇලෝසියස් සමඟ දුරකථන සබඳතා පවත්වා ඇති බව. ඒවා ඉදිරියට පරීක්ෂණ කරලා දඬුවම් ලබාදීම කළ යුතුයි. මාධ්‍ය මගින් තමයි 118 ලැයිස්තුවක් ගැන කියන්නේ. අපි කියන්නේ වහාම ඒ නම් රටට හෙළිදරව් කරන්න.

 



අදහස් (1)

එ.ජා.පය තනිව තීන්දු ගත්තේ නැහැ

Bamunuarachchi Sunday, 10 June 2018 01:21 AM

"එ.ජා.පය තනිව තීන්දු ගත්තේ නැහැ" ඔව් ඔව් තීන්දුවලට ඒගොල්ලෝ සපෝට් එක දීල පස්සේ විරුද්දව කතා කලා. තීන්දුවල ක්‍රෙඩිට් එක ගන්න තීන්දු ඕගොල්ලන්ගේ බව පෙන්නපු නිසා ඕගොල්ලෝ අමාරුවේ වැටුනා. ඕකට තමයි කියන්න "දිය රෙද්දෙන් බෙල්ල කපනවා" කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 713 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site