(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔහුට සහය දෙන්නේ නැතැයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ සදහා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස යන කවරෙක් ඉදිරිපත් වුවත් සහය දීමේ හැකියාව ශ්‍රී.ල.නි.පයට නොමැති බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී ගත යුත්තේ පාක්‍ෂිකයින් කැමති තීන්දුවක් බව ද සදහන් කළේය.
එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු සතුරා පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලදී දෙපාර්ශවයම නම්‍යශීලීව කටයුතු කරමින් ඒකරාශී විය යුතු බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
දෙපාර්ශවය අතර සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලය රටේ ජනතාවට සතුටුදායක එකක් බවට පත්කරගැනීමේ වගකීම දෙපාර්ශවයටම තිබෙන බව ද හෙතෙම සදහන් කළේය .
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජවීමේ හැකියාව නොමැති වුවත් එය නොමැතිව රජුන් තැනීමේ ශක්තියක් වෙනත් කිසිම පක්‍ෂයකට නැතැයි ද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද(2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පොදුජන පෙරමුණ හා පවත්වන සාකච්ඡාවලදී ශ්‍රී.ල.නි.ප අනන්‍යතාවය ආරක්‍ෂා වන ආකාරයේ තීන්දුවකට එළඹීමට නොහැකි වුවහොත් වෙනම ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුවන බවයි.
ශ්‍රී.ල.නි.පයේ අරමුණ ජනාධිපතිවරණයේදී පුද්ගලයකු නොව වැඩපිළිවෙලක් ජයග‍්‍රහණය කරවීම බව කී අමරවීර මහතා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡාසාර්ථක කරගැනීම සදහා තම පක්‍ෂය සැමවිටම සුබවාදීව ක‍්‍රියා කර තිබෙන බව ද කීවේය.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සදහාද එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස වෙනම තරග කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සදහන් කළේය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
එ.ජා.ප අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට ශ්‍රී.ල.නි.ප සහය දෙන්නේ නෑ