(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද සිදු කෙරිනි.
මෙවර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් රාජකාරී ආරම්භ කිරීමේ දී ලබාදුන් ප්‍රතිඥාව නව රජය විසින් අරඹනු ලැබූ ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් ලෙස ජාතික උත්සවයට සමගාමීව ලබාදීමට කටයුතු කිරිම ද විශේෂත්වයක් විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආයතන 41 කින් යුත් විශාල අමාත්‍යාංශයක් බවත්, ඉදිරියේ දී නෙවිල් ප්‍රනාන්දු රෝහල ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් වනු ඇති අතර ඒ අනුව මීට පෙර පැවැති සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ජනමාධ්‍ය සහ තැපැල් හා විදුලි සංදේශ ආදි ලෙස අමාත්‍යාංශ රැසක් යටතේ වු දැවන්ත කාර්යභාරයක් වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ගැනෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ හා සමානව වගකීම් ද ඉතා ඉහල අගයකින් යුත් බවද අමාත්‍යවරයා පැවසීය.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’
Kehellella Muhuduwella Wednesday, 01 January 2025 05:14 PM
සෞඛ්‍ය සේවයෙන් ජනතාවට මොකක් වුණත් කමක් නෑ. අපි සෞඛ්‍ය සේවයෙන් මඩිය තරකරගන්න ඕනෑ.
සමරසිංහ Thursday, 02 January 2025 06:27 AM
සෞඛ්‍ය සේවය හොඳට දෙන්න කලින් දොස්තරල ඇතුලු සෞඛ්‍ය සේවකයො ඇඟිලි සළකුනුවත් නොමැතිව ලක්ෂ ගනන් හොරට අතිකාල ගන්න එක නවත්තන්න. දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි. සමහර රෝහල් වල සමහර දොස්තරල වැඩ කරන්නෙ මාසෙටම දවස් 10. ඉතුරු දවස් ඔක්කොම පුද්ගලික සේවයේ. මාසෙ අන්තිමට ඩයරිය බැලුවම දවස් 30 ම වැඩ කරල.විකිරණ ශිල්පීන් රසායනාගර අය වැඩිපුර ඉන්නෙ රෝහල ඉස්සරහ දගෙන ඉන්න තමන්ගෙ පුද්ගලික කඩෙ. ලංකාදීප පුවත්පතේම තිබ්බ ලිපියකට අනූව 2023 අවුරුද්දෙ සෞඛ්‍ය අතිකාල විතරක් රු. මිලියන 38,000. ඕකෙන් 50% හොර අතිකාල. එ කියන්නෙ ලංකාවට අවශ්‍ය වෙනත් විශාල ව්‍යාපෘතියක වියදමට සමානයි. රටවල් ගොඩ යයිද ඉතින්. ලෝකෙ මොන රටේද මෙහෙම විහිලු තියෙන්නෙ.
sweneFriday, 10 January 2025 05:24 AM
ඔබ කියන කතාවේ වැරැද්දක් නැහැ. එත් අපට ඉන්නවා වගවීමක් සහිත කාර්ය මණ්ඩල. කෙසේ වෙතත් බොහෝ ඉස්පිරිතාල දුවවන්නේ කනිෂ්ට තත්ත්වයේ වෛද්‍ය වරු. අනික් අය දින පොත නඩත්තු කොට මාරු වෙනවා. කනිටු වෛද්‍ය වරුන්ගේ දුක් ගැනවිලි ගණන් ගන්නේ නැහැ. ඔවුනට වැඩ කිරීමට සුදුසු වටපිටාවක් සැදීමට වත් ඇතැම් ජ්‍යෙෂ්ට වෛද්‍ය වරුන්ට උවමනාවක් නැහැ. අන්තිමට රෝහල් පද්ධතිය අයාලේ යනවා.