සෑම ආණ්ඩුවක්ම බලයට ආවේ ඡන්දදායකයන්ට අති විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදෙමිනි. ඡන්දදායකයන් කල්පනා කරන්නේ බලයට එන ආණ්ඩු රටේ ඒ වනවිටත් පවත්වාගෙන යන ක්‍රමයෙන් වෙනස් නොවී අලුත් යමක් කරනු ඇති බවය. එහිදී වැඩිපුරම ඇත්තේ ජනතාවට ලැබෙන වරප්‍රසාදය. විදුලි ගාස්තුව දෙගුණ නොවන, බැංකු තැන්පතු සඳහා ලැබෙන පොලිය පවතින මට්ටමට වඩා අඩු නොවන, බෙහෙත් මිල අඩුවන, ආදායම වැඩිවන පාලන ක්‍රමයක් උදාකර ගැනීම ඡන්දයක් අබිමුව දී පොදු ජනයාගේ බලාපොරොත්තු වේ.
ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැති ඇමැති වරප්‍රසාද කප්පාදුව වැනි පොරොන්දු පොදු ජනතාවගේ විෂය ක්ෂේත්‍රයෙන් බැහැර ඒවාය. විධායක ජනාධිපතිවරයකු රට පාලනය කළත් විධායක අගමැතිවරයකු රට පාලනය කළත් පොදු ජනතාවගේ ආදායම වැඩි වන්නේවත්, බඩුමිල අඩු වන්නේවත් නැත. ඒ නිසා එවැනි පොරොන්දු ගැන ජනතාවගේ උනන්දුවකුත් නැත. සෑම මැතිවරණයකදීම මෙන් මෙවරත් පාක්‍ෂිකයන් නොවන අති විශාල පොදු මහජනතාවක් ජාතික ජන බලවේගයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේ තමන් ඒ වනවිට ගෙන යන ජීවන ක්‍රමය තවදුරටත් පහසු කර ගැනීමටය. එහෙත් එම බලාපොරොත්තු කිසිවක් මේ වනවිටත් සාධනීය අයුරින්
ඉටුවී නැත.
බැලූ බැල්මට පෙනෙන්නේ ආණ්ඩුවට රාජ්‍ය පාලන උපක්‍රම පිළිබඳ අවබෝධයක් නොමැති බවය. එය අසාර්ථකවීමේ ආරම්භයකි. හාල්, පොල් ප්‍රශ්නයෙන් පසු ඇති වූයේ වරායේ බහාලුම් ප්‍රශ්නයය. දිනකට නිෂ්කාශනය කරන බහාලුම් ප්‍රමාණයට නිෂ්කාශනය කරන බහාලුම් ප්‍රමාණය සීමාවීමෙන් පෝලිමක් ඇතිවෙයි. පෝලිම දිනෙන් දින වැඩි වීමෙන් නැව්වලට වැඩි කාලයක් වරායේ රැඳීසිටීමට සිදුවෙයි. එවිට ප්‍රමාද ගාස්තු වැඩිපුර ගෙවීමට නැවට සිදුවේ. නැව මේ පාඩුව අයකර ගන්නේ එම නැව් බඩු තොගයේ දේශීය නියෝජිතයාගෙනි. එම මුදල ගෙවූ පසු බහාලුම්වල ඇති බඩුවලට වැඩිපුර මිලක් නියම කිරීමට සිදුවෙයි. බඩුමිල වැඩිවීමෙන් පාරිභෝගිකයා දුෂ්කරතාවට පත්වේ. මේ සියල්ල චක්‍රයකි. නැවක පටවාගෙන එන්නේ රටවැසියාගේ පරිභෝජනයට අවශ්‍ය බඩු භාණ්ඩය. නැවක ගමනාගමනය පිටකොටුව – කඩවත පෞද්ගලික බස්රථ වගේ කොටකොටා යන්නේ නැත. වරායකින් වරායකට යන නියමිත කාල සටහනක් තිබේ. ඒ කාලසටහන ප්‍රමාදවන්නේ නම්, නැව් ඊළඟ වරායට යාමට හරවාගෙන යයි. ඉන් අවුල්සහගත වන්නේ රටේ පාරිභෝගික ආහාර රටාවය. ලංකාව යනු “නැවෙන් කටට” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටක් නිසා වරායේ බහාලුම් ප්‍රමාදවීම යම් තරමකට රට අවුල් කිරීමට හේතු වන්නේය.
ගෝඨාභය රාජපක්‍ෂ පාලන සමයේ ඉන්ධන පෝලිම් සෑදුණේ මේ ක්‍රමයටය. රජයක ප්‍රතිපත්ති හා රාජය මැදිහත්වීම අවශ්‍ය වන්නේ රාජකාරි මට්ටමේදී ඇතිවන අවුල් ලිහා ගැනීමට මිස තව තවත් අවුල් කර ගැනීමට නොවේ.
විදුලි බිල අඩුකරන බව කී ජාතික ජනබලවේගය දැන් ඒ ගැන කතා නැත. පෙට්‍රල් ලීටරයකින් රුපියල් එකසිය දාහතක් කාගෙදෝ සාක්කුවට යන බවත් තම රජයක් යටතේ ඒ කප්පම ඉවත්කර පෙට්‍රල් මිල එකසිය දාහතකින් අඩු කරන බවත් කී ජාතික ජනබලවේගයට දැන් ආණ්ඩුව හිමිවී ඇතත් පෙට්‍රල් ඩීසල් මිල අඩු කිරීමක් ගැන කතාවක්වත් නැත. බැංකු තැන්පතු පොලී මුදලින් අයකරන රඳවා ගැනීමේ බද්ද ගැන රනිල්ට දොස් කී ජාතික ජනබලවේගය කියා සිටියේ තම රජයක් යටතේ එම සියයට පහක රඳවාගැනීමේ බද්ද ඉවත් කරන බවය. දැන් ජාතික ජනබලවේග රජය රනිල්ගේ සියයට පහක බදු මුදල සියයට දහය දක්වා ඉහළ නංවා ඇත.
පාතාලය මර්දනය කරනවා වෙනුවට යතුරු පැදිකරුවන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට එරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇත. ගමේ පාරකවත් හිස් වැසුම් පැලඳ නොයන්නේ නම් පොලිසියෙන් දඩකොළ ලියන්නට පටන්ගෙනය. ත්‍රිරෝද මල්ලිලා, “ආතල් එකට” ඇලවූ ස්ටිකර් ආදිය ගලවන්නටත්, දඩ ගසන්නටත් පොලිස් මෙහෙයුමක් අරඹලාය. පෞද්ගලික බස් රථවලද ස්ටිකර්, අලංකාර උපාංග ගලවන්නට ත්‍රස්තවාදය මර්දනය කළ සමයේ මෙන්ම මහා පොලිස් මෙහෙයුම්ය. නීතිය අකුරටම ඉටුකිරීම ගැන කාටවත් විරුද්ධවිය නොහැකිය. එහෙත් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වන ඛනිජ තෙල් මිල තවමත් ඉහළ අගයකය. අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ මිලද තවමත් අහසේය. බඩු මිල අඩුකර ජීවන ක්‍රමයට පහසුවක් සලසා ගැනීම සඳහා ජාතික ජනබලවේගය රජය පත්කරගත් ජනතාවගේ එම බලාපොරොත්තුව කඩවෙලාය. “මීට වඩා රනිල් හොඳයි” කියන්නට සමහරුන් දැනටමත් පටන්ගෙනය.
ආණ්ඩුවක් පත්වූ මුල්ම අවස්ථාවේ ඇතිවන ජන ප්‍රසාදය හෝ අප්‍රසාදය ආණ්ඩුව පවතින තුරාවටම රැඳී පවතින්නේය. ආණ්ඩුවට රට ගොඩ දාන්න පුළුවන් ද බැරි ද යන්න ජනතාව තේරුම් ගන්නේත් ඒ කාලයේය. මෙම කාලයට කියන්නේ ආණ්ඩුවක මධුසමය කියාය. අවම වශයෙන් තුන් මාසයක්වත් මේ මධුසමය කාලය පවතින්නේය. ඒ කාලයේ විපක්‍ෂය ආණ්ඩුව සමග හැප්පෙන්න යන්නේත් නැත. හැබැයි ආණ්ඩුවක් ජනතාවට රිදෙන කලකිරෙන වැඩ කරන්න යන්නේත් නැත.
වත්මන් ආණ්ඩුවට එහෙම මධුසමයක් ගෙවන්න කාලයක් ලැබුණා ද කියන්නත් අමාරුය. බලයට පත් වෙද්දීම හාල් ප්‍රශ්නයය. පොල් ප්‍රශ්නයය. මේ එකක්වත් වත්මන් ආණ්ඩුව ඇති කළ ප්‍රශ්න නොවන්නේය. එහෙත් ආණ්ඩුවේ ළදරු බව, නොමේරුකම සමග මේ ප්‍රශ්නවලට මුහුණ දෙන් යාමෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට යම් හානියක් සිදුවිය. සහල් හිඟ කාලයට රටින් සහල් ගෙන ඒම සාමාන්‍ය ක්‍රියාපිළිවෙත වුවත් වත්මන් ආණ්ඩුව හාල් ගැන රටේ නැති වල්පල කීවේය. රටින් සහල් නොගෙනෙන බව කීවේය. එහෙත් අන්තිමට සහල් ආනයනය කරන්නට සිදුවිය.
පැවැති ආණ්ඩුව දෝෂදර්ශනයට ලක්කරමින් තමන් එයට වඩා සියගුණයකින් උතුම් බව පෙන්වා බලයට ආ... ආණ්ඩු සෑමවිටම පැවැති ආණ්ඩුවට වඩා අසාර්ථක විය. පැවැති ආණ්ඩුවට වඩා උද්දච්ච විය. පැවැති ආණ්ඩුවට වඩා උදාසීන විය. එයට හොඳම උදාහරණයක් වන්නේ 1994 බලයට ආ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවය.
එතෙක් පැවැති දාහත් වසරක එජාප පාලනය ජනතාවට තිත්ත වී සිටි අවස්ථාවක විකල්පය වූයේ පොදුජන එක්සත් පෙරමුණය. ජනතාව එජාප පාලනයට දැක් වූ විරෝධය පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලකයන් තමන්ගේ වාසියට හරවා ගත්තේ ඉතාම සිත්ගන්නාසුලු මෙන්ම සටන්කාමී වචනවලිනි. ඡන්ද සමයේ පොදුජන එක්සත් පෙරමුණු ප්‍රචාරක ව්‍යාපාරයේ සිත්ගන්නාසුලු පාඨ කිහිපයක් මෙසේය.
“උගතුන්ට බුද්ධිමතුන්ට හා මහා සංඝරත්නයට පවා පාතාල කල්ලි ලවා වද හිංසා කරවූ, කානු පල්ලේ දමා පහරදුන් පන්සල් වටා කටුකම්බි ගැස්සවූ, දහස් ගණනක් තාරුණ්‍යය ටයර් සෑ මත දැවූ, විනිසුරුවරුන්ට ගල් ගැස්සවූ, තිරිසනුන් සිංහාසනාරූඪ වී සිටි යුගය අවසන් කිරීම සඳහා... පොදු ජන එක්සත් පෙරමුණ දිනවිය යුතුය...”
ඒ වාක්‍ය ඛණ්ඩය බැලූ බැල්මට හද කකියන්නේය. දාහත් වසරක එජාප පාලනය මතක ඇති ජනතාවට එජාපය එපා කරවීමට සමත්ය. ඔවුන් කියන්නේ එසේ නොවන තමන්ට රාජ්‍ය බලය ලබාදෙන ලෙසය.
1977 දී නින්දා සහගත ලෙස පරාජය වූ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් අලුත් සළු ඇඳ අලුත් වෙස් ගෙන ජනතාව හමුවට ආවේ පැවැති එජාප පාලනය එපාවී සිටි ජනතාවගෙන් අලුත් වරමක් ලබාගන්නටය. කොළ පාට මැර බලයෙන් තැළී මිරිකී සිටි ජනතාවට ලැබුණු එකම විකල්පය වූයේ පොදුජන එක්සත් පෙරමුණය. සිදු වූයේත් එයමය.
එහෙත් ඡන්ද දායක ජනතාවට පොදුජන එක්සත් පෙරමුණට රාජ්‍ය බලය ලබාදී තුන් මසක් ගතවීමටත් පෙරම තේරුම් ගියේ දෙවැනි රාජසිංහ රජතුමා ඉඟුරු දී මිරිස් ගත් ගනුදෙනුවම තමන්ට ද සිදුවී තිබෙන බවය. කොළ පාට මැර බලය වෙනුවට නිල් පාට මැර බලය තෝරාගෙන ඇති බවය.
මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කණපිට හැර වූ තවත් ආණ්ඩුවක් වූයේ 1970 සමගි පෙරමුණ ආණ්ඩුවය. සමගි පෙරමුණට සහාය දුන් පක්‍ෂ ඡන්දයට පෙර ජනතාවට පොරොන්දු වී සිටියේ සමාජවාදී පාලන ක්‍රමයක් ආරම්භ කරන බවය.
සම සමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ හා ශ්‍රීලනිපයත් බලයට පැමිණි පසු කටයුතු කළේ තමන් ඡන්ද සමයේ ලබාදුන් පොරොන්දුවටත් එහාට පනිමිනි.
බලයට පත් වූ පසු වාමාංශික නායකයන් නිතරම කියා සිටියේ ව්‍යවස්ථාපිත – සම්මත නීතිරීතිමය වෙනසකට වඩා මූලික ආර්ථීකමය සමාජයීමය හා සංස්කෘතිකමය සංවිධාන වෙනසක් පතා ජනතාව තමන්ට ඡන්දය දුන් බවය.
වෙනත් ලෙසකින් කිවහොත් පවතින සමාජ සංවිධාන රාමුව වෙනුවට නව සමාජ ක්‍රමයක් ගොඩ නැගීමෙහිලා අඩිතාලම දැමීමක් තමන් දැන් ඉටුකළ යුතු බව වාමාංශිකයෝ කීහ.
එකල බලයට ආවේ එක්සත් ජාතික පක්‍ෂය සමග උතුරේ පෙඩරල් පක්‍ෂය හෝ ශ්‍රීලනිපය සමග වාමාංශික පක්‍ෂ හෝ යන කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවටය. ශ්‍රීලනිපය හා වාමාංශිකයන් බලයට ආ හැම විටම ධනපති පංතිය තුරන් කිරීම සඳහා යැයි කියමින් මහා සෝෂාවක් ඇරඹිණි. එජාපයට හිතවත් ව්‍යාපාරිකයන්ගේ කඩසාප්පු සමාගම් ආදිය රජයට පවරා ගැනිණි.
එජාපය බලයට ආ පසු එසේ පවරා ගත් ආයතන වන්දිත් සමග ආපසු දුන්නේය.
සමගි පෙරමුණ 1970 දීත් මේ තැටියම වාදනය කළේය. සමාජවාදය ඇති කිරීම සඳහා ජනතාවගෙන් තමන්ට සුවිශේෂී වරමක් ලැබී ඇති බවත් ඒ සඳහා ධනපති සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බවත් වාමාංශිකයෝ දිගින් දිගටම කියා සිටියහ. ඒ සඳහා එක් පුද්ගලයකුට හිමිකම ඇති ඉඩම් සීමාව අක්කර පහක් බවට පත් කරමින් ජනසතු කිරීමත් දේශීය ආර්ථිකයක් ඇති කළ යුතු බව පවසමින් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන ඒම නතර කිරීමත් සමගි පෙරමුණු රජය ගත් තීන්දු තීරණ කීපයකි. එකලට සාපේක්‍ෂව වර්තමානයේ බලනවිට එම තීන්දුවල යම් සාධනීය බවක් ඇතත් ඒ මොහොතේ එකී තීන්දුවලින් ජන ජීවිතයට සිදුවූයේ විශාල හිරිහැරයකි. අත්‍යවශ්‍ය හාල්, සීනි, මිරිස්, කිරිපිටි ආදිය නොමැතිව සලාක හිමිකම ලබාගැනීම සඳහා පැය ගණන් පෝලිමේ සිටීමට සිදුවීම 1977 දී එම රජය ඇද වැටීමට ප්‍රධාන හේතුව විය. පෞද්ගලික හිමිකාරීත්වය තිබූ විශාල ඉඩම් රජයට පවරා ගත්තද රජය යටතේ එම වතු නිසි කළමනාකරණයකින් පාලනය වූයේ නැත. එය රජයට බරක් විය.
රජයේ හිතවතුන් එම වතුවල දේපොල කාබාසිනියා කර දැම්මේ අනුන්ගේ බූදලයක් තම භුක්තියට සවි කරගෙනය. පවරා ගත් බොහෝ ඉඩම්වල ජනාවාස ඇතිකර ඉඩම් නැති අයට බෙදා දුන්නේය. මෙමගින් වැවිලි කර්මාන්තය සාරවත්ව තිබූ අනගි ඉඩම් කැබලි වී වගාවෙන් තොරවයි. එමගින් වැවිලි ආර්ථීකයට සිදු වූ පාඩුව ගිණිය නොහැකිය.
1977 බලයට ආ එජාප ආණ්ඩුව එතෙක් සෑම පවුලකටම හිමි වූ සහල් සලාක පොත අහෝසි කළේය. ඒ වෙනුවට තෝරා ගත් පවුල් සඳහා ආහාර මුද්දර ක්‍රමයක් හඳුන්වා දුන්නේය. පළමු වටයේ දී පුද්ගලයන් හැත්තෑ ලක්‍ෂයකට ආහාර මුද්දර සහනය හිමිවිය. එජාප රජයේ දෙවැනි ධුර කාලය ඇරඹුණු පසු 1984 දී හැත්තෑ ලක්‍ෂය පුද්ගලයන් දස ලක්‍ෂය දක්වා අඩු කළේය.
ජේ.ආර්. ජයවර්ධන රජයේ මුදල් ඇමැති රොනී ද මැල්ගේ පළමු අයවැය යෝජනාවලියෙන්ම හාල් පොත කපා හැරියේ රාත්තල සත 72 බැගින් සෑම පුද්ගලයකුටම සීනි සලාකය ද කපා හැරියේය. ඒ වනවිට තිබූ සීනි හිඟය නිසා කළු කඩයේ සීනි රාත්තලක් විකිණුනේ රුපියල් පහක මුදලකටය. රටින් සීනි ගෙන ඒමට ලැබුණු අවසරය නිසා සීනි රත්තලක මිල රුපියල් තුනක් දක්වා අඩුවන බව මුදල් ඇමැතිවරයා පැවසුවේය. මෙමගින් සිදුවූයේ සත හැත්තෑ දෙකට තිබූ සීනි රාත්තල රුපියල් තුන දක්ව ඉහළයාම පමණකි. එජාප රජය යටතේ බඩු සුලබ වුවත් බඩු මිලදී ගැනීමට ජනතාව අත මුදල් යහමින් රැඳුණේ නැත.
වර්තමාන රජය ද ඡන්දයට පෙර ලබාදුන් බොහෝ පොරොන්දු මේ වනවිට කණපිට හරවා තිබේ.
ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ජනතාව බලාපොරොත්තු වූ තරම් වේගවත් නොවන මුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර පැකේජයට අදාළ කොන්දේසි සමග රට ඉදිරියට ගෙන යා යුතු බව රජය අවබෝධ කරගෙන ඇති බව පැහැදිලිව පෙනී යයි. හිතුමතේ සහනාධාර බෙදීමට රජය නැඹුරුවක් නොදැක්වීමෙන්ම ඒ බව තහවුරු වේ. විපක්‍ෂයේ දී පොරොන්දු හා ජනප්‍රිය තීන්දු සමග ඉදිරියට යා නොහැකිය. ආණ්ඩුකරණය යනු ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ දේශපාලනය නොවේ. රජය ඒ බව තේරුම් ගෙන ඇත. ආණ්ඩුවක් කිරීමේ දී කළ යුතු ප්‍රමුඛතා රාජකාරි වටහා ගත යුතුය. එහිදී ඇතැම්විට තමන්ගේ ප්‍රතිපත්ති පවා කණපිට හැරවීමට සිදුවෙයි.
වර්තමාන ආණ්ඩුව විපක්‍ෂයේ සිටියදී ගෙන ගිය මතවාදයෙන් කණපිට හැරුණු ප්‍රධාන ප්‍රතිපත්තියක් වන්නේ ලංකාවේ සිදුකර ඇති චීන ආයෝජන සම්බන්ධ ප්‍රතිපත්තියයි. එදා චීන අයෝජනවලට එරෙහිව මහින්ද රාජපක්‍ෂ රජය දැඩි ලෙස විවේචනය කළ ජවිපෙ මේ වනවිට එම චීන ආයෝජන බදා වැලඳගෙන තවදුරටත් නඩත්තු කරන ප්‍රතිපත්තියකට පිවිස සිටී. චීනයේ සහායෙන් ලංකාවේ ඉදිකළ අධිවේග මහාමාර්ග ජාලය පිළිබඳ මුල පටන්ම විවේචකයකු වූයේ ජනතා විමුක්ති පෙරමුණය. හම්බන්තොට වරාය ඉදිකිරීම සම්බන්ධව මුල පටන්ම විවේචකයකු වූයේ ජනතා විමුක්ති පෙරමුණය. කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධව ජවිපෙ නායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටම දැඩි විරෝධයක් ගෙන ගියේය. ඔවුන් එම විරෝධය ගෙන ගියේ චීන රජය විසින් වාර්ෂිකව මෙරට දේශපාලන පක්‍ෂ වෙත ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන ලැයිස්තුවේ සිටින අතර වාරයේය. ජවිපෙ එම විරෝධය මගින් චීන ආයෝජනවලට විරුද්ධ ජනමතයක් රටේ පෝෂණය කළේය. එම ජනමතය ජවිපෙට ඡන්ද බැංකුවක් ලෙස නඩත්තු කළේය. මැතිවරණයේදීත් ජවිපෙ හා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා ගැනීම සඳහා එම චීන විරෝධී මතවාදය දැඩි මෙහෙයක් ඉටු කළේය. එසේ බලයට ආ ජාතික ජන බලවේගය මේ වනවිට තම සම්පූර්ණ ප්‍රතිපත්ති වෙනස් කරමින් චීන ව්‍යාපෘති සාදරයෙන් බදා වැලඳගෙන සිටී. හම්බන්තොට වරායේ අපනයන මට්ටමේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ රාජ්‍ය සමාගමක් වන සයිනොපෙක් සමග ගිවිසුමක්ද අත්සන් කළේය. කෙසේ වෙතත් චීන ව්‍යාපෘති දිගුකාලීන ණය මත සිදු කෙරෙන ව්‍යාපෘති වුවත් එමගින් රටට වටිනාකම් එකතුවී ඇති බව ජාතික ජනබලවේගයට රාජ්‍ය පාලනය ලැබීමෙන් පසුව හෝ තේරුම්ගැනීම සතුටට කරුණකි.
ප්‍රේමකීර්ති රණතුංග
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කණපිට හැරුණු ප්‍රතිපත්ති