IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් හදනවා“

(නිමල කොඩිතුවක්කු)

කාන්තාවන් දූෂණයට, භීෂණයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වූ යුගය අවසන් කරමින් කාන්තාවනට අභිමානයෙන් හා සුරක්ෂිතව ජීවත්විය හැකි රට තමා ගොඩ නඟන බව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන කාන්තා කොමිෂන් සභාවක් සහ කාන්තාවන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ප්‍රඥප්තිය එළිදැක්වීම උත්සවයට ඊයේ (21) එක්වෙමිනි.

“දිරිය ඇය වෙනුවෙන් - සෙනෙහසේ ඇරඹුම” තේමාවෙන් කාන්තා ප්‍රඥප්තිය එළිදැක්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

 “අද දවස ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික දවසක්. පළමු වතාවට ජනාධිපති අපේක්ෂකයකු කාන්තාවන් සමග සමාජ ගිවිසුමකට එළැඹුණා.

අපේ රටේ මේ වනවිට සියයට 52කට ආසන්න කාන්තා පිරිසක් ජීවත්වෙනවා. රටේ සංවර්ධනය උපරිමයට පත්වන්න කාන්තා පාර්ශ්වයේ සංවර්ධන ධාරිතාව ඉහළට ගෙනයන්න අවශ්‍යයි. රටේ කාන්තා පරපුර වෙනුවෙන් මා ඒ යුතුකම ඉෂ්ට කරනවා.

වෙනත් රටවල් හා සැසඳීමේදී අපේ රටේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේත් යම් යම් සාර්ථක ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට අපිට හැකියාව ලැබිලා. එනමුත් රැකියා ක්ෂේත්‍රයේත් දේශපාලන සහභාගීත්වය තුළත් කාන්තා ප්‍රචණ්ඩත්වය, හිංසනය දිහා බලනවිට අපේ රට පහළ මට්ටමකට වැටෙනවා.
අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනත්වය වර්ධනය කිරීමට කොතරම් උත්සාහ ගත්ත ද අදටත් පාර්ලිමේන්තු කාන්තා නියෝජනය තිබෙන්නේ සීයට හයට අඩු ප්‍රමාණයකි.

මේ කාල සීමාවේදී කාන්තාවන්ට පළාත් පාලන ආයතන තුළ සීයට 25ක අනිවාර්ය නියෝජනයක් දෙන්න අපට පුළුවන් වුණා. ඒ ලබපු ප්‍රශස්ථ ඉලක්ක පළාත් සභාව තුළත් පාර්ලිමේන්තුව තුළත් අනාගතයේදී ලබාගත හැකි ක්‍රමවේදය සකස් කරන්න මා බලාපොරොත්තු වෙනවා.

මෑත කාලයේදී කළ සමීක්ෂණවලට අමතරව රටේ තරුණ කාන්තාවන්ගේත් ඒ වගේම අඩු ආදායම්ලාභී කාන්තාවන්ගෙනුත් ආර්ථිකයට දෙන දායකත්වය ඉතා පහළ මට්ටමක පවතිනවා. රටේ ජනගහනයෙන් ලක්ෂ 12ක් කාන්තා මූලික පවුල් සිටිනවා.

ඒ වගේම කාන්තාව රැකී-රක්ෂා කරන ස්ථානවලදී මුහුණ දෙන ලිංගික හිංසන, ප්‍රචණ්ඩත්වය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. මෑතකදී ඇඟලුම් ක්ෂේත්‍රයේ කළ සමීක්ෂණයකදී ඇඟලුම් අංශයේ සීයට 57ක් වූ කාන්තාවන් මේ ප්‍රචණ්ඩත්වයට, හිංසනයට, ලිංගික අතවරවලට මුහුණ දෙනවා.

පුරුෂ පක්ෂයට නොදෙවැනි සමාන අයිතිවාසිකම් සහ සහභාගීත්වය අපේ රටේ බහුතරය වන කාන්තා පරපුරට දෙන්න මා බලාපොරොත්තු වෙනවා. රටේ කාන්තා ශක්තියෙන් එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන ජනාධිපති වනවිට ඊළඟ දිනයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට මා කටයුතු කරනවා.

නීතිය හා යුක්තිය පසිඳලීමේදී කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දිය යුතුයි. ආර්ථිකයට අර්ථවත් සහභාගිත්වයක් කාන්තා පරපුරෙන් ගත යුතුයි. ඒ වගේම උසස් හා ගුණාත්මක අධ්‍යාපනය ලැබීමේ සමාන අවස්ථා කාන්තාවට දිය යුතුයි. ඒ වගේම කාන්තාවන්ගේ ආර්ථික දියුණුව වෙනුවෙන් යටිතල පහසුකම් දිය යුතුයි.

මෙයට අමතරව කාන්තාවන්ගේ ක්‍රියාශීලී දායකත්වය සමාජ හා දේශපාලන කටයුතුවලදී ගත යුතුයි. ප්‍රීතිමත් හා අසාධාරණයට ලක් නොවූ පවුල් ජීවිතය බිහි කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ යුතුයි.

කිසිදු බලපෑමකින් තොරව සංස්කෘතික හා ආර්ථික කටයුතුවල නිරතවීමට කාන්තාවන්ට අවස්ථාව දිය යුතුයි. කාන්තාවන් වෙනුවෙන් උසස් තත්ත්වයේ සෞඛ්‍ය පහසුකම් දීමටත් කැපවිය යුතුයි.

අද එළිදැක්වූ කාන්තා ප්‍රඥප්තියේ ප්‍රධානතම හරය වන්නේ සමානාත්මතාවය සහ සාධාරණත්වයයි. කිසිම කාන්තාවකට ඍජුව හෝ වක්‍රව හෝ ස්ත්‍රීත්වය නිසා ජාති, ආගම්, කුළ භේද, විවාහය, මාතෘත්වය, වයස, ශාරීරික හෝ මානසික හෝ වෙනස්කම්, භාෂාව, ගර්භනී භාවය වැනි කරුණු කේන්ද්‍ර කරගෙන රටේ ජන සමාජය තුළ තිබෙන සියලු අසාධාරණකම් ඉවත් කිරීමට මා කැපවෙනවා.

ඔබගේ ශක්තිය තුළින් රටේ ප්‍රධානතම පුරවැසියා විදියට මා පත්වෙලා, අපේ රජය තුළ ප්‍රතිපත්ති සම්පාදනය කරද්දි, නීති පනවන විට ආදී සෑම දෙයකදීම කාන්තාවන්ගේ උපරිම දායකත්වය ගනිමින් කටයුතු කරන බවට කාන්තා පරපුරට මා විශේෂ පොරොන්දුවක් දෙනවා.

අද අත්සන් තැබූ කාන්තා ප්‍රඥප්තිය මා ජනාධිපති ලෙස පත්වී මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තු අණපනත් විදියට නීතිගත කරනවා.

බොහෝ අවස්ථාවලදී දේශපාලනීකරණය සහ කාන්තා අයිතීන් පිළිබඳ අවබෝධය නැතිකමින් ප්‍රතිපත්ති සහ නීති රීති සකස් කිරීමේදී කාන්තා ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මගේ කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පාර්ශ්වය මූලික කරගෙන ඒ යුතුකම් ඉටු කරනවා.

ඒ වගේම අප රටේ මානව අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, සමාජීය අයිතිවාසිකම් සහ ජීවත්වීමේ අයිතිවාසිකම් යන සියල්ලක්ම ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්වාධීන කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට පියවර ගන්නවා.

ඒ වගේම විදේශ රැකියා, වතු අංශයේ රැකියා, ගෘහ සේවය, ඇඟලුම් සේවය ආදී සේවාවල නිරත කාන්තාවන් සඳහා සක්‍රීය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ මා ආරම්භ කරනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය ඇතුළු සියලුම ස්වයං රැකියාවල නිරතවන කාන්තා පරපුර වෙනුවෙන් රක්ෂණයට අමතරව ස්වයං රැකියා ශක්තිමත් කිරීමට ආධාර වැඩසටහන මා ක්‍රියාත්මක කරනවා.

රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කුඩා දරුවන් සිටින කාන්තාවන්ට දරුවන් සඳහා ඒ පරිශ්‍රයේ හෝ ආසන්නයේ හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට මා කටයුතු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමවලට අනුකූලව වැටුප් සහිත මාතෘ නිවාඩු දීම මා තවදුරටත් පුළුල් කරනවා.

මාතෘ නිවාඩු නිසා සමහර කාන්තාවන්ට රැකියා අහිමි වෙනවා. එවැනි හාම්පුතුන් වෙනුවෙන් දැඩි නීති රීති පනවා රැකියා අහිමිවූ සියලුම කාන්තාවන්ට යළි රැකියා දීමට මා කැප වෙනවා. ඒ වගේම කාන්තාවන්ට ඕනෑම අවස්ථාවකදී අධ්‍යාපනය සහ පුහුණුව ගැනීමට අවස්ථා නිර්මාණය කරනවා.

විශේෂ අවශ්‍යතා සහිත සෑම ගැහැනු දරුවකුටම සුවිශේෂී අධ්‍යාපන වැඩසටහන මා ආරම්භ කරනවා. යුද්ධයෙන් අවතැන් වූ හෝ වැන්දඹු හෝ කාන්තා මූලික පවුල්වලට අවශ්‍ය පහසුකම් සලසන අලුත් ක්‍රමවේදය නිර්මාණය කරනවා.

මගේ සංකල්පය සතුටු පවුල නිර්මාණය කිරීමයි. මන්දපෝෂණ ගැටලු ගණනාවක් ජන සමාජයේ දරු පරපුරටත් මාතෘ පරපුරටත් නිර්මාණය වී තිබෙනවා. රටේ ළමා සහ මාතෘ මන්දපෝෂණය සදහටම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් මා ආරම්භ කරනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලින් ගිණි පොලියට ණය ගෙන විපතට පත් වෙච්ච ලක්ෂ ගණනක් කාන්තාවන් අපේ රටේ සිටිනවා. කොටසක පමණක් ණය කපා හැරලා. 16 වැනිදා ජනාධිපති විදියට මා පත් වූ අවස්ථාවේ සිටම මුළු ලංකාවේම ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවල ගිනි පොලියට යටත්වුණු කාන්තා පරපුරේ සම්පූර්ණ ණය කපා හරිනවා කියා මේ අවස්ථාවේ ප්‍රතිඥා දෙනවා.

 රටේ කාන්තා ව්‍යවසායකයින්, කාන්තා ව්‍යාපාරිකයින් ඇතුළු කාන්තා පරපුර වෙනුවෙන්ම සහන ක්‍රමයට ණය දෙන ජාතික කාන්තා බැංකුවක් ස්ථාපිත කිරීමට මා කටයුතු කරනවා.

මා අත්සන් කළ කාන්තා ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීමට ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කරනවා. එහි ඒකකයක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ස්ථාපනය කිරීමටත් කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක ඒකාබද්ධව ක්‍රියාත්මක මේ ජනාධිපති කාර්ය සාධක බළකායෙන් එකඟ වූ සියලුම කරුණු පිළිබඳ සොයා බැලීම කරනවා.

අමද්‍යප දේශපාලනඥයකු විදියට කාන්තා පරපුරට සුබම සුබ පණිවිඩය කියන්න මා කැමතියි. මතට තිත කියලා ජනාධිපති මන්දිරයේ පස්ස දොරින් බාර් ලයිෂන් දීපු කාලයක් තිබුණා.

මා බලයට පත් වුණාට පසු මොනම හේතුවකටවත් බාර් ලයිෂන් අලුතින් දෙන්නේ නැහැ. ඒ වගේම පාසල් ආසන්නයේ තිබෙන සියලුම වයින් ස්ටෝර්ස් වසා දැමීමට මා කටයුතු කරනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම, කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන කුඩු කප්පිත්තන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න මා කටයුතු කරනවා.

මගේ රජය තුළ කිසිම දවසක ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, කාන්තාවන් දූෂණය කර සංවත්සර පවත්වන්න බැහැ. කාන්තාවන් හිංසනයට, දූෂණයට, ප්‍රචණ්ඩත්වයට පත් කළ ඒ යුගය සහමුලින්ම නතර කරන බවට මා ප්‍රතිඥා දෙනවා.

ඒ වගේම විවිධ විෂමාචාරී ක්‍රියාවලට කාන්තාවන් ලක් කරන විට නීතිය මගින් පමුණුවන දඬුවම් ප්‍රමාණය වැඩි කිරීමටත් මා කටයුතු කරනවා.

විදේශීය සංචාරක පවුල් අපේ රටට ආවහම විදේශීය කාන්තාවන් දූෂණය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අපේ රටේත් හිටියා. එවන් අමිහිරි යුගය රටේ නිර්මාණය නොවන්න දැඩි ලෙස කාන්තා හිංසනය, කාන්තා දූෂණය තරයේ හෙළාදකිමින් නව නීති ඉදිරිපත් කිරීමට මා කටයුතු කරනවා.

ජනාධිපතිවරණයකදී පළමු වරට කාන්තා ප්‍රඥප්තිය එළිදැක්වීමට ලැබීම ගැන මා සතුටට පත්වෙනවා. මේ අවස්ථාවට එක්වූ සියලුම මව්වරුන්ටත්, සහෝදරියන්ටත් මගේ ස්තූතිය පුද කරනවා” යයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය:
 “සීයට පනස් දෙකක් වූ රටේ කාන්තාව වෙනුවෙන් දිය හැකි ආරක්ෂාව සහ සැලකිලි දිය හැකි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන් වෙනුවෙන් කරන ගෞරවයට අපි එතුමන්ට ස්තූතිවන්ත වෙනවා.

2015ට පෙර රාජපක්ෂ යුගයේදී අපේ කාන්තාවන්ට ඉතාමත් පහත් විදියට සැලකුවා. හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක පුටුවෙන් එළියට ඇද දැම්මා, ප්‍රදේශීය සභා සභාපතිවරුන් කාන්තාවන් දූෂණය කරලා පාටි දැම්මා. මේවා තමයි, රාජපක්ෂවරුන් කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කළ දේවල්.

අපේ රජය මගින් කාන්තාවගේ ගෞරවය, ආරක්ෂාව තහවුරු කළා. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සජිත් ප්‍රේමදාස මහතා සමග අප කාන්තාවන්ට ස්වර්ණමය යුගය උදා කරනවා.

 කාන්තාවන්ට ආදරය කරන, ගෞරවය කරන ආදර්ශමත් චරිතය විදියට අප සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපති කරන්න කැපවෙනවා” යයි ද ඇය එහිදී සඳහන් කළාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය:
 “ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරියත්, විධායක ජනාධිපතිවරියත්, අගවිනිසුරුවරියත්, නීතිපතිවරියත් අපේ රටෙන් බිහි වුණා. රටේ පාලනයේ සහ අධිකරණයේ මුල් පුටුවලට පත්වෙමින් අපේ කාන්තාව අභිමානවත් පරපුරක් ලෙස කටයුතු කළා.

ජේ.ආර්. ජයවර්ධන මහතා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඇති කළා. අපේ පක්ෂය අතීතයේ ඉඳන්ම කාන්තාවන්ට විශේෂ ස්ථානය දුන්නා.” යයි ද ඇය එහිදී සඳහන් කළාය.

මේ අවස්ථාවට ජලනි ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනෝමා ගමගේ, විජයකලා මහේෂ්වරන්, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.



අදහස් (0)

“කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් හදනවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6173 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site