(ඩයනා උදයංගනී)
කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ළමා ශ්‍රමය යොදා ගැනීම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයීමේ ජාවාරම් ද සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නීති ගෙන එන බව ද අමාත්‍යවරයා කීවේය.
ඒ වෙනුවෙන් ළමා හා කම්කරු නීති, අණපනත් සංශෝධනය කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම කාන්තා, තරුණ හා ළමා රැකියා පනත යටතේ ඇති අන්තරාකාරි වෘත්තීය රෙගුලාසි සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇතැයි කී ඇමතිවරයා ඒ සඳහා කළ යුතු පනත් සංශෝධන පිළිබඳ යෝජනා තමන්ට ලබාදෙන්නැයි අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.
ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම බවට ඇතැමුන් අර්ථ නිරූපණය කළත්, බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම හා මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී බවත්, මත්වලට ඇබ්බැහි වූ දෙමව්පියන් වැඩි වශයෙන් මෙම වරද සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය.
මුදල් ඉපයීමේ කටයුතුවලට ළමයින් යොදා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළ යුතු බව කී ඇමැතිවරයා වීදි වල සැරිසරන මෙම ළමුන් පිළිබඳව නිරන්තර වැටලීම් සහ විමර්ශන කළ යුතු බව ද අවධාරණය කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘
Sri Lanka Thursday, 01 July 2021 04:55 PM
ඕකට එකම විසඳුම වහාම පාසල් විවෘත කරන්න. ඔන්ලයින් ආයතන දියුණු කරන්නේ නැතිව.. ස්තුතියි..!!!
Raveendra Friday, 02 July 2021 05:09 PM
මෙවර පහ වසර ශිෂසත්වය ප්‍රශ්න පත්තරයේ ලකුණු දහයක්ම ලැබෙන ප්‍රශ්නයක් ඇත.
saman Sunday, 04 July 2021 06:00 PM
මේවැනි පල පුරුදු දේශපාලනඥයෝ නිදහස් වීම රටට පාඩුවක්