IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ක්ලින් විය යුතු දුම්රිය ටිකට් නිකුතුව

ඇල්ල යනු දෙස් විදෙස් සංචාරක නේත්‍රාකර්ෂණය නොමඳව දිනාගත් සංචාරක පාරාදීසයකි. මෙරට පිරිසුදු ම හා සිසිල් ම වාතාශ්‍රය ලබමින් සිරිලක සුන්දරත්වය සියැසින් දැකීමට එන සංචාරකයන් වැඩි උද්‍යෝගයක් දක්වනුයේ මෙම ඇල්ල ගමන දුම්රියෙන් යාමටයි. ඇල්ල ඔඩෙසි නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ඇරඹීම ද සංචාරක ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරැළුවේය. එහෙත් එකී ඔඩෙසි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල වංචනික ඇතැමුන්ගේ ධන නිධානයක් බවට පත්ව තිබීම සොබා සුන්දරත්වය අසුන්දර කරයි .  
ඇල්ල ඔඩෙසි දුම්රිය ගමනේ දී දෙමෝදර, ආරුක්කු නවය පාලම, පට්ටිපොළ, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ආදී ඇල්ල ගමනේ හමුවන අතිමනෝරම්‍ය ස්ථාන බොහොමයක නවත්වමින් එම ස්ථානවල සුන්දරත්වය දුම්රිය ගමන අතරතුර ම විඳගැනීමට මෙම දුම්රිය සේවාව මඟින් ඉඩ සලසා ඇත.


සංචාරකයන්ට වඩාත් ගුණාත්මක අත්දැකීමක් උරුම කර දෙනු වස් ඇරඹී මෙම ඇල්ල ඔඩෙසි දුම්රිය අද වනවිට ඇතැම් වංචනිකයන්ගේ ධන නිධානයක් බවට පත්ව තිබීම, සමස්ත රටක් වශයෙන් අප ලජ්ජාවට පත්විය යුතු තත්ත්වයකි. සාමාන්‍ය විකිණුම් මිලට ප්‍රවේශපත්‍රයක් මිලදීගෙන සංචාරකයකුට ඇල්ල ඔඩිසියේ ගමන් කළ නොහැකි මට්ටමට ඇතැම් පිරිස් විසින් මෙම දුම්රිය සේවය පත්කර   තිබීම අභාග්‍යයකි. 
ඉකුත් 15 වැනිදා බදාදා මහනුවර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අනාවරණය කර සිටියේ ඇල්ල ඔඩෙසි දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයට මුදාහැර තත්පර 42 ක් වැනි කෙටි කාලයක් ඇතුළත අලෙවි වී අවසන් වූ බවයි.
සාමාන්‍යයෙන් මෙම මාර්ගගත ප්‍රවේශපත් වෙන් කිරීම සඳහා ඊ ටිකට් අන්තර්ජාලයට මුදාහරිනුයේ ගමන් වාරයට මසකට පෙර ය. එසේ නම් සෑම ගමන් වාරයකට ම මසකට පෙර ප්‍රවේශපත් නිකුත්කර මිනිත්තුවක් ගතවීමටත් පෙර සමස්ත දුම්රියක ම ආසන අවසන් වී තිබීම අතිශය සැකයට භාජනය විය යුතු කරුණකි. මේ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව ද අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතර වගකිවයුතු අධිකාරිය වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල සිදුවනවැයි කියන අක්‍රමිකතා විමර්ශනය කරමින් තනතුරු සඳහා පත්වන්නන්ගේ සුදුසුකම් හා විනිවිදභාවය පරීක්ෂා කිරීම අමාත්‍යාංශවල වගකීමකි.
මෙම ගැටලු‍ව පිළිබඳ  ඉරිදා ලංකාදීපය කළ විමසීමක දී දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි.
“මේ ප්‍රවේශපත්‍ර අලෙවියේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනටමත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳ තාක්ෂණික අංශයෙන් විසඳුම් සෙවීමට අප මොබිටෙල් ආයතනයත් සමඟ එක් ව කටයුතු කරනවා. ඒ වගේ ම මහනුවර, ඇල්ල, දෙමෝදර යන ප්‍රදේශ දැඩි සංචාරක ආකර්ෂණයට පත්ව තිබීමත් මෙම ප්‍රදේශ ආශ්‍රිතවත් මෙම ගැටලු‍ව විශාල ලෙස ඇතිවීමට හේතුවක්. එයට විසඳුමක් ලෙස ඉල්ලු‍මට සරිලන දුම්රිය ගමන් වාර සැපයීම මගින් මේ ගැටලු‍ව අවම කර ගත හැකි බව අප සිතනවා. ඒ සඳහා නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමට අප දැනටමත් කටයුතු සකස් කරමින් පවතිනවා.”‍
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව හා මොබිටෙල් ආයතනය එක් ව මෙම ගැටලු‍ව තාක්ෂණික පැතිකඩින් ආමන්ත්‍රණය කරමින් විසඳුම් සෙවීමට බලාපොරොත්තු වනුයේ නම් එය සැබැවින්ම අගය කළ යුතු ය. ඒත් එය තවත් ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ නොවිය යුතු ය. මන්ද යත් අනාවරණය වන තොරතුරු අනුව මෙම වංචාව පිටුපස සිටින මහ මොළකරුවන් අතේ දුරින් සිටින්නට ද හැකි නිසාය. එසේ ම තවත් දුම්රිය ගමන් වාර ඇති කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි මගී තදබදය අඩු වී එමගින් ප්‍රවේශපත්‍ර සඳහා ඇති දැඩි ඉල්ලු‍ම හා වංචා කිරීමට ඇති අවශ්‍යතාව අඩු වුවහොත් එය සැබැවින්ම යහපත් වනු ඇත. පෙර පරිදි ම එම ගමන් වාරවලත් ප්‍රවේශපත්‍ර අතුරුදන් වී එම ප්‍රවේශපත්‍ර වෙනත් ස්ථානයක අදාළ මිලට වඩා තුන් ගුණයක් වැඩි මිලකින් අලෙවි වුවහොත් ඇල්ල සංචාරක දුම්රිය ගමනේ අනාගතය දෙවියන්ට ම භාරය.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය නගා සිටුවීම සඳහා වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ අදහස් දැක්වීය.
“දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවිය සම්බන්ධයෙන් දිගින් දිගටම අක්‍රමිකතා සිදුවෙනවා. ඒවා වැළැක්වීමට 2020 අවුරුද්දේදී පමණ ඩොලර් මිලියන විසි දෙකක් වියදම් කර චීන සමාගමක් වෙත ‍ප්‍රවේශපත්‍ර අලෙවිය ඇතුළු සමස්ත ක්‍රියාදාමයට අදාළ ව්‍යාපෘතිය භාර දුන්නා. ඒ සමාගම සම්බන්ධයෙන් ද පවතින අල්ලස් හා වෙනත් ගැටලු ගැන අප චෝදනා කළත් ඒවාට ඇහුම්කම් දුන්නේ නෑ. මේවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ ඇතැම් නිලධාරීන් වගකිව යුතුයි.”‍


කෙසේ වෙතත් සිදුකරන ලද සියලු‍ කරුණු සොයා බැලීම් පිළිබඳ සැලකීමේ දී අනාවරණය වනුයේ ඇල්ල ඔඩෙසි සම්බන්ධයෙන් පමණක් නොව මගී ඉල්ලු‍ම සහිත බොහෝ දුම්රිය ගමන් වාරයන්ගේ තත්ත්වය මෙබඳු ම වන බවයි. 
දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම උදෙසා පිහිටුවන ලද දෙපාර්තමේන්තුවේ ම ඉහළ පුටු විසින් වංචා සිදුකරන, වසර ගණනක් එක ම නිලධාරී සමූහයක් වෙත වගකීම් භාරදී තිබෙන පසුබිමක මෙවන් අක්‍රමිකතා ඇතිවෙන්නේ යැයි ද චෝදනාවකි. 
රුපියල් 5,000 ටිකට් පත් රුපියල් 16,000 කට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කරුණ හෙළිදරව් කළ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව දුම්රිය සාමාන්‍යාකාධිකාරවරයා මාධ්‍ය හමුවකදී පැවසීය. 
වංචා තුරන් කිරීමට පත් වූ බැව් කියන ආණ්ඩුවකින් පවා තවමත් මෙවන් දූෂිතයන් ආරක්ෂා කරනවා ද යන ප්‍රශ්නාර්ථය සමස්ත රට වැසියන්ගේ සිත්වල මතු කරමින් සිදුවන මෙම අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයන් ඇමතිවරයෙකු ප්‍රශ්න කරන තුරු ප්‍රමාදවීම කිසිසේත් ම සාධාරණීකරණය කළ නොහැක්කකි. 
කෙසේ වෙතත් මෙරට සංචාරක කර්මාන්තයේ හදවත බඳු ඇල්ල තවදුරටත් දූෂිතයන්ගේ මඩි තර කරන පාරාදීසයක් බවට පත් නොකර සාධාරණ, විධිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කරමින් දූෂණවලින් තොර පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම බලධරයන්ගේ වගකීමයි. 
එවන් වූ සුපිරිසුදු ශ්‍රී ලංකාවක් උදාවූ දිනෙක නියමිත, සාධාරණ මිලට ප්‍රවේශපත් මිලදීගෙන ඇල්ල ඔඩිසියේ ගොස් සිරිලක සොබා සිරි නැරඹීමට හැකි දිනක් ඔබටත් අපටත් උදාවනු දැකීම අපගේ පරම පැතුමයි. ‎
ලවංගා දෑරංගල

 



අදහස් (0)

ක්ලින් විය යුතු දුම්රිය ටිකට් නිකුතුව

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 105 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2017 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1563 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6469 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site