(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය බාරගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදීය.
අ.පො.ස. සාමාන්‍යපෙළ සහ අ.පො.ස. උසස්පෙළ විභාග හරහා විශ්ව විද්‍යාල පද්ධතියට ප්‍රවේශ වීමට නොහැකි තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය මඟින් දැනුම සහ නිපුණතාවය ලබා දීම අත්‍යාවශ්‍ය බවත්, ඒ තුළින් ඔවුන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ලබන වසර තුලදී මෙම වෘත්තීය පුහුණුව ලත් තරුණ තරුණයින්, අනෙකුත් අමාත්‍යංශ හා සම්බන්ධ කරමින් රටේ ධනය උත්පාදනය කිරීමේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලකට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, යොවුන් සේනාංක අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් R. M.S.P. රත්නායක, දඹුල්ල හෝටල් පුහුණු පාසලේ විදුහල්පති මේජර් M.D.B. ඉලංගසිංහ, අතිරේක අධ්‍යක්ෂක ( පාලන හා මූල්‍ය ) නීතිඥ R.නිශාන්ත පුෂ්පකුමාර, අතිරේක අධ්‍යක්ෂක ( පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
වත්මන් රජය ජනවරමට පිටුපා අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ ගිවිසුමම තවදුරටත්
වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත
වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා