(නිමල කොඩිතුවක්කු)
තමන්ට එරෙහි නඩු කඩිනමින් විසඳින ලෙසට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ සිදුකරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩු අහන්න යනවිට එයට එරෙහිව තහනම් නියෝග ගනිමින් සිටින බවත් එතුමන්ගේ මෙම ක‍්‍රියා කළාපය රටට විහිළුවක් වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (12) පැවසීය.
රටට හිතැති නායකයෙක් ගේනවා යනුවෙන් පවසමින් හිට්ලර් කථාවේ දෙවැනි අදියර රට තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් රටට හිට්ලර්ලා හෝ ගොට්ලර්ලා අවශ්‍ය නොමැති බවට රටේ මහජනතාව අවබෝධයෙන් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ දිගින් දිගටම විපක්ෂය ගෙනයන ජාතිවාදි ප‍්‍රකාශ දිහා බැලූවම ඔවුන් ජාතිවාදය වැපිරීමේ උත්සාහයක නිරත වන බවට පැහැදිලියි. ඔවුන් කරන මේ දේවල් අපේ රටට අහිතකරයි. ඔවුන්ගේ මේ ක‍්‍රියාවලිය අපි දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළා. ‘‘නව ව්‍යවස්ථා උගුල පැරදුවාට විතරක් මදි රටට හිතැති නායකයකු පත්කර ගනිමු’’ යනුවෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මාධ්‍ය හමුවක් පවත්වලා ප‍්‍රකාශ කළා.
උන්වහන්සේ ඇතුළු පිරිස දිගින් දිගටම රාජපක්ෂ මහතා වෙනුවෙන් සහ පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටියා. ඒක උන්වහන්සේලාගේ අයිතිය අපිට ඒ ගැන කතාවක් නැහැ.
එල්.ටී.ටී.ඊ සැමරුම් වලට රජය ඉඩදෙනවා වැනි ප‍්‍රකාශ දිගින් දිටම ප‍්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දැනට සති දෙකක පමණ කාලයක සිට අපිට මෙවැනි චෝදනා එල්ල වුණා. පැහැදිලිවම අපි රජයක් විදියට මේ සියලූම දේවල් ප‍්‍රතික්ෂේප කරනවා.
විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ගැටලූව ඒත්තු කරගෙන මේ රටේ මහා ජාතාවාදයක් ගොඩනැගීමේ සැළසුමක් තියෙනවා. අපි ඒවට මුහුණ දෙන්න ලෑස්තියි. ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් අවකාශයක් පසුබිමක් මේ රජයට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකයන් රාශියක් ඒල්.ටී.ටි.ඊ සංවිධානය ඝාතනය කරලා තියෙනවා. අපි කිසිසේත්ම ඒල්.ටී.ටී.ඊ සංවිධානයට යළි හිස ඔසවන්න ආයිත් ඉඩ දෙන්නේ නැහැ කියලා පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා.
ඡායාරූප හා විඩීයෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කළාපය රටට විහිළුවක් වෙලා’
ajith Thursday, 12 July 2018 11:22 AM
වාරණ නියෝග නීත්‍යනුකුල අයිතියක්. පහල උසාවියක වැරදි දෙයක් වනවිට එය වැලක්වීමට ඉහල උසාවියට බලයක ඇත. එම ඉල්ලීම් නිත්‍යානුකුල නිසානේ වාරණ නිකුත් කරන්නේ
kalani Friday, 13 July 2018 03:49 AM
තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව පියවරක් ගැනීම විහිළුවක් වෙන්නේ කොහොමද? එම ඉල්ලීම දුන්නෙත් අධිකරණය නිසා ඔබේ ප්‍රකාශය වැරදියි.
thilak Monday, 16 July 2018 05:28 PM
ඇයි ඔච්චර බය.