IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘‘ගාමිණි දිසානායක කැපවීම සියලු දේශපාලඥයන්ට ආදර්ශයක්‘‘

(නිමල කොඩිතුවක්කු)

මහවැලි ව්‍යාපාරයෙන් රට  සහලින්  ස්වයංපෝෂිත කරමින් රටේ  බල ශක්තිය ඇතිකරමින්  රටේ දිශානතිය වෙනස් කළ ගාමිණි දිසානායක මහතා දේශපාලඥයෙක් වෙනුවට රටේ ඉතිහාසය වෙනස් කළ දැවැන්තයෙක්  ලෙස සැළකිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

ආර්ථිකයෙන්, කෘෂිකර්මයෙන්, දේශපාලනයෙන්  සහ ක‍්‍රීඩාවෙන්  මේ රටේ ඉතිහාසය වෙනස් කළ ගාමිණි දිසානායක මහතාගේ කැපවීම  සියලුම දේශපාලඥයන්ට ආදර්ශයක් බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25 වන ගුණ සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණි දිසානායක  පිළිරුව අභියසදී අද (24) පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස ගාමිණි දිසානායක  පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ගෞරව දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

‘‘ශ්‍රීමතී දිසානායක මහත්මිය නැතුව  පළමු වතාවට අපි ගාමිණි දිසානායක මහතාගේ ගුණ සැමරුම් උත්සවය පවත්වනවා.

මම ගාමිණි දිසානායක මහතා දැන ගත්ත දවසේ ඉඳන් එතුමා ළඟින්ම හිටියේ ශ්‍රීමතී දිසානායක  මැතිනියයි. අතුරු මැතිවරණ කරද්දි, මැතිවරණ කරද්දි එදා එතුමා එක්ක ග්‍රෙගරි පාරේ ඉඳන් ශ්‍රීමතී මැතිණිය කටයුතු කළා.

ගාමිණී දිසානායක මහතා ජය පරාජය දෙකම බාර අරන් කටයුතු කළ බව විශේෂයෙන්ම සඳහන් කරනවා. පුත‍්‍රයන්  දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටීම  ගැනත් නවීන් අමාත්‍ය ධූරයක් දැරීමත් ගැනත් අන්තිම අවස්ථාවේදී එතුමියට විශාල සන්තෝසයක්  ලැබුණා.

ඒ වගේම ගාමිණී දිසානායක මහතා තමයි ආචාර්ය  වික‍්‍රම වීරසූරිය මැතිතුමාට මාව හදුන්වලා දුන්නේ. ගාමිණී දිසානායක මහතා සමඟ සමීපව  හිටපු චරිත දෙකකුත් ඒ සමඟ නැති වෙලා තියෙනවා. එතුමගේ  ජීවිතය ගැන කතා කරනවිට ඒ කාරණයත් අපි මතක තබා ගත යුතුයි.

අද ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මෙහෙම  ජනාධිපතිවරණයක් කරන ගමන් තමයි ගාමිණී දිසානායක මහතා අපිට අහිමි වුණේ. මම එදා ඒ රැස්වීමක  කතා කරලා විවිහ මංගල්‍යයකට  සහභාගී වෙන්න ගියා. අපි  එතනින්  පිටව ගියාට පස්සේ තමයි මේ ශෝක ජනක පුවත මට ලැබුණේ.

ගාමිණී දිසානායක මහතා ගැන අපිට කරුණු ගණනාවක් කතා කරන්න පුලුවන්.  අද මේ රටේ ජනතාව හාල් වලින් ස්වයංපෝෂිත වෙලා  ඉන්නව නම් ඒ ස්වයංපෝෂිත  වෙලා ඉන්නේ ගාමිණී දිසානායක  ආරම්භ කරපු මහවැලි ක‍්‍රමයෙන් කියලා මම කියන්න කැමතියි. මහවැලි ක‍්‍රමය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වුනාට පස්සේ අපි 2004 දී හාල් වලින් ස්වයංපෝෂිත වුණා.

මහවැලිය මේ  කාල සීමාව තුළ ඉදිකළේ නැත්නම්  අපිට අද මෙහෙම සහල් ලැබෙන්නේ නැහැ. මම  හිතන්නේ සිංහල රජකාලේ එක රජකෙනෙක්වත්  මෙහෙම විහාල ව්‍යාපාරයක් සිදු කළේ නැහැ.  මේ මහා ව්‍යාපාරය සැලසුම්  කලාට වඩා අඩු කාලයකින් සිදු කිරීමට එතුමන් සමත් වුණා.

අද මේ රටේ දියුණුවක් තියෙනවනම්, බලශක්තිය  විදුලි බලය තියෙනවනම් ඒ විදුලි බලය තියෙන්නේ එදා  ගාමිණී දිසානායක මහතා ඉදිකළ ඒ ජලාශ වලින්  ලැබුණු විදුලි බලයෙන්. කොත්මලේ,  වික්ටෝරියා, රන්දෙණිගල,  රන්ටැඹේ, මාදුරු ඔය, උල්හිටිය, රත්හිඳ,  ලුණුගම්වෙහෙර වගේම  සමනල වැවත් ඉදිකළේ ගාමිණී දිසානායක මහතා යටතේ පැවති ඒ අමාත්‍යාංශය මගින්.

ඇත්ත වශයෙන්ම  ඒ කාලයේ විදුලි බලාගාර නමයක් ඉදිකළා.  අද අවුරුදු නමයක් යනවා එක විදුලි බලාගාරයක්  ඉදිකරන්න. මේ එකකින්වත් පරිසර දුෂණයක් සිදුවුණේ නැහැ. මේ ලාබෙට  ලැබුණු විදුලි බලය නිසා තමයි පේ‍්‍රමදාස  ආණ්ඩුවේදී එතුමා සමඟ මට කර්මාන්ත ඇමති හැටියට මේ රටේ කර්මාන්ත කරණය  කරන්න ලැබුණේ.

අපි කර්මාන්ත ශාලා  ආරම්භ කළා.  ඒ අවස්ථාවේදී පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත  200ක් දැම්මා,  කණ්ඩලම වගේ හෝටල් දැම්මා. මේ සියල්ලම කළේ මහවැලියෙන්  ලැබුණු විදුලි බලය නිසා කියලා මම කියන්න කැමතියයි.  ඒ විදුලි බලය තිබුණ නිසා යුද්ධයකට මුහුණ දෙන්නත් අපිට හැකියාව  ලැබුණා.

අද අපි ක‍්‍රිකට් ගහලා ලෝක ශූරයන්  බවට පත්වුනේ ගාමිණී දිසානායක මහතා නිසා කියලා මම කියන්න කැමතියි. 

ගාමිණී දිසානායක මහතා ඇති කරපු මහවැලි ව්‍යාපාරයෙන් අපි  සහල් වලින් ස්වයංපෝෂිත වුණා. ඒ විදුලි බල වැඩසටහන් වලින් මේ රටේ  බල ශක්තිය ඇති වෙලා අපි දියුණු රටක් බවට පත්වුණා.  එතුමා ආරම්භ කළ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන්  අපි ලෝක ශූරයන් බවට පත් වුණා.

ඒත්  ආපහු එතෙන්ට යන්න තව ටික කාලයක් යනවා කියලා මම කියන්න කැමතියි. එතුමා ගත්ත ක‍්‍රියා මාර්ග තුනෙන් දෙකක්  අපි හොදට ආරක්ෂා කරලා තියෙනවා.  ඉතුරු එකත් ආරකෂා කරලා ඒ තැනට යන්න වුවමනායි කියලා මම කියන්න කැමතියි.

ගාමිණී දිසානායක මහතාට හැම  වෙලාවෙම යම් කිසි අදහසක් තිබුණා.  මොකක්ද අපි කරන්නේ, කොහොමද ඉදිරියට යන්නේ. ඔහුගේ  ඒ අලුත් අදහස් එක්ක තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වුණේ.  එතුමා  ඕනම කාලයක නායකත්වය  අරගන්න ලෑස්ති වුණා.  හරි හෝ වැරදි හෝ තීරණයක් එතුමන්ට තිබුණා.

හැම  එකකටම ඔයා ගිහින් කතා කරන්නේ ඇයි? මම සමහර විට ගාමිණීට කිව්වා. ඒත් එහෙම තමයි එතුමගේ චරිතය. ඒ තිබුණ ශක්තිය නිසා තමයි මේ මහවැලි ව්‍යාපාරය  ශක්තිමත් වුණේ.

ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට ඇමතිවරු ගණනාවක් හිටියා. ඒත් මේ වැඩකටයුත්ත  කරන්න පුලුවන් එක පුද්ගලයයි  හිටියේ.  ඒ පුද්ගලයාට මේක භාර දුන්නා. ඒ වැඩේ ඒ විදයටම  සිදුවුණා.

ගාමිණී දිසානායක මහතා දේශපාලඥයෙක් හැටියට  නෙමෙයි මේ රටේ ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙක් විදියට  අපි මතක තබා ගත යුතුයි.

ඒ වගේම  එතුමා  උත්සාහ කරලා  ඉදිරිපත් කළ 13 වන  සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ක‍්‍රියාතත්මක කරනවා නම් අපේ තියෙන ජාතික ප‍්‍රශ්න, සංහිඳියා ප‍්‍රශ්නත් විසදෙනවා.  රටේ ඒකීය භාවය ආරක්ෂා කරලා  ඒ තුලින් බලය බෙදන්න තමයි එදා ඒ තීරණය අරගෙන අපිට අවාසි වී තිබුණ යුද්ධයක් අනික් පැත්තට හරවන්න එතුමන්ට හැකි වුණේ.

මේ කරුණු  ගැන අපි සිහි තබා ගත යුතුයි. මේවා රටේ ඉතිහාසය වෙනස්  කළ කරුණුයි. එතුමන් නිසා මේ රටේ ඉතිහාසය වෙනස් වුණා.  ආර්ථිකයෙන්, කෘෂිකර්මයෙන්, දේශපාලනයෙන්  සහ ක‍්‍රීඩාවෙන්  මේ රටේ ඉතිහාසය  එතුමන් වෙනස් කළා.

රට වෙනුවෙන් ගාමිණී දිසානායක මහතා සිදු කළ මේ ක‍්‍රියාමාර්ග මතක් කරමින්  ඔහුට නිවන් සැප ලැබේවා කියා මා ප‍්‍රර්ථනා කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (2)

‘‘ගාමිණි දිසානායක කැපවීම සියලු දේශපාලඥයන්ට ආදර්ශයක්‘‘

td Thursday, 24 October 2019 10:38 PM

පසුගියදා සජිත් ප්‍රේමදාස අපේක්ෂයක කරන්දෙනියේදී කියා සිටියේ විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයනට විශ්‍රාම වැටුපක් (සේවකයා සහ රජය සහභාගිත්වයෙන් වසර 63 හෝ 65හෙන් පසු ) ලබාදීමට කටයුතු කරන බවය. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පමණක් සිමා නොකොට ලංකාව තුල ත්‍රීවීල් රියදුරන්ගේ සිට ඔවුන්ගේම රැකියාවන් වල නියුතු ඇති බහුතරයක් මෙයට දායක කරගැනීමට රජය කටයුතු කළ හැකි නම් එය ඉතාම වටිනේය. ඔවුන්ගේම ව්‍යාපාර කරන තරුණ තරුණියන මේ සදහා උනන්දු වනවා ඇත. විශ්‍රාම වැටුපක් යනු ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනයක් නිසා මෙය මෙය ලබාදීමට හැකියාවක් ( වසර දෙකක් තුළ ක්‍රමවේදය සකසා) සොයාබැලීම වටිනේය විශේෂයෙන්ම කාන්තවන් මෙයට විශාල කැමැත්තක් දක්වනු නොඅනුමානය. සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සුවිශේසී (මින්පෙර රාජ්‍යයන් විසින් ක්‍රියාත්මක නොකළ ) විශ්‍රාම වැටුප ක්‍රමය ඇතුලත් කොට ලංකාවේ සියලු නිවාස වලට ලබාදිය යුතුය. මැතිවරණයට දින 10ක පමන සිට සෑම වේදිකාවක සහ මාධ්‍ය සකච්ඡාවක් තුළින් ප්‍රසිද්දියක් ලබාදිය යුතුය. විශ්‍රාම වැටුප වටිනාකම ඉතා ඉහළය, ලංකාවේ කසාදයක් කිරීමට පෙර තවමත් විශ්‍රාම වැටුපට ඉහල අගයක් ලැබේ

:       0       8

Bamunuarachchi Sunday, 27 October 2019 10:08 AM

එ්ක අපි දන්නවා.. නමුත් ඔයාලා මේ අවුරුදු 5ම බැංකු කඩලා ගාමිණි දිසානායක කැපවීම උගස් කරලාද දැන් බලයට එන්න හදන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6173 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site