IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘ගෙඹි දේශපාලනය තුරන් කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී පැවසීය.

ඇතැම් පිරිස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වන බවත් ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළෙ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර පොතුවිල් සහ සමන්තුරේ ප්‍රදේශවල පැවති ජනාමුවලදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

බියර් පර්මිට් වයින් ස්ටෝස්වලට පගාවට සල්ලිවලට ජනතා වරම විකුණා දැමු පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීමට පවතින නීති ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

අප රට නිදහස් රටක් වුවත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී ඇති සියලු ම ජනතාව එකට එකතු අවස්ථාව සැප්තැම්බර් 21 නිර්මාණය වන බවත් එකමුතුභාවයෙන් ජාතික සමගියෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වයෙන් එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික මර උගුලක පැටලී ජනතාව විනාශයකට ලක්ව ඇති තීරණාතමක අවධියේ රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනය ඇති දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සතු නිසා විශාල වැඩකොටසක් සිදු කළ හැකි බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කිරි ගොවියන්ට අවශ්‍ය තෘණ භූමි ලබා දීම ඇතුළු ජනතාවගෙ ඉඩම් ගැ⁣ටලුවට විසදුම් ලබා දීම සදහා ජනාධිපති ඉඩම් කාරක සභාවක් ඇති කර ඒ හරහා ලංකාවෙම ඉඩම් ගැටලුවට තිරසර විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනික් දිස්ත්‍රික්කවල ජනතාවට හානි නොවන ආකාරයට හැඩ ඔය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය කර ඉඩම් නොමැති ජනතාවට ඉඩම ලබා දී නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දී නැවත වරක් ගම් උදා යුගය බිහි කරන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව දුප්පත්කමින් මුදවා ගන්න සමෘද්ධිය ජනසවිය අස්වැසුම ආදී වැඩසටහන් හි හොද ගුණාංග එක් කර නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් ඒ යටතේ මාස 24 ක් තුළ මාස්පතා රු.20000 බැගින් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පලස්තීන ජනතාව වෙනුවෙන් තමා පෙනී සිටිනවා සේම ආදාහන භුමදාන ගැටලුවේදී මුස්ලම් ජනතාවට බලපෑම් කළ සියලු දෙනාට වන්දි ගෙවන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මජුබර් රහුමාන්, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (29)

‘‘ගෙඹි දේශපාලනය තුරන් කරනවා‘‘

රංජිත් Wednesday, 28 August 2024 11:51 AM

මොනවත් කියන්නවත් හිතෙන්නේ නෑ පව් බං සජිත්...

:       2       65

Kumara Wednesday, 28 August 2024 11:53 AM

ගෙම්බෝ ඔක්කොම එයා ළඟ...

:       1       66

Sanath Wednesday, 28 August 2024 11:54 AM

ගෙම්බෝ වට කරගෙන කියන්නේ...

:       1       63

මහසෙන් Wednesday, 28 August 2024 11:59 AM

එතකොට මෙයා ළඟට ඇවිත් ඉන්නේ ඉබ්බෝ වෙන්න ඇති. සුපුරුදු ලෙස ජනාධිපතිවරණය ළං වෙද්දී තව රස කතා කියන්න. දවසට එක ගානේ. හී හී. ඔයා ජනපති වෙන් නෑ.. ඒක අනිවාර්යයි...

:       1       58

Tikiri Wednesday, 28 August 2024 12:00 PM

ඒක ඔහේට ඉස්සරවෙලා හරිනි සහෝදරී මෙනෙවිය කිව්වා කියලා මතකයි. උන්නැහේ අනුන් කියපු දේ කියන්න ලැජ්ජාවක් නැද්ද?

:       3       42

Mangala Wednesday, 28 August 2024 12:01 PM

බොරු බයිලා ගහන්න එපා. වැඩිපුරම ගෙම්බෝ ඉන්නේ ඔයා ළඟ සජිත් මහත්තයෝ.

:       2       51

මැක්ස් Wednesday, 28 August 2024 12:05 PM

මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ සජිත් මහතා අසලින් වාඩිවී සිටින්නේ ද නොම්මර එකේ ගෙම්බන් දෙදෙනෙක් වීමයි. එසේම, එතුමා මේ කරන්නේ හීන්සීරුවේ ඩලස්, ජී. එල්., දයාසිරි වැනි ගෙම්බන්ටත් ටොක්ක ඇනීමද?

:       2       48

සෙනෙවිරත්න Wednesday, 28 August 2024 12:06 PM

ගෙම්බෝ ටිකක් වටකරගෙන මේ වැදි බණ දෙසා බාන්නේ කාටද? අනුර කුමාර කියන සේරම ඔයා කියන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. මිනිස්සු හිනාවෙනවා. රටේ බුද්ධිමත් ජනතාව තමුන්ගෙන් ඈත්වෙනවා...

:       3       45

සෙනෙවිරත්න Wednesday, 28 August 2024 12:07 PM

නාලක ගොඩහේවා ඇතුළු කණ්ඩායම ගැන අමතක වෙන්න තරම් සිහි කල්පනාවක් නැද්ද මේ අපේක්ෂක තුමාට?

:       3       42

පිටරටවැසියා Wednesday, 28 August 2024 12:12 PM

ඔය මුල් පින්තුරේ, දකුණු පැත්තේ ඉන්න දෙන්නා කී පාරක් ගෙම්බෝ වගේ පැත්ත මාරුකරලා ඇමැතිකම් දැරුවාද කියලා කාටත් ඇහෙන්නේ නැතිවෙන්න අහගන්න...!

:       2       47

Perera Wednesday, 28 August 2024 12:46 PM

මෙයා ගාව පැනපු ගෙම්බන් කී දෙනෙක් ඉන්නවද කියලා මෙයාටත් මතක නැහැ වගේ...!

:       1       35

අරවින්ද මොනරවිල Wednesday, 28 August 2024 01:04 PM

කවුරු හරි මෙයාව ඉක්මනටම මානසික වෛද්‍යවරයෙක් ගාවට අරන් යන්න අයියෝ...

:       1       37

Pradeep Kumara Wednesday, 28 August 2024 01:19 PM

කියන්නේ එකක්, කරන්නේ තවත් දෙයක්. පැනපු ටික වටකරගෙනම ඒක කියන එකයි ආතල්ම වැඩේ. දැන්නම් හොඳටම ට්‍රැක්...!

:       1       34

fairoos Wednesday, 28 August 2024 01:52 PM

මාලිමාවට ජය වේවා

:       10       23

Athul Rathnayake Wednesday, 28 August 2024 02:17 PM

ජාතික ජන බලවේගය කරන කියන ඒවාම සජිතුත් කරන්න ගිහිල්ලා අනාගෙන ඉන්නේ. කාන්තා සමුළු, රණවිරු සමුළු වගේ ඒවා. ජාජබ රුපියල් 10000/= දෙනවා කිව්වාම සජිත් 20000/= දෙනවාලු. අනුර සුළං බලයෙන් විදුලිය ගැන කිව්වාම, සුජීව සේනසිංහ ඒකම කියන්න ගිහිල්ලා අනාගත්තා...

:       2       32

WiyekonWednesday, 28 August 2024 05:54 PM

ඉස්සර නම් දරුවන්ට ජනකතා කියලා දෙනවා... දැන් නම් එහෙම නැහැ ඉතින් එක් කතාවක් තියෙනවා. ගමරාළ සිල් ගත්තු හැටි කියලා දැන් නම් සජිත් හා ගෝලයෝ රොත්තම එදා සිල්ගත් ගමරාළ වගේම අනුරයියා කියන කියන දේ කියවන්න අරගෙන කියලා පේනවා...

:       0       10

ගමේ එකාලා Wednesday, 28 August 2024 03:43 PM

තමුන් කටින් බතල හිටුවන එකයි කරන්නේ, ළඟටම වෙලා ඉන්නේත් එහෙට මෙහෙට පැනපු අය තමයි...?

:       0       10

Nimal Wednesday, 28 August 2024 03:46 PM

ඔයාගාව ඉන්නේ ගෙම්බෝ නොවේද?

:       0       11

Priyantha Dissanayake Wednesday, 28 August 2024 04:21 PM

තුණුරුවන් සරණින් ඔබතුමාට පුළුවන් මේ රට ගොඩගන්න. ඒ සඳහා නිස්සරණාධ්‍යාසය, ඕනෑකම, කැපවීම, දැක්ම වගේම පලපුරුද්ද තිබෙනවා. ඒ ටිකට JR, R.ප්‍රේමදාස, ගාමිණී දිසානායක , ලලිත් ඇතුලත් මුදලි වගේ කෘතහස්ථ දේශපාලඥයින්ගේ යහපත් ගුණාංග ටික එකතු කරගත්තාම සහ සැබෑ බෞද්ධ නායකයකු සතු වගකීම හරි ආකාරයෙන් තේරුම්ගෙන ක්‍රියාකරන ඔබතුමාට සිංහල, දෙමළ, මුස්ලිම්... සියලුම දෙනාගේ සහ වගේම තුණුරුවනේ ආශිර්වාදය වගේම හැමෝටම නොලැබෙන සම්ම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය උපකාරය ලැබෙනවා...

:       16       2

Nandana Wednesday, 28 August 2024 05:45 PM

ගෙම්බන්ට අපහාස කරන්න එපා... සත්ව හිංසනය යටතේ නඩු...

:       0       13

Rohana Wednesday, 28 August 2024 06:05 PM

සජිත් මහතා කියන්නේ ආපු ගෙම්බෝටික තියාගෙන මීට පස්සේ ගෙම්බන්ට එන්න නොදෙන එක වෙන්න ඇති...!

:       0       12

chandima Wednesday, 28 August 2024 07:15 PM

ඒ කියන්නේ සමගි ජන සංධානයේ ඔක්කොම වහ බොන්න යනවාද?

:       0       11

Mangala Wednesday, 28 August 2024 07:56 PM

ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට ඡන්දයක් එනවා කියන්නේ ඉතින් අවුරුදු වගේ කාලා බීලා හැම රැළියකට යනවා නිකන් බොරුවට ඔලු ගෙඩි පෙන්නලා වැඩක් නෑ... හරිම ප්‍රතිඵල සැප්තැම්බර් 21 තමයි බලන්න වෙන්නේ

:       0       1

Ishan Wednesday, 28 August 2024 08:38 PM

මේ කථාව හෙන ආතල්...

:       0       1

තර්ස්ත මාෂල් Wednesday, 28 August 2024 10:03 PM

මෙයා මරුසිරා එක්ක එකතුවෙලා කලේ ගෙම්බෝ පනිනවාට වැඩිය මරුගොසු වැඩක්නේ... නායකයාව එළවලා ඇත්ගොව්වා වෙන්න හැදුවේ... මෝඩකම කියන්නේ ඒ වෙලාවේ ලණුව කාලා පක්ෂයත් දෙකට කැඩුවා. හරි නුවණක්කාර වැඩේ කියලාද හිතුවේ... දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් බේරෙන්න කාටවත් බැහැ. ළඟදීම ඵලවිපාක ලැබෙයි ස්වභාව ධර්මයෙන්...

:       0       0

Asela Thursday, 29 August 2024 06:22 AM

අනේ යන්න සජියෝ යන්න. ඔහේ හිතාගෙන ඉන්නේ රටේ ජනතාව මෝඩයි කියලාද? මෙයා හදන්නේ අපිව අතින් අල්ලාගෙන කඩේ එක්කගෙන යන්න. ඒ බොලෑගේ තාත්තාගේ කාලේ....!

:       0       0

ජනරළ Thursday, 29 August 2024 03:36 PM

ඕන්න ඕන්න මේ අදත්, ඔව් මේ අදත් උණු උණුවෙම පොහොට්ටුවේ හිටපු හෙන දාර හැල ගෙම්බෙක් මේ පැත්තට පැනලා. තාම දුමත් දානවා. අන්න මරික්කාරුයි මෙයයි මිනිහා එක්ක හරි ලව් එකකින් කදේ දාගෙන ඉන්නවා ලස්සනට පින්තුරෙකුත් තියෙනවා. මෙතන ඇවිල්ල ගෙඹි දේසපාලනේ තුරන් කරනවලු. හනේද බොල කිව්වලු.

:       0       3

Raman Thursday, 29 August 2024 07:31 PM

පොහොට්ටුව එක්ක හිටපු ජගත් කුමාර එහෙනම් පනින්නේ නැතුව බඩගාගෙන එන්න ඇත්තේ.

:       0       0

දහනායක Friday, 30 August 2024 08:15 AM

28 වෙනිදා මෙහෙම කියලා 29 වෙනිදා තවත් ගෙම්බෝ කීපයක් අල්ලාගෙන තියෙනවා. ලැජ්ජාවක් කියලා එකක් ඇත්තේම නැද්ද මහත්තයෝ... ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා නේද? ඉතින් කියන්නේ එකක්, කොරන්නේ එකක් ජනාධිපති වෙලා මොන විකාරයක් නටයිද මන්දා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 6241 35

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 4850 23

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 10304 24

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 889 6

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 514 9

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 1110 12

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18458 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site