IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ග්‍රාමීය - නාගරික වැඩසටහන් ඔස්සේ නිවාස හැදීමේ විශාල වැඩපිළිවෙළක් හදනවා

(නිමල කොඩිතුවක්කු)

“ග්‍රාමීය මෙන්ම නාගරික වැඩසටහන් මගින්  නිවාස ඉදිකිරීම සදහා රට තුළ විශාල වැඩපිළිවළක් ක්‍රියාත්මක බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.

‘මෙමගින් නිවාස ප්‍රශ්නය විසඳීමට මෙන්ම  ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීමටත් හැකියාව ලැබෙන්නේ යයි’ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. 
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය - 2018 සමාරම්භක අවස්ථාවට එක්වෙමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරට සහභාගී වන සමාගම් මුණගැහිලා ඒ අධිවේගී මාර්ගයේ ප්‍රගතිය බලන්න ළඟදි දවසක මට අවස්ථාවක් ලැබුණා. ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගයක් ඉදිකරන්න භාරගෙන අද එම කටයුතු සාර්ථකව කරගෙන යනවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කටයුතු කරන සමාගම් නියෝජිතයන් හමුවීමට මෙන්ම එහි ප්‍රගතිය සොයා බැලීමට මෑතකදී මට අවස්ථාව ලැබුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු කිරීම පිළිබඳ මා ඉතා ආඩම්බර වෙනවා. ඒවගේම දෙවැනි අදියරේ වැඩ කලට වේලාවට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

වසර ගණනාවක් විදේශීය ඉදිකිරීම් සමාගම් සමග සම්බන්ධ වී ක්‍රියා කළ නිසා ලංකාවේ අපට මේ කටයුතු කිරීමට ශක්තිය මෙන්ම හැකියාව තිබෙනවා. මේ දියුණුව ඉදිරියට ගෙනයාම සඳහා පහසුකම් සැලසිය යුතුයි.

ආර්ථික දියුණුවත් සමග අධිවේගී මාර්ග පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ඉදිකිරීම් කෙරෙනවා. මේ නිසා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය වෙනවා.

ඊළඟ දශකය තුළ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු මීට වඩා දියුණු කරමින් එහි වැඩි ප්‍රගතියක් ප්‍රතිශතයක් ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට ක්‍රියා කරනවා.

මෙහිදී අපේ අවධානය තවත් ක්ෂේත්‍රයක් වෙත යොමු වෙනවා. ඒ නිවාස ඉදිකිරීම් සම්බන්ධවයි. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තම පියා ආරම්භ කළ ග්‍රාමීය නිවාස වැඩසටහන මේ වන විට ඉදිරියට ගෙනයමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව ගමට පමණක් සීමා වී නැහැ. ගමෙන් තව ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා අපි ග්‍රාමීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

නමුත් යුද්ධය නිසා විනාශ වූ ප්‍රදේශ තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාවගේ ඉල්ලීම් ද තිබෙනවා. නාගරිකරණය මෙන්ම අර්ධ නාගරීකරණයද ශීඝ්‍රයෙන් වෙනවා. ඒ නිසා අවට ඉඩම් කුඩා කැබලිවලට වෙන් වෙනවා. එය ගැටලුවක් වෙලා.

කෙසේ හෝ නාගරික ඉදිකිරීම්වලට ප්‍රමුඛත්වය දීමටත් අප ක්‍රියා කරනවා. ඒ සඳහා මහ නගරය තුළ අඩු ආදායම්ලාභීන් යළි පදිංචිකිරීමේ වැඩසටහන වේගවත් කර ඒ සඳහා අවශ්‍ය මුදල් දීමට ක්‍රියා කරනවා. ඒ යටතේ විශාල සංඛ්‍යාවකට නිවාස දීම මගේ බලාපොරොත්තුවයි.

ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට රජයේ මුදල්වලට අමතරව ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවෙන් (්ෂඊ) ඩොලර් මිලියන 200 ක් ගෙන තිබෙනවා. ඒ සඳහා අපේ ඉදිකිරීම් ආයතන සහභාගි කර ගනිමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
මේ සමගම උතුරු ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අපි විශාල මුදලක් දුන්නා. එහි සමහර ස්ථානවල යම් ප්‍රමාද සිදුවෙලා. මේ වන විට ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොටසකට මුදල් දීලා. ඉදිරියේදී ඉතිරි කොටසට ද ඉක්මනින් දීමට කටයුතු කරනවා.

යුද්ධය නිමාවී මේ වන විට වසර 10 ක් ගතවී තිබෙනවා. එහිදී නිවාස අහිමිවූවන්ට මේ යටතේ නිවාස දීම අපේ බලාපොරොත්තුවයි.

ඊළඟ පියවර වන්නේ වතුකරයේ ජනතාවට නිවාස දීමයි. වතුකරයේ සේවය කරන ජනතාවට ඉඩම් නැහැ. නිවාස ද නැහැ. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ඉන්දීය අගමැති මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ වතුකරයේ ජනතාවට නිවාස සහ ඉඩම් වෙනුවෙන් මුදල් දීමට එකඟතාව පළ කළා. දැන් ඒ වැඩකටයුතු ආරම්භ කෙරෙනවා.
වැවිලි සමාගම් සමග සාකච්ඡා කර ඉඩම් ගැනීමටත්, එසේ ඉඩම් නොලැබෙන ප්‍රදේශවලට රජයෙන් ඉඩම් දීමටත් දැන් ක්‍රියා කරගෙන යනවා. ඒ සමගම නැවත මධ්‍යම පාන්තිකයින් සඳහා නිවාස ණය දීමේ වැඩසටහන අප ආරම්භ කළා.

දැන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය මුදල් දීමට ක්‍රියා කරනවා. දැනට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් එහි කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා.

මේ ආකාරයට ග්‍රාමීය පමණක් නොව විශාල නාගරික වැඩසටහන් මගින් නාගරික ජනතාවට නිවාස දීමටත්, වතුකරයේ ජනතාවට නිවාස දීමටත් ක්‍රියා කරනවා. ඒ තුළින් රටේ නිවාස ප්‍රශ්නය විසඳීමටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. 

ඒ සමගම අද කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ඉල්ලීමක් වන්නේ මිනිස් බලයයි. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඒ ප්‍රශ්නය විසඳීමට අපේක්ෂා කරනවා.

අද ඉතා වැදගත් දිනයක් බව මෙහිදී මා මතක් කළ යුතුයි. ත්‍රස්තවාදය පරාජය කර, යුද්ධය අවසන් කර සාමය ළඟාකර ගැනීමට කැපවූ සියලු රණවිරුවන් සිහිපත් කරනවා. ඒවාගේම යුද්ධය නිසා ජීවිත අහිමිවූ අහිංසක ජනතාව ද මේ අවස්ථාවේ සිහිපත් කරනවා” යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. 

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 

“රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව  සාක්ෂාත් කිරීම උදෙසා රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් මේ අවස්ථාවේ සිහිකළ යුතුයි. ඔවුන් සිය ඇස්, ලේ, ඇට, නහර දන්දී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළ නිර්මල සේවයට අපේ ගෞරවය පුදකර සිටිනවා. 

තිස් වසරක යුද්ධය අවසන් කිරීමට දිවි පරදුවට තැබූ වීරෝදාර රණවිරුවන් සදාකල් වැජඹේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. රණවිරු පවුල්වල  අනාගතය අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු දෙනා දිවිහිමියෙන් ඇප කැප වෙනවා. සෑම රණවිරුවකුගේම අනාගතය යහ පාලන රජය යටතේ සුරක්ෂිතයි කියා අප කියනවා.

ප්‍රදර්ශනය සංවිධානය කළ දේශීය මෙන්ම විදේශීය කර්මාන්තකරුවන්ට ස්තූතිවන්ත වෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නවමු වැඩපිළිවළක් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. මේ ක්ෂේත්‍රයේ සිටින පිරිස් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීමට වෙනවා.

කර්මාන්තය සඳහා ශ්‍රමිකයන්ගේ අඩුපාඩු පිළිබඳ කියැවුණා. ඒ සඳහා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන එක යෝග්‍ය නැහැ. එය දිගු කාලීන විසඳුම නොවෙයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා වන නව ප්‍රතිපත්තිය අප හඳුන්වාදී තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපාන නීති වෙනස් කිරීමට කටයුතු කරනවා”

මේ අවස්ථාව සඳහා මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රන්ජිත් ගුණතිලක, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් සහ  ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිස එක්ව සිටියහ.

 



අදහස් (2)

ග්‍රාමීය - නාගරික වැඩසටහන් ඔස්සේ නිවාස හැදීමේ විශාල වැඩපිළිවෙළක් හදනවා

Bamunuarachchi Monday, 21 May 2018 07:37 AM

මහජනයාට බදු ගසා ගෙවල් හදනවා තවත් කොටස්වලට පිනට දෙන්න එ්මදිවාට අපිට වියදම් කර ගෙයක් හදා ගන්න බැහැ වැලි ටික ගිනි ගණන්වලට රජය ගන්න නිසා. අපි වැඩිපුර බදු ගෙවන්නේ සමුර්දියට සහ පින් ගෙවල් දීමට. මේවා පුදුම ආණ්ඩුනේ. මහජන මුදලින් ගෙවල් හදල දේශපාලකයන්ගේ උපන්දිනවලදී ගෙවල් බෙදනවා හරියට උන්ගේ අම්මගේ අප්පාගේ සල්ලිවලින් කලාවගේ. ඔච්චර දියුණු අමරිකාව‍ෙත් නැහැ මිනිසුන්ට බදු ගසා ගෙවල් හදලා පිනට දෙන්නේ.

:       159       39

Raveendra Monday, 21 May 2018 03:49 PM

සූත්තර පුංචා කොහොමත් හරිම දක්ෂයි තමන්ගේ මුදල් වගේ මහජන මුදල්වලින් පින් අතේ වැඩ කරන්න. බෝඩ් ලෑලිවල "පතරංග ජාතක " අකුරුවලින් නම ගම ලියලා ප්‍රසිද්ධ වෙන්න. මෙය "මානසික ලෙඩක්"... දියවන්නා ඔයේ අම්බරුවන් ඔක්කෝටමත් අඩු වැඩි සහිතව මේ ලෙඩේ තියෙනවා.

:       49       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6296 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site