IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“ගිවිසුම් වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි“

(නාලක සංජීව දහනායක)

යුධ සමයේදී මෙරට මානව හිමිකම් කඩවූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිනොගන්නාමුත් එම සංවිධානය සමග ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (15) පැවැසීය.

වත්මන් ආණ්ඩුවේ හා තම පක්‍ෂයේ ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් යැයිද ඔහු කීය.

කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරු පිළිතුරු දුන්හ.

ප්‍රශ්නය - සුළු පක්‍ෂ ඔබට සහය දෙන්නේ යම් යම් කොන්දේසිවලට එකඟවූ නිසාද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - ඒ නායකයන් සමග සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට අපි විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාමාර්ගවලට ඔවුන් එකඟවුණා. විශේෂයෙන්ම වතුකරයේ හා උතුරු නැගෙනහිර පළාත්වල තරුණ පරපුරේ අධ්‍යාපනය දියුණු කිරීමට, ඔවුන්ට රැකියා අවස්ථාවන් ලබාදීම වෙනුවෙන් මම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙළට තොණ්ඩමාන්, ඩග්ලස් දේවානන්ද වැනි මන්ත්‍රීවරුන් කැමැත්ත පළකළා. අපි ඒ නායකයන් සමග එකතුවුණේ ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑවටම විසඳුම් ලබාදීමේ අරමුණ ඇතුවයි. මේ හුඟාක් ප්‍රශ්න ඒ පළාත්වලට විතරක් නෙවෙයි රටේ අනෙකුත් පළාත්වලටත් බලපානවා.

ප්‍රශ්නය - යුද්ධය මෙහෙයවූයේ ඔබද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - මම ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළා. මමවත්, ජනාධිපතිවරයාවත් යුද්ධය මෙහෙයවූයේ නැහැ. යුද්ධය මෙහෙයවූයේ යුද්ධ හමුදාපතිවරයායි.

ප්‍රශ්නය -  ඔබ ජනාධිපතිධුරයට පත්වූ වහාම දැනට සිරගත කර සිටින සෙබළුන් නිදහස් කරන බව කිව්වා. එහෙම කරන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - යුධ හමුදා සෙබළුන් බොහෝ දෙනෙක් සිරගතව ඉන්නේ දේශපාලන හේතු මතයි. ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණ නොවන බවත් අරලියගහ මන්දිරයේ තීන්දු තීරණ බවත් එම දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා. බොහොමයක් යුධ හමුදා සෙබළුන් සිරබාරයේ ඉන්නේ අධිකරණය තුළ නිසි දඬුවමකට යටත්වෙන්නේ නැතුවයි. ඔවුන්ට නිදහස ලබාදිය යුතුයි.

ප්‍රශ්නය - යුධ සමයේදී හමුදාවට බාරවූ උතුරේ වැසියන්ට සිදුවූයේ කුමක්ද කියල ඔවුන්ගේ ඥාතීන් විමසනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - යුද හමුදාවට බාරවූ තිස් දහසකට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කරලා යළි සමාජ ගත කළා. ලෝකයේ කිසිම රටක එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැහැ. බාරවූ ඇතැම් අය  පුනරුත්ථාපනය වෙලා අවුරුද්දෙන් දෙකෙන් නිදහස් වුණා. එය ඉතාම සාර්ථක වැඩ පිළිවෙළක්.

ප්‍රශ්නය - හමුදාවට බාරවූ අය හැර උතුරේදී අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙනුත් ඥාතීන් ප්‍රශ්න කරනවා?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - අතුරුදන්වූ පුද්ගලයන් හා යටත්වූ පුද්ගලයන් කියන්නේ කොටස් දෙකක්. යුධ සමයේදී රණවිරුවන් විශාල පිරිසක් අතුරුදන් වුණා. ඇතැම් අයට තමන්ගේ ඥාතීන්ගේ මළසිරුරු හමුවුණා. රණවිරුවන් විශාල පිරිසක් අතුරුදන් වුණා.

ප්‍රශ්නය - මේ වනවිට රටේ ණය බර විශාල වශයෙන් වැඩිවෙලා තිබෙනවා. විශාල ණයක් ගෙවමින් ඔබගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මුදල් හොයාගන්නේ කොහොමද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - 2005දී මම යුද්ධය පටන්ගන්න කොටත් සමහරු මගෙන් ඔය කතාව ඇහැව්වා. වැඩ කරන්න සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි.

ප්‍රශ්නය - තමන්ගේ ඡන්ද නැතුව ජනාධිපතිවරණය ජයගන්න බැරිබව ආර්.සම්බන්දන් මහතා කියනවා. ඔවුන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවාද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - ඔවුන් සමඟ පමණක් නෙවෙයි. අනෙකුත් පක්‍ෂ සමගත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරවිට සම්පන්දන් මහතා සමගත් සාකච්ඡා කරන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබගේ ජනපති අපේක්ෂකයා ධුරයට පත්වුවහොත් අතුරුදන්වූවන් පිළිබඳව හොයා බලනවද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - 2005 - 2014 කාලයේදී අතුරුදන්වූවායැයි කියන පුද්ගලයන් ගැන විතරක් නෙවෙයි 88 - 89 භීෂණ කාලයේදී සිටම අතුරුදන්වූ පුද්ගලයන් ගැනත් සෙවිය යුතුයි.

ප්‍රශ්නය - මේ වනවිට රට මුහුණදී සිටින අධික ණය ගෙවීම සම්බන්ධයෙන් ඔබට තිබෙන වැඩපිළිවෙල කුමක්ද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - 2005දී ඔය ප්‍රශ්නය මතුවුණා. නමුත් අපි ණය ගෙවමින් ආර්ථිකය ගොඩ දැම්මා. රටවල් සමග සාකච්ඡා කරලා ණය ගෙවන්න යම් කාලයක් අරගෙන ඒ අතරදී ආර්ථිකය සංවර්ධනය කරන්න අපිට පුළුවන් කම තිබෙනවා.

ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවට ගොඩවෙන්නේ නැත්තේ ඇයි?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - ඒක එතුමගේ පෞද්ගලික ප්‍රශ්නයක්.  මෙවර ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්‍ෂිකව ඉන්න බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී එම ප්‍රශ්නයටම පිළිතුරු දුන් එ.ජ.නි.ස මහලේකම් මහින්ද අමරවීර මහතා - පොලීසිය හා ආරක්‍ෂක හමුදාව තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේයි. ඒ නිසා මේ මැතිවරණය ස්වාධීනව පැවැත්විය යුතු නිසා එතුමා නිර්පාක්‍ෂිකව ඉන්නවා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා ජනාධිපතිවරයාගේ පූර්ණ සහයෝගය හිමිවෙනවා.

ප්‍රශ්නය - නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙන බවට ඔබ කිව්වා. එහෙම කරන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - අපි ප්‍රශ්න දිහා බලන්න ඕන ඒ අවස්ථාව අනුවයි. මම පොරොන්දු දෙන්නේ බොරුවට නෙවෙයි. ආහාරවලින් ස්වයංපෝෂිත වෙන්නෙ කොහොමද කියල අපි හිතන්න ඕන. අද මැදපෙරදිග රටවලට ආසියානු රටවලින් ඇමරිකානු ඩොලර් බිලියන 162 එළවළු ආනයනය කරනවා. ඒ වැඩපිළිවෙළට අපි සම්බන්ධ වෙන්න ඕන.

අපේ මූලික පදනම වෙලා තියෙන්නේ මිනිසා මූලික කරගත් ප්‍රතිපත්තියක්. ගොවිණය නිසා ගොවියා පරම්පරා ගණනක ණයකරුවන් වී සිටිනවා. ඒ නිසා ගොවි ණය කපා හරින බව මම කිව්වා. මේවා නිකම්ම දෙන පොරොන්දු නෙවෙයි. මේ පොරොන්දු පිටුපස විශාල අරමුණක් තිබෙනවා.

ප්‍රශ්නය - වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ගැන වත්මන් රජය කතා කළා. ඒ සම්බන්ධයෙන් ඔබ එකතුවෙන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා අපි කාබනික පොහොර හඳුන්වා දෙනවා. පොහොර ගැහැව්වේ නැත්නම් අස්වැන්න අඩුවෙයි  කියලා ගොවියා බය වෙනවා. ඕගනික් ෆාම් සංකල්පය අද ලෝකයේ ජනප්‍රියයි. ඒ නිසා අපි කාබනික ගොවිතැනට ගොවියා හුරුකළ යුතුයි.
 
ප්‍රශ්නය - වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම්  ඔබ ජනාධිපතිධූරයට පත්වුවහොත් ඉදිරියටත් පවත්වාගෙන යනවද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - මම ඒ ගිවිසුම් ගැන දන්නේ නැහැ. ඒ ගිවිසුම්වලට අපි විරුද්ධයි. ඒ බව ප්‍රසිද්ධියේම කියල තියෙනවා. ආණ්ඩුවේ හා අපේ පක්‍ෂයේ මතවාදයන් සම්බන්ධයෙන් තිබෙන්නේ වෙනස් මතවාද. ඒ නිසා අපි ඒ ගිවිසුම් ප්‍රතික්‍ෂේප කරනවා. ඒත් අපි ඉදිරියටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කරනවා.

ප්‍රශ්නය - වතුකම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයිද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - මම ඒ සම්බන්ධයෙන් වතු සමාගම් සමග සාකච්ඡා කළා. කම්කරුවන්ට ජීවත්වීමට සරිලන මට්ටමේ වැටුපක් දෙන්න ඕන. හැමදාම ඔවුන් වත්තටම සිරනොකර ඔවුන්ගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට ගෙන ඒමට ක්‍රියා කරන්න ඕන.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔබගේ වේදිකාවට නගින විට ඔවුන්ට හූ කියනවා. ඔබ මේ ගැන හොයාබලා තිබෙනවාද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - ඒ වැඬේ නතර කිරීමට ක්‍රියාකරන ලෙස මන්ත්‍රීවරුන්ට අපි දැනුම්දී තිබෙනවා.
එම ප්‍රශ්නයටම පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා -  එකම කොටසක්  මේ ක්‍රියාව සිදුකරන බවට අපි දැනට හොයාගෙන තිබෙනවා. ඇතැම්විට හිටපු ජනාධිපතිනියත් මේ පිටුපස ඇති.

ප්‍රශ්නය -  ඔබගේ පාර්ශවයෙන් සියයට 50 වැඩි පිරිසක් තම පාර්ශවයට එකතු කරගන්නා බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියනවා?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - මොන පැත්තෙන් මොන පැත්තට එකතුවෙයිද කියලා බලාගෙන ඉන්න.
ප්‍රශ්නය - ඔබගේ ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ කවුද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා - ඒක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවුණ ප්‍රශ්නයක්.
එම ප්‍රශ්නයටම පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා -  19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය තිබුනේ  නැත්නම් ගෝඨාභය රාජපක්‍ෂ කෙනෙක් දේශපාලනයට එන්නේ නැහැ.  ඒ ව්‍යවස්ථාව අනුව අවබෝධයක් නැති දෙන්නෙකුට එකට වැඩ කරන්න බැහැ. ඒ අනුව හොඳම දෙන්න තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.

ප්‍රශ්නය - ඔබගේ පාලන කාලයේදී සුදු වෑන් සංස්කෘතියක් බිහිකළ බවට චෝදනාවක් තියෙනවා, ඒ ගැන මොකද කියන්නේ?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - මම එහෙම සංස්කෘතියක් ඇති කළේ නැහැ. 88, 89 යුගයේදී සුදු ලොරිවලින් තමයි මිනිස්සු පැහැරගෙන ගියේ. මාධ්‍යවේදීන් හෙලිකොප්ටර්වලින් ගෙනිහිල්ලා මුහුදට දැම්මා.  ඒවා අමතක කරලා අපිට අභූත චෝදනා කරනවා.

ප්‍රශ්නය - විවිධ කල්ලි සහ අන්තවාදී කණ්ඩායම් සමාජ මාධ්‍ය යොදාගනිමින් තරුණ කොටස් අතර වැරදි මතවාද ඇති කරන්න කටයුතු කරනවා. මේ ගැන ඔබ මොකද කරන්නේ?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - තරුණ කොටස් අසහනයට පත්වෙන්නේ පවතින රජයේ අසාර්ථක බව නිසයි. තරුණ පරපුරට සුදුසු වාතාවරණයක් අද රටේ නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමෙන් තරුණ අසහනය නැති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජීවත්වීමට සුදුසු වැටුපක් නොමැතිවීම නිසා අද තරුණ පරපුර අසහනයට පත්වෙලා ඉන්නවා.

ප්‍රශ්නය - මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සියලුම අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒමේ වැඩසටහනට ඔබ සහභාගි නොවුනේ ඇයි?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - විරුද්ධවාදීන් 10 දෙනෙක් ඉන්න තැනකට එක්කෙනෙක් ගෙනල්ල පහර ගහන එක සුදුසු නැහැ. මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන වියත්මග වැනි සංවිධාන හරහා කියලත් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා - ඒ සංවිධානය ස්වාධීන සංවිධානයක් නෙවෙයි. අපි ඒ වැඩසටහනට සම්බන්ධ නොවෙන බව පක්‍ෂයේ නායකයෝ ලිඛිතව දැනම්දුන්නා.

ප්‍රශ්නය - ඔබගේ රජයක් යටතේ මාධ්‍ය නිදහස අහිමිවෙන බවට මතයක් රටේ පැතිරෙනවා. ඒ ගැන මොකද කියන්නේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා - මම මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරනවා. ඔවුන් මාධ්‍ය නිදහස සුරකින බවට එක සහතිකයක් දෙනවිට මගේ රජයක් යටතේ මම මාධ්‍ය නිදහස සුරකින බවට ඔබට සහතික දෙකක් දෙනවා.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන්, ඊ.පී.ඩී.පී පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පක්‍ෂ නායකයෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

“ගිවිසුම් වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 571 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 783 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6317 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 732 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 276 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site