(ඉන්දික අරුණ කුමාර)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විනය පරික්ෂණ සිදුකිරිමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරි මහින්ද රාජපක්ෂ මහතාට විනය පරික්ෂණ පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න කීවාය.
නාඋල - බිබිල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සංවිධාන කර තිබූ ජන හමුවකට එක් වෙමින් ඇය මෙසේ පැවසුවාය.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරිම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගිය දා ගිවිසුමකට එළඹිනි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති වත්මන් විපක්ෂනායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාඋල දී පැවති ජනහමුවක දී පැවසුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් පක්ෂ නිර්මාණය කළ බවයි.
මෙම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය රැස්ව සිටි සිය පාක්ෂිකයින් අමතා කියා සිටියේ එක එක ලාංඡන අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූයේ මහින්ද රාජපක්ෂ මහතා බවයි.
ඒ අනුව පළමුව විනය පරික්ෂණ තැබිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ද යන්න මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව ද ඇය කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිළිතුරක් ලබාදිය යුතු බව ද ඇය අවධාරණය කළාය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘චන්ද්‍රිකාට පෙර ශ්‍රීලනිපය කැඩු මහින්දට විනය පරික්ෂණ කරන්න ඕනෑ’
nimal Monday, 04 November 2019 08:29 AM
මෙයාට අමු කැවිලා. නැත්නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ. නිකම් කටමැද දොඩවනවා. මහින්ද මහත්තයා හැමදේටම පලි නැහැ හලෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතයට ගිහින් බලන්න කඩපු අයව ඔහේට දැනගන්න පුලුවන්. මහින්ද මහත්තයා තමා පක්ෂයේ ස්වර්ණමය යුගය ඇති කළේ. පක්ෂේ බිම දැම්මේ මෛත්‍රී. ඒවාට අනුබල දුන්නේ චන්ද්‍රිකා. නිකම් මොකුත් නොදැන කියවන්න එපා. ලැජ්ජා වෙන්න වේවි. මේ කරන ජරා වැඩ වෛරයට කරන ඒවා කියලා සක් සුදක් සේ පැහැදිලියි. එදා මහින්ද මහත්තයව දිනවන්නත් රටක් වශයෙන් ඉදිරියට යන්න තිබුනා. නමුත් වෛරී දේශපාලනය නිසා අපි ආපස්සට... මඩ වගුරට.....ඔහේලට නොතේරුනාට මහජනයාට හොදට තේරුම් වෙලා තියෙන්නේ.
lalithmMonday, 04 November 2019 08:42 AM
මඩේ ඉන්න තාරාවෙක්.
gobbaya Monday, 04 November 2019 10:09 AM
ශ්‍රී ලංකා නිදහස පක්ෂය ගැන ඔයාට තියන අමාරුව මොකක්ද ?
bandula Monday, 04 November 2019 11:23 AM
පක්ෂ කැඩෙන එක නවත්වන බැහැ.