IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


ඡන්දෙට බය ඡන්දයක් නැති නිසා

(ජස්ටින් පතිරගේ)

ප්‍රාදේශීය සභා ඡන්දය තියන්න රජය බයවෙලා. ඇයි ඔවුන්ට ඡන්දයක් නැති නිසා. නොයකුත් උප්පරවැටිටි යොදනවා. ඡන්දය නවත්වන්න. භාණ්ඩාගාරයේ මුදල් නැතිලු. දැනට භාන්ඩාගාරයට මුදල් ලැබිල තියෙනවා. ඒ මුදල් මහජනතාවගේ මුදල්. මහජනතාව කඩෙිට ගිහින් සබන් කැටයක්, කිරිපැකටි එකක්, පරිප්පු  එකක්, ප්‍රැටිට්‍රල්, ඩීසල්, ගත්තොත් ජනතාවගේ මුදලින් කොටසක් භාණ්ඩාගාරයට යනවා. ඒ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ මුදල් නොවෙි. එයාගේ කුරුණෑගල පොල්වත්තේ පොල් කඩලාවත්. බන්ඩාරවෙල තේ වත්තේ දළු කඩලාවත් මහබැංකුව කඩලා ඒවායින් භාණ්ඩාගාරයට මුදල් දුන්නේ නැහැ. ඒකේ තියෙන්නේ ජනතාවගේ ධනය. ඒ් ධනය මහජනතාව ඉල්ලන මැතිවරණය සදහා යොදවන්නේ නැත්නමි නැවතත් භාන්ඩාගාරයට මුදල් එවනවාද කියලා ජනතාව තේරැමි ගත යුතුයි යැයි ජාතික ජනබලවෙිගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ඒ මහතා මෙසේ පැවසුවෙි බද්දේගම නගරයේ පැවැති ජනරැලිය අමතමිනි.

මෙි මැතිවරණය අත්‍යවශ්‍ය මැතිවරණයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා බයවෙලා.  දසක හැත්තැවක දේශපාලනය සුවිශේෂී තීන්දුව ගන්න යනවා. මොකක්ද තීන්දුව මෙි රට පාලනය කරපු දූෂිත පාලකයන්ගෙන් ජනතාවගේ පාලනයක් ගොඩනගන්න බලය මාරුවන නිසා. ඒක හොදද සතුටුද. අපේක්ෂාවයි ලොකුයි බරයි. හැබැයි ඒකට අසතුටු වන කණ්ඩායමක් ඉන්නවා කවුද ඒ හොරු හා දුෂිතයින්, අපරාදකරුවන්. මෙි හැම දෙනාටම අපි එක උත්තරයක් දෙනවා ලංකාවෙි දූෂිතයන්ගෙන් තොරව ආණ්ඩුවක් හදනවා. හොරකමි කරපු සියළු දෙනාටම දඩුවමි දෙනවා. මහජනතාවගේ ධනය සොරකමි කරපු සියළු දෙනාගේ දේපල පවරා ගන්නවා. 

දැන් ජනතාව නොමග යවන දේවල් කියනවා. රෝගින්ට උපරේෂන් එකක් කරන්නවත් ඖෂද මුදල් නැතුව ඡන්දයක් තියන්නේ කොහොමද කියනවා. ගබඩාවල බෙහෙත් තියෙනවා රෝහල්වලට නිකුත් කරන්නේ නැහැ. රටෙි මතයක් හදන්න හදනවා.මෙිකෙයි පාස්කු ප්‍රහාරයේ වෙනස මොකක්ද. අද මෙි පාලකයන් ඔපරේෂන් නතර කරලා. මුදල් නැතෙයි කියා.

මෙි ඡන්දය මිලියන හයකින් කරන්න පුළුවන්. මම ඒ අය සමග සාකචිඡා කළා. මුද්‍රණාලයේ මැතිවරණ දෙකකට කඩදාසි තියෙනවා. මැතිවරණ දෙකකට තීන්ත තියෙනවා.මැතිවරණයකට මෙයාල කොයි වෙිලෙත් ලැස්තිවෙලා ඉන්නේ.මෙයාල මොන විචිජා දැමුවත් අපි දඬුකදේ ගහල අපේ ඔළුවට ඉහලින් හෙල්ලයක් තියලා ඡන්දය පාලනය කරන්න හදනවා අපි බය නැහැ. මෙයාලට මුදල් නැති කම නොවෙයි ඡන්ද නොමැති කමට වියරැ වැටිලා.

මෙවර අපි ප්‍රාදේශිය සභා ජයග්‍රහණය කරනවා දැනටමත් සමුපකාර ඡන්ද ජය අරගෙන තියෙනවා. එයට පසු මහ මැතිවරණය එයත් ජයග්‍රහණය කළාට පසු එකසිය තිස්හතරදෙනා ගෙදර ගියාට පස්සේ පොඩි ලියුමි කෑල්ලක් ලියනවා ජනාධිපති තුමණි ඔබතුමා තෝරා පත්කරගන්නා ලද අය ගෙදර ගියා ඔබතුමා ඉන්න එක ලැජ්ඡා නැද්ද ඔචිචරයි කරන්නේ.

මෙි රටෙි සිද්ද වෙන විශාලතම දේශපාලන සිදුවිම මෙි වසරේ සිදුවෙනවා.ජාතික ජනබලවෙිගය ආවට ගියාට දේසපාලනය කරල නැහැ. දැන් අපි දේශපාලන සිතියමෙි සියයට හැත්තෑ පහක් ගමන් කරලා තියෙනවා. දැන් ටිකක් බාදක වැඩියි. වෙටිටු. කකුල් මාටිටු දානවා. ඒ කිසිදේකකට ජාතික ජනබලවෙිගය අකුල ගන්නේ නැත. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන්නේ ජනාධිපති ඇරියස් එකක් 1994 ඉදන් ඒක තියෙනවා. ජනාධිපති පුටුවෙි කවදාවත් ඡන්දයකට ඉදිරිපත් වුණේ නැති ගෝඨාභය මහත්තයත් වාඩිවුනා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් වාඩිවුනා. ඉතින් ඒක නිසා මෙයා පසුගිය වසර පහලොව තුල ඇරියස් කවර් කර  ගන්න හදනවා. පාර්ලිමෙින්තුවෙි වසර පහකට සැසිවාර එකයි නැත්නමි දෙකයි. මෙයා මොකද කරන්නේ මාස හයෙන් හයට අවලංගු කරනවා ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න. ඒකට කතානායගේ ලොකු පුටුව ඔිනේ. එයාටත් පාර්ලිමෙින්තුවෙි අසුනක් තියෙනවා. ඒකෙ ඉදන් කියවන්න කැමති නැහැ. මෙයාට මෙික ලොකු ලෙඩක්. පසුගිය දින පාර්ලිමෙින්තුවෙි මුළු කාරක සබාවම අවලංගුවුනා. නැවත පත්කරන්න කෝටි ගනනක් වියදමි කරන්න ඔින. මෙි ළඟදී තානාපතිවරු එකොලහයි මහකොමසාරිස් වරු හයටයි අත්ත්‍රපත්‍ර දෙන්න නුවරට යවනවා බෙන්ස් කාර්දීල උදේ යනකොට අබෙිපුස්ස හෝටලයක උදේ තේ බොන්න නතර වෙනවා. තේ බිල තුන්ලක්ෂ තිස්දහසයි. බිල මගේ ලග තියෙනවා. ආයෙමත් මෙයාල මහනුවර බලා යනවා. මෙයාල බිමින් යනකොට රනිල් වික්‍රමසිංහ උඩින් මහනුවරට ගිහින් අත්ත්‍රපත්‍ර දුන්නා දීලා එයා උඩින් ආවා මෙයාල බිමින් ආවා. මෙයාට මෙික ලෙඩක් කියල ජනතාවට හිතෙන්නේ නැද්ද මෙිවා කොළඹදී දුන්න නමි මොකද වෙන්නේ. මෙයා මොකෝ කරන්නේ ජනතාවගේ මුදල් ප්‍රකෝටි ගනන් වියමි කරනවා. මෙයාට කඩාවැටිලා තියෙන රටක් ගොඩනගන්න ජනතාව ආමන්ත්‍රණය කරන්න බැහැ. මෙි රට ගොඩනගන්නනමි මොකක්ද වෙන්න ඔින ජනතාවගේ විශ්වාසය,ලෙන්ගතුගම,ආදරය, බැදීම. ගොඩනගන්න ඔින . ජනතාවගේ ආණ්ඩුව් අවශ්‍යයි. ලබන මස නම වැනි දින පළාත් පාලන ඡන්දය නොපැවැත්විමට කුමන්ත්‍රණ යෙදුවුවොත් ජනතාව සමග පාරට බහින්න අපි බය නැහැ.



අදහස් (0)

ඡන්දෙට බය ඡන්දයක් නැති නිසා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2135 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 497 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site