IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“

(මුලටියන - එස්. බාලසූරිය සහ අකුරැස්ස - සුජීව සමරක්කොඩි)

රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය තමන් බාරගන්නා බවත්, ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තම වගකීම් ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් රට වෙනුවෙන් වන වගකීම් ඉටුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාතර, මුලටියනදී පෙරේදා (20) පැවසීය.

 වත්මන් රජය ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකළ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ‘සාර්ථක දැක්මක් - වැඩකරන රටක්’ යන තේමාව  යටතේ මුලටියන පොදු ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය.

 අප අභියෝග බාර ගන්න පුළුවන් කණ්ඩායමක්. 2005 දී මහින්ද රජපක්‍ෂ මහතාට තමුන්නාන්සේලා රට බාරදෙන අවස්ථාවේදී විශාල අභියෝග රාශියක් තිබුණා. අප එදා ඒ අභියෝග ජයග්‍රහණය කළා. අවුරුදු 30ක් තිස්සේ විවිධ ආණ්ඩු විවිධ ජනාධිපතිවරු යටතේ මර්දනය කිරීමට බැරිවුණු ත්‍රස්තවාදය අප එදා වසර දෙක හමාරක් ඇතුළත අවසන් කළා. ඒ වාගේම ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට සංවර්ධනයක් මේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන් තොටුපොළවල්, නව නගර බිහිකළා. ආසියාවේ ශීඝ්‍රයෙන්  දියුණුවන රට බවට, ශීග්‍රයෙන් දියුණු වන නගරය බවට කොළඹ පත් කරන්න අපට හැකිවුණා.

එදා ත්‍රස්තවාදය අවසන් කළා.  පමණක් නොවෙයි. නැවතත් මේ රටේ ත්‍රස්තවාදය  හිස ඔසවන්නට නොහැකිවන ලෙස ආරක්‍ෂක සැලැස්මක් අප යෙදුවා. ඒ වාගේම මේ රටේ බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය එකතු කරලා හොඳ ආරක්‍ෂක සැලැස්මක් යොදා තිබුණා. ඒ නිසා කිසිම ත්‍රස්තවාදයක් මේ රටේ ඇති නොවන ආකාරයට රට පාලනය කරන්න අපට හැකිවුණා.

නමුත් මේ රජය ජාතික  ආරක්‍ෂාව පිළිබඳව  කිසිම අවබෝධයක් නැතිව, ප්‍රමුඛත්වය නොදී කළ ක්‍රියාකලාපය නිසා ඒ වාගේම රණවිරුවන්ගේ අභිමානය, මානසිකත්වය කඩා දමපු  නිසා බුද්ධි අංශ සාමාජිකයන්ට අභූත චෝදනා නගලා හිරගත කරලා, අන්තවාදී සංවිධාන ගැන හොයන්න  හදල තිබුණු ඒකකය අවසන් කරලා. මේ රට නැවතත් බෝම්බ පුපුරන තැනකට පත් කළා. අපේ රජයක් යටතේ නැවතත් ඒ ආරක්‍ෂක විධිවිධාන යොදලා බුද්ධි  අංශවලට නීතිමය රැකවරණය දීලා සුරක්‍ෂිත රටක් තමුන්නාන්සේලාට ලබාදෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.

ඒ වාගේම අප එදා ආරම්භ කළ  සංවර්ධන කටයුතු මේ රජය යටතේ සම්පූර්ණයෙන් නවත්තලා. මේ නිසා ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වුණු සියලු ව්‍යාපාර ආයතන කඩා වැටුණා. කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් අනාථ වුණා. ඒ හින්දා තමයි ආර්ථිකය කඩා වැටුණේ. අදවනවිට  සෑම ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර කඩා වැටිලා.

මේ රජය කෘෂිකර්මයට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. පොහොර සහනාධාරය ඉවත් කළා. දේශීය ගොවියා ගැන නොසලකා පිටරටවලින් ගුණාත්මක බවෙන් අඩු නිෂ්පාදන ද්‍රව්‍ය ගෙනැවිත්  අපේ නිෂ්පාදන ද්‍රව්‍ය සමඟ කලවම් කර  ප්‍රති අපනයනය කළා. මේ නිසා ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වල මිල අඩුවුණා. තේ වගාව මේ රටේ වැදගත් ක්‍ෂේත්‍රයක්. තේ ඉඩම් වලින් සියයට 75ක් පමණ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් ඉන්නේ. අද  ඒ අයගේ ජීවිත ගොඩනගා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. තියෙන්නේ. මේකට හේතුව ගුණාත්මයෙන් අඩු තේ පිටරටින් ගෙනත් කලවම් කර පිටරටට යවන හින්දයි. ශ්‍රී ලංකාවේ තේ වලට ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලක් තිබුණා. ගුණාත්මයෙන් අඩු තේ යවන නිසා අපේ තේ මිල කඩා වැටුණා.

මේකට රජය මැදිහත් විය යුතුව තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ ලෝක වෙළඳපොළේ ඉහළට ගෙන ඒමට රජය මැදිහත් විය යුතුයි. අපේ රජයක් යටතේ ඒ සඳහා මැදිහත් වෙනවා. තේ වලට ඉහළ මිලක් ලබාදීමට අප කටයුතු කරනවා. සුළු අපනයන බෝග නිෂ්පාදන පිටරටින් ගෙන්වලා ප්‍රති අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. දේශීය ගොවියා ආරක්‍ෂා කරනවා.

ගොවියා වෙනුවෙන් සෑම විටම  කටයුතු කළ රජයක් තමයි එදා තිබුණේ. ගොවියා නැවත  නගා සිටුවීමට  අප පොරොන්දු වෙනවා. ගොවිණය කපා හැරීමට කටයුතු කරනවා. පොහොර සහනාධාරය නොමිලේ ලබාදෙනවා. අපට කෘෂිකර්මය අමතක කරන්න බැහැ. අපේ සංස්කෘතිය හා බැඳුණු රටේ ජනගහණයෙන් තුනෙන් එකක් රැඳී සිටින කෘෂිකර්මයට අප ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ.

ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට පැහැදිලි  සැලැස්මක් අප ළඟ තිබෙනවා. බුද්ධිමත් ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ට සුදුසු රැකියාවක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. අප දන්නවා අද ලෝකයේ ආර්ථිකය ඉහළ  මට්ටමට ඇවිත් තියෙන්නේ  ආසියානු රටවල් වලයි. අපේ රටේ ආර්ථිකය ඉහළට ගේන්න මේක හොඳ  අවස්ථාවක් වුවත් මේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒකට පැහැදිලි දැක්මක් සැලැස්මක් තිබුණේ නැහැ.

 මේ රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා. මේ නිසා ව්‍යාපාර කඩා වැටිලා. ව්‍යාපාරිකයන්ට අසීමිත ලෙස බදු ගහලා. අපේ රජයක් යටතේ විවිධ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ගේනවා. වැට් බද්ද සීයට 8 දක්වා අඩු කරනවා. ව්‍යාපාර හොඳට කරගෙන යාමට  සුදුසු වාතාවරනයක්, සැලසුමක් නැත්නම්, රැකියා බිහි වෙන්නේ නැහැ. ව්‍යාපාර දිගට කරගෙන යාමට පුළුවන් කමකුත් නැහැ.

 ඒ වාගේම අප තරුණ තරුණියන්ට කියනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබාගන්න සුදුසු අධ්‍යාපන  ක්‍රමයක් සකස් කරන බව. ඒ සඳහා කෙටි හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වන සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒවාගේම රැකියාවක් ලබාගත හැකි පාඨමාලාවන් සකස් කරනවා. උපාධිය ලැබුණු පසු හොඳ වේතනයක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරනවා. පරිගණක ක්‍ෂේත්‍රය, තොරතුරු තාක්‍ෂණය හැදෑරූ අයට හොඳ වේතනයක් ලැබෙන රැකියා ලබාදෙනවා. නමුත් මේ රජය මේවා ගැන අවධානයක් යොමු කළේ නැහැ.

ජාතික ආරක්‍ෂාව සහ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට හැකි වෙන්නේ අපට  පමණයි. එදා අප පොරොන්දු ඉටු කළා. වැඩ කරලා පෙන්නුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මට බාරදුන් ආරක්‍ෂක ලේකම් ධුරයේ වගකීම, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වගකීම සීයට 100කින්  මා ඉටු කළ බව ඔබලා දන්නවා. මා පිළිබඳව විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මාගේ යුතුකම මා ඉෂ්ට කරනවා. සුරක්ෂිත හා සෞභාග්‍යමත් රටක් ගොඩනගන බවට මා පොරොන්දු වෙනවා යැයි ඒ මහතා කීය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-
තව දින 25කින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපති වෙනවා. ඒ මහතා ජනාධිපති කිරීමත් ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමිකර ගැනීමත් මගේ අරමුණයි. ගෝඨාභය මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයා නිසා නොවෙයි මුළු රටම කිවේ ගෝඨා කියලා. වැඩ පෙන්නපු නායකයකු නිසයි ජනතාව ඉල්ලුවේ. ගෝඨා ආවා. දැන් තියෙන්නේ ඔහු දිනවන එකයි.

කොබ්බෑකඩුව ඇතුළු යුද නායකයන් එකම තැනක මියගිය වෙලාවේ දිවි ගලවාගත් එකම ලුතිනන් කර්නල්වරයා ගෝඨාභය මහතා පමණයි. ඒ මහතා විශ්‍රාම ගියාට පස්සේ පුරවැසිභාවය නැති වුණේ. යුද්ධය කරපු වෙලාවේ හැමදෙනාට ඔහු වීරයෙක් වුණා. තේනුවරත්, උයන්ගොඩත් ඒ මතයේ හිටියේ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කංචන  විජේසේකර මහතා:- ගොවියාගේ කොඳුනාරටිය කැඩුවේ සජිත් ඉන්න මේ ආණ්ඩුවයි. දැන් කියනවා පොහොර නොමිලයේ දෙනවා කියලා. හම්බන්තොට වරාය විකුණුවා. මත්තල වී ගබඩා කළා. රටේ ආර්ථිකය විනාශ කළා. මේවා කරන විට නිහඬව සිටි සජිත්ට ඒ වගකීම් වලින් නිදහස් වෙන්න බැහැ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- ජාතියට හතුරු පිල හා මිතුරු පිල අතර සටනක් දැන් තියෙන්නේ. සාමයෙන් බැබළුණු රට බියෙන් වෙවුලන රටක් බවට මේ ආණ්ඩුව පත් කළා. අපේ සටන පරගැති නිවට පිල හා රට දිනවපු රට රැකපු පිල අතරයි. පුතාණෝ ගේ පිල රණවිරුගායට බේත් දෙන්න  හදනවා. අප රණවිරුගායට විටමින් දෙනවා. රණවිරුගාය නිසා තමයි මේ රට රැකිලා තියෙන්නේ. මේ රට රැක්කේ රණවිරුවෝයි.

එදා  ගෝඨාභය බලමුළු එකට කළමනාකරනය කරලා මිනීමරු ත්‍රස්තවාදය විනාශ කළා. කිතුණුවන්ට දේවස්ථානය, බොදුනුවන්ට  පන්සල අහිමි කළ  මේ ආණ්ඩුවත් සමඟ මේ රටට අනාගතයක් නැහැ. අන්තවාදය රකින හකීම්ලා, රිෂාඞ්ලා එකතුවෙලා මේ රට විනාශ කරන්න හදනවා.  සහරාන් ඡන්දය දුන්නේ හංසයාටයි. දැන් වෙනත් අතකින් ඇවිත් තියෙනවා. මේ මහ පොළවෙ තවදුරටත් අන්තවාදයට  බිලිපූජා පවත්වන්න ඉඩ දෙන්න බැහැ. ඒක නවත්වන මේ රට රකින නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.

 හරීන් ප්‍රනාන්දු කීවේ සජිත් එනවා කියලයි. සමහරු හිතුවා සජිත් ආවාම අලි නැගිටීවි කියලා. නමුත් ඇල්පිටියේදි රනිල්ට තිබුණු ඡන්ද ටිකවත් සජිත්ට ලැබුණේ නැහැ. පුතානෝගේ ප්‍රතිශතය නැග්ගේ නැහැ. බැස්සා විතරයි. වීවලට සහතික මිල රුපියල් 50ක් කරනවලු. ඒකට පනතක්  ගේනවලු. ගෙවල් වලට රෑට ඇවිත් බලනවලු. මේ පුතානෝට කවට රජානෝ කියලයි ජනතාව කියන්නේ. රනිල් අණ්ඩපාලයා නිසා පැරදෙන බව දන්න නිසා සජිත් පුතානෝ දැම්මා.

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතිර්මොහොමඞ් වගේ ගෝඨා හා මහින්ද මේ රටට සෞභාග්‍යය උදාකරනවා යැයිද ඔහු කීය.

 හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද ජනහමුව ඇමතූහ.

මාතර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ පිරිසක්ද එහිදී සහභාගි වූහ.

 



අදහස් (1)

“ජාතික ආරක්ෂාව - ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බාරගන්නවා“

Chathuri Tuesday, 22 October 2019 12:41 PM

රටේ ආරක්ෂාවට කියලා බලය ලැබුනම අලුගෝසුවෝ හරි රජයේ උසස් නිලදාරීන් හරි යොදාගෙන නැවත සුදු වෑන් පටන් ගන්න. ආරක්ෂාව ගැන කියන්නේ ආරක්ෂක ඇමති මිසක් ඔබ නොවෙයි. එක පවුලක් නිසා ජනතාව කන්න නැතිව දුක් විදිනවා. බොරු කියමින් බලයට එන්නේ නැතිව තමන්ගේ නඩු ඉවරයක් කරගෙන ජනතාවට නීතියට උඩින් නොයන හැටි කියලා දෙන්න.

:       203       39

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6173 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site