(නිමල කොඩිතුවක්කු)
රට ගොඩනැගීම සඳහා ප‍්‍රතිපත්තියක් නොමැතිව ජාතික ආරක්ෂාව මතුරන ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ අනෙකුත් ප‍්‍රශ්න විසඳීමට නම් සජිත් පේ‍්‍රමදාස මහතා රටේ ජනාධිපති කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා කොළඹදී අද (30) පැවැසීය.
රටේ ඕනෑම ප‍්‍රශ්නයක් පිළිබඳ විමසීමේදී ජාතික ආරක්ෂාව සලසන බවට පවසන ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් විධිමත් වැඩපිළිවලක් නොමැති බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තොටලඟ ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීය.
‘‘මම මිනුවන්ගොඩ වේදිකාවට පැමිණි අවස්ථාවේදී රුවන් රණතුංග මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරුන් ගණනාවකුත් අපේ වේදිකාවට නැගලා සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති කරන බවට පොරොන්දු වුණා.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි. එතුමා පාසලෙන් පිටවෙලා හමුදාවට බැඳිලා එතනින් ඉවත් වෙළා ඇමරිකාවට ගියා. කිසි දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඔහු අරගෙනත් නැහැ, එම පක්ෂය වෙනුවෙන් වැඩ කරලත් නැහැ.
කිසිම සම්බන්ධයක් නැති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්න කියලා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා.
සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට ආවේ සංවිධායකයෙක් ලෙසයි. මම ඇහුවා මැද කොළඹට එන්න කැමතිද කියලා එතුමා හම්බන්තොට තෝර ගත්තා. එතුමා දේශපාලනයෙන් බඩගාලා පාර්ලිමේන්තුවට ඇවිත් ආරම්භ කරපු ඒ ගමන අද ජනාධිපති අපේක්ෂකයෙක් විදියට පත් වෙලා තියෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා අවුරුදු 19 ක පාර්ලිමේන්තු පලපුරුද්දක් ඇතිව මෙතනට ඉදිරිපත් වුණා. ගෝඨාභය රාජපක්ෂට එහෙම පලපුරුද්දක් නැහැ. දේශපාලනය පිළිබඳ පුරුද්දක් නැති අයෙකුට රට භාර දෙන්න ලෑස්තිද කියලා මම ජනතාවගෙන් අහනවා.
සජිත් ප්‍රේමදාස මහතා අපේ අපේක්ෂකයා විදියට අපි කරපු වැඩ දන්නවා. ඉදිරියට කරන්න ඕන වැඩ ගැනත් එතුමන්ට අවබෝධයක් තියෙනවා. රටේ හැම කොනක් ගැනම එතුමන්ට අවබෝධයක් තියෙනවා. පලපුරුද්දක් ඇති දේශපාලන නායකයෙක් විදියට සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘
DD Thursday, 31 October 2019 12:20 AM
‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘ ඔබට නම්ලොකු වැඩ පිළිවෙලක් තයෙනවා නේද? අප්‍රේල් මාසේ පෙන්නුවේ ඒකද?
Raveendra Thursday, 31 October 2019 04:25 AM
මිලේනියම් සිටි එක පාවාදුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩපිළිවෙලක් තියෙන නිසා වෙන්න ඇති. අනේ අපේ කට...
Bamunuarachchi Friday, 01 November 2019 12:51 PM
කට ඇරියොත් ගොබ්බ කතාවක් තමයි කියන්නේ...