(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලු ජන කොටස් එකමුතු වූ නමුත්, ඉන්පසු දේශපාලනික සහ ජාතිවාදී ලෙස සංවිධානය වූ ඇතැම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින්නේ යැයිද, ඊට ඉඩ නොතැබිය යුතුයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පැවැසීය.
පසුගිය සති අන්තයේ පැවැති සත්යග්රහ සහ ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාර හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරු අත්හැරීමත් මුස්ලිම් ජනතාව සමාජයෙන් ඈත්වීමත් සුභදායී තත්ත්වයක් නොවන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන්කළ ප්‍රකාශය සමඟ සම්පූර්ණයෙන් එකඟ වෙන බවත්, ජාතීන් වශයෙන් බෙදීම ඉතා නරක තත්ත්වයක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (06) ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ජනකොටස්වල එකමුතුව බිඳින්න ජාතිවාදීන්ට ඉඩදෙන්නෙපා’