IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ජනතාවගේ ආත්ම ගරුත්වය-විශ්වාසය රැක්කේ ජවිපෙ පමණයි

(මුදිතා දයානන්ද) 

හැත්තෑ එක් වසරක් තිස්සේ තමන්ට ඡන්දේ දුන් ජනතාවගේ ආත්ම ගෞරවයත් විශ්වාසයත් රැකීමට එජාප, පො.එ.පෙ කඳවුර අසමත් වෙද්දි ඊට සමත් වුයේ ජවිපෙ පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනාධිපතිධූර අපේක්ෂක, අනුර දිසානායක මහතා අද (01) පැවසීය.  

ඔහු මේ බව පැවසුයේ කොළඹ නව නගර ශාලාවේදි පැවති පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවකදීය.
එහිදි තවදුරටත් මෙසේද පැවසීය.
 
අද අපි මෙතනට එකතු කළේ අපේ පළාත් පාලන නියෝජිතයෝ. නලින්ද සහෝදරයා කිව්වා ප‍්‍රධාන පක්ෂ දෙකෙන් පත්වුණ පළාත් පාලන නියෝජිතයන් මොනවද කරලා තියෙන්නේ කියලා. අපට චන්දය දුන් සියලූ දෙනාගේ ආත්ම ගෞරවය විශ්වාසය රකින්න අප සමත් වෙලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ අනාගතයේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක්. 
 
සමහරු කියනවා මේක තුන්කොන් සටනක් කියලා. නැහැ. මෙතන තිබෙන්නේ ප‍්‍රධාන කඳවුරු දෙකයි. එජාපයෙත්, ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙත්, පොදුජන පෙරමුණෙත් ප‍්‍රතිපත්තිය එකයි. පාර්ලිමේන්තුව තුළ අපි ඉන්නේ මන්ත‍්‍රීවරු හයදෙනයි. අර කඳවුරේ තමයි ඉතිරි සියලූ දෙනා ඉන්නේ. ඒ වුණත් ජනතාව වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටුකිරිමේදී අපි හැමවිටම ඉන්නේ අර කඳවුරට ඉදිරියෙන්. ජාතික දේශපාලනයේදීත් අපි එක්කෝ ඒ කඳවුර හා කරට කර. නැත්නම් ඉදිරියෙන්. 
 
ජාතික දේශපාලනයේදි එහෙම ඉදිරියෙන් හිටියත් ගමේදි, ප‍්‍රාදේශීය දේශපාලනයේදි අපේ ශක්තිමත් බව අඩුයි. එය ගොඩනගා ගැනීමේ වැඩි වගකීම පැවරෙන්නේ ගමේ දේශපාලනය කරන මේ මහජන නියෝජිතයින්ටයි.
                 

එජාපයට හෝ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ චන්දේ දිපු කිසිම කෙනෙක් කිසිම දවසක බලාපොරොත්තු වුණේ නැහැ ඒ චන්දෙන් පත්වෙන කෙනා මහජන මුදල් හොරකම් කරයි කියලා. මහබැංකුව කඩයි කියලා. ජනතාව මත අධික බදු බර පටවයි කියලා. රට ණය උගුලක හිරකරයි කියලා. ඒ හැමෝම බලාපොරොත්තු වුණේ තමන්ට ජීවත්වෙන්න හොඳ රස්සාවක්. කරන රස්සාවට සරිලන වැටුපක්. තිබෙන බදුබර තව අඩුකරගන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. හොඳ සෞඛ්‍ය සේවයක්. බියෙන් සැකයෙන් තොරව සතුටෙන් ජීවත් විය හැකි රටක්. එහෙත් ජනතාවගේ බලාපොරොත්තු හා පාලකයින් කළ කී දෑ අතර පවතින්නේ දැවැන්ත පරස්පරයක්. ඒ වෙනස වටහා දීමයි අප කළ යුත්තේ. 
කොමිස් ගැහිල්ලේ, දූෂණයේ වංචාවේ දේශපාලනය වෙනුවට ශිෂ්ඨත්වයේ දේශපාලනය ගමට ගෙන යා හැක්කේ ඔබට අබිට පමණයි. හැම කෙනෙකුටම සිහිනයක් තිබෙනවා මේ රට හොඳ රටක් බවට පත් කරගැනිමේ. ඒ සිහිනය සැබෑ කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය අප පමණයි. ජාතික ජනබලවේගය මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ඒ වෙනුවෙන්. 
 
මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපි යෝධ පියවරක් ඉදිරියට තබා තිබෙනවා. තවම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කර නැහැ. එහෙත් අපි අපේ අපේක්ෂකයා කිසිම ගැටුමකින් තොරව රටට හඳුන්වා දී තිබෙනවා. රෝහන සහෝදරයා කිව්වා වගේ වේලාසනින් අවදිව වේලාසනින් සුදානම්වන්න අපිට හැකිව තිබෙනවා. 
 
අපි ඇවිත් තියෙන්නේ නිකම් නෙවෙයි. විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෙනත් වමේ බලවේග රැසක් එකතු කරගෙන. අප සතුව බර අවි තිබෙනවා. කියවාරු ගහන අනෙක් කඳවුර සතුව තිබෙන්නේ පුස් වෙඩි පමණයි. 
 

 



අදහස් (0)

ජනතාවගේ ආත්ම ගරුත්වය-විශ්වාසය රැක්කේ ජවිපෙ පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1875 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3507 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1547 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4652 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1233 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 430 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site