(නිමල කොඩිතුවක්කු)
ලක්ෂ දෙසිය විස්සක් වන රටේ සමස්ත ජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදා කිරීම වෙනුවෙන් තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.
කොවීඞ් 19 වසංගතයෙන් රට ආරක්ෂාකර ජනතාවට සුරක්ෂිත අනාගතයක් ඇති කිරීම තම ඒකායන අරමුණ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී 'අද(04) නව වසරේ වැඩ ආරම්භ කරමින් ඔහු මේ බව පැවසීය.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් විසින් සර්ව ආගමික වතාවත් සිදුකර 'විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 'පිරිසට ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු කෙරිණ.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම ද මෙහිදී සිදු කෙරිණ.
රැස්ව සිටි පිරිස ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
''”දුක් ගින්නෙන් පෙළෙන අපේ රටේ ජනතාවට සෞභාග්‍ය කරා යන ගමනේදී විපක්ෂයේ කාර්යභාරය මේ වසරේදී සාර්ථකව ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා.
රටේ සමස්ත ජනතාවම මේ වන විට පීඩනයට දුකට පත්වෙලා ඉන්නවා. කොවීඞ් 19 වසංගතය පරාජය කරමින් රට රට සුරක්ෂිත කරමින් ජනතාව ආරක්ෂා කිරීමට අපි හැකි සෑම උත්සාහයක්ම දරනවා.
බුද්ධාගමට මුල්තැන දෙමින් සියළුම ආගම් වලට ගරු කරමින් සද් ජාතිකත්වය වැඩපිළිවෙළක් බිම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ලක්ෂ 221 ජනතාවකට යහපත් අනාගතයක් අපි මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා” යයිද විපක්ෂ විපක්ෂනායකවරයා එහිදී පැවසීය.
ජලනි ප්‍රේමදාස) සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර) ජාතික සංවිධායක තිස්ස අත්තනායක) රාජිත සේනාරත්න) කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ජනතාවගේ යහපත වෙනුවෙන් කැප වෙනවා
Saman Monday, 04 January 2021 05:29 PM
ඇයි මේ පරණ කෙප්පම ඇදබබා දඟලන්නේ...?
kamal Tuesday, 05 January 2021 02:50 AM
ඔබතුමා උපන් දා ඉඳලා ජනතාව ඔබතුමාගේ යහපතට කැපවෙලානේ ඉන්නේ...
Raveendra Tuesday, 05 January 2021 04:06 AM
බුදු අම්මෝ..... බොරු කියන එක අත ඇරලම නැහැ වගේ. කොහොමත් එක වරිගේ අයගේ හැටිම තමයි. කමෝන් සජි මලයට ජයවේවා..
GalaparaWednesday, 06 January 2021 10:34 AM
රවීන්ද්‍රෙග් ටිකිරි මොලේ තරම හර හොඳයි... තව තව හොඳට අල්ලන්න හොරුන්ටම...
Sanka Wednesday, 06 January 2021 05:35 AM
සජිත්තුමෝ, ඔබේ ගමන හිමින් ඔහොම යන්න. ඔබට ඊගාව පාර ජය නියතයි. මොකද? දැන් මේ ආණ්ඩුව යන්නේ ගියපාරට වඩා වැරැදි පාරක.මිනිස්සුන්ට දැන් එපාම වෙලා තියෙන්නේ. ඔක්කොම කරන්නේ ගියපාර කරපු පරණ හොරකම්මයි.