(*** අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ බදු සංශෝධනය නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි තිස්දහසක ආදායම ගියේ කොතනකටදැයි වහාම හෙළිකරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (5 වැනිදා) මාධ්‍ය හමුවේ දී ඉල්ලීය.
බදු සංශෝධනයෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බව කී කබීර් හෂීම් මහතා මෙම රුපියල් කෝටි 30,000ක මුදල ගියේ කාගේ සාක්කුවට දැයි වහා හෙළි කරන ලෙසද ඉල්ලා සිටියේය.
කොළඹ -ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මෙසේද පැවසීය.
ජනතා ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා. ඒ ප්‍රශ්න සඳහා රජයට කිසිදු විසඳුමක් නැහැ. ආණ්ඩුව විසි වැනි සංශෝධනය පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසීමට උත්සාහ කරනවා.
ජනාධිපතිවරණයේදී වරමක් දුන්නේ විසිවැනි සංශෝධනය සඳහා නොවෙයි. ජනතාවට ලූනු ගෙඩියක් පෙන්වා ඔවුන් ජනවරම ගත්තා. රටේ ආර්ථික ප්‍රශ්න ගැන ආණ්ඩුවට කිසිම උත්තරයක් නැහැ. 20 වැනි සංශෝධනයෙන් සියල්ල විසඳන බව ඔවුන් කියනවා. ජනතා අවශ්‍යතා ඉටු නොකර මොවුන් යන ගමන ඉතා භයානකයි.
විමල් වීරවංශ වැනි දේශපාලකයන් එදා වේදිකාවේ කිව්වේ මොනවද? සමෘද්ධිලාභීන්ට, ස්ථිර ආදායම් මාර්ගයක් නැති අයට රුපියල් 3000ක බඩු මල්ලක් දෙන බව කිව්වා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන බව කිව්වා. ජල සහ විදුලි බිල්පත් සඳහා සහන දෙන බව පැවසුවා.
රූපවාහිනී, ගෑස් ළිප්, ගෑස් කුකර් ආදිය 25%ක අඩු මිලකට දෙන බව පැවසුවා. ගෑස් කුකරයක් දෙනවා යයි කී ආණ්ඩුවට අද සහල් ටිකවත් හරියාකාරව දෙන්නට බැරි වෙලා.
ජනතාවගේ ජීවන වියදම අද ශීඝ්‍රයෙන් වැඩි වෙලා. රාජ්‍ය සේවකයන්ගේ දීමනා සියල්ල මේ වනවිට කප්පාදු කරලා. විශ්‍රාම වැටුප් වර්ධක නතර කර තිබෙනවා. රට විරුවන්ට විශාල වශයෙන් ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ආදායම නැති වෙලා. රටේ ආයතන වැසී යමින් පවතිනවා. සේවකයන් විශාල පිරිසකට රැකියා අහිමි වෙලා.
ණය ගැනීමේ ප්‍රශ්න තිබෙනවා. මේවාට උත්තර නැති ආණ්ඩුව දැන් දේශීය ආර්ථිකය ගැන කතාකරනවා. ඔවුන්ට ඇත්ත ප්‍රශ්න සඳහා කිසිම උත්තරයක් නැහැ.
ආණ්ඩුව තම මූල්‍ය ප්‍රතිපත්තිය වරද්දා ගත්තේ කොරෝනා ප්‍රශ්නය නිසා නොවෙයි. කොරෝනා එන්න පෙර මෙරට ආර්ථික වර්ධන වේගය 1.6 දක්වා පහත වැටුණා. ආණ්ඩුව ඔවුන්ගේ පළමු කාර්තුව ඇතුළත රුපියල් බිලියනයක ණයක් ගෙන තිබෙනවා. ඒ අනුව මසකට කෝටි 2500 බැගින් ණය ගෙන තිබෙනවා. ඒත් පොදු ජනතාවට තඹ සතයකින් වත් සහන දී නැහැ. මේ මුදල් ගියේ කොහාටද?
ජනතාවට සහන දීම සඳහා බදු ප්‍රතිපත්තියක් සකස් කරන බව පැවසුවාය. ඒ ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය ආදායම කෝටි 30,000 කින් අහිමිවුණා. අදාළ සහනය ජනතාවට ගියේ නැහැ. බඩු මිල සතයකින්වත් අඩු වුණේ නැහැ. රජයට අහිමි වූ කෝටි තිස් දහසක මුදල ගියේ කාගේ අතට ද?
මෙයින් ලැබුණු ශුද්ධ ලාභය සාක්කුවට දා ගත්තා දැයි දැන් සාධාරණ සැකයක් ඇති වෙලා. ගජ මිතුරන්ට සහන දීම සඳහා නව බදු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් බව පැහැදිලියි.
‘මූඩි’ නැමැති මූල්‍ය ප්‍රතිපත්ති සංගණන ආයතනය ලංකාවේ මූල්‍ය ගැන ඉතා දරුණු ප්‍රකාශයක් කර තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ පහතම ස්ථානයට දමලා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව දරුණු ප්‍රකාශයක් කළා.
රටක විදේශ ආයෝජන ගැන ජාත්‍යන්තර විශ්වාසය නැති වූ විට එය බලපාන්නේ පොඩි මිනිහාටයි. මූල්‍ය කළමනාකරණය කඩා වැටෙන විට පාරිභෝගික භාණ්ඩ මිල වැඩි වෙනවා. රජයේ නොහැකියාව නිසා වන්දි ගෙවන්නේ ඡන්දදායකයායි.
ආණ්ඩුවට රට කරන්න බැරි නම් ඒ බව ප්‍රකාශ කරන්න. ඔවුන්ට ජනතා ප්‍රශ්න විසඳීම සඳහා උපරිම බලය තිබෙනවා. ඒ බලය පාවිච්චි කර ජනතා ප්‍රශ්නවලට වහාම විසඳුම් දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ කබීර් හෂීම් මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය: කොරෝනා වසංගතය යළිත් හිස ඔසවමින් සිටිනවා. මේ අවස්ථාවේ දී රජයට සහාය දෙනවා ද?
පිළිතුර: මා කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සංචාරය කළා. ජනතාව කියන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනතක හරවා ජනතාව නොමග යැවීම සඳහා ආණ්ඩුව කරන උප්පරවැට්ටියක් ලෙසයි. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සඳහා ආණ්ඩුවට උත්තර නැහැ. ආණ්ඩුව කොත්තු රොටී කඩයක් වගේ බවත්, සද්දේ පමණයි, වැඩ නොමැති බවත් ජනතාව කියනවා.
කොරෝනා වසංගතය ආරම්භයේදී අප ආණ්ඩුවට උපරිම සහාය දුන්නා. දැනුත් මේ කියන්නේ ඇත්ත තත්ත්වයක් නම් අප ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට උපරිම සහාය දෙන්න සූදානම්.
ප්‍රශ්නය: විපක්ෂයේ සිටින පිරිසක් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානම් බවට පුවත් පළ වෙනවා නේද?
පිළිතුර: ප්‍රශ්නය ඇත්තේ විපක්ෂය ගැන නොවෙයි. ආණ්ඩුවේ සිටින අයත් ඡන්දය දේවිද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව වටේ යන්න පටන් ගෙන තිබෙනවා. ඔවුන් මුලදී සතුරන් ලෙස දුටු අයත් දැන් සහභාගී කර ගන්න උත්සාහ කරනවා. ඔවුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. අපේ කිසිවකුත් යන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි.
ප්‍රශ්නය: රිෂාඩ් බදුයුර්දීන් මහතා ආණ්ඩුව සමග එකතු වීමට සූදානම් බව කියනවා නේද?
පිළිතුර: සමගි ජන බලවේගය ස්වාධීන පක්ෂයක්. අපේ සන්ධානයට විවිධ පක්ෂ එක්වී සිටිනවා. ඒ පක්ෂ නායකයන් මොන තීන්දු ගනීවි ද දන්නේ නැහැ. අප කොන්දේසිවලට යටත් වන්නේ නැහැ. අප අපේ ස්ථාවරයේ සිටිනවා.
20ට එරෙහිව ඡන්දය දෙන්න අපේ කණ්ඩායම සූදානමින් සිටිනවා. ඒ අපේ ප්‍රතිපත්තියයි.
මාධ්‍ය හමුව සඳහා නීතිඥ රවි ජයවර්ධන මහතා ද සහභාගි විය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නෑ
Raveendra Wednesday, 07 October 2020 03:14 AM
අවුරුදු 60 ක් 70ක් සිටම "විපක්ෂෙට ගියවිට පමණක්" හැමෝටම මතක් වෙන්නේ මහජනතාවගේ ප්‍රශ්ණ බලයේ ඉන්නකොට නම් කාටවත් මිනිසුන්ගේ ප්‍රශ්ණ මතකයෙවත් නැත.
Bamunuarachchi Wednesday, 07 October 2020 03:49 AM
ජනතාවගේ සැබෑ ප්‍රශ්න මොනවාද.? ඒ ප්‍රශ්න මේ මාස තුනට ඇතිවූ ඒවාද.?
BamunuarachchiWednesday, 07 October 2020 01:02 PM
අනේ නෑ නෑ.. ඔබලාගේ කාලේ නොතිබුණු ප්‍රශ්නද ඕවා..?
Senarath Thursday, 15 October 2020 03:33 AM
ඔයාලා බලයේ හිටියානම් කොවිඩ් නිසා රටට වෙනදේ හිතාගන්නවත් බැහැ.