(ආරියරත්න රණබාහු)
ජනතාව නිවැරදි මගට ගෙන යාම සඳහා ඒකාබද්ධ විපක්ෂයට පවා නිවැරදි දැක්මක් නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.
එම දැක්ම ඇති කර ගැනීම සඳහා ජනතාව ඔවුනට බල කළ යුතුව ඇතැයි කී සමරනායක මහතා ඉන්දියාවේ අගමැති මෝදි මහතාට තරම් පාර්ලිමේන්තු බලයක් මෙරට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණේ නම් රටට සිදුවන දේ සිතා ගැනීමට පවා නොහැකි යැයිද කීය.
එතරම් බලයක් නොමැතිව මේ දක්වා රටට කර ඇති වින්නැහිය ජනතාව තේරුම් ගත යුතුව ඇතැයි. දැනට මේ ක්‍රියාත්මක වන ආර්ථික මාදිලියේ ගමන් මග වෙනස් කිරීමට ජනාධිපතිවරයාට ආයාචනා කිරීමෙන් පලක් නැතැයිද කීය.
සමරනායක මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධායක එකමුතුවේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනතාව නිවැරදි මගට ගෙන යන්න ඒකාබද්ධයටවත් දැක්මක් නෑ
Saththaya Wednesday, 29 August 2018 04:57 AM
ඔබ ඉදිරිපත් වෙලා ජනතාවට හරි දැක්මක් පෙන්නලා දෙන්න , රුපියල් වලට , තෑගිබෝග වලට , හා කුඩ්ඩන්ට වැඩි මනාප දෙන එකෙන් රටට මෙතෙක් කල් වුනු පිරිහීම ගැන , 4 වෙනි දුෂිත රට වීම . 1 වෙනි ස්ථාන වෙන්න තව ටික දවසයි. යහපත් පුරවැසියන් වීමට නම් වාසිය තකා අනුන්ට කඩේ යන්නේ නැතුව ඉපදුන රට වෙනුවෙන් අවංක විය යුතුයි.