IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ජනතාවාදී රජයක් බිහි කරනවා

(ආරියරත්න රණබාහු සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)

රටේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙනෙන ජනතාවාදී රජයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ නායක  ජනාධිපති අපේක්ෂක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පිළියන්දලදී අද (23) පැවසීය.

රටේ තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගෙන වැඩිදියුණු කිරීමටත් ලෝකය හමුවේ දැනට අපකීර්තියට පත් වී තිබෙන රටේ නාමය ඉන් මුදවා ඉහළ තත්ත්වයට ගෙන ඒමටත් කටයුතු කරන බව ද ඔහු කීය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකරන නව පුනරුද මගට රට හරවන  තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රචාරක  රැළිය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය  පිළියන්දල සෝමවීරචන්ද්‍රසිරි  ක්‍රීඩාංගනයේදි පෙරේදා සවස පැවති මෙම ජන හමුව සඳහා විශාල පිරිසක් සහභාගී සිටියහ.

පසුගිය කාලය පුරාම රට පුරා මේ රටට  අලුත් වෙනසක් අවශ්‍යයි කියලා කතාවක් තියෙනවා. ප්‍රශ්නයක් ආවම කියනවා මෙහෙමනම් හරියන්නේ නෑ ව්‍යාපාරික ප්‍රජාව තරුණ තරුණියෝ  ත්‍රීවිල් රථ රියදුරු න්, ගෙදර ඉන්න අම්මා ඇතුළු අය  පොලිසියේ මහත්තුරු, ඇතුළු රට පුරාම් සිටින විවිධ තරාතිරමේ අය මේ රටට වෙනසක් ඕන කියලා කියනවා.

වෙනසක් ඕන කියලා සාකච්ඡා කළාට ප්‍රාර්ථනා කළාට හිත හිත හිටියටවැඩක් නෑ.. වෙනසක් සඳහා අවස්ථාව එන්න ඕන. දැන් ඒ ප්‍රබල වෙනස කිරීම සඳහා අවස්ථාව උදාවෙලා තිබෙනවා මේ රැස්වෙලා ඉන්න කැස්බෑවේ ආසනේ අය නම් කියන්නේ ඒ වෙනසට සූදානම් බවයි. ශක්තිමත් වෙනසක් කරා යන්න නම් ශක්තිමත් බලයක් අවශ්‍යයි.. ඒ නිසා සැප්තැම්බර්21  ජාතික ජන බලවේගයට ඒ ශක්තිය ලබාදෙන්න. පසුගිය කාලය පුරාම එකෙක් කාලවලදී විවිධ නායකයන් වෙනසක් කිරීම සඳහා ගෙනාවා ඔබට මතක ඇති නමුත් කවුරුවත් ඒ වෙනස කළේ නෑ.. එනිසා මේ රටට වෙලා තියෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු සියල්ලම පසුගිය වසර 76 පුරාම බිඳවැටිලා තිබීමයි..

පසුගිය කාලය පුරාම පාලකයාට තිබුණු වෙන වුවමනාවක් ජනතාවට වුණේ තව උවමනාවක් . ගෝඨාභය  ඔහුගේ නඩු අයින් කර ගත්තා 2015 ආණ්ඩුව ගෙනාවේ  හොරකම් නතර කරන්න . නමුත් ඒ පාලකයා මහ බැංකුව හොරකම් කරා.  අපි ආණ්ඩුවක් හදමු ජනතාවට අවශ්‍යය හොරකම දූෂණය නාස්තිය නතර කරන්න.. වංචනිකයන්ට දුෂකයින්ට දඬුවම් කරන්න...

රජයේ රෝහල්වලට ගිලන් රථ නෑ නමුත් ජනාධිපති අගමැති හිටපු ජනාධිපති අගමැති එයාලගේ නෝනලා පස්සේ ගිලන් රථ යනවා. අපිට ඒවා ඕන නෑ. අපි ලෙඩ කඳන් නොවෙයි. මේ නාස්තිය අපි නැති කළ යුතුයි මෙරට කවද හැදෙයිද කියලා අපි බලා හිටියා. අපට පසුස සිටි  දකුණු කොරියාව වියට්නාමය, අප පසුකර ගිහින්. කිසි පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ. ආයෝජනය කරන්න ඉස්සෙල්ල ඔවුන්ගෙන් පගාව ඉල්ලනවා.

ජපානය ඉන්දියාව ආදී රටල්වලට දැක්මක් තිබුණා ඔවුන් දියුණු වුණා. ලෝකයේ වෙළඳපොළ වෙනස් වෙද්දි රටට නූතන තාක්ෂණය ගෙනාවේ නෑ. අපට එදා ඉඳන්ම තියෙන්නේ තේ පොල් රබර් පමණයි ඒවා පරණ තරමටම අපේ නායකයොත් පරණයි.

ක්‍රීඩාවකට හෝ ෙනත් ජාත්‍යන්තර තරග වලට ක්‍රීඩකයො ගියොත් ඒ රටවලින් ආපහු එන්නේ නෑ ඒවා ගැන විමර්ශනය කරන්න ගිය අයත් පනිනවා මේ නිසා අපේ රට ගැන වෙනත් රටවල් වලට විශ්වාසයක් නෑ. අපේ රට ගැන පිළිගැනීමක් නෑ.

රට ගැන පිළිගැනීමක් විශ්වාසයක් ඇති වෙන්න නම්  ඒ රට පාලනය කරන පාලකයොත් නීතිගරුක වෙන්න ඕන. ජනාධිපතිවරු නීතියට යටත් නැත්නම් ඔවුන්ට දඬුවම් කරනවනම් මේක මොන රටක්ද. හිටපු ජනාධිපතිවරැ ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලබලා ඉන්න චන්ද්‍රිකා මහින්ද ගෝඨාභය මෛත්‍රිපාල මේ අය වැරදිකාරයෝ වුණා . මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා රනිල් වික්‍රමසිංහත්  අද වැරදිකාරයෙක් වුනා.. මෙහෙම වෙනකොට වෙනත් රටවලඅය අපේ නායකයෝ පිළිගන්නේ කොහොමද.

අපරාධකාරය පාලනය කරන රටක් විදියට තමයි ලෝකයා මේ රට දකින්නේ.

ඉතා අමාරුවෙන් වසර ගණනාවක් පරීක්ෂණ කරලා වරදකාරයෝ කළාම  ජනාධිපති සමාව දෙනව පොලිස්පති වරදකාරයෙක් වුනාම ජනාධිපති ඔහුව රකින්න හදනවා සල්ලි නෑ කියලා ඡන්ද කල් දානවා එහෙම රටක් ලෝකය පිළිගනියිද. ජනාධිපතිවරයා දේශපාලන පත්වීම් කරනවා. ඒත් තවමත් පොලිස්පති කෙනෙක් පත් කරන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු වලට ගරු කරන්නේ නැති නායකයෝ ලෝකයේ රටවල් පිළිගනියිද. මේක කළු රටක් නීතියට ගරු කරන්න ඇති රටක්. ලෝකයේ පිළිගැනීමට ලක් වෙන්න නම් මේ රටේ සියලු දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන තත්ත්වය ඇතිවිය යුතුයි. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව. අපි සියලු දෙනාම නීතියට යටින් කටයුතු කරනවා.

පාතාලය රජ වෙනවා කුඩු හැමතැන අපරාධ සිදුවෙනවා සංචාරක කාන්තාවකට එන්න බෑ දුෂණයට ලක්වෙනවා එහෙම රටක් කවුද පිළිගන්නේ. ඉස්සර මේ වගේ දෙයක් වුණොත් ඒවා මේ අපි දූපතේපමණයි. නමුත් දැන් අන්තර්ජාලය හරහා ලෝකයටම යනවා.. මේ දේවල් ඇහුවම කවුද ලෝකයේ මේ රට ගණන් ගන්නේ.

කුඩු අපරාධ දූෂණ ඒවායින් තොර  ලංකාවක් ජාතික ජනබල වේගය  හදනවා. අපේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි තිබුනේ නෑ . නමුත් දැන් ඩුබායි වල ඉඳන් මෙහෙයවනවා . මේවා පටන් ගත්තේ 77න් පස්සේ. ගෝනි වල සුනිල් සොත්ති උපාලි බැද්ද ගානේසංජීව, වම් බොට්ටා ජුලම්පිටියේ අමරේ මේඅයට රැකවරණ දුන්නේ ඒ කාලේ ජනාධිපතිවරු.... ජුලම්පිටියේ  අමරේකියන්නේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා.. සංවිධානාත්මක අපරාධකල්ලි කුඩු ව්‍යාපාර මේවා මැඩ පවත්වන්නේ ජාතික ජනබල වේගය ආණ්ඩුවකින් බව මතක තියාගන්න. අපි කාටවත් ණයත් නෑ, බයත් නෑ. පොඩි මිනිස්සු.

දුප්පත් භවයේ පතුලේ තියෙන මේ රට ආර්ථිකයින් සවිමත් කරන්න ඕන රට වටේම  මුහුද ඒ සම්පතින් ප්‍රයෝජන ගන්න සැලසුම් තියෙන්න ඕන. අපි ධීවර කර්මාන්තයට තාක්ෂණය උපයෝගී කරගන්නවා. අපේ රටේ කන්න දෙක මැද අතරමැද කන්නයක් වගා කරන්න පුළුවන්. ගොවියාට කෘෂිකාර්මික කටයුතු සඳහා සහනාධාර දෙනවා පොස්පේට් නිධිය  නිසිප්‍රයෝජනය ගන්නවා. යයිද ඔහු කීය ද. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලක්ෂ්මන් නිපුණාරච්චි ප්‍රවීණ ගීය පද රචක රවි සිරිවර්ධන යන මහත්වරු ඇතුළු කීපදෙනෙක්ම කතා කළහ.



අදහස් (12)

ජනතාවාදී රජයක් බිහි කරනවා

Kumara Friday, 23 August 2024 03:51 PM

නියත ජනපති අනුර කුමාර දිසානායක​....

:       129       52

Lalla Friday, 23 August 2024 03:52 PM

වාමාංශික ලේබලය ගසාගෙන සිටින පක්‍ෂ මෙතෙක් පිහිටවූ සැම රජයක්ම ප්‍රගතිශීලී මහජන ආණ්ඩු... ඒක ආයෙම ඇහුවම නම් මොකද්ද හිතෙනවා. අපට අවශ්‍ය නීතියේ ආධිපත්‍යය රැකගන්න වැඩ කරන ජනතාව රකින නිකමුන්ට වැට බඳින හොරකම නැති ආණ්ඩුවක්. අනිත් සියල්ල ඉබේම සිදුවෙයි.

:       41       40

විජිත් Friday, 23 August 2024 05:32 PM

මාලිමාවට චන්ද කෝටියක් ... ජාතික ජනබල වේගයට ජයවේවා...! අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ..!!!

:       121       36

sunil Friday, 23 August 2024 06:18 PM

ලංකාව යනු ගල් අගුරු, ස්වාභාවික වායු, ඉන්ධන, යපස්, තඹ, ඇලුමිනියම් වැනි නවීන කර්මාන්තවලට අවශ්‍ය ඛනිජ හිඟ, දුප්පත් රටක්. අපිට තනිවම කළ හැක්කේ කෘෂිකර්මාන්තය පමණයි. එත් කලට වැසි ලැබුණොත් පමණයි. අතීතයේ අපේ රටේ මිනිසුන් කෘෂිකර්මාන්තය තමන්ගේ ජීවිකාව කර ගත්තත්, වර්තමානයේ රටේ තරුණ තරුණයින්ගෙන් කී දෙනෙක් අමුඩය ඇඳ ගොවිතැනට බසින්ට කැමැති වෙයිද? දේශපාලකයින් වේදිකාවේ මොනවා කිව්වත්, ඕක තමා තිත්ත ඇත්ත....!

:       15       95

Lalla Saturday, 24 August 2024 12:52 AM

සාම්ප්‍රදායික නොව නවීන කෘෂි තාක්ෂණය බොහෝ රැකියාවලට වඩා ධන උල්පත්...!

:       0       6

Saman Saturday, 24 August 2024 12:02 AM

තවත් එක ඇමෙරිකානු රූකඩයක්... පච විතරයි.

:       4       29

Nishan Saturday, 24 August 2024 04:50 AM

3% ජනතාව ගැන වෙන්න ඇති ඔය කියන්නේ...

:       5       26

shelton Saturday, 24 August 2024 05:21 AM

නිදහස ලබන්නත් පෙර සිට සේනානායකවරු ලන්කාවේ කෘෂිකාර්මික සංවර්ධන ඇති කළේ. සියලුම විශාල වැව් අලුත්වැඩියා කළේ, සේනානායක සමුද්‍රය වැනි යෝධ වැව් තැනුවේ, විදුලි බලාගාර හැදුවේ, මින්නේරිය, ගල්ඔය, අම්පාර, ගොවිජනපද හැදුවේ, උපාලි වැනි ආයතන රථවාහන, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආයතන හැදුවේ. නිදහස් වෙළඳ කලාප, ඇඟළුම් කර්මාන්ත, ඕවා මේ රටේ උන්නතිය වෙනුවෙන් කළ දේවල්. ඔයාලා රදළයෝත්, එකතුවෙලා ඒවා සේරම විනාශ කළා. කරලා ඉන්දියාවට, චීනෙට මැලේසියාවට ඒ අවස්ථාවල් දුන්නා...

:       1       15

Nishan Saturday, 24 August 2024 02:27 PM

එදා ජනතාවට උපරිමෙන් වද හිංසා කරපු අය තමයි අද මෙහෙම කියන්නේ. මේවාට හිනායන්නේ හතර කොනෙන්...!

:       8       34

Gamini Sunday, 25 August 2024 02:22 AM

මෙයා පට්ට බොරු කියන්නේ, මෙයා ආවොත් ගෝඨාගේ කාලේ වගේ ලංකාවට කෙළවිලාම යනවා.

:       0       24

nanda Sunday, 25 August 2024 06:42 AM

මෙතෙක් ක්‍රියාවන් ඔප්පු කර ඇත්තේ මොනවද? 200 තියාගෙන ඒවට නඩු දාන්න ජනාධිපති වෙන්න ඕනෙද? කෙහෙළිය. VFS වේවට නඩු දාලා අධිකරණයෙන් සුදුසු සිවිල් සංවිධාන නේද ගත්තේ?

:       0       19

Vithana Sunday, 25 August 2024 04:20 PM

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දකුණු පළාත් ලේකම් විසින් තමන්ගේ පාලනයට පවරා ගත්තේ නීති විරෝධී ලෙස ටෙන්ඩර් නැතුව ජේවීපී හිතවතුන්ට කොන්ත්‍රාත් බෙදාගත්තු නිසා. පරීක්ෂණ කරලා ඒවා ඔප්පු කළා. ඒකට විරුද්ධව උසාවි යන්න බෑ රෙද්දක් ඇඳන්. ඒවා දන්න දකුණේ ජනතාව ආයේ කිසි දාක ප්‍රාදේශීය සභාවක් දුන්නේ නෑ. අද ඇවිත් ජනතා පාලනයක් ගැන කයිවාරු ගහනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 12 1007 5

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත බුදුදහම සුරකිමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදෙමින් මේ අසීරු අවස්ථාවේ රට ගොඩනගන බව සමගි ජන සන්


‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘
2024 සැප්තැම්බර් මස 11 2757 50

තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නව නම් එ


අනුන් එක්ක විවාද කරන්න පෙර පක්ෂය ඇතුලේ එකඟතාවයකට එන්න
2024 සැප්තැම්බර් මස 11 3171 13

තමාට විවාදයකට කතා කරන්නට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුලේ විවාද කොට එකඟතාවය කියන්නැයි ජනාධිපති රනිල් වික්‍


’’අනුර දවල් හීන දකිනවා’’
2024 සැප්තැම්බර් මස 11 4234 25

අනුර කුමාර ජනාධිපතිධුරය සම්බන්ධයෙන් දවල් හීන දකිමින් සිටින බවත් උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතුයැයි පවසන බවත් සමගි ජනසන්ධානය


’’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’
2024 සැප්තැම්බර් මස 10 3888 18

රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන්ව පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජ


’’අපි අනිවාර්යයෙන්ම දිනනවා’’
2024 සැප්තැම්බර් මස 10 2885 16

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගම්පොළ ජන


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site