IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


ජනපතිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි

(*** නාලක සංජීව දහනායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණුවේ මාවතට ගෙනඒමට අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම අත්‍යවශ්‍ය තිබෙන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (8) පැවැසීය.

මේ වන විට ජනතාව විශ්වාසය තබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිළිබඳව පමණක් යැයිද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිම ලෙසකින් අපි පළුදු කරන්නේ නැහැ. අලුත් පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමට අපි උත්සාහ ගන්නේ ඒ නිසයි. නමුත් කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා නියමිත දිනයේදී මැතිවරණය පවත්වන්නට නොහැකි වුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය අවමවීමත් සමග මහමැතිවරණය පැවැත්විය යුතුය යන මතයේ අපි දැඩිව සිටියා. මේ වනවිට කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය වෙලා.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැනනැගුණ නීතිමය ගැටලු විසඳිලා. ඒ නිසා ජාතික මැතිවරණ කොමිසම මහමැතිවරණය පවත්වන දිනය ඉතාම ඉක්මනින් ප්‍රකාශයට පත්කරාවියැයි අපි බලාපොරොත්තුවෙනවා.

රටට අහිතකර නීති ඉවත්කරලා රටට හිතකර අලුත් නීති පනවන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා පාර්ලිමේන්තුව උත්තරීතරයි. රට දියුණුවේ මාවතට ගේන්න අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ජනතාව විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව ගැන පමණයි.

පසුගිය මාස දෙකක පමණ කාලයේදී අපි රටත් ජනතාවත් ආරක්‍ෂාකරන්න කටයුතු කළා. වසා දැමුණු රට දැන් විවෘතයි. බොහෝ අංශ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසා අපි දැන් මහමැතිවරණයට සූදානම් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය නිර්දේශවලට අනුව මහ මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුයැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම නිසා මේ වනවිට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා මහමැතිවරණය තවදුරටත් කල්දැමීම සාධාරණ නැහැ. සෞඛ්‍ය අංශ නිර්දේශවලට යටත්ව මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන මෙන් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. එමෙන්ම නාමයෝජනා බාරගැනීමෙන් පසුව අපේක්‍ෂකයන්ට මනාප අංක නිකුත් කළ යුතුයි. මනාප අංක නිකුත්කිරීම හා මැතිවරණය පවත්වන දිනය අතර කිසිම සම්බන්ධකමක් නැහැ. දැනටමත් මනාප අංක නිකුත් කිරීම මාසයක් පමණ ප්‍රමාදවී තිබෙනවා. මනාප අංක නිකුත් කිරීම ප්‍රමාදකරන ලෙසට උසාවිය නියෝග කළේ නැහැ. ඒ නිසා මේ ප්‍රමාදයට උසාවිය වග කියන්නේ නැහැ.

මහමැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ පවතින බවත්, යම් යම් නිර්ණායකයන්ට යටත්ව එය පැවැත්විය යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා. එය මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැල්වූ කොළ එළියක් ලෙස සැලකිය හැකියි. ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය නිසා කොමිසම තුළ බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා.

ඔහු හැසිරෙන්නේ ස්වාධීන කොමිසම සාමාජිකයෙක් හැසිරෙන ආකාරයට නෙවෙයි. සිංහලෙන් ලියන කුණු ගොඩවල් තමන්ට කියවිය නොහැකි බව ඔහු පසුගිය දිනෙක ප්‍රකාශ කළා. එමෙන්ම අපේ රට නිර්වස්ත්‍ර බව අපිට හැර මුළු ලොවකට පෙනෙන බවත් ප්‍රකාශ කර තිබුණා. අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කරමින් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි මැතිවරණයේ අපේක්‍ෂකයෙක් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ තර්ජනය කිරීමක් නිසා තමන්ට රටින් පිටව සිටීමට සිදුව තිබුණ බවත් මහාචාර්ය හූල් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මහාචාර්ය හූල්ගේ ප්‍රකාශ සහ හැසිරීම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිවේදැයි සැකයක් මතුවෙනවා. මෙම බලපෑම් හේතුවෙන් දණ්ඩනීති සංග්‍රහයේ 169 සී වගන්තිය යටතේ සාපරාධීවගකීම මහාචාර්ය රත්නජීවන් හූල්ට ආරෝපණය කිරීමට හැකියාව තිබෙනවා.

මැතිවරණයේදී සෑම දේශපාලන පක්‍ෂයකටම සමාන අවස්ථා ලබාදීමට මාධ්‍ය කටයුතු කළයුතු බව ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම එසේ ක්‍රියාකරන විට පොහොට්ටුවට ඡන්දය නොදන ලෙස ඒ කොමිසමේම සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශ කරනවා. ඒ නිසා මොහුගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැළපෙනවාද, එසේ නොගැළපෙනවානම් ඒ සම්බන්ධයෙන් කොමිසම ගනුලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව කොමිසම ප්‍රකාශ කළ යුතුයි. එමෙන්ම මහාචාර්ය හූල්ගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලවත් අසාධාරණයක් සිදුවූ බව කොමිසම පිළිගන්නවාද?, එසේ පිළිගන්නවානම් පොහොට්ටුවට සාධාරණය ඉටුකිරීමට ජාතික මැතිවරණ කොමිසම ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විමසීම් මහලේකම්වරයා විසින් දැනටමත් කොමිසමට ලිපියක් යොමුකර තිබෙන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.  

සාමාන්‍යයෙන් මැතිවරණයකට  නාමයෝජනා භාර ගැනීම අවසන් වී දින තුනක් ඇතුලත එක් එක් අපේක්ෂකයාගේ මනාප අංකය ප්‍රසිද්ධ කිරීම මෙතෙක් මැතිවරණ කොමිසම විසින් අනුගමනය කළ පිළිවෙතයි.  පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම 2020 මාර්තු 19 වැනිදා දින අවසන් වුවත් එයින් මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබිය දී තවමත් අපේක්ෂකයින්ගේ මනාප අංක කොමිසම විසින් ප්‍රසිද්ධ කරලා නෑ.

නාමයෝජනා භාර ගැනීමේ නීත්‍යානුකූලත්වය පිළිබඳ නීතිපතිගේ මතය විමසූ අවස්ථාවේ දී නීතිපති පැවසුවේ පවතින ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කරන ලෙයසි‘ ඒ නිසා මැතිවරණ කොමිසම විසින් මනාප අංක ප්‍රසිද්ධ කිරීම ඇතුළු මැතිවරණයට අදාළව සිය රාජකාරි කටයුතු මාස තුනකට ආසන්න කාලයක් නවතා දමා තිබුණේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිවයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 වගන්තිය යටතේ මැතිවරණය සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසම සතු ව්‍යවස්ථාපිත වගකීමක්.  මැතිවරණ කොමිසම එම වගකීම පැහැර හැරලා  මැතිවරණය තව දුරටත් කල් දමා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී ඇති බවට ජනතා මතයක් තිබෙනවා.

ඒ නිසා වහාම මනාප අංක ප්‍රසිද්ධ කරන ලෙසත් මැතිවරණයට ඉක්මන් දිනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසමට මම ලිපියක් යැව්වා. මොකද මැතිවරණ නොපැවැත්වීම හරහා මේ රටේ ජනතා පරමාධිපත්‍යයට තමයි මැතිවරණ කොමිසම අභියෝග කරන්නේ. මැතිවරණ කොමිසම ද මැතිවරණ නොපැවැත්වීමේ කොමිසම ද යන ප්‍රශ්නය අද සමාජයට මතුවී තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිසම වහාම මනාප අංක ප්‍රසිද්ධ කිරීමටත් යුහුසුළුව හැකි ඉක්මනින් මැතිවරණ පැවැත්වීමටත් කටයුතු කළ යුතුයි.

අපට රජකාරි ගොඩක් කරන්නට තිබෙනවා ඒ නිසා ඔය කියන ඉක්මනින් මැතිවරණය පවත්වන්න බෑයයි මැතිවරණ කොමිසමට කියන්න හැකියාවක් නැහැ.  මොකද මාර්තු මස දෙවැනි දා තමයි ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් මෙම ඡන්දය ප්‍රකාශයට පත් කළේ.  දැන් මාස තුනකට වැඩි කාලයක් මැතිවරණ කොමිසම නිදාගෙන ඉඳලා හදිසියේ නැගිටලා මේ කියන ඉක්මනින් මැතිවරණ තියන්න බෑ කියන කතාව අපට පිළිගන්නට බැහැ. ඒ නිසා තවදුරටත් බොරු හේතු ඉදිරිපත් නොකර මේ රටේ ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාව සලසා දෙන්න කියලා අප මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60කට.  දැන් එතුමාගේ ධූර කාලයෙන් සියයට 10ක් ඉවරයි.  මැතිවරණ කල් දැමීම නිසා එතුමාට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා එතුමාගේ ධූර කාලයෙන් සියයට 10ක් නාස්ති වුණා.  රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සඳහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද?  මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ. ඒ නිසා ජනාධිපති තුමාට බලාත්මක වෙලා මේ හැට නම ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු නොකළ යුතුයි කියන එක අප මැතිවරණ කොමිසමට සිහිපත් කරනවා.

පසුගිය ආණ්ඩුවට ඇමෙරිකානු එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුම අත්සන් කරන්නට එම්සීසී ගිවිසුම අත්සන් කරන්නට අපි ඉඩ දුන්නා නම් අද අපේ රටත් එකම මළ ගෙයක් බවට පත්වෙලා. එම්.සී.සී ගිවිසුමේ 6.8 වගන්තිය අනුව එහි නිලධාරින් ශ්‍රී ලංකාව තුල කරන කිසිම අපරාධයකට එරෙහිව නඩු පවරන්න දඬුවම් කරන්න බෑ.  ඒ වගේම සෝෆා ගිවිසුමේ තුන් වන වගන්තිය අනුව ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාව රට තුළ කුමන අපරාධ කළත් ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න බෑ.

ඇමෙරිකානු නිලධාරියකු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වෙලා ගුවන් තොටුපළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ උද්දච්ච භාවය ප්‍රදර්ශනය කර තියෙනවා.  අර ගිවිසුම් අත්සන් තැබුවා නම් බුරුතු පිටින් ලංකාවට ගොඩ බහින්නේ මෙවැනි උද්ධච්ඡ නිලධාරින් නේද කියන එක මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුයැයි විපක්ෂයේ සිට හඬ නගන මංගල සමරවීර මහතාට සිහිපත් කරනවා යැයිද ඔහු සඳහන් කළේය’.



අදහස් (6)

ජනපතිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි

lalithm Tuesday, 09 June 2020 10:26 AM

අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් මුහුණු, අලුත් අදහස් එක්ක එනවා නම් අපිත් අලුත් වෙලා රටට මොකක් හරි අලුත් දෙයක් වෙයි කියන්න පුළුවන්. ඒ වුණාට පිළුණුවුණු චරිත පිරුණු අලුත් පාර්ලිමේන්තුවකින් නම් ඉතින් රටට හෝ අපිට වැඩක් නම් නැති වෙයි. එහෙත් ඔවුන්ට නම් ඉතින්..

:       0       64

SankaTuesday, 09 June 2020 11:20 AM

ඇත්තම තමයි. මේ අවුරුදු 80 පැන්න නාකි මිනිස්සු තරුණ, උගත් අයව පාර්ලිමේන්තු යවලා ගෙදරට වෙලා පිනක්, දහමක් යන තැනකට කරගත්තානම් හොඳයි. අනේ අපරාදේ, අපේ රටට ගිය කලක්...

:       0       111

Rata Perata Wednesday, 10 June 2020 06:23 AM

හා.. එහෙනම් ඒකට උදව්වක් හැටියට තමුන් ගෙදර යන්න. ඒක අපේ රටට සෙතක්.

:       0       10

අලුත් 225ක් Wednesday, 10 June 2020 06:34 AM

අපටත් අවශ්‍ය වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට මේ සැරේ හොරු, තක්කඩීන්, හම්පඩ ගැහිච්ච නාකි පප්පලා, කසිප්පු මුදලාලිලා, කුඩු මුදලාලිලා, හොර කොන්තරාත්තුකාරයෝ, ටොයිලට් කටකාරයෝ වැනි හාල්පාරුවන්ගෙන් තොර උගත්, තරුණ, බොරු නැති, අවංක මහත්මාවරුන් සහිත ඉතාම හොඳ පිරිසක් තෝරලා දෙන්නයි.

:       0       1

fairoos Wednesday, 10 June 2020 02:23 PM

ජනාධිපතිතුමාට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.. එ්ත් ඡන්දෙ ඉල්ලන්නේ අර ඉස්සර හිටපු 225 තමයි..

:       0       1

ranjith Wednesday, 10 June 2020 11:18 PM

ජනාධිපතිතුමාට මේ මහල්ලන් ටික නැති හොඳ අලුත් මුහුණුවලින් සමන්විත අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙලා තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5529 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 653 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1994 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3684 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 311 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 979 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site