IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනපති සටන

ඡන්දෙ, කට මුලටම ඇවිත්. ඊළඟ අවුරුදු කීපයක් රට කරන නායකය තමයි දැන් තෝරගන්න තියෙන්නෙ. 
කොහොමද සූදානම?
 
ඡන්දෙ තියනවද නැද්ද, කල් දානවද  නැද්ද, ජනමත විචාරණ කතා, තුනෙන් දෙකේ කතා, මහ මැතිවරණය කලින් පවත්වන කතා එකක්වත් අපි ලොකුවට ගත්තෙ නෑ. අපි දිගටම ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන ආවා. පළාත් පාලන ඡන්දෙ කල් දැම්මට පස්සෙ, ගෙවුණු අවුරුදු එකහමාරක විතර කාලය තුළ ගම් මට්ටමේ බිම් මට්ටමේ මගඇරිල තිබුණු සංවිධාන කටයුතු කරගෙන ආවා. ඇත්තටම අපිට පුළුවන් වුණා, ගම දක්වා දිවෙන ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනගන්න. නායකත්වයන් ගොඩනගන්න.
අපි දැන් කැන්වසින් ව්‍යාපාර කරගෙන යනව ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. කුඩා ජනහමු වගේම ජාතික මට්ටමේ රැස්වීම් කරනව. ජාත්‍යන්තර ප්‍රජාව හමුවෙලා එයාලව ආමන්ත්‍රණය කරනව. විවිධ කණ්ඩායම් අපි එක්ක එකතු වෙමින් තියෙනව. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව අපිට ලොකු 
විශ්වාසයක් තියෙනව.
මාලිමාවට එරෙහි කඳවුරත් දවසින් දවස ශක්තිමත් වෙනව. වෙන වෙනම ඉන්නව වගේ පෙන්නන අය එකට එකතු වෙනව වගෙත් පේනව. ලේසි නෑ වැඩේ.
මෙච්චර කල්, අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් රට පාලනය කරපු දේශපාලන පක්ෂ එක්ක ජනතාවගේ තිබුණ ඇයිහොඳයිය ටික ටික ගිලිහෙමින් යනව. ඒව ගැන තිබුණු ජනතා විශ්වාසය බිඳිල තියෙන්නෙ. 2022 ට පස්සෙ ඒ පක්ෂ එක්ක තිබුණ ජනතා සම්මුතීන් බිඳවැටුණ. ඒකට ගෝඨාභය රාජපක්ෂ වගේ අයගෙ භූමිකාවත් තීරණාත්මකව බලපෑව.  දැන් මිනිස්සු අලුත් දේශපාලනයක් 
බලාපොරොත්තු වෙනව. 
 
ඒ ජනතාව ඇවිත් මාලිමාව තමන්ගෙ කරගත්තා.දේශපාලනයේ ඔය උඩ ස්ථරය මොන සාකච්ඡා පවත්වමින් මොන සංධාන හදමින් ආවත් පල්ලෙහා ස්තරය තීරණය කරල ඉවරයි මාලිමාවට බලය දෙන්න ඕනෑ කියල. අපිට විරුද්ධව කඳවුරු සියල්ලම එකට එකතු වුණත්, ඒක අපට මේ වෙලාවෙ අභියෝගයක් නෙවෙයි. අපි ජයග්‍රහණය කරන තත්ත්වය තහවුරු වෙලා තියෙන නිසා දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ, කඳුකරයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පක්ෂ සහ කණ්ඩායම් අපත් එක්ක එකතුවෙමින් තියෙනව. ඒක හැමදාම තිබුණ දේශපාලන ප්‍රවණතාවක්. ජයග්‍රහණය පැහැදිලි පාර්ශ්වය වටා විවිධ කොටස් එකතුවීම සාමාන්‍ය දේශපාලන ලක්ෂණයක්.
 
මේ වගේ තීරණාත්මක ඡන්දෙකදි අවසාන මොහොතේ විශාල පෙරළි සිද්ධවෙන්න පුළුවන්. නොසිතූ දේවල් වෙන්න පුළුවන්. නොයෙක් වංගු ගැහිලි වෙන්න පුළුවන්. ජයග්‍රහණය ගැන අධිතක්සේරුවක ඉඳල බොරු වළවල්වල වැටෙන්නත් පුළුවන් නේද?
අපි දේශපාලන බබ්බු නෙවෙයි. අපි දැන් කාලයක් තිස්සෙම මේ රටේ දේශපාලනය කරල හොඳට පදම් වෙලා තියෙන්නෙ. අපිට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි හොඳට කියන්න පුළුවන්. එහෙම බැරි දේශපාලන ළදරුවො නෙවෙයි අපි.
 
 
අපි, උඩ දේශපාලන වැඩකරන හැටිත් දන්නව බිම දේශපාලන වැඩකරන හැටිත් දන්නව. අපි හොඳ දේශපාලන නාඩියකින් වැඩ කරන ව්‍යාපාරයක්.
ඒ කියන්නෙ අනුර කුමාර ඊළඟ ජනාධිපති කියන එක “වැඩේ ෂුවර් - බඩේ බත් වගේ” මට්ටමේ ද තියෙන්නෙ?
ඉස්සර කිව්වෙ බිම ජනතා විමුක්ති පෙරමුණට නෑ කියල. ගම ජනතා විමුක්ති පෙරමුණට නෑ කියල. දැන් බිමත් අපට ඉන්නව උඩත් අපට ඉන්නව. ගමත් අපට ඉන්නව. නගරෙත් අපට ඉන්නව. මාලිමාව වටා ජනතාව එකතු වුණෙ රැල්ලකට නෙවෙයි. අනුර කුමාර දිසානායක වටා ජනතාව එකතුවුණේ රැල්ලට නෙවෙයි. ඒ එකතු වුණේ විශ්වාසය මත. රැල්ලට එන අය ඡන්දෙ කිට්ටුව වෙනස් 
වෙන්නත් පුළුවන්.
 
මේ වෙලාවෙ මාලිමාව තෝරගැනීම ජනතාවගේ අවබෝධය මත සිද්ධවෙන දෙයක්. ඒක නිසා ඉතිහාසයේ  වගේ මේ වතාවෙ ජනතාව එහාට මෙහාට පනින්නෙ නෑ. දේශපාලකයො නම් ඉදිරියෙදි එහාට මෙහාට පනියි. දැන් මාලිමාව කියන්නෙ වෙන දෙයක් නෙවෙයි ජනතාවම තමයි. ජනතාව කියන්නේ මාලිමාව තමයි. මේක වෙනස් තත්ත්වයක්. රටක මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නෙ සමහරවිට දශක ගානකින්. ඉතිං මේ වගේ තත්ත්වයක් ප්‍රතිගාමී බලවේග සසල කරන්න සමත් වෙනව තමයි. මාලිමාවේ ජයග්‍රහණය අනුර කුමාරගෙ ජයග්‍රහණය නොවැළැක්විය හැක්කක්.
 
හැබැයි, ලොහාන් රත්වත්තෙල වගේ උදවිය නම් කියන්නෙ එයාල මැරෙනකම් අනුරලට දිනන්න දෙන්නෙ නෑ, වගේ කතන්දර. බය නැද්ද මේවට?
 
කතාවක් තියෙන වනෙ පිස්සො කලබල වුණාට දොස්තරල කලබල වෙන්නෙ නෑ කියල. ඉතිං එක එක පිස්සො එක එක කතා කියයි. අපි ඕව පස්සෙ එළවන්න ඕනැ නෑ. අපි ලොහාන්ට අනුකම්පා කරනව. මොකක් හරි අවුලක් තියෙනවනම් වෙලාවට ප්‍රතිකාර ගන්න කියල තමයි එයාලට කියන්න තියෙන්නෙ. මේ වගේ අයට ඇමතිකම් දීල හුරතල් කර කර තමයි රනිල් වික්‍රමසිංහ ඊළඟ පාරත් ජනාධිපති වෙන්න හදන්නේ. රටේ ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගන්න කියල තමයි අපි මතක්  කරන්නේ.
 
ඔබ ලොහාන්ට නුවරදිම උත්තර දෙමින් කිව්ව ඉක්මනට මැරෙන්න එපා, මාලිමාව රට හදන හැටි බලලම මැරෙන්න කියල. බලය ගත්ත වගේ නෙවෙයි රට 
හදනන පුළුවන් ද?
 
අපි අපේ, රට හදන වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරල තියෙනව. අපිට ප්‍රායෝගික සැලසුම් තියෙනව මේ රට සංවර්ධනය කරන්න. අපි එක්ක ඒ සඳහා ප්‍රාමාණික මිනිස්සු ටිකක් ඉන්නව. අපිට කැබිනට් එකට දාගන්න කවුද ඉන්නෙ කියල අහන්නෙ අවුරුදු හැත්තෑවක් රට උලා කාපු සෙට් එක. හොරකම්වලට දූෂණවලට නඩු පිට නඩු වැටිච්ච සෙට් එක.පහුගිය කාලෙ කැබිනට් එකේ රජකරගෙන ඉඳපු සමහරු හොරකම්වලට අද ඉන්නෙ හිරේ. එළියෙ හිටියට මේ සෙට් එකෙන් ගොඩක් අය ඉන්න ඕනැ හිරේ තමයි. එහෙම උන් අපෙන් අහනව කවුද කැබිනට් එකට දාන්නෙ කියල. අපි කයිවාරු ගහන්නෙ නෑ. වැඩ කරල පෙන්නන්නම්. අපේ වැඩපිළිවෙළ රට හදන්න පුළුවන් එකක් කියල අපිට තහවුරුයි. ඒක ජනතාවටත් තහවුරු වෙන දවස වැඩි ඈතක නෑ. අපි මේ වෙලාවෙ වෙනස් කරන්නේ පුද්ගලයෙක් නෙවෙයි ක්‍රමයක්. අපි මේ වෙනස් කරන්න සූදානම් වෙන්නෙ දේශපාලන සංස්කෘතියක්. මේ  දේශපාලන පෙරළියෙ කොටස්කරුවො වෙන්න කියල අපි මේ ජනතාවට කියන්න කැමතියි
සාකච්ඡා සටහන | 
ප්‍රියන්ත කොඩිප්පිලි
 
ජනාධිපතිවරණ උණුසුම රළ නඟමින් තිබේ. කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමග 
කළ සාකච්ඡාවකි.

ජනාධිපතිවරණය ගැන දැන් තියෙන තක්සේරුව?

ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බෑ.

ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. සමහරු කියනව පළාත් පාලන ඡන්දය වගේ ජනාධිපතිවරණයත් අතුරුදන් 
වෙයි කියලා?
මේ වෙනකොට එහෙම උත්සාහයක ඉන්න බව අපට බොහොම පැහැදිළිව පේන්න තියෙනවා. මේ වෙනකොට අධිකරණය තුළත් පාර්ලිමේන්තුව තුළත් එහෙම වංගුවක් ගහන්න උත්සාහ කරන බව අපට පේනවා. ඒක ඉතාම පැහැදිලියි.

ඒක එහෙම නම් සජබෙ මොකද කරන්නේ?

ඔව්! ඔය මොන උත්සාහය ගත්තත් අපිට ඒක වළක්වන්න පුළුවන්. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී ඕනෑම ක්‍රියා මාර්ගයකට මුහුණදීලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන්න සමගි ජන බලවේගය හැටියට අපි නායකත්වය අරගෙන කටයුතු කරනවා විතරක් නොවෙයි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ගන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබිලා. ඒ පැත්තෙන් ආණ්ඩුව වේගයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා?
ඔව්. ඉතා පැහැදිළිව ඒ පැත්තෙන් වේගවත්. නමුත් 22 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙක ලබා දෙන්න අපි කටයුතු කරන්නේ නෑ.

ජයග්‍රහණය කරන්න නම් සමගිය අවශ්‍යයි. නමුත් සමගි ජන බලවේගය තුළ නැත්තෙත් සමගියයි?

නෑ. එහෙම එකක් නෑ. සමගි ජන බලවේගය තුළ ඉතා හොඳ සමගියක් තියෙනවා. ඔය ඔබ කියන විදියේ කිසිම ප්‍රශ්නයක් අපේ පක්ෂය තුළ නෑ. අනික දැන් ඔක්කොම ශුද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි 
ඇත්තටම ශක්තිමත්?
ඔබේ පක්ෂයේ සභාපති කවුද? සරත් ෆොන්සේකා සජිත් ප්‍රේමදාසටයි අනිකුත් නායකයන්ටයි හතර අතේ නෙළනවා?

ඒකයි මම කිව්වේ දැන් ඔක්කොම ශුද්ධ වෙලා තියෙන්නේ කියලා. කුණු රොඩු ඔක්කොම අයින් කරලා අයින් වෙලා තියෙන්නෙ.
ඒ කියන්නේ සරත් ෆොන්සේකා සජබ සභාපති ධුරයෙන් පැන්නුවා?

නෑ. එතුමා සමගි ජන බලවේගයේ හිටියට සභාපති ධුරයේ නාමිකව හිටියෙ. එතුමා පක්ෂයේ කිසිම වැඩ කටයුත්තකට සහභාගි වෙන්නේ නෑ.
කළුතර දිස්ත්‍රික්කයේ රැස්වීම්වලට මන්ත්‍රී රාජිත සේනාරත්නට එන්න දෙන්නෙ නෑ. මෙහෙමද ඉස්සරහට යන්න හදන්නේ?

රාජිත සේනාරත්න මැතිතුමා පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා. එතැන තියෙන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක්. එහෙම නැතිව වෙන දෙයක් නොවෙයි.
සජබ සමග ඉන්න සුළු ජාතික පක්ෂ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දේවි කියලත් කියනවා?
නෑ. එහෙම වෙන්නේ නෑ. ඉතා පැහැදිළිව ඔවුන් සමගි ජන බලවේගය තුළ ශක්තිමත්ව ඉන්නවා. ඉදිරියේදී ඔබට දැකගන්න ලැබේවි. අපේ සන්ධානය ශක්තිමත් කරන තවත් බලවේග එකතු වෙන හැටි.
පොහොට්ටුවේ සහාය ලැබුණොත්, සමගි ජන බලවේගයෙන් පළුවක් ගලවලා ගන්න සමත් වුණොත්, ඒක රනිල් වික්‍රමසිංහට වාසියි නේද?
“වුණොත්” කියලා අප හුඟක් දේවල් උපකල්පනය කරන්න පුළුවන්. නමුත් ඒවා වෙන්නේ නෑනේ. ඉතා පැහැදිළිවම පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා. පොහොට්ටුව දෙකට කැඩෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්වෙන්න කිසිම කෙනෙක් සමගි ජනබලවේගය තුළ ඇත්තෙත් නෑ. අපි තව තවත් ශක්තිමත්ව ඉදිරියට යනවා.
ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබ ඉන්නේ ඒකාන්ත විශ්වාසයෙන්?
ඔව්! අනිවාර්යයෙන්ම. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අවසාන පොහොය කිහිපය. ඒක 
මතක තියාගන්න.
සාකච්ඡා සටහන | 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
 
රනිල් ජනාධිපතිවරණයට එනවා කියන නිල පණිවිඩය පරක්කු ඇයි?    
 
පරක්කුව තියෙන්නේ අපේ නෙමෙයි. මැතිවරණ කොමිසමේ. කොමිසම ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කළාට පස්සේ අපිත් නිල වශයෙන් රනිල් එන බව කියන්නම්. එජාපයේ හෝ රනිල්ගේ කිසිම පරක්කුවක් නැහැ. මැතිවරණ කොමිසම කාර්යභාරය ඉටු කළ පසු අපේ 
කාරිය කරන්නම්.
මේ ජනපතිවරණයේදී තරගය තිබෙන්නේ  මාලිමාව සහ සජබ අතර පමණක් නේද? රනිල් ඒ තරගයේවත් නෑ නේද?
ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට පෙර සජබෙ සහ මාලිමාව අතර සටනක් ඇති. නමුත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කොට මැතිවරණ ව්‍යාපාරය ඇරැඹූ පසුව ඔය කාටත් සටන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ සමගයි. ජනපතිවරණයේ ප්‍රතිඵල ගණන් කරන විට සටන තිබී ඇත්තේ කා සමග දැයි හොඳට බලාගන්න පුළුවන්. වැඩ පෙන්නපු නායකයා වටා රටේ ජනතාව පෙළගැසෙමින් සිටිනවා. 
 
විශේෂයෙන් ජාතික ජන බලවේගයට ලොකු රැල්ලක් ඇති බව ඇහැට 
පේන්න තියෙනවානේ.
සල්ලි ගෙවලා පේජ් හදාගෙන රැලි නිර්මාණය කරන්න කාටද බැරි. මහ පොළොවේ නියම රැල්ල හොයාගන්න පුළුවන් ඡන්ද ගණන් කරද්දී. ඔය කෘත්‍රිම රැලි ඒ ඇත්ත රැල්ලට යටයි.
එක පැත්තකින් ඡන්දෙ කල් දාගන්න පෙත්සම් දාලා අනිත් පැත්තෙන් ඉක්මනට ඡන්දෙ තියන්න කියලා ඉල්ලන්න මැතිවරණ කොමිසමට යනවා වගේ, දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියක් එජාපය රඟපානවා කියා චෝදනාවක් තිබෙනවා.
 
දවල් මිගෙල්ට වඩා මේ රටේ ඔප්පු වෙච්ච කාරණය තමයි පුහුල් හොරා කරෙන් දැනේ නාට්ටිය. ඡන්ද කල්දාන පෙත්සම් පුහුල් ගෙඩිය බිම තියන්නත් කලින් පුහුල් හොරා මාට්ටු. ඡන්ද කල් දාන පෙත්සම අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා නිසා මේ ඡන්ද කල් දාන වැඩේ සජිත්ගේ ගුණ්ඩුවක් කියල පැහැදිලියි. එයා ගුණ්ඩුව අඹරලා එජාපයේ ඇඟේ තියන්න හැදුවා. නමුත් ඒක අතේ පත්තු වුණා. කලින් සැලසුම් කළ නාටකය පුහුල් හොරා එක්කම 
මාට්ටු වුණා.
අනෙක ව්‍යවස්ථාව සංශෝධනය කර ජනමත විචාරණයකට යන්න හදනවා කියලත් ඇතැමුන් කියනවා. සංශෝධනය කරන්න තියෙන්නේ ලොකු දෙයක් නෙමෙයි. ජනපති ධුර කාලය වසර පහක් සහ හයක් වශයෙන් ව්‍යවස්ථාවේ දෙවිධියකට සඳහන් වන කාරණය නිවැරදි කිරීමක් පමණයි මේ සංශෝධනයෙන් වන්නේ. ඒක මැතිවරණයට අදාළ 
කාරණයක් නොවේ.
 
රනිල් ප්‍රශ්න කල් දානවා පමණයි, විසඳුම් දෙන්නෙ නෑ  කියන චෝදනාවට ඔබ දෙන පිළිතුර කුමක්ද?
 
ඒ චෝදනාව ඇත්ත නම් තාම තෙල් නැව් ගෑස් නැව් මුහුදේ තියෙන්න ඕන. ඉන්ධන හල්වල තාම තෙල් නැතිව තියෙන්න ඕන. තාමත් රටට විදුලිය නොමැති වෙන්න ඕන. සින්නක්කර ඉඩම් අයිතිය නොදී ඉන්න ඕන. අවුරුදු 75ක් තිස්සේ කල් දැමූ ප්‍රශ්නවලට රනිල් පිළිතුරු ලබාදෙමින් සිටිනවා.
ප්‍රශ්න කල් දානවා නම්, බංකොලොත් රටේ රජයේ සේවකයින්ට රුපියල් 10000කින් පඩි වැඩි කරන්නේ මොකටද? සාගින්දරේ සිටින පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්නේ මොකටද? මේ වගේ සහන දහසකුත් එකක් කියන්න පුළුවන්. ඇත්තටම රනිල් කරන්නේ කල් දැමූ ප්‍රශ්නවලට උත්තර දෙමින් සිටීමයි. එමෙන්ම ඔහු අනාගත ප්‍රශ්නවලටත්  පිළිතුරු සොයමින් සිටිනවා. 
සජබෙන් එනවා කියන පිරිස කෝ ? ඒ කතා කටින් බතල කොළ සිටුවීමක් විතර ද?
සජබෙ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කිහිප දෙනා විතරක් නෙමෙයි නේ. විසිහත් ලක්ෂයක් ඔවුන්ට ඡන්දය දුන්නා. දැන් වඩිවෙල් සුරේෂ් සමග කණ්ඩායමක් ආවේ, ඒ අය සජබේ නෙමෙයිද?සමරවීර වීරවන්නි එක්ක ආපු කණ්ඩායම සජබෙ නෙමෙයිද? සජබෙට ගිය පළාත් පාලන මන්ත්‍රීවරු, සභාපතිලා විපක්‍ෂ නායකලා ආදී විශාල පිරිසක් මේ වෙනවිට එජාපය සමග එකතු වෙමින් සිටිනවා. 
 
උතුරු - නැගෙනහිර සහ වතුකරයේ ඡන්ද රනිල්ට ලබා ගන්න තිබෙන සැලසුම කුමක්ද?
 
වතුකරයේ වඩිවෙල් සුරේෂ්, ජීවන් තොණ්ඩමාන් සහ ඔහුගේ කණ්ඩායම, එමෙන්ම එජාපයේ කේ. කේ. පියදාස සමග ඉන්න වෘත්තීය සමිති කණ්ඩායම, නැගෙනහිර වියාලේන්ද්‍රන් පිල්ලෙයාන්, කරුණා අම්මාන්, හීරෝ සංවිධානය, ටී.එන්.ඒ. මුස්ලිම් කණ්ඩායම් උදව් කරන්නේ රනිල්ට.
පොහොට්ටුව පක්ෂයක් ලෙස රනිල්ට සහාය දෙන්න තවම තීරණය කර නැහැ.
ඉදිරියේදී ඔවුන් තීන්දුවක් ගනීවි. දැනටමත් පොහොට්ටුවේ විශාල කොටසක් ඉන්නේ රනිල් සමගයි. ඔවුන් දැන් රනිල්ට උදව් කරන බවට වේදිකාවේත් ප්‍රකාශ කරමින් සිටිනවා.
 
රනිල්ට ජනපතිවරණය දිනන්න පුළුවන් කියා ෂුවර් ද?
 
මේ මැතිවරණයට ඡන්ද එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් තිබෙනවා. දිනන අපේක්ෂකයා එයින් ඡන්ද හැත්තෑ ලක්ෂයක් ලබාගත යුතුයි. සියයට අසූවක් ඡන්ද පාවිච්චි වනු ඇතැයි අප උපකල්පනය කරනවා. එසේ වුවහොත් ඡන්ද එක්කෝටි හතළිස් ලක්ෂයක් පාවිච්චි වෙනවා. දිනන අපේක්ෂකයා එයින් ඡන්ද දෙකෙන් පංගුවක් ගත යුතුයි.
2020 මහ මැතිවරණයේ දී ජාජබ හාර ලක්ෂ හතලිස් පන්දහසක් ඡන්ද ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් තව ඡන්ද හැටපන් ලක්ෂ පනස් දහසක් උපයාගත යුතුයි. එසේ නම් සෑම දිස්ත්‍රික්කයකින්ම ඡන්ද තුන්ලක්ෂ දහ අට දහසක් මාලිමාව ඡන්ද ගත යුතුයි. වන්නිය සහ ත්‍රිකුණාමලයේ එතරම් ඡන්ද සංඛ්‍යාවක් ලියාපදිංචි 
වෙලත් නැහැ.
 
සජිත්ට ඡන්ද පනස් හතර ලක්ෂයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂය සමග සිටියදීයි. එජාපය අත්හැරියාම සජිත්ට වුණේ නයා පොළේ ගියාම වෙච්ච වැඩේ. මහ මැතිවරණයේදී ඔහුට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණයි. එයිනුත් දිගම්බරම්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, වඩිවිල් සුරේෂ්, රාධා ක්‍රිෂ්ණන් අයගේත් ඡන්ද සමගයි මේ ගණන. ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද සජිත්ගෙන් ඉවත් වෙනවා. එමෙන්ම උතුරු නැගෙනහිර ජනතා නියෝජිතයන් වැඩි හරියක් දැනටමත් සිටින්නේ රනිල් සමගයි. ඒ කියන්නේ මේ වෙනවිට සජිත් ප්‍රේමදාස විසිහත් ලක්ෂයෙන් තවත් පහළට බැහැලා. එමෙන්ම සජබෙට ගිය විශාල පිරිසක් මේ වෙනවිට එජාපය සමග වැඩ කටයුතු කරමින් සිටිනවා. 
ගිය මැතිවරණයේදී රනිල් ඡන්ද ලක්ෂ දෙකහමාරක් ගත්තා. එදා තිබූ බෙදීම නිසා එජාපයේ ලක්ෂ විසි හතක් ඡන්දය දුන්නේ නැහැ. ඔවුන් දැන් එජාපය සමග සම්බන්ධ වී සිටිනවා. රනිල් කැම්පේන් පටන් ගන්නේ ලක්ෂ තිහේ සිටයි. පොහොට්ටුවේ ලක්ෂ හැට නවයෙන් ලක්ෂ තිහක් ලැබුණත් රනිල් ලක්‍ෂ හැත්තෑව ලබාගෙන ඉලක්කයට ගොස් හමාරයි.
සජිත් පටන් ගන්නේ ලක්ෂ අටේ හෝ දහයේ සිට. මාලිමාවට පටන් ගන්න තියෙන්නේ ඡන්ද ලක්ෂ හයේ සිට. ඉතින් රනිල් දිනනවා ද? නැද්ද? කියන එක අහන්නත් දෙයක් ද?
සාකච්ඡා සටහන | 
අංජුල මහික වීරරත්න



අදහස් (0)

ජනපති සටන

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1079 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6360 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6174 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2189 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site