(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය ජනවරමට පිටුපා අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ ගිවිසුමම තවදුරටත් ක්‍රියාත්මක කරනවා යැයි - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂයේ සිටි කාලයේ අයි.එම්එෆ් ගිවිසුමේ ඇති අඩුපාඩුකම් ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවෙනවා කිව්වත් බලය ලැබුණු පසු ඒ පොරොන්දු කඩකරමින් සිදු කළ මෙම ක්‍රියාව බරපතල පාවාදීමක් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවක් අමතමිනි.
එදා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ණය තිරසරණකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බව වුවත් දිනපු ගමන් කියපු දේ අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය එකඟ වූ රටට අවාසිදායක ගිවිසුමකට යාම බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්න ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදුවන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්දයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවත් ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතු බවත් ඔහු සඳහන් කළේය.
රටේ ණයබරතාව වැඩිවන විට සෞඛය අධ්‍යාපන කෘෂිකර්ම ධීවර ක්ෂේත්‍රවල ගැටලු රැසක් ඇතිවන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ජනපති අනුර රනිල්ගේ ගිවිසුම ක්‍රියාත්මක කරනවා‘‘
Mohamed Monday, 09 December 2024 05:51 PM
අම්මෝ බූරු පුතාගේ කතා අහන්න අහපු හරක් සෙට් එක...
NimalWednesday, 11 December 2024 06:54 PM
සජිත් අනුරට බනිනවා, අනුර රනිල්ට බනිනවා, හසල් පොල් මිල අධිකයි. මැතිවරණ සමයේ එක අත්සනින් කළහැකි බව පැවසු අනෙකුත් පොරොන්දු ආණ්ඩුව කල් දානවා.
ravin Monday, 09 December 2024 07:11 PM
පොඩි බබෙක් වගේ දොඩවන්නේ නැතිව පොඩ්ඩක් හිතලා බලන්න.යම් ගිවිසුමක් අත්සන් කළ පසු එය ඒකපාර්ශිකව වෙනස් කළ නොහැක. එක් පාර්ශවයක් ගිවිසුමක් වෙනස් කළොත් අනෙක් පාර්ශවය ඊට වන්දි ගෙවිය යුතුවේ. කරුණාකර නිසි උපදෙස් ගන්න. උදාහරණයක් ලෙස පසුගිය දිනවල අවලංගු කළ එයාර් බස් ගිවිසුම...
Saththaya Monday, 09 December 2024 09:27 PM
මොන පුතාණෝද කියලා නම වැටුනේ නිකම්ම නෙමේ. ඒක නියමෙට ගැලපෙනවා...
pj Tuesday, 10 December 2024 04:22 AM
ඔහේ ආවත් කරන්න වෙන්නේ ඒකම තමයි.
Willows Drive Tuesday, 10 December 2024 07:13 AM
හලෝ අනුන්ට උපදෙස් දෙන්න කලින් නායකකම ආරක්ෂා කරගන්න බලන්න. ජාල 4 පුරවපු දාට සජබේ කෑලිවලට.... හාහාහා...
sam Tuesday, 10 December 2024 07:20 AM
එහෙමවත් කියලා, විරුද්ධ පක්ෂ නායක කම බේරාගන්න මචෝ...!
විදුර Tuesday, 10 December 2024 07:23 AM
කමක් නෑ, ගෝඨාභය පෝර නතර කළා වගේ එකපාරටම සිස්ටම් චේන්ජ් කරන්න බැහැනේ සජිත් මාමේ...!
antonyto Tissera Friday, 13 December 2024 09:37 AM
කාගේ උණත් යෝග්‍ය ගිවිසුම සැලසුම් ක්‍රියාත්මක කළාට කමක් නෑ රජය මුදල් දේපල අවභාවිතා කරන්නේ නැත්නම්
antonyto Tissera Friday, 13 December 2024 09:38 AM
කාගේ වුණත් යෝග්‍ය සැලසුම් ක්‍රියාත්මක කලාට කමක් නැ රජයේ මුදල් අවභාවිතා කරන්නේ නැතුව
Kamal Koyrala Monday, 16 December 2024 05:44 PM
NNP මේ කතාව සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා විවාදයකට කැඳවන්න සූදානම්...!