(නිමල කොඩිතුවක්කු)
පවතින ජන්ද ක‍්‍රමයත් වෙනස් කර ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇති වන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුම කාර්යාලයේදී අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“බොහොම දෙනෙක් මේ ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කථාවක් තමයි මේ බුද්ධාගමට තිබූන තැන නැති කළා කියළා. බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප‍්‍රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න ඕනැයි කියළා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් මේ දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ.
නමවන වගන්තිය 10 සහ 14 වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම්වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනවනම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉදන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.“
පළවෙනියට ජනාධිපතිගේ බලය ඉවත් වූණේ 13 වන සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වන සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප‍්‍රමාණයක් ඉවත් වූණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තියෙන ජනාධිපති ධුරය අහොසි කළ යුතුයි - මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙළින්ම ජනාධිපති ජනතාව පත්කරළා තියෙන්නේ ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපතිධුරයක් ඇති කරලා ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කරලා තියෙන්නේ. මේ ජන්ද ක‍්‍රමයත් වෙනස් කරලා ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළොත් නම් රට අස්ථාවර වෙනවා. ඒක වළක්වන්න බැහැ .රටට පාලනයක් නැති වෙලා යන තත්ත්වයක් ඇති වෙනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ජනපති ක්‍රමයත් අහෝසි කළොත් රට අස්ථාවර වෙයි
Rahula Senanayake Wednesday, 04 October 2017 02:59 AM
ජනාධිපති ධූරය අහෝසි නොකල යුතුයි එය රටට උවමනයි