IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’

(විනීතා එම්. ගමගේ)

“මෙපමණ කලක් ධනවතුන්, බලවතුන්, දේශපාලනඥයන් පසුපස ගිය තාරුණ්‍යයට යටත් විජිතභාවයෙන් මිදී කොන්ද කෙළින් තබාගෙන ජන සමාජයේ විශිෂ්ටයින් බවට පත්වීමේ මාර්ගය උදාකරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ තරුණ-තරුණියන් සමග තරුණ ප්‍රඥප්තියකට අත්සන් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තරුණ-තරුණියන් සමග තරුණ ප්‍රඥප්තියට එළැඹුණේය.

කොළඹ - සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තරුණ සමුළුවට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

“තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට තාරුණ්‍යයට ප්‍රඥප්තියක් නිර්මාණය කර ඇතිකර ගන්නා වූ සමාජ ගිවිසුම රටේ ජනාධිපතිවරයා ලෙස පළමු මාස 3 ඇතුළත පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත්කර තාරුණ්‍යයට දිය යුතු උපරිම ශක්තිය දෙන්න මා ප්‍රතිඥා දෙනවා.

දළ වශයෙන් ගත්තොත් රටේ ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණය යොවුන් පරපුරයි. ඔවුන් ක්‍රීඩාව, කලාව, සංගීතය, ව්‍යවසාය, ආයෝජන, අධ්‍යාපන යන හැම අංශයකින්ම ඉතා ඉහළ මට්ටමක ඉන්න පිරිසක්. අපේ අනාගතයේ විශාලම ආයෝජනය රටේ තාරුණ්‍ය වන ඔබයි.

රටට ප්‍රතිඵලදායී සංවර්ධන ගමන දියත් කළ හැක්කේ තාරුණ්‍ය බලසතු කිරීමෙන් පමණයි. මගේ අරමුණ රට තුළ විධිමත් ශීඝ්‍ර සංවර්ධන රටාවක් නිර්මාණය කිරීමයි. ඒ නිර්මාණශීලී රට ගොඩනගන ගමනේ වගකීම තරුණ්‍යයට පවරනවා.

තරුණ පරපුර වෙනුවෙන් මෙවැනි ප්‍රඥප්තිය නිර්මාණය කළේ මා දන්නා තරමින් ආසියා බල ප්‍රදේශයේ ප්‍රථම වතාවටයි. ප්‍රථම වතාවට මේ ප්‍රඥප්තිය නිර්මාණය කර තරුණ ආකල්පවලට, සිතුවිලිවලට, අපේක්ෂාවලට මුල් තැන දී තාරුණ්‍යයේ හඬට රටේ නීති රාමුව තුළින් විධිමත් ශක්තිය දෙන්න මා මේ ප්‍රඥප්තිය එළිදක්වනවා.

රටේ තිරසර සංවර්ධන රටාව ක්‍රියාත්මක කිරීමේදී තරුණ ඔබේ දායකත්වය අත්‍යාවශ්‍යයි. රටේ සංවර්ධනයේ සාර්ථක ඉලක්ක කරා යන්න තාරුණ්‍යයේ ජවය සහ පන්නරය බොහෝ ලෙස ඉවහල් වෙනවා. පසුගිය කාලය පුරාවටම යොවුන් පරපුරත් සමග සාකච්ඡා කර අදහස් හුවමාරු කරගෙන, වාද, විවාද පවත්වා ප්‍රධානතම වශයෙන් ධාරා 14ක් ඔස්සේ රටේ තාරුණ්‍යයට ශක්තිය දෙන්න මා කැප වෙනවා.

රටේ තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසි දිනක නොදුන් ශක්තිමත් ස්ථාවරයක් මගේ ප්‍රඥප්තිය හරහා ලැබෙනවා. ප්‍රඥප්තියේ ප්‍රධාන අරමුණු ලෙස ඕනෑම තරුණයෙකුට, තරුණියකටම තමන් කැමති සමාජීය, දේශපාලන, ආර්ථික ගමනක නිරත වෙමින් ඕනෑම අංශයකින් ඉහළට යා හැකි ගමන් මාර්ගයක් හැදෙනවා. එය නීතිය බවට පත් වෙනවා.

රට සංවර්ධනය කිරීමේ තිරසර ගමනේදී තරුණ ජවය රටේ ශක්තියක්. රට සංවර්ධන ගමනේ ප්‍රධාන පුරුක නායකත්වය තරුණ පරපුරට දෙනවා. එයයි මෙහි වගකීම හා වැඩපිළිවෙළ.

දේශීය හා විදේශීය සෑම අභියෝගයකට තරුණ ජවය, හැකියාව තුළ රාමුවෙන් පිට පැන අලුත් විදියට හිතා නව නිර්මාණ තුළින් රට ශක්තිමත් කරන ආකාරය ආදී සෑම කරුණකදීම තාරුණ්‍යයට සුදුසු තැන, ප්‍රධාන තැන දෙන්න මා ලැහැස්තියි.

ලෝකයේ සෙසු රටවල් අත්දකින ඩිජිටල් විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමේ උපදෙස් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම නිකුත් කරනවා.

සෑම කොට්ඨාසයකම නවීන, ජාත්‍යන්තර තලයේ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. එයින් ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නිදහස් අධ්‍යාපනයට ඇතුළත් වෙනවා. රට පුරා ජීවත්වන ජාති, ආගම්, කුල මල, පන්ති බේදයෙන් තොරව තාක්ෂණ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර දෙනවා.
විශිෂ්ටතා මධ්‍යස්ථාන හරහා රටක් ලෙස ලෝක වෙළෙඳපොළවල් ආක්‍රමණය කරන්න හැකියි. ලොව තරණය කර ගෝලීය තාක්ෂණ අංශයේ විශිෂ්ටතම අංශය බවට අප රට නිර්මාණය කරන්න අවස්ථාව උදා වෙනවා.

රාජ්‍ය මැදිහත්වීම තුළ ලොව තරණය කර ලොව ජයග්‍රහණය කිරීමේ අභියෝගය වර්තමානයේ තාරුණ්‍යයට දෙනවා. මෙරට තාරුණ්‍ය, තාරුණ්‍යයේ හැකියාව පිළිබඳ මට තිබෙන්නේ අසීමිත විශ්වාසයක්. ලෝකයේ විශිෂ්ටතම තරුණ-තරුණියන් සිටින්නේ අප මාතෘ භූමියේ කියා මා අභිමානයෙන් කියනවා.

තරුණ පරපුරේ විශිෂ්ටත්වයට, සැඟවුණු කුසලතාවට, නිපුණත්වයට ලැබිය යුතු ඉහළ සැලකිල්ල දෙන්න මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. 16 වැනිදාට නිර්මාණය වෙන්නේ තරුණ තරුණියන්ට ශක්තිය ලැබෙන ඓතිහාසික යුගයයි.

සභාවේ නිර්මාණය වූ කතා හා අදහස්වල ගැඹුරු අර්ථ රැසක් තිබුණා. ජනාධිපතිවරයා කියන්නේ රටේ අයිතිකාරයා නොව තාවකාලික භාරකරුවායි. ඔහුගේ වගකීම දේපළ හා සම්පත් අරපිරිමැස්මෙන් විධිමත කළමනාකරණයකට ලක් කර රටේ උන්නතිය ජාතික අවශ්‍යතාව සඳහා යෙදවීමයි. ඒ පූර්ණ වගකීම හා වගවීම රටේ ජනාධිපතිවරයා සතුයි.

පොදු ජනතාවගේ හා තරුණ පරපුරේ අදහස්වලට ගරු කරමින් මෙරට දේශපාලන සංස්කෘතියේ පැහැදිලි, ගුණාත්මක, හරාත්මක වෙනසක් ඇති කරන්න මා අපේක්ෂා කරනවා. මෙරට බදු ගෙවන්නන්ගේ මුදලින් ස්වකීය පෝෂණය හා සුබසාධනය ප්‍රමුඛතාව කර ගත් ජනාධිපතිවරයකු වන්න මගේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. රටේ සුගතිය උදෙසා මෙරට බදු ගෙවන්නන්ගේ මුදල්වලින් තීරු බදු සහිත වාහන රටේ ජනාධිපතිවරයාගේ සිට පාලකයන්ට ගෙන්වූ පාලනයට මා තිත තබනවා.

රටේ ආණ්ඩු වෙනස් වී අලුත් ආණ්ඩු බිහි වෙන විට අලුත් සම්ප්‍රදායක් පසුගිය කාලේ බිහිවුණා. අලුත් ආණ්ඩු බිහි වෙන හැම වෙලාවකම අමාත්‍යාංශවලට, ඇමැතිවරුන්ට, අධිසුඛෝපභෝගී වාහන ගෙන්වනවා. මා මේ වෙලාවේ ප්‍රතිඥා දෙනවා. පරමාදර්ශී ජනාධිපතිවරයකු ලෙස මගේ භාවිතයට වෙඩි නොවදින හෝ වෙඩි වදින කිසිදු අලුත් වාහනයක් ගෙන්වන්නේ නැහැ.

ඒ ක්‍රමවේදය තුළ අලුත් ආණ්ඩු බිහි වෙන හැම මොහොතෙම අලුත් වාහන ගෙන්වන සංස්කෘතිය මා තහනම් කරනවා. මෙරට පොදු දේපළ, පොදු සම්පත් තමන්ගේ පෞද්ගලික බූදලය හා සමානව පරිහරණය කළ යුගය මා වහ වහා නතර කරනවා.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති-ඇමැතිවරුන් පරිහරණය කරන රාජ්‍ය දේපොළ වැඩි ප්‍රමාණය මෙරට තරුණ පරපුරේ හා පුරවැසි පරපුරේ ප්‍රයෝජනයට යොදවන්න කටයුතු කරනවා.

තාරුණ්‍යයේ බලාපොරොත්තුව ශක්ති සම්පන්න ජව සම්පන්න ආරක්ෂිත සැනසිලිදායක උසස් ජීවන මට්ටමකින් යුතු ජන ජීවිතයක් ලැබීමයි. තරුණයන්ට මා ඉඳුරා පොරොන්දු වෙනවා එවන් යුගයක් බිහි කිරීමට මට කළ හැකි හැම දෙයක්ම උපරිමයෙන් කරන්න මා ලැහැස්ති වී සිටිනවා.

අද අත්සන් තබන තරුණ ප්‍රඥප්තිය රටේ ඉතිහාස පොතෙහි රන් අකුරෙන් ලියැවෙන තරුණ ප්‍රඥප්තියක් බවට පත් වෙනවා. මේ ප්‍රඥප්තිය නීති අණ පනත් හරහා රටේ නීතිය බවට පත් වූ පසු මෙතෙක් කල් ධනවතුන්, බලවතුන් දේශපාලනඥයන් පසුපස ගිය තාරුණ්‍යයට යටත් විජිත භාවයෙන් මිදී කොන්ද කෙළින් තබාගෙන ජන සමාජයේ විෂ්ටයින් බවට පත් වීමේ මාර්ගය නිර්මාණය වෙනවා.

16 වැනිදාට නිර්මාණය වන අලුත් යුගය හරහා ජව සම්පන්න, තේජස්වන්ත සද්ධන්ත ශ්‍රී ලංකාව බිහි වන බව කිව යුතුයි. ඒ වෙනුවෙන් මෙරට සෑම පුරවැසියකුටම සෞභාග්‍ය උදා වෙන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න මා ඔබට ආරාධනා කරනවා.
රටේ ග්‍රාම නිලධාරි වසම් 14,022ම සිටින ජාති, ආගම්, පන්ති බේදයෙන් තොර තරුණ පරපුරට මා සමග අත්වැල් බැඳ ගන්න එන්න. ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩපිළිවෙලට ඔබ සැමගේ ශක්තිය ජවය දෙන්න කියා නැවත ඉල්ලනවා යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

උත්සව සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවසීය.

“අපේ සමීක්ෂණවලට අනුව තවත් සියයට විස්සක් විතර ඡන්දදායකයින් ඉන්නවා. ඒ ඡන්දය කාට දෙන්නද කියා සිතන අයයි. ඔවුන් බහුතරය තරුණ පිරිසයි. සජිත් ප්‍රේමදාස මහතා රජ කරන්න නොව රටේ තාරුණ්‍යය රජ කරවන්න උත්සාහ ගන්නා කෙනා සජිත් ප්‍රේමදාසයි. ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති ආදී අත්දැකීම් රාශියක් තිබෙනවා.

ඔහු වැඩ කර පෙන්නූ කෙනෙක්. කවදාවත් හොරකම්, මිනීමැරුම්, දේපළ වංචා ගැන ඔහුට චෝදනා නැහැ. එවැනි චෝදනා නැති නිසයි ඔහුගේ සෙරෙප්පු දෙක, කලිසම ගැන කතා කරන්නේ” යැයි ද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

“රටේ දේශපාලනය කවදාවත් රටේ අනාගතය ඔබයි ඔබ මේක බාරගන්න කියා දෙන්නේ නැහැ. අපේ වගකීම අප විශ්වාස කරන, අප ජීවත් වෙන්න කැමති රටක් නිර්මාණය කිරීමයි. ඒ අවස්ථාව අද අපට ලැබිලා.

ලෝකය පවතින්නේ සත්‍ය හා අසත්‍ය මතයි. බුද්ධිමත් පිරිසක් නිසා සත්‍ය උදෙසා පෙනී සිටිය යුතුයි. අප ඇවිත් ඉන්නේ සජිත් ප්‍රේමදාස නමැති සත්‍යවාදියා ජයග්‍රහණය කරවන්නයි. සජිත් ප්‍රේමදාස මහතා අප දන්නා අයුරින් දේශපාලනයට ජීවිතය කැප කළ කෙනෙක්.

රටේ මැති ඇමතිවරුන් ගෙවල් දොරවල් ගනිද්දී රෝයල් පාක් එකේ වර්ග අඩි 1,500ක ගෙයක ඔහු ජීවත් වෙනවා. ඔහු රජයේ වාහන ගන්නේ නැහැ. ඉන්ධන ගන්නේ නැහැ. ඔහුට දුක් විඳින්න පුළුවන් බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා තිබෙනවා.”

උත්සව සභාව අමතා නිරෝජි කදිරමලෙයි නාදන්, නීතිඥ ඩිල්ෂාන් පතිරත්න සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් තරුණ පිරිස් උත්සවයට සහභාගි වූ අතර, පළාත් නමය නියෝජනය කරන නියෝජිතයින් 9 දෙනකු ඉදිරියේ සජිත් ප්‍රේමදාස මහතා තරුණ ප්‍රඥප්තිය අස්සන් කර ඔවුන් වෙත භාර දෙනු ලැබීය.



අදහස් (0)

’’තරුණයන්ට යටත් විජිත බවෙන් මිදෙන්න කාලය ඇවිත්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site