(ශ්රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද,ඡායාරූප ඉෂාන් සංජිව)
”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය.
ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවති උත්සවයකදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවූ එළිය සංවිධානය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
එහිදී තවදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා මෙසේද පැවසීය.
අවුරුදු තිහක් පැවති යුද්ධය අවසන් කරලා අපි එක්සේසත් කළ රට ව්‍යවස්ථාවක් මගින් හෝ පාවා දෙන්නට පුලූවන්කමක් නැහැ. අද නව ව්‍යවස්ථාවක් හරහා මේ අප ලැබූ ජයග‍්‍රහණය පාවාදෙනු ඇතැයි සැකයක් සමාජය තුළ පවතිනවා. ඒ නිසා අපි කල්පනා කළා මෙවැනි නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ, එවැන්නක් ගෙන එන්න එපා කියලා ආණ්ඩුවට බලකිරීම හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද එළිදකින එළිය සංවිධානයේ අරමුණයි.
දැනට පවතින ව්‍යවස්ථාවේ අඩුලූහුඬුකම් නැතුවා නොවේ. නමුත් අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට අපි විරුද්ධ වන්නේ එය ගෙන එනු ලබන්නේ කා වෙනුවෙන්ද? එය කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා මතයි. ඒ කාරණා සලකා බැලූවාම අපිට විශාල බියක් ඇති වෙනවා. මේ ගමන් කරන්නේ කොහාටද කියලා අපිට පේනවා.
එදා එල්ටීටීඊයට මුදල් එකතු කරපු, අවි ආයුධ ලබාදුන්නු කණ්ඩායම තමයි එදා ත‍්‍රස්තවාදය මගින් දිනාගන්න බැරිවුණ දේ අද වෙනත් මාර්ගයකින් ලබාදෙන්න මැදිහත් වන්නේ. එදා ගෙන ගිය ත‍්‍රස්තවාදයට එරෙහි යුධ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට බලපෑම් කළ විවිධ ජාත්‍යන්තර සංවිධානවල හා රටවල අවශ්‍යතාව මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ. ඒ වගේම මේ රට තුළ සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවට තමයි මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ.
අවුරුදු ගණනාවක් තිස්සේ සිවිල් වැසියන් ඝාතනය කරලා ම්ලේච්ඡු මිනීමරු සංවිධානය සියලූ ජන ජීවිත විනාශ කළා වගේම මුුලූ රටම විනාශ කළා. අද ඒ අය ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් ලෙස පෙනී සිටිමින් මේ රටට සාමය උදාකරන්න රට එක්සේසත් කරන්න කටයුතු කළ රණවිරුවන් ඇතුළු නායකයින් යුද්ධාධිකරණයට ගෙන යන්න උත්සාහ කරන අය තමයි මේ නව ව්‍යවස්ථාව සකස් කරන්න මුල්වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි එයට විරුද්ධ වන්නේ. ඒ නිසා තමයි අපි මෙයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න සූදානම් වන්නේ.
අපි දන්නවා අවුරුදු එකහමාරක කාලයක සිටම මේ කාර්යයට ඇප කැප වුණ ජාතික සංවිධාන ගණනාවක් තිබෙනවා. ඒ අයත් එකතු කරගෙන නායකත්වය දීලා වඩාත් පුළුල් සංවිධානයක් ලෙස ජනතාව අතරට ගෙන යන්න අපි සූදානම්. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගෙන එන ආණ්ඩුව ගැනත් අපිට කිසිම විශ්වාසයක් නැහැ.
අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ගැන ඇතිවූ සාකච්ඡුාවේදී මේ ආණ්ඩුවේ නායකයින් කිව්වා කවදාවත් එහෙම දෙයක් පිිහිටුවන්නේ නැහැ කියලා. හමුදා නායකයින්ට හා ජනතාවට කිව්වේ ඒක කෙරෙන්නේ නැහැ කියලයි. නමුත් අවසානයේදී එය සිදුවුණා. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සිදුකළේ කොහොමද කියලා අපි දැක්කා. රණවිරුවන්ට කිසිම පීඩාවක් ඇතිකරන්නේ නැහැ කිව්වා. නමුත් මේ වන විට හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරලා තිබෙනවා.
එවැනි ආණ්ඩුවක් ගෙන එන ව්‍යවස්ථාවක් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒක රටට භයානක ප‍්‍රතිඵල ගෙන එනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවෙන් ඇති විය හැකි හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට අප ගන්නා උත්සාහයට සහයෝගය දක්වන ලෙස ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ඕනෑම රටක ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඒ රටේ ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒකීය රටක් ලෙස පවතිනවාට වඩා බලය විමධ්‍යගත කිරීමේදී ඇති විය හැකි ආර්ථික ප‍්‍රතිවිපාක ගැන සැලකිලිමත් විය යුතුයි.
රටක ආර්ථිකය සාර්ථක වන්නේ ඒ රටේ මූලික ආර්ථික ක්ෂේත‍්‍රවල අන්තර් සම්බන්ධීකරණය හා ඒවායේ යහපත් ගමන ඔස්සේය. සාමාන්‍ය ජන ජීවිතයේ සාර්ථකත්වය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. එසේම රටක ආර්ථිකයට ගැම්මක් ඇති කරන්න හැකි වන්නේ මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර මගිනුයි. ඒවා සාර්ථකව ඉදිරියට ගියොත් තමයි කුඩා පරිමාණ කර්මාන්තවලටත් ශක්තියක් ලැබෙන්නේ.
මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර සඳහා අවශ්‍ය විදේශීය ආයෝජන රටට ගලා එන්නේ රටේ පාලන ව්‍යුහය වැඩි විමධ්‍යගතවීමක් නොමැති විටය. බලය විමධ්‍යගත වන විට ඔවුන්ට තමන්ගේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට විවිධ ආයතන රැුසක් කරා ගමන් කරන්නට සිදුවේ. ආයෝජකයෙක් තමන්ගේ ආයෝජනය සිදුකරන්නට යම් රටක් තෝරා ගැනීමේදී අනෙක් රටවල පවතින පහසුකම් සමග සසඳා බලනවා. ඒ රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පවතින ස්ථානය සලකා බලනවා. විශේෂයෙන්ම ආර්ථික නිදහස, නීතියේ ආධිපත්‍යය, සමාගම් කරගෙන යාමේ පහසුකම, මිනිස් සංවර්ධනය සහ ¥ෂණය පිළිබඳව සලකා බලනවා.
මේ ශ්‍රේණිගත කිරීම අනුව අන්ත ¥ෂිතයි පැවසූ 2006 -2014 රජයේ පාලන සමයේදී අපේ රට සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබුණද පසුගිය වසර දෙකක කාලය තුළ දැවැන්ත කඩාවැටීමක් සිදුවී ඇති බව පේනවා. ඒ නිසා ආයෝජනයන්ද දැවැන්ත ලෙස කඩා වැටුණා. ඒ නිසා දැනට පවතිනවාට වඩා තවත් බලය විමධ්‍යගත කළ පාලන ව්‍යුහයක් ඇති කළහොත් මේ දුර්වලතාවයන් තවත් උග‍්‍ර වෙනවා. එළිය සංවිධානය පිහිටුවමින් මේ නව ව්‍යවස්ථාවෙන් සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොමුවීම ඉතාමත් යහපත්.
මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.
අපි මේ නව ව්‍යවස්ථාව ගැන කතා කරද්දී සමහරු අපිට චෝදනා කරනවා තවමත් ඉපදිලා නැති දරුවෙක්ගේ හැඩරුව ගැන කතා කරනවා, ඒ අයට උප්පැන්න හදනවා කියලා. සමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි දක්ෂ වෛද්‍යවරයෙකුට දරුවෙක් ඉපදෙන්නම ඕන නැහැ ඒ දරුවාගේ තත්ත්වය ගැන කියන්න. මේ ව්‍යවස්ථාව ගැනත් ඒ වගේ තමයි.
ජාතිය, ආගම, පාට පදනම් කරගෙන මිනිසුන් බෙදා වෙන් නොකළ යුතු බවයි අපේ අදහස. එවැනි උවමනාවක් මේ රටට නැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීම අපේ යුතුකමක්, වගකීමක්. ඒ අයට උවමනා මොනවාද? ඔවුන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන්නේ හිසට සෙවණක්, ජීවත් වෙන්න මාර්ගයක්, දරුවන්ට උගන්වන්න පාසලක්. ඒ අය තමන්ගේ අවශ්‍යතාවන් ජාතිවාදී සංවිධානවලට භාරදීමෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
කලක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු ලෙස කටයුතු කළ අයෙක් තමයි අද උතුරේ මහඇමති වෙලා මේ රටේ බලය බෙදන්න කතා කරන්නේ. අපි කල්පනා කරන්න ඕන බලය බෙදපු රටවල මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ රටවල අභාවාචක අත්දැකීම් ගැන අධ්‍යයනය කළ යුතුයි. අපේ නව ව්‍යවස්ථාව හරහා කරන්න හදන්නේ මේ රට බෙදීමයි.
සමහරු කියනවා දහතුනෙන් එහාට අඟලක්වත් යන්න දෙන්නේ නැහැ කියලා. දහතුන කියන්නේ රට බෙදීමකට ගිය ව්‍යවස්ථාවක් තමයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා එහි ඇතැම් වගන්ති බලරහිත කරලා රට බෙදීයාම වැළැක්වූවා. දැන් උත්සාහ කරන්නේ දහතුනේ ඒ බල රහිත කළ වගන්ති ක‍්‍රියාවට නගන්නයි. වෙනම රටක් ඉල්ලා බැරි වුණාම, වෙනම පළාතක්, වෙනම ගමක් බැරි නම් වෙනම කුඹුරක්වත් දෙන්න කියලා ඉල්ලනවා. කුඹුර දෙනවා කියන්නේ රට ලබාගන්න දෙන උත්තේජනයක්. ඒ නිසා කුඹුරවත් නොදිය යුතු බවයි අපි කියන්නේ.
ආචාර්ය දයාන් ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මනුස්සයින්ගේ සෑම පරිවර්තනයක්ම ඔවුන්ගේ ඉදිරි ගමන සඳහා ඉවහල් විය යුතුයි. එසේ නොමැතිව ඒ ගමන ආපස්සට හරවන පරිවර්තනයක් නම් එය වැළැක්විය යුතුයි. නව ව්‍යවස්ථාවත් අපේ රට ආපස්සට ගෙන යන පරිවර්තනයක්. ඒ නිසයි අපි එයට විරුද්ධ වන්නේ.
ව්‍යවස්ථාවක් කියන්නේ රටක බලව්‍යුහයයි. එය රාජ්‍යයේ සාර්ථක, අසාර්ථක බවට බලපානවා. ඒ වගේම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී හරි හෝ වැරදි වුණත් ඒ සඳහා සංකල්පයක් තිබිය යුතුයි මේක කරන්නේ මේ සඳහායි කියලා. නමුත් මේ නව ව්‍යවස්ථාවට එවැනි සංකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ.
බලය බෙදීමෙන් ජාතීන් එකතු කළ රටවල් තිබෙනවා. නමුත් එකම ශල්‍යකර්මය හැම රෝගියාටම හරියන්නේ නැහැ. එසේ කරන්න යාමෙන් රෝගියා මිය යන්නත් පුලූවන්. බොහෝ රටවල් ෆෙඩරල් භාවිතා කළේ වෙන්වුණ ජාතීන් එකතු කිරීමටයි. නමුත් අපේ වගේ ඒකීය රටක එකට ඉන්න ජාතීන් අතරට ෆෙඩරල් ගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් බෙදී වෙන්වීමයි. ඒ නිසා මේක රට බෙදන ව්‍යවස්ථාවක් ලෙසයි මා දකින්නේ.
මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ මොන වගේ පාලකයින් පිරිසක්ද? පාර්ලිමේන්තුවේ පනස් දෙකක් ඉන්න විපක්ෂයට වඩා දාසය ලොකුයි කියලා හිතන ආණ්ඩුවක් ගෙන එන මූලික නීතිය මොකක්ද? රටේ සම්පත් අසල්වැසි රටවලට දීම අරමුණ කරගත්ත ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් ආණ්ඩුවකින් කුමක්ද බලාපොරොත්තු විය හැක්කේ. මෙවැනි පාලකයින් ගෙන එන ව්‍යවස්ථාවක් පරාජය කිරීමට අපි කළ යුත්තේ කුමක්ද නොව නොකළ යුත්තේ කුමක් කියලයි සිතිය යුතු වන්නේ.
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා
රට බෙදන ව්‍යවස්ථාව දල්වා අළු කරන්නයි අද අපි මේ එළිය දල්වන්නේ. අපේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් තිබුණේ නැහැ. දෙදාස් පහළොවෙන් පස්සේ තමයි ඒක ඇති වුණේ. අපේ ආණ්ඩුවෙන් යෝජනා සම්මතයක් ගෙනාවා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට විරුද්ධවම. ඒක ගෙනාවේ අපේ රණවිරුවන් දංගෙඩියට යවන්නයි. යුද අපරාධ චෝදනා ගෙනත් මේක කරන්න හදනවා.
ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින බවට දිව්රුම් දී පත්වූ මහඇමති විග්නේෂ්වරන්ලා මේ රට බෙදන්න කතා කරද්දි, දහතුනේ නොදුන් බලතල ක‍්‍රියාත්මක කරන්න කතා කරද්දී ඒ අයව පාලනය කරන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. එවැන්නක්වත් කරන්න බැරි නම් මේ රට ෆෙඩරල් කරන, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා දෙමළ නිජබිම් සංකල්පය වෙනත් ආකාරයකින් නීතිගත කරන්න ගෙන එන ව්‍යවස්ථාව අපි දවා හලූකළ යුතුයි.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ඈත ගම් දනව්වල සිටි අපේ දුප්පත් මව්පියන්ගේ දරුවෝ එදා හමුදාවට බැඳුණේ රුදුරු ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. යුද්ධය අවසන් වන විට හමුදාවේ විසිනවදාහක් මරණයට පත්ව තවත් හැටදාහක් පමණ ආබාධිතයන් වුණා. දහදාහක් පමණ පූර්ණ ආබාධිතයන් වුණා. ඒ අය මේ තරම් කැපකිරීමක් කළේ, තවමත් ඇඳන් මතට වී දුක්විඳන්නේ කුමක් වෙනුවෙන්ද?
මේ සියලූ දෙනාට තිබුණේ එකම අරමුණයි. ඒ තමන්ගේ රට ආරක්ෂා කරගැනීමයි. මේ අයට කෘතෝපකාරය දැක්වීම අපේ යුතුකමක්. මගේ වයස අවුරුදු පනස් හයක්. මේ පනස් හයට මගේ ඇස්දෙකෙන් දැකපු හිරිකිතම සිදුවීම තමයි අපේ ආබාධික රණවිරුවන්ට එළව එළවා පහර දීම. අහන්න ලැබුණ හිරිකිතම ප‍්‍රවෘත්තිය තමයි සිලාවතුර නාවික හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදීම. එදා පොලිසිය ආරක්ෂා කළේ හමුදාව. අද හමුදාව ආරක්ෂා කරන්න පොලිසිය යොදවලාලූ. මොනවද මේ සිදුවන්නේ.
අද වෙන්න පුලූවන් විශාලම පාවාදීම සිදුවී තිබෙනවා. මුත්තයියලා පන්දුවෙන් තැබූ වාර්තා, සුසන්තිකාලා ධාවන තරගවලින් තැබූ වාර්තා කඩන්න තවම අපේ රටේ කාටවත් බැරි වෙලා තිබෙනවා. නමුත් පාවාදීම්වලින් නම් අපේ අද ඉන්න නායකයෝ ඉහළටම ඇවිත් තිබෙනවා.
අද අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැහැ. ත‍්‍රස්තවාදයක් නැහැ. එදා බියෙන්, සැකයෙන් ජීවත් වූ දෙමළ ජනතාවට නැවත ජීවය කැවූ අපි ඔවුන්ව අපෙන් ඈත් කරන්න සූදානම් නැහැ. අපි එකට ඉන්න කොට තිබෙන බලය අපි බෙදා වෙන්කළාම නැති බව අපේ මෝඩ පාලකයින්ට නොපෙනීම රටේ අවාසනාවක්. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට අපි මතක් කරනවා රටට සේවය කරන්න හෝ නිකම් කාලය නාස්ති කරන්න හෝ යළිත් පාර්ලිමේන්තුවට එන්න හිතනවා නම් මේ නව ව්‍යවස්ථාව සම්මත කර ආපසු ගමට එන්න එපා.
මෙහිදී අද්මිරාල් සරත් විරරෙස්කර මහතා දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුව පිළිබඳව පැහැදිළි කළේය. විමල් තිරිමාන්න පියතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු තානාපති තමරා කුනනායගම්, නීතිඥ රුෂ්ඩි හබීබ්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසක්ද, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, නීලා වික‍්‍රමසිංහ යන කලකරුවන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
Rohana Friday, 08 September 2017 05:39 AM
දෙමල ජනයා ලංකාවේ පුරවැසියන් නොවේද ? ජාතිවාදය තුලින් ඡන්ද ගන්න එපා .
husen-riyad Friday, 08 September 2017 07:34 AM
ඔය සෙට් එකටම, ජාතිවාදයයි, යුද්ධයයි ඇරෙන්න වෙන කියන්න කිසිදෙයක් නැහැ. එළි නෙමෙයි බලි ගෙනාවත් ආයේ ඔය උදවියට ජනතාව බලේ දෙන්නේ නැහැ. රටක් වටිනා ලසන්ත, තාජුඩීන්ලා මරපු හැටි, සුදු වෑන් සංස්කෘතියෙන් සුළු ජාතීන්ගෙන් කෝටි ගණන් කප්පම් ගත්ත හැටි, රටේ සම්පත් කුණු කොල්ලෙට දීපු හැටි, අහිංසකයින්ගේ ඉඩම් සහ ගෙවල් දොරවල් බලෙන් පවරගත්තු හැටි යනාදී එකී නොකී අපරාධ රැසක් කරපු ඔය නඩේට, ඔය වගේම ජාතිවාදීන් නම් ඡන්දෙ දෙයි. උගත් බහුතර ජනතාව ඉදිරියේ ඔබ පවුලේ සහ සෙසු සැමගේ කෙරුවාව එළිවෙලයි තියෙන්නේ. ඉඳලා හිටලා හිතේ දුකට මොනවා හරි කියන්න ඔය මොකක් හරි සංවිධානයක් අටවාගන්න. හැබැයි ඒවා, හීනෙන් දොඩවනවා හා සමානයි. කිසිදෙයක් වෙන්නේ නැහැ.
GihanSaturday, 09 September 2017 04:26 AM
ජාතිවාදී නොවන ජාතියේ කෙනෙක් තමයි අනිත් අයට කියන්නෙ ජාතිවාදිය කියල. මේ ජාතියේ අය තමන්ගේ ජාතියේ කෙනෙක් කුඩු ගේනකොට, විල්පත්තු එලි කරනකොට, වඳ බේත් ගේනකොට මීක් නෑ. වෙන ජාතියක එකෙක් කතා කරත් හෙන ප්‍රශ්ණ.
වාසලමුදලිSaturday, 09 September 2017 04:35 AM
ඔය රියාද් වල වෙන ආගම් අදහන අය මරනවලු නේද. ඒ ප්‍රදේශේ නම් ජාතිවාදේ ඇත්තෙම නෑ නේ.
wasanthaSaturday, 09 September 2017 01:18 PM
හුසේන්, ඔයාලා ජීවත් වෙන්නේ ගොඩක් සුන්දර රටක... එ්ක තියෙන්නේ බුදු දහම, සිංහල සංස්කෘතිය එක්ක ගොඩ නැගුන අතීතයක් එක්ක. ඔයාලගේ හැම කතාවක් පිටිපස්සෙම තියෙන්නේ එකට අකමැති කම. ඔයාල දනනවා ගෝඨාභය වගේ නායකයෙක් අාවොත් ඔය ඔයාල ගේ ඔය ලංකාව අරාබියක් කරන සිහින හරියන්නේ නැහැ කියලා. මතක තියාගන්න ගෝඨාභය රටේ නායකයා වෙන එක අනිවාර්යෙන්ම වෙනවා. තාම සිංහයෝ ඉන්නවා ලංකාවේ.
athula Friday, 08 September 2017 10:52 AM
අනේ, අනේ 30 වසරක යුද්ධයක් තිබුණට, හිටියේ වසර 15 ක්ම ඇමෙරිකාවේ... කවුරු මොනවා කිව්වත් සරත් ෆොන්සේකා සහ ජවිපෙ නොහිටින්න කොටි ඊලම අරගෙන ඉවරයි. එදා රනිල් දෙන්න හදපු පැකේජය දුන්නා නම් කොටින්ට විරුද්ධව එක පතුරමක් වත් පත්තු කරන්න ලැබෙන්නේ නැහැ... එ්ක නතර කලේ කවුද? ඊලඟට චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය කොටින්ට දෙන්න හදනකොට (පැකේජයම තමා) එ්ක නතර කළේ කවුද.. ජවිපෙ නොවේද? මෙහෙම අතීතයක් තිබුණු බව මතක් කල යුතුවේවි... අන්තිමට මහින්දව ජනාධිපති කරන්න 2005 දී මුළු මහත් මැතිවරණයම කලේ කවුද? ජවිපෙ නොවේද? ඒ වගේම සරත් ෆොන්සේකාට හමුදාපති කම දීලා ඔහුට යුද්ධය කරන්න නිදහස දෙන්න ඕන කියල බලකලේ කවුද? ඒ වගේම සරත් ෆොන්සේකා හමුදාපති වෙච්ච දිනයේදීම රටට පොරොන්දු 2 ක් දුන්නා. එකක් එම වසරේ 2006 නොවැම්බර් වල මහා විරු සැමරුම තියන්න දෙන්නේ නැහැ කිව්වා. අනෙක මෙම යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට කරන්න ඉඩ තියන්නේ නැහැ කිව්වා. ඒ දෙකම ඔහු කළා . ඔහුව ඔය දේශපාලනයට තල්ලු කලේ මෙයාලා යුද්ධය ඉවර කළාට පසු සැලකුවේ කුඩම්මාගේ සැලකිලි තමයි.
රත්නායකSaturday, 09 September 2017 01:59 AM
අනේ අතුල ..උගුරට හොරා බෙහෙත් නොබී එකපැත්තක් විතරක් කතා නොකර ඉමුද. ඔය ෆොන්සේක වගේම JVP එකත් ලංකාවෙ 2005ට කලින් හිටියනෙ.කෝ ඉතිං යුද්දෙ ඉවර කරාද.ගෝට රටින් ගියෙ එ් වෙනකොට යුද්දෙ අවසන් කිරීමේ කිසිම පරිසරයක් නොතිබීම නිසාත් යුධ නායකයින්ට අපේම අයගෙන් තිබුන අනතුර නිසාත් ය.ෆොන්සේක දක්ෂයෙක් බව හැබෑය.එ් යුද්දෙට. දේශපාලනේට නෙවෙයි. දැන් JVP එක ස්ට්රයික් කරන්න දක්ෂයි වගේ.එ්වගේ දක්ෂයෙක් විශ්‍රාම නොදී හමුදාපති කරල යුද්දෙ ඉවර කරපුඑක නෙවෙයිද හොදම නායකත්වය කියන්නෙ. අපි අැත්ත කතා කරමු.
rathnapriyaSaturday, 09 September 2017 04:31 AM
ඇමරිකාවේ නෙමේ පිට සක්වල ඉඳන් ආවත් කෙරෙන්න ඕනේ වැඩේ හරියටම කළා. අන්න ඒකයි වටින්නේ. අවුරුදු 40 දේශපාලන ජීවිතේ සමරන සමහරක් ලංකාවේ ඉඳන් රට කාපු එක ඇරෙන්න රටට කරපු එක වැදගත් වැඩක් නම් නෑ.
athula Friday, 08 September 2017 10:59 AM
මේක අවොත් ලෝකයේ කුඩු මධ්‍යස්ථානය, ලෝකයේ හොර අවි යුද ජාවාරම් මධ්‍යස්ථානය වෙන්නේ ලංකාවයි. අවුරුදු 15ක් හිටියේ ඇමරිකාවේ... යුද්ධය අවුරුදු 30 යි... ඉතින් මෙයා පැනල ගියේ යුද්ධයට බයේ... මෙයා එදා අස්වෙලා යන දවසේ කියලා තිබුණේ ඉදිරියට මැරෙන්නේ සොල්ජර්සලා නොවේ.... කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා කියලා... එදා යුද්ධයේ භාගයක් ඉවර කරන්න විතරක් වැඩකරපු අය අපට එපා...
maheeSaturday, 09 September 2017 02:17 AM
මම ජ.වී.පෙ. පිළිවෙත්වලට කැමති නැහැ. හැබැයි, මේ පල් හොරු දෙගොල්ල ඉස්සරහ ජ.වී.පෙ. විතර පිරිසිදු පක්ෂයක් මේ රටේ නැහැ. හොරාට හොරා කියන්න බය, තමන්ගේ පක්ෂේ නිසා ජරා හොර මැරකම් වංචා දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති, ඒ මදිවට එකට අත්වැල් බැඳ ගෙන හොරු ආරක්ෂා කරන නිල්, කොළ තක්කඩි රැළගේ වැරදි පෙන්නලා දෙන්නේ ජ.වී.පෙ. විතරයි. මේ එළිය කාරයොත් අර හොර ගුහාවේම පදිංචි කාරයෝ විතරයි. අපේ මූණට මේ එළිය ගහල ගිනිකන වැට්ටුවහම අපේ ජහමනයගේ ඇස් පෙන්නේ නැතුව යනවා. එතකොට ආයෙත් චන්දෙ දෙනවා.
chathuri Friday, 08 September 2017 03:29 PM
මේ ප්‍රශ්නය ගොඩින්... බේරා ගන්න. ඔය කියන සංවිධානයට ඉස්සර වගේ අංක නැති සුදු වෑන් ටිකක් යවන්න.
ranaviFriday, 08 September 2017 05:59 PM
චතුරි එයාගේ පස්සේ යන වැඩි දෙනෙකුට උවමනා සුදු වෑන් සංස්කෘතියයි.
ranavi Friday, 08 September 2017 04:42 PM
පවුලේ වැඩි දෙනෙක් ඇමරිකානු වරප්‍රසාද භුක්ති විඳින අය. එහෙත් ලංකාව පාලනය කරන්න හදන්නේ ජාතිවාදයෙන්... මෙයා ආරක්ෂක ඇමති වෙලා ඉන්න කාලේ සුළු ජාතින් තියා සිංහල මිනිස්සුත් හිටියේ පන බයේ. ඒ තියා මෙයා පාරේ යද්දී මිනිස්සුන්ටවත් ඉන්න දුන්නේ නෑ පාර අයින්වල. ලෝකේ දියුණු රටවල විදේශිකයොත් සම අයිතීන් භුක්ති විඳිද්දී අප රට තුලත් වෙනත් ජාතින් සමග සහෝදරත්වයෙන් හිටියට කමක් නෑ.
sathyayaa Saturday, 09 September 2017 01:05 AM
එළියක් ගැන කතා කරන්න ඇවිල්ල හිටපු කිහිප දෙනෙක්ම වස්ත්‍රයේම පහ කර ගත්ත අය. නැවත ජනතාව අතර ට එන්න නම් සෝධා පවිත්‍ර කරගෙන ආයුතු බව අමතක කිරීම නිසා, රටට දැනෙන්න යමක් කළ ගෝඨා ගේ කතාවටත් එළියක් කෙසේ වෙතත් අඳුරක් මයි වැටුනේ. අහිමිවී ගිය නායකත්වය, බලය, ආදායම් මාර්ග වෙනුවෙන් කවුරු කවුරුත් සුන්දර සිංහළ භාෂාව ලස්සන පදවලින් සරසා වමාරන අයුරු බලා සිටි අපට නිතැතින්ම නැගුනේ ඔක්කාරයක්. කමක් නැහැ ඔබලාට එදත් රැවටී අදත් රැවටෙන්න බලාගෙන ඉන්න ලක්ෂ සංඛ්‍යාත මෝඩ රැලටත් ඔබලා විසින් යමක් දියයුතුව තිබෙනවා. ඔහොම යන්!
රත්නායක Saturday, 09 September 2017 02:04 AM
ඔය සුදු වෑන් සුදු වෑන් කිය කිය මඩගහන් නැතුව සුදුවෑන් වලින් අරන් ගිය 3 දෙනෙකුගෙ නම් ගම් කියන්න.එතකොට අපි පිලිගන්නම් ඔය කතාව.2015 බොරැ හැමදාටම වලංගු නෑ.
rosh Saturday, 09 September 2017 03:46 AM
අනේ වදින්නම් ඇමරිකාවටම වෙලා ඉන්නකෝ. 30 වසරක යුද්දය නිමා කරපු රණ විරුවව හිරේ දාල නිකමෝ ලකුණු දාගන්න හැදුවා. ඕවා කවදාහරි පඩිසන් දේවි.
banda Saturday, 09 September 2017 04:12 AM
ඉතාම වටිනා කාලෝචිත වෙඩක් විදිහටි මම නම් මේක දකින්නේ. පවතින ආණ්ඩුවෙන් නම් කිසිම හොඳක් රටට වෙන්නේ නෙහ වගෙඉ මට නම් පෙනෙන්නේ. හොඳි අපි බලමු ඉස්සර හට වෙන දේ?
rohana Saturday, 09 September 2017 04:36 AM
අතුලගේ කතාව අනුමත කරන අතර රත්නායකයන්ගේ මොලේ තරම ගැනත් සලකා බැලිය යුතුයි.ඔහු මේ රටේ ජිවත් වුන කෙනෙක්ද? සුදු වැන් වලින් නැති වුන ජිවිත ගැන පොතක් ලියන්න පුළුවන්.
SujeewaSunday, 10 September 2017 05:39 AM
සුපිරිසුදු බැංකු ගනුදෙනුවක් ගැනත්, අපි ජීවත්වෙන රටේ අයෙක් පොත ලිව්වලු..
Athula KSunday, 10 September 2017 08:06 AM
88- 89 කාලේ ගැන පොත් කීයක් විතර ලියන්න පුළුවන්ද? ඔබ එතකොට ඉපදිලා නැද්ද?
රජින්ද Saturday, 09 September 2017 06:40 AM
මේකේ එක එක නම් ගම් වලින් දාන අදහස් එන්නේ එකම තැනකින් නිසා ඒ ගැන කියලා වැඩක් නැහැ. ගෝඨා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් රටේ අනාගතය බාර ගන්න පුළුවන් තැනක නැහැ. අද මේ රටේ මේ යහපාලනය මුවාවෙන් ගෙන යන අන්තවාදී අගතිගාමී වැඩපිළිවෙල අති බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා රාජ්‍යත්වය මානුෂීයව සහ දේශාභිමාමකව දකින ගෝඨාභය වැන්නෙකුට අවස්ථාව වැඩියි. ඔහු කාලීනයි එඩිතරයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍යත් ඒ දෙකමයි.
වින්සන්ට් Saturday, 09 September 2017 06:07 PM
රජින්ද මහතා තවමත් ගස් ගල් වලට වැඳපු යුගයේ භක්ති වන්ත උත්තමයෙක් වගේ කියා මට සිතේ. නිදහස නොහඳුනන මිනිසුන් තවමත් රාජ්‍යත්වයට වැඳ නමස්කාර කරති. ඈත අතීතයේ සිටම මෙය අපෙන් ඉවත් නොවන ලක්ෂණයකි. අතීතයේ කොහොම වෙතත් වර්තමානයේ සහ අනාගතයේවත් අපි ඉන් මිදෙමු.
පිටිගල මිලානෝ Sunday, 10 September 2017 03:36 PM
මේ අය පැරදිලා බින්දුවටම බැහැලා ඉන්න දැන් නම් මහා දේශප්‍රේමී ජාති හිතයිශී ලෙස කතා කළත් එය හරියට ගලපගන්නවත් දැනුමක් නැහැ.රාජපක්ෂලා දන්නා තරමේ හැටියට ඒ බව දක්වන්න භාවිතා කරන්නේ ජාතිවාදී තර්ක විතර්ක. මේ අයට ඇති වංචා දුෂණ මිනීමැරුම් පැහැරගැනීම් ඔප්පු වෙන්න පෙර බේරෙන්න ඇති එකම ක්‍රමය දේශපාලනමය වශයෙන් බලවත් ස්ථාන වල සිටීමයි. ඉතාලියේ ව්‍යාපාරික බෙර්ලුස්කොනි මහතාද හිරේ නොවැටී ඉන්න අනුගමනය කලේ මෙම ක්‍රමයයි. වියත් මග මෝඩයාගේ මගක් සේ ජනතාව පිළිගත් බව දත් විගසම එම බෝඩ් ලෑල්ල මකා එයම තවත් ජාතිවාදීව එළිය නමින් එළිබස්සව්වේද මේ නිසයි. සත්‍ය වශයෙන්ම අවංක, බෞද්ධ සිංහලයෙකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර හැරුණු විට අනිත් සියල්ල මෙහි වැඩකරන්නේ රාජපක්ෂලාගෙන් මතු දිනක වාසියක් ලැබේ යන සිහින ලෝකයේ සිටය.
අසෝක ජයතිලක මිලානෝ Monday, 11 September 2017 01:19 PM
ඉස්සරහම පේලියේ ඉන්න මුණු ටික දැක්කම මට බඩඑලිය යන්න ආවා. ඒ අය දැක්කම නම් කියන්න පුළුවන් එලිය අල්ලලා ආයෙත් නිදන් හොයන්න තමයි ලැස්ති වෙන්නේ කියලා.