1947 ප්‍රථම මහා මැතිවරණයේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමෙන් පැවැත්වූ අවසාන මැතිවරණය වූ (1977) දක්වා “තට්ටු මාරු ක්‍රමයට” වමටත්, දකුණටත් ජයග්‍රහණය ලබා දුන් අවස්ථා තුනකදීම “නම් වෙනස් වීමකට” ද භාජනය වූ ඡන්ද කොට්ඨාසයක් පිළිබඳ අපූරු කතාන්තරයක් මැතිවරණ ප්‍රතිඵල විමර්ශනය කිරීමේදී අනාවරණය කරගත හැකිව තිබේ. සෝල්බරි කොමිෂන් සභා නිර්දේශ පරිදි මන්ත්‍රී ආසන 89න් සමන්විත වූ පාර්ලිමේන්තුවේ 1947 මැතිවරණයේ සිට මෙම ආසනය හැඳින්වූයේ “අංක: 04 – වැල්ලවත්ත – ගල්කිස්ස” යනුවෙනි. මුල්ම මැතිවරණයේදී මෙම අසුන දිනාගැනීම සඳහා අපේක්ෂකයෝ හත්දෙනෙක් තරග වැදී සිටියහ. මුළු ඡන්ද 11,606 ද, වැඩි ඡන්ද 7436 ද ලබාගෙන ප්‍රථම වරට වැල්ලවත්ත – ගල්කිස්ස ආසනයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පිවිසීමේ ගෞරවය හිමි කරගත්තේ “යතුර” ලකුණ යටතේ තරග කළ කොල්වින් ආර්. ද සිල්වා (බො.ලෙ.ප.) මහතාය. සෙසු අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යා මෙසේය:- ගිල්බට් පෙරේරා (කරත්ත රෝදය) 4,170, ඇල්.වී. ගුණරත්න (තරුව) 4,121, ඒ. රත්නපාල (තරාදිය) 1,327, එස්. ජේ. එෆ්. ඩී. බණ්ඩාරනායක (ලාම්පුව) 224, ඒ. පී. ද සොයිසා (අත) 103, තෝමස් ද සිල්වා (කුඩය) 72. පළමු මැතිවරණය පවත්වන අවස්ථාවේදී සුදුසුකම්ලත් ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 38664ක් විය.
1952 දෙවැනි මහා මැතිවරණයේදී ජයග්‍රහණය අත්කරගත්තේ එ.ජා.ප. අපේක්ෂකයා ලෙස ප්‍රථම වරට ජාතික දේශපාලනයට පිවිසි ඇස්. ද ඇස්. ජයසිංහ මහතාය. එවර සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය : ඇස්. ද ඇස්. ජයසිංහ (එ.ජා.ප.) (අලියා) 16,388, කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප. – යතුර) 11,888, රිචඩ් සේනානායක (ස්වාධීන – කුඩය) 228. මේ අනුව වැඩි ඡන්ද 4,500ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් ඇස්. ද ඇස්. ජයසිංහ මහතා පළමු වරට මැතිසබයට පිවිසියේය. දෙවැනි මැතිවරණය පවත්වන අවස්ථාවේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 43,276ක් විය. එය පළමු මැතිවරණයට වඩා 4,612කින් වැඩි වීමකි.
1956 තුන්වැනි මහා මැතිවරණයේදී වැල්ලවත්ත – ගල්කිස්ස ආසනයේ ඡන්ද වාමාංශික පක්ෂ දෙකක් අතර බෙදී ගිය නමුත්, එ.ජා.ප. අපේක්ෂකයාට ජයග්‍රහණයක් අත්කරගත නොහැකි විය. රට පුරා පැතිරුණ එ.ජා.ප. විරෝධි රැල්ලට ඔහු ද හසු විය. 1947 මැතිවරණයේදී “තරු” ලකුණ යටතේ තරග වැදී තෙවැනි ස්ථානයට පත්ව ඡන්ද 4121ක් ලබාගත් ඇල්. වී. ගුණරත්න මහතා බණ්ඩාරනායක – පිලිප් එකමුතුව යටතේ ගොඩනැගුණ “මහජන එක්සත් පෙරමුණේ” අපේක්ෂකයා ලෙස තරගයට ඉදිරිපත්ව සිටියේය. ප්‍රබල පක්ෂ දෙකක තරගකරුවන් දෙදෙනකුම පරාජයට පත් කළ කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප. - යතුර) ඡන්ද 16,782ක් ලබාගෙන දෙවැනි වරටත් මන්ත්‍රී ධුරයට පත් විය. ඇස්. ද ඇස්. ජයසිංහ මහතාට (එ.ජා.ප. - අලියා) ඡන්ද 11,806ක් ද, ඇල්. වී. ගුණරත්න මහතාට (ම.එ.පෙ. - අත) ඡන්ද 10,259ක් ද ලැබී තිබුණි. මැතිවරණ කොට්ඨාස සීමානිර්ණය කිරීම සඳහා 1959 වර්ෂයේදී රජය මගින් පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිෂන් සභාවේ නිර්දේශ අනුව (1959 XV සැසි වාර්තාව) 1960 මාර්තු මහා මැතිවරණයේ පටන් ලංකාව මැතිවරණ කොට්ඨාස 145කට බෙදා මන්ත්‍රීවරුන් 151 දෙනකු තෝරා ගැනීමට විධිවිධාන සලසා තිබුණි. ඒ අනුව 1960 මාර්තු මැතිවරණයේදී “අංක: 04 – වැල්ලවත්ත – ගල්කිස්ස” යන නාමය වෙනස් වී “අංක: 19 – දෙහිවල – ගල්කිස්ස” ඡන්ද කොට්ඨාසය ස්ථාපනය විය. එවර අපේක්ෂකයෝ පස්දෙනෙක් තරග වැදී සිටියහ. මුළු ඡන්ද 12971ක් ලබාගත් ඇස්. ද ඇස්. ජයසිංහ මහතා වැඩි ඡන්ද 4372කින් දෙවැනි වරටත් ආසනය දිනා ගත්තේය. වාමාංශික පක්ෂ වෙන් වෙන්ව තරග කළ අතර, එම පක්ෂවලට හිමි වූ ඡන්ද ප්‍රමාණයන් මෙසේය : කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප. - යතුර) 8,599, ඇන්ඩෲ ප්‍රනාන්දු (ශ්‍රී.ල.නි.ප. - අත) 6,378, කේ. කේ. ඒ. ඊ. බ්‍රිටෝ (කො.ප. - තරුව) 3,222, ටී. ඩී. එල්. අපොන්සු (ල.ප්‍ර.ප. - කුඩය) 420. එහෙත් මෙම මැතිවරණයෙන් පසු පිහිටුවූ ආණ්ඩුව අස්ථාවර එකක් විය. දින 33ක් වැනි කෙටි කාලයක් අවසානයේදී රජය බිඳවැටීමේ හේතුවෙන් 1960 ජුලි මස 20 දින පස්වැනි මහා මැතිවරණය පැවැත්වීමට සිදු විය. එම මැතිවරණයේදී නැවත වරක් මන්ත්‍රී ධුරයට පත්වූයේ කොල්වින් ආර්. ද සිල්වා මහතාය. ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය 16,002කි. ඇස්. ද ඇස්. ජයසිංහ මහතාට හිමි වූයේ ඡන්ද 14,892ක් පමණකි. 1960 මාර්තු සහ ජුලි යන මැතිවරණ දෙකේදීම ලියාපදිංචිව සිටි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 43,172ක් වූ අතර, පිළිවෙළින් 31,730ක් සහ 31,158ක් දෙනා ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
1965 මාර්තු මස 22 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකාවේ හයවැනි මහා මැතිවරණයේදී සුපුරුදු ප්‍රධාන තරගකරුවන් දෙදෙනා අතර පැවැති ඡන්ද සටනෙන් ඇස්. ද ඇස්. ජයසිංහ මහතාට ජයග්‍රහණය ලබා ගැනීමේ භාග්‍යය උදා විය. හෙතෙම ඡන්ද 24,652ක් ලබාගන්නා විට, ප්‍රතිවාදි අපේක්ෂක කොල්වින් ආර්. ද සිල්වා මහතාට හිමි වූයේ ඡන්ද 31,363කි. මේ අනුව වැඩි ඡන්ද 3,289කින් ජයසිංහ මහතා තෙවැනි වරටත් ජයග්‍රහණය හිමි කරගත්තේය. 1970 මහා මැතිවරණය එළැඹෙන විට ශ්‍රී.ල.නි.ප. – ල.ස.ස.ප. – කො.ප. සමගි සන්ධානය ගොඩනැගී තිබුණි. මේ වන විට 1947 මැතිවරණයේ සිට මෙම මන්ත්‍රී කොට්ඨාසයට තරග කළ කොල්වින් ආර්. ද සිල්වා මහතා අංක: 32 – අගලවත්ත මන්ත්‍රීවරයා වශයෙන් පත්ව සිටියේය. එසේ වීමට හේතු වූයේ 1965 මැතිවරණයේදී අංක: 32 – අගලවත්ත ආසනයට තේරී පත්වූ අනිල් මුණසිංහ (ල.ස.ස.ප.) මහතාට එරෙහිව ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමකින් ඔහුට ආසනය අහිමි වීමත්, 1967-5-17 දින පැවැත්වූ අතුරු මැතිවරණයෙන් කොල්වින් ආර්. ද සිල්වා ජයග්‍රහණය කිරීමත්ය. මෙම පසුබිම මත දෙහිවල – ගල්කිස්ස ආසනයේ අපේක්ෂිකාව වූයේ විවියන් ගුණවර්ධන (ල.ස.ස.ප.) මහත්මියයි. ඇය ඡන්ද 29430ක් ලබාගෙන ඇස්. ද ඇස්. ජයසිංහ (27463) පරදවා යළිත් වරක් ආසනය “වම”ට භාර දුන්නාය.
1977 මැතිවරණය එළැඹෙන විට, පාර්ලිමේන්තුවේ සංයුතිය නැවත වරක් වෙනස් වී තිබිණ. මැතිවරණ කොට්ඨාස සීමානිර්ණය කිරීම සඳහා පත් කළ නොයෙල් තිත්තවැල්ල කොමිසමේ නිර්දේශ පරිදි ආසන සංඛ්‍යාව 160ක් වූ තෝරා පත් කරගත යුතු මන්ත්‍රීවරුන්ගේ ගණන (බහු මන්ත්‍රී කොට්ඨාස ද ඇතුළත්ව) 168ක් විය. කලින් පැවැති දෙහිවල – ගල්කිස්ස ආසනයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 1965 මැතිවරණයේදී 56,366ක් ද, 1970 මැතිවරණයේ දී 70,236ක් ද විය. නව නිර්දේශ යටතේ “අංක: 06 – දෙහිවල” යනුවෙන් නැවත වරක් නම වෙනස් වූ අතර, “රත්මලාන” යනුවෙන් අලුත් ආසනයක් ද ස්ථාපනය කෙරිණි.
“දෙහිවල” ආසනය නැවතත් “දකුණ”ට හරවමින් වාර්තාගත ජයක් සනිටුහන් කරන්නට ඇස්. ද ඇස්. ජයසිංහ මහතා සමත් විය. කොට්ඨාස ක්‍රමයට පැවැත්වූ අවසන් මැතිවරණයේදී දෙහිවල ආසනයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය:- ඇස්. ද ඇස්. ජයසිංහ (එ.ජා.ප.) 22364, ඇල්ෆ්‍රඩ් පෙරේරා (ශ්‍රී.ල.නි.ප.) 9,996, ආනන්ද ප්‍රේමසිංහ (ල.ස.ස.ප.) 3578, උපාලි කුරේ (ස්වාධීන) 402, වැඩි ඡන්ද සංඛ්‍යාව 12,368. 1947–1977 කාලය තුළ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමේ වාර්තාව ද ඇස්. ද ඇස්. ජයසිංහ මහතාට හිමි විය. 1989 සිට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කොට්ඨාස ක්‍රමය අහෝසි වී දිස්ත්‍රික් පදනම ක්‍රියාත්මක විය.
ජී. ආර්. ඩී. බණ්ඩාර
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
තුන් වතාවක් නම වෙනස් වී වමටත් දකුණටත් ගිය ආසනය