IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


දැයෙන් සමුගත් කළුගංතොට සිංහයා


සිංහයා යන අභිමානයෙන් යුතුව ගෞරවයෙන් යුතුව හඳුන්වන ලැබූ ගෞරවනීය දේශපාලනඥයන් කීප දෙනෙකු ගැන අපි අසා ඇත්තෙමු. බොරළුගොඩ සිංහයා යන අපර නාමයෙන් හඳුන්වනු ලැබූ පිලිප් ගුණවර්ධනයන් ඉන් එක් අයෙකි. කෝට්ටේ සිංහයා යැයි ජනයා විසින් ආදාරයෙන් හඳුන්වනු ලැබූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා තවත් කෙනෙකි. ඒ අතීතයේදීය. එසේ සම්මානයට පාත්‍ර වීමට ඒ නායකයන්ට හොඳටම හේතු සාධක තිබුණි

අධිරාජ්‍යවාදයේ සහ ධනේශ්වරවාදයේ මහ බළකොටු බවට පත්ව තිබුණු ඇමෙරිකාවේ විස් කොන්සින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී ලෝක ප්‍රකට විප්ලවවාදීන්ගේ ඇසුරට පත්ව උග්‍ර අධිරාජ්‍ය විරෝධියෙකු බවට පත්වූ පිලිප් කළ සටන් හා වීර වික්‍රමාන්විතයන් ගැන විස්තර කිරීමට විශාල පොතක් ලිවිය යුතුය. එය මම කර ඇත්තෙමි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය පැවති අවධියේදී ඉතා රහසිගත ලියවිලි රැසක් රැගෙන ස්පාඤ්ඤයේ සමාජවාදී නායකයන් හමුවීමට ගිය ත්‍රාසජනක ගමන මරණයේ අවදානම අත දරාගෙන කළ සාර්ථක මෙහෙයුමකි. 

කිසි දිනක ගොස් නැති පිරනස් කඳුවැටිය තරණය කළ පිලිප් පසුව ලන්ඩන් නගරයේ රැඳී සිටිමින් බ්‍රිතාන්‍ය වරාය කම්කරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් සටන් කළේය. 1915 දී ශ්‍රී ලංකාවේ ඇතිවූ සිංහල – මුස්ලිම් ජන කොට්ඨාසයන් අතර ඇතිවූ ජාතිවාදී අරගලය පාදක කර ගනිමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් චාමර්ස් ආණ්ඩුකාරයා විසින් ක්‍රියාත්මක කරන ලද සමූල ඝාතනයක් බඳු දරුණු මර්දනය ගැන කරුණු දැක්වීමට ඉතා වටිනා රහසිගත ලියවිලි රැසක් තම සපත්තුවේ රුවාගෙන බ්‍රිතාන්‍යයට යාමට කෝට්ටේ සිංහයා සමත් විය. බෞද්ධයෙකු නොවූ ඔහු මරණයට හේතුවිය හැකි අවදානමක් දරාගෙන මෙම කටයුත්තට ඉදිරිපත් වූවේ හදවතෙහි පැවැති අවංක දේශප්‍රේමී බව නිසාමය.

ඉන් පසුව බිහිවූ සිංහයා “ඉඹුල්ගොඩ වීරයා” ලෙස අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අතින් සම්මානයට පාත්‍ර වූ තිස් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ගම්පහ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ඇස්. ඩී. බණ්ඩාරනායකයන්ය. මෙයට හැට වසරකට එපිටදී ඔහු පාර්ලිමේන්තුව හැඳින්වූවේ ‘හොර ගුහාව’ නමින් කතා සාප්පුව ඔහුගේ තවත් වහරකි.  

එතුමා පාර්ලිමේන්තුවේ කළ කතා ඇතුළත් පොතක් මා සතුව තිබේ. එය නම් කර ඇත්තේ “හොරගුහාව තුළදී” යන නමිනි. මෙවැනි දේශපාලන සිංහයන්ගේ පරපුර පසුකාල වඳවී ගියා සේය. මෑතකදී රටේ බිහිවූ ප්‍රචලිත මතය වූවේ ‘දෙසිය විසිපහම හොරු’ යන මතයයි. අඩු වැඩි වශයෙන් හොඳ මිනිසුන් සිටිනවා විය හැකි නමුදු රටේ පොදු මතය එයයි. 

නිදහස ලබා වසර හැත්තෑ හයකට පසුව රට බංකොලොත් බවට පත්ව අද දක්නට ඇති සමාජ පෙරළියක් දක්වා වර්ධනය වූ අදහස නිසැක බවට අදහස පළ කළ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයකුද විය. ඔහු නම් පසුගිය සතියේ දැයෙන් සමුගත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය. සිංහයන් වඳවී ගොස් ඇති වත්මන් දේශපාලනයේ අහඹු උපතක් ලෙස දැක්විය හැකි ‘අපේ කාලයේ බිහිවූ යුග පුරුෂයෙකු ලෙස මම ඔහු හඳුන්වනු කැමැත්තෙමි. කිරෙන් සහ තෙලෙන් අත සේදිය හැකි පමණට ධන සම්පතින් ආඪ්‍ය මහා සාර පවුලක ජන්ම ලාභය ලැබූ කුමාර වෙල්ගමයන් ජනතාව අතර ප්‍රකටව සිටියේ කළුගංතොට සිංහයා නමිනි.

1990 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක වරයා ලෙස දේශපාලන පොරපිටියට පැමිණි මෙම කෘතහස්ත නායකයා 1994 වසරේ සිට මෙරට ව්‍යවස්ථාදායකය තිස් වසරක් නියෝජනය කළේය. විවිධ ජනාධිපතිවරුන් යටතේ විවිධ අමාත්‍ය තනතුරු හෙබවූ කුමාර වෙල්ගමයෝ ඍජුව වරද දුටු තැන තම නායකයා වුවද විවේචනයට ලක් කිරීමට පසුබට නොවීය. 

බලකාමී දේශපාලනයේදී එවැනි ඍජු පුද්ගලයන් ඉතා විරල බව අපි අසා ඇත්තෙමු. නායකයාගේ මුහුණ පුම්බා සුරංගනා කතා කියමින් ආවඩන හෙංචයියන්ගෙන් පිරුණු වත්මන් දේශපාලන ක්ෂේත්‍රයට වෙල්ගමයන් විරල චරිතයක් වූ බව නොකියාම බැරිය. වර්ෂ 1950 අප්‍රියෙල් පස්වැනිදා පස්යොදුන් කෝරලයේ මහාසාර පවුලක උපත ලද කුමාර වෙල්ගම මානවකයාණන් තම උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු කලක් පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහාය වූ බව කියවේ. ඉන් පසුව ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලට ක්‍රියාකාරීව සහභාගි වූවේය. 

ලංකා සමසමාජ පක්ෂයේ දීර්ඝකාලීන බළකොටුවක්ව පැවති අගලවත්ත ආසනය තුළ සිටි ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් සිටියේ අතළොස්සක් පමණි. 1970 දසකයේදී කළුතර දිසාවේ සමසමාජ බලය කෙතරම් ව්‍යාප්තව තිබුණද යන්න මෙසේ දැක්විය හැකිය.

  • පානදුර – ලෙස්ලි ගුණවර්ධන
  • කළුතර – චම්ලි ගුණවර්ධන
  • අගලවත්ත – අනිල් මුණසිංහ, කොල්වින් ආර්. ද සිල්වා
  • මතුගම – දයා ටී. පැස්කුවල් (ශ්‍රී.ල.නි.ප) 

මෙවැනි අතිවිශාල සමසමාජ බලයක් තිබුණු පස් යොදුන් කෝරලයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත නැඹුරු කර ගැනීමට කුමාර වෙල්ගමට හැකිවූවේ ඔහුගේ මානව හිතවාදී සරල ගුණාංග නිසාය. 1994 මහා මැතිවරණයේදී විශාල මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන කළුතර දිස්ත්‍රික්කයෙන් මැති සබයට පැමිණියේය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ රජයේ නියෝජ්‍ය ඇමති ධුරයකට පත්වීම් ලැබීය. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තම මව මෙන්ම ආදරය හා ගෞරවය දැක්වූ ඔහු පක්ෂ ප්‍රතිපත්තියද අකුරටම පිළිපැද්දේය.  මෙම වසර දක්වාම මැති සබය නියෝජනය කළ ඔහු මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රවාහන ඇමති ධුරය දැරුවේය. මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ යහපාලන රජය බිහිවීමෙන් පසු මහින්ද සුළඟ නිර්මාණය කිරීමේ ප්‍රබලයෙකු වූ කුමාර වෙල්ගම ජනාධිපතිධුර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය නම් කිරීම ගැන දැඩි ලෙස විරුද්ධත්වය දැක්වීය. 

දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නොමැති මිලිටරි නායකයෙකු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අසාර්ථක වනු ඇතැයි මුලින්ම හඳුනා ගත්තේ ඔහුය. එම මතය ඉතිහාසය විසින් සත්‍යයක් බවට පත් කිරීමට ගියේ ඉතා කෙටි කලකි. එසේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ වූ ප්‍රථමයා වන කුමාර වෙල්ගම ගෝඨාභය ජනාධිපතිවරයා පලවා හැරීම සඳහා දියත් වූ අරගලය අවස්ථාවේදී පහර දීමකට ලක්වීම දෛවයේ සරදමක් සේ මම දකිමි. ඉතිහාසය හා දේශපාලනයේ අගමුල නොදන්නා අඥාන මිනිසුන්ගේ අරගලවල යථාර්ථය එබඳු විය. 

කුමාර වෙල්ගම එම ප්‍රහාරයට ලක්වූවේ ‘දෙසිය විසිපහෙන් එකෙකු වීමේ වරදටය. අප තවදුරටත් ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකටය. එහෙත් මට පහර දුන් තරුණයෝ තව බොහෝ කලක් ජීවත්වනු ඇත. ඔවුනට අනුකම්පා කර දඬුවමට යටත් නොකරන්න. ඔවුනට නිවැරදි වීමට ඉඩ හරින්න. කුමාර වෙල්ගම නම් වූ අගනා මානව හිතවාදියා තමාට පහර දුන් අඥාන අරගලකරුවන්ට ප්‍රතිචාර දැක්වූවේ එසේය. 

ශ්‍රී.ල.නි.පයේ නිර්මාතෘවර ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් 1959 සැප්තැම්බර් 26 දින අළුයම මරණ මංචකයේ වැතිර සිටිමින් තමාට මෙම ඉරණම අත්කල මෝඩ මිනිසාට අනුකම්පා කරන ලෙස සිදුකළ ප්‍රකාශයට මම වෙල්ගමයන්ගේ ප්‍රකාශය සමාන කරමි.

කුමාර වෙල්ගම නමැති දක්ෂ දේශපාලනඥයා තවදුරටත් ජීවතුන් අතර නැත. ඔහු සමුගෙන ගොස්ය. ඔහු වැනි අවංක දුර දන්නා නුවණැති අය රටකට සම්පතකි. හිස් පුහු මිනිසුන්ගෙන් පිරී ඇති මෙම මිනිස් සමාජයේ තවදුරටත් හිටියා නම් හොඳය. එහෙත් හොඳ මිනිසුන් ඉක්මනට දෙවියන් විසින් කැඳවා ගන්නා බවට පොදු පිළිගැනීමක් තිබේ. එසේ නම් කළුගංතොට සිංහයාත් ඉක්මනින් දෙවියන් වෙත කැඳවා ගත්තා දැයි මම නොදනිමි. එතුමාට නිවන් සුව අත්වේවා.


  • සෝමසිරි වික්‍රමසිංහ

 



අදහස් (0)

දැයෙන් සමුගත් කළුගංතොට සිංහයා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 2112 6

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
2024 දෙසැම්බර් මස 17 2782 8

තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 3962 8

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?
2024 දෙසැම්බර් මස 17 2291 12

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 630 4

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 6327 9

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 29 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site