IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දියුණු රටවල සංවර්ධනයේ රහස

සාමාන්‍යයෙන් අද බොහෝ රටවල් මුහුණ දෙන ගැටලුවක් තමයි රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් රට හැර යෑම. මේ බුද්ධි ගලනය රටකට පාඩුවක් වුණත් බුද්ධි ජනනය දියුණු රටවලට වාසියක්. ඒ රටවල් තමන්ගේ සංවර්ධනයේ ඉදිරි ගමනට ලෝකය පුරා තියෙන හොඳම මානව ප්‍රාග්ධනය ඇදලා ගන්නවා. මොකද ඒ සඳහා විශාල ඉඩ ප්‍රස්ථාවන් මේ රටවල 
තියෙන නිසා. 
මේ එක්කම අපේ වගේ රටවලින් සංක්‍රමණය වෙන අය තුළ ගොඩනැගෙන ප්‍රශ්නයක් තමයි ඇයි තමන්ගේ රට මේ වගේ දියුණු කරන්න බැරි කියන ප්‍රශ්නය. මේ බොහෝ විදේශ සංක්‍රමණික ජනතාව  ඒවගේ දියුණු රටවල සංවර්ධනයේ ප්‍රතිලාභයන් බුක්ති විදිමින් ඒ ගැන මහත් උත්කර්ෂයෙන් වර්ණනයන් වල යෙදීම සිදු වෙනවා.  ඒකේ සාධාරණ පදනමක් තියෙනවා. මොකද මේ ගොඩක් අය රට හැර ගියේ ඔවුන් අපේක්ෂා කළ භෞතික දියුණුව, සංවර්ධන මට්ටම, සැප පහසු ජීවිතය, වැඩි ආදායම් සහිත හොඳ රැකියා, හොඳම නිවාස යාන වාහන, ආදිය නියමාකාරයෙන් සපුරාගන්න අපහසු වුණ නිසා. 


කොහොමවුණත් බොහෝ අය කරන ලොකුම චෝදනාවක් තමයි මේ රටේ ක්‍රියාත්මක දේශපාලන ක්‍රමය සහ පාලකයන් මේ රට දියුණු කිරීමට බාධාවක් වුණා කියන එක. අපිට මේ විවේචන සමාජ මාධ්‍යයන් තුළ නිතර දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දේශපාලන පක්ෂ නායකයන් පවා නිතරම මේ විවේචනය මතු කරනවා.  ඔවුන් විදේශයන්වල පවත්වන ජනහමුවලදීත් ඒ දියුණු රටවල ඇති පහසුකම්, සංවර්ධනය ගැන දේශන පවත්වනවා. අපේ රට හැදුණේ නැත්තේ පාලකයන්ගේ වැරදි නිසා බව කියනවා. ඒ එක්කම මේ රට ජීවත් වෙන්න හොඳ නැති රටක්, ඒ නිසා රට හැර යාම හැර වෙන විකල්පයක් ජනතාවට නැති 
බවත් හඟවනවා. 
මේ නිසා රට ගැන නරක ආකල්පයන් සහ රට හැර යාම ගැන අදහස් ජනතාව තුළ ප්‍රවර්ධනය වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන ලෝකයේ දියුණුම රටවල් අත්පත් කරගෙන තිබෙන සංවර්ධන තත්වයන් ඇතිවෙන්න බලපා තිබෙන සුවිශේෂී සාධක ගැන. ලංකාව වගේ රටක ඉහළ සංවර්ධනයක් ඇති නොවෙන්නත් කාලයකට පෙර ලංකාවටත් වඩා දුර්වල තැනක තිබුණු සමහර රටවල් අද දියුණු වෙන්නත් බලපාපු තීරණාත්මක 
සාධක තිබෙනවා.  
ලංකාව වගේ රටවල් අයත් වෙන්නේ මේ ධනය කේන්ද්‍රගත වුණු අධි සංවර්ධිත රටවල පරිධියේ තියෙන ඌන සංවර්ධිත රටවල් ගනයට. මේ ඇත්ත අපි කාලයක සිට තේරුම් ගෙන තිබුණා. වමේ දේශපාලනය තුළත් දකුණේ දේශපාලනය තුළත් මේක පිළිගත්තා. ඒ මත ඉඳලා තමයි එදා රටේ ආර්ථික දියුණුව අත්පත් කරගැනීම ගැන සැලසුම් ප්‍රතිපත්ති ආදිය ගොඩනැඟුණේ.  අපි අපේ රට, සංවර්ධිත රටවල් එක්ක සංසන්දනය කිරීමක් කළේ නැහැ. ඒ බොහෝ තීරණ රටක් විදිහට අපිට දැරිය හැකි සීමාව දැනගෙන ගත්ත ඒවා. නමුත් දැන් එය තරමක් අපහසුයි.
ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා එක් අවස්ථාවකදී කියනවා අතීතයේ කළ දේ දෙවියන්ට වෙනස් කළ නොහැකියි, නමුත් ඉදිරියට දේවල් කළ හැකිය කියලා. ඒ වගේම රටවල් සංවර්ධනය වීමේ ඓතිහාසික සාධක අපිට වෙනස් කරන්න බැහැ. ඒ සාධක නැවත ඇතිවෙන්නේ නැහැ. නමුත් අලුත් සාධක සහ ශක්‍යතාවයන් අපට තිබෙනවා. 80 දශකයේ දී පමණ ඌන සංවර්ධිත රාජ්‍යයයන් සංවර්ධනය කිරීම ගැන වෙනම සාකච්ඡාවක් ගොඩනැඟෙන්නේ ඒ නිසා. 


ලෝකයේ සංවර්ධිතම රටවල් ඒ තැනට පත් වුණේ කාර්මිකරණයේ සංවර්ධනය නිසා. නමුත් එතරම් සංවර්ධනයකට අලුතින් ළඟා වීම , සංවර්ධනය වෙමින් පවතින රටකට මේ වෙනකොට මඳක් දුෂ්කර ඉලක්කයක්. මොකද නැවත කාර්මීකරණ විප්ලවයකට යන්න අවශ්‍ය සම්පත් ලෝකයේ හිඟයි. මේ සම්පත් හිඟයකට මේවනවිට මුළු ලෝකයම මුහුණ දෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස වැනි දේවලින් ලෝකයේ ජීවයට වෙන හානිය වළක්වාගැනීම අරමුණු කරගෙන පනවා ඇති විවිධ අණපනත් හේතුවෙන් කාර්මිකරණය සීමා වෙනවා.
ඒ වගේම සංවර්ධිත රාජ්‍යයන් දියුණු වුණේ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී යුගයන්වල. ඒ යටත් විජිත රටවල ස්වභාවික සම්පත් වගේම ශ්‍රම සම්පතත් අනිසි ලෙස භාවිත කරමින්. අද එතරම් පහසුවෙන් සංවර්ධන ඉලක්ක කරා ළං වෙන්න එවැනි නීතිවිරෝධී දෙයට ලෝකයේ කිසිසේත් ඉඩක් නැහැ. ඉතින් කාටවුණත් සංවර්ධනයේ ඉලක්ක වෙත ළඟාවෙන්න වෙන්නේ බොහෝසේ නීතියට අනුකූලවයි, එනිසාම සංවර්ධනයේ මාර්ගය දුෂ්කරයි, 
සීමාවන් සහිතයි.
ඊට අමතරව මෑත කාලයේ සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන තිබෙන සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය වගේ රටවල් බැලුවොත් ඒවා සිදුවන්න බලපෑ භූ-දේශපාලනික කාරණා තිබුණා. ගෝලීය භූ-දේශපාලන ගැටුම් තුළ මේ ඌන සංවර්ධිතව තිබූ රටවල් කිහිපයකට ලැබුණු අවස්ථාවන් ඒ රටවල් දියුණුව කරා ගෙන ගියා කිව්වොත් නිවැරදියි. උදාහරණයකට දකුණු කොරියාව ගත්තොත් කොරියාව දෙකඩ වීමෙන් පස්සේ දකුණු කොරියාවේ සංවර්ධනයට ඇමරිකාව විශාල ආයෝජනයක් කළා. ඒ සමාජවාදී චීනය සමඟ තිබුණු භූ-දේශපාලනික ගැටුම නිසා. ඒ වගේම මේ රටවල් විදේශ ආයෝජන වෙනුවෙන් වඩාත් විවෘත හා නිර්භාධී ප්‍රතිපත්ති අනුගමනය කළා. මේ නිසා පරිධියේ රටවල් අතරින් දියුණු විය යුත්තේ කුමන රාජ්‍යයද යන්න කේන්ද්‍රයේ රටවලට තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා. 
1948 අපි නිදහස ලබන විට මේ රටට සංවර්ධනය සඳහා අවස්ථාවන් සහ හැකියාවන් තිබුණා. ඒ වෙනකොට දෙවන ලෝක යුද්ධය නිසා ලෝකයේ බොහෝ රටවල් විනාශයන්ට ගොදුරු වෙලා යළි ගොඩනැඟීමේ අවස්ථාවන් දුර්වල වෙලා තිබුණත් ලංකාවට එහෙම හානියක් වෙලා නොතිබීමේ 
වාසියත් තිබුණා.   
ඒත් ඊට බාධා කරන වෙනත් තත්ත්වයන් තිබුණා. ලංකාවේ ඒ වෙන කොට ජනගහනය මිලියන 7 ක් වගේ. ඒත් එයින් සියයට 80 ක් වගේ දරිද්‍රතාවට පත් වෙලා සිටියේ. ඉඩම් නිවාස අර්බුදයක් තිබුණා. අධ්‍යාපනය, සෞඛ්‍යය ඉතාම පහළ අඩියක තිබුණේ, සාක්ෂරතාව ගොඩක් අඩුයි. ආයු අපේක්ෂාව අවුරුදු 
පනස් ගණනක්. 
ඒත් දශක 2ක් ඇතුළත ඒ තත්ත්වය සැළකිය යුතු ලෙස වෙනස් වුණා. අපි ඒ වෙනකොට මානව සංවර්ධන දර්ශකයේ ලෝකයේ දියුණුම රටවල තරමට ඉහළම තැනකට ඇවිත් තිබුණේ. සමහර දර්ශකවලින් අපි දෙවැනි වුණේ බ්‍රිතාන්‍යයට විතරයි. අපි සංවර්ධනයේ පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් තිබුණා.  
ඒත් අපට සංවර්ධනයේ දී මඟ හැරුණ දේ තිබුණා. ඒකට ප්‍රධානතම හේතුවක් වුණේ අපි පුරවැසි පදනම මත ජාතික රාජ්‍යය ගොඩ නඟාගැනීමට අසමත් වීමයි. තවමත් ජාතිය, ආගම, පක්ෂය වගේ පටු බෙදීම් තුළ හිර වෙලයි අපි රට ගැන හිතන්නේ. මේ රටේ ජනතාව තවම ශ්‍රී ලාංකේය පුරවැසියන් බවට පත් 
වෙලා නැහැ.


ඒක ජනතාවගේ වැරැද්දක් නෙවෙයි. රටේ ක්‍රියාත්මක වෙන ජනප්‍රිය දේශපාලනයේ වැරැද්දක්. එකිනෙකා තරගකාරී මැතිවරණ පොරොන්දු දෙමින් ජන කොටස් දිනා ගැනීමට කරන ජනප්‍රිය දේශපාලනය ඇතුළේ සිදුවෙන බෙදීම රටේ අභිවෘද්ධිය පහළට ඇද දාලා තියෙනවා. 
මේ තත්වයන් වෙනස් නොවීම දියුණු රටක් විදිහට අපේ ගොඩනැග්මත් වළක්වලා තියෙනවා. ජනප්‍රියවාදය ඇතුළේ ආර්ථිකයට විසඳුම් දෙන්න යනවා. අනන්‍යතා පදනම් කරගෙන දේශපාලන තීරණ ගන්නවා. මේවා මැතිවරණ ජයග්‍රහණයට පහසු උපාය මාර්ග වුණත් මේවායෙන් රටක් ගොඩනඟන්න බැහැ. අපේ රටේ පහුගිය යුග කිහිපයක් තියෙනවා, මේ ජනප්‍රිය දේශපාලනය නිසා රට ආපස්සට ඇදල දාපු.
ඒත් අපිට තවමත් අවස්ථාවන් ඉතිරිව තියෙනවා අපේ රට දියුණු රාජ්‍යයක් විදිහට ගොඩනඟාගන්න. අඩුම තරමින් නිදහසෙන් අවුරුදු සියයක් පිරෙන 2048 දී වත් මේක කරගන්න පුළුවන් විය යුතුයි. නමුත් ඒ වෙනුවෙන් එක අරමුණක් පෙරදැරි කරගෙන සමාජය සංවිධානය කිරීමේ අභියෝගය ජයගත යුතුයි. සංවර්ධිත රාජ්‍යයන් බිහිවීම පිටුපස තියෙන තවත් එක රහසක් ඒක.



අදහස් (0)

දියුණු රටවල සංවර්ධනයේ රහස

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1079 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6360 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6174 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2188 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site