(නාලක සංජීව දහනායක)
පාතාල ක‍්‍රියාකාරකම් නිසා යුද සමයටටත් වඩා මිනිසුන්ගේ ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (28) පැවසීය.
පාතාලය මර්දනය කර සියලූම මිනිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව වහාම ක‍්‍රියාත්මක වියයුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘පාතාලයේ නැගිටීමත් සමඟම රටේ සියලූම මිනිසුන්ගේ ජීවිත බරපතළ අනතුරකට ලක්වෙලා. පක්‍ෂ භේදයෙන් තොරව සියලූම මිනිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සෑම ආණ්ඩුවකම වගකීමක්. නමුත් අද වනවිට එල්.ටී.ටී.ඊ පාලන කාලයටත් වඩා සාමාන්‍ය ජනතාවගේ ජීවිත අනාරක්‍ෂිත වෙලා. නිවරදිව නීතිය ක‍්‍රියාත්මක කරනන් පොලීසියට අවස්ථාව දෙන්න ඕනෑ. නමුත් දේශපාලන බලපෑම් නිසා මේ තත්ත්වය පාලනය කරන්න පොලීසියට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
පසුගිය 19 වැනිදා සිට 26 වැනිදා දක්වා වූ සතියක කාලයකදී මනුෂ්‍ය ඝාතන 15ක් පමණ සිදුවී තිබෙනවා. මේ තත්ත්වය නතර කිරීම රජයේ වගකීමක්. උතුරු ප‍්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් ආයුධ සමඟ අත්අඩංගුවට පත්වෙනවා. දකුණු පළාතේ පාතාලය හිස ඔසවනවා. බලය ලැබුණු ගමන්ම බුද්ධි අංශ නිළධාරීන් සිරගත කළා. ඒ නිසා විවිධ අපරාධකරුවන්ට, මංකොල්ලකරුවන්ට නිදහසේ හිස ඔසවන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දිනපතාම සිදුවන මන්ෂ්‍ය ඝාතන හා මංකොල්ල කෑම් නිසා අපේ රට ජාත්‍යන්තරයේ පිරිහීමට ලක්වෙනවා. ආයෝජකයන් නොඑන නිසා ආර්ථිකය කඩා වැටෙනවා.‘
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාතාලය නිසා යුද සමයටත් වඩා මිනිසුන් බයෙන්