IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පෞද්ගලික අධ්‍යාපන ආයතන ගුණාත්මක කිරීමේ ක්‍රමවේදයකට විශේෂ පනතක් ළඟදීම ගේනවා

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

පෞද්ගලික අධ්‍යාපන ආයතන ගුණාත්මක තත්ත්වයට ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට විශේෂ පනතක් ළඟදීම ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) පස්වරු 1.00ට රැස්විය.

වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ කීය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය පටන් ගත්තේ 2012දියි. ආරම්භයේදී ඊට කිසිදු විරෝධයක් ආවේ නැහැ. ඊට පසුව ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලොකු අර්බුදයක් ඇතිවුණා. මේ ප්‍රශ්නය ඇතිවුණේ අවිධිමත් අයුරින් මෙවැනි ආයතන පිහිටුවීමට අවසර දීම නිසයි. අද පාසල් ක්ෂේත්‍රයේත් මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේ ආයතන නියමයන්ට අද වැඩිපිළිවෙළක් නැහැ. අප දැන් ඒ ගැන පනතක් හදාගෙන යනවා. උසස් අධ්‍යාපනයක් හැදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් හදාගෙන යනවා.

සයිටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කළාට පස්සේ සයිටම් වෛද්‍ය පීඨය අහෝසි වෙනවා. ඊට පසුව එයාලට වෛද්‍ය උපාධි නිකුත් කරන්න බැහැ. ඒ වගන්තියත් අප මේ පනතට ඇතුළත් කළා. මේ පනත නීති විරෝධී කියලා කවුරුත් අභියෝගයට ලක් කළේ නැහැ.

මෙවැනි තත්ත්වයක් තිබියදී සරසවි සිසුන් පාරට බැසීම ගැන පාර්ලිමේන්තුව ළඟට පැමිණීම ගැන කනගාටු වෙනවා. මේ පනතෙන් වෛද්‍ය සභාවේ තීරණයන්ට බලපෑමක් නැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:-

සයිටම් ආයතනය විවිධ ආයතන මගහැර හිතුමතේ කටයුතු කිරීම නිසා මේ ප්‍රශ්නය ඇතිවුණා. ඒ දරුවන්ට කරපු හානිය වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දුගෙන් වන්දියක් අය කර ගත යුතුයි. ඔහු වන්දි ගෙවිය යුතුයි. මෙයත් ඇලෝසියස් පන්නයේ වරදක්. නෙවිල් ප්‍රනාන්දු මේ සිද්ධියේ වින්දිතයකු විදියට පමණක් නම් කිරීම වැරැදියි. සියලු වෛද්‍ය පිඨ මේ ප්‍රශ්නයේදී සාධනීය මැදිහත්වීමක් කළා. ඒ අයට මා ස්තුතිවන්ත වෙනවා. වෛද්‍ය පිඨයට ඇතුළත්වීමට එස් තුන සාධාරණ වන්නේ කොහොමද? කෙනකුට සාධාරණය වූ පමණින් බහුතරයකට අසාධාරණය අත්විය යුතු නැහැ.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):-

වෛද්‍ය සිසුන් අදත් පාරට ඇවිත් ඉන්නේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතියට හානියක් වෙන බව හිතලයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට මා පෞද්ගලිකව විරුද්ධ නැහැ. නමුත් වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ආරක්ෂා විය යුතුයි. සමහර ඇමැතිවරුන් මේ ගැන කටයුතු කළේ දරදඬු විදිටයි. සමහරු සයිටම් වහන්නේ නැහැ කියලා දැඩි ස්ථාවරවල හිටියා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපනය වසරකින් ප්‍රමාද වුණා. අද ඇතිවී තිබෙන තත්ත්වය හොඳයි. එය සාධනීය විදියට අවසන් විය යුතුයි.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් මහතා:-

අග්නිදිග විශ්වවිද්‍යාලයේ කනගාටුදායක සිද්ධීන් කිහිපයක් වුණා. එහි ඇතැම් කථිකාචාර්යවරුන් ලිංගික අල්ලස් ගන්නා බව උසස් අධ්‍යාපන ඇමැති මේ සභාවේදී කිව්වා. ඒ පළාතේ පිරිසක් ඇමැතිතුමාට වැරැදි කරුණු කියලා. ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් වේදනාවට පත්වී සිටිනවා. අග්නිදිග විශ්වවිද්‍යාලය ඉදිරියට එන ආයතනයක්. ඒ ආයතනයේ එවැනි සිද්ධියක් වෙලා නැහැ. විවිධ ප්‍රදේශවලින් එන සිසුන් එහි ඉගෙන ගන්නවා. ලිංගික අල්ලස් ගත් බවට කිසිදු සාක්ෂියක් නැහැ.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා:-

මම වගකීමක් නැතිව කතා කරන්නේ නැහැ. ඒක ගැන ද දරුවකුට එවැනි සිද්ධියක් වෙලා තියෙනවා. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණිලි කළා. හඬ පටයක් තියෙනවා. දැන් විමර්ශනයක් යනවා. අල්ලස් කොමිසමටත් යොමු කළා. මම ඒ ගුරුවරයාගේ නම කිව්වා. ඔලුවිල් පාලනයක් නැතිව ගිය විශ්වවිද්‍යාලයක්. දැන් නජිම් මැතිතුමා ඒක දියුණු කරගෙන යනවා.

දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කොඩිස්වරන් මහතා (දෙජාස):-

සයිටම් සිසුන් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම ගැන සතුටු වෙනවා. පෙරියකළපුව පිරිසක් ගොඩකරගෙන යනවා. වහාම පියවරක් ගන්න ඕන.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස):-

මොන දේ කළත් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට හානි වෙන්න දෙන්න බැහැ. ඒ පනත තවම ඉවත් කරගෙන නැහැ. නැවත එය සකස් කළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීමට කාරක සභාවක් පත්කර ගැනීම වැදගත්. සයිටම් එකේ වෛද්‍ය පීඨය ඉවත් කර ගත යුතුයි. ඒකට ගැසට් එකක් එන්න ඕන. මේ ප්‍රශ්නයේදී විශ්වවිද්‍යාල සිසුන් වින්ඳ දුකට ස්තුතිවන්ත වෙනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාසං):-

මහින්ද රජය කාලයේ සයිටම් ගැන කිසිදු විරෝධයක් ආවේ නැහැ. කිසිවකුත් පාරට බැස්සේ නැහැ. සයිටම් පටන් ගත්තේ මහින්ද යුගයේදියි. මේ පනත ඒ ප්‍රශ්නයට හොඳ විසඳුමක්. සුදුසුකම් සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය යුතුයි.

නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා:-

පොලිසිය අවස්ථා තුනක දී මත්ද්‍රව්‍ය අල්ලා ගත්තා. එස්.ටී.එෆ්. එක කෝටි දෙක හමාරක හෙරොයින් අල්ලා ගත්තා. කේරළ ගංජා ඇල්ලුවා. මේවා මර්දනය කරලා විතරක් වැඩක් නැහැ. මුලිනුපුටා දමන්න ඕන. මරණ දඬුවම ගෙනල්ලා හරි මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. කතරගම නායක හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ සියලු සැකකරුවන් අල්ලා ගත්තා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):-

සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ගේන්න ඕන කියලා අප දිගින් දිගටම කිව්වා. හිටපු උසස් අධ්‍යාපන ඇමැති හා සෞඛ්‍ය ඇමැති නරක විදියට මැදිහත් වුණු නිසා සයිටම් ප්‍රශ්නය දිග්ගැහුණා. නමුත් නව උසස් අධ්‍යාපන ඇමැති අලුත් විදියට බලන නිහතමානීව කටයුතු කරන කෙනෙක්. මේ ගැන ඉතිහාසය පුරා ඇතිවුණු සැක සංකා ඔබතුමාට  අද මකා දමන්න සිදුවෙලා. මම සයිටම් එකට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):-

දයාසිරි සයිටම් එකට අද විරුද්ධ වුණ එක ඇහුණා. නමුත් එදා විරුද්ධ වුණු එක ඇහුණේ නැහැ. සයිටම් දරුවන් රජයේ විශ්වවිද්‍යාලයකට දාන්න යනකොටත් ඒකටත් උද්ඝෝෂණ කරනවා. සයිටම් දරුවන් අනාථ කරන්නද කියන්නේ. මේ අරගලය පිටුපස දේශපාලනයක් තියෙනවා. අනෙක් හැම විෂයයක්ම පෞද්ගලික අංශයට දෙනවා. කවුරුත් විරුද්ධ නැහැ. නමුත් වෛද්‍ය විද්‍යාව දෙනවාට විරුද්ධයි. නෙවිල් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂට ලක්ෂ සියයක ශිෂ්‍යත්ව දුන්නා.

කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා (එජනිස):-

මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කිරීම අගය කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් සෑම දෙනාටම දිය යුතුයි. අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයත් දිරි ගන්වන්න ඕන. අධ්‍යාපනයේ වෙනසක් කිරීම වැදගත්. අප පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ නැහැ. ප්‍රමිතියට ආරම්භ වන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සහයෝගය දෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප):-

රටට ගැළපෙන උපාධිධාරීන් බිහි කළ යුතුයි. සයිටම් ආයතනයෙන් ශිෂ්‍යත්ව ගත්තු ලැයිස්තුව ඉදිරිපත් කරන්න ඕන. සයිටම් එකට විරුද්ධ නම් ශිෂ්‍යත්ව ගන්නේ ඇයි? සමහරුන් ශිෂ්‍යත්ව අරගෙන සයිටම් එකට දාලා මේ සභාවට එන්නෙත් නැහැ.

පත් කළ මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය (දෙජාසං):-

කොතලාවලට විශ්වවිද්‍යාලයට ඇතුළු වන අයට හමුදා පුහුණුවක් දෙන බව කියනවා. වෛද්‍ය විද්‍යාවට හමුදා පුහුණුවක් මොකටද? අදාළ දෙයක් නොවෙයි.


පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):-

සයිටම් ප්‍රශ්නය කලින් ආණ්ඩුවේ බබෙක්. ඒ බබා මේ ආණ්ඩුව බාර ගත්තා. මම රාජ්‍ය ආයතනයට පක්ෂ කෙනෙක්. එහෙත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කරන අතරේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දිය යුතුයි. ලාභ පරමාර්ථ කර නොගත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ප්‍රමුඛත්වය දිය යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස):-

සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ පනත ගෙන එන්න තිබුණේ දැනට ගෙනත් තියෙන නමින් නොවෙයි.

අද මේ ගේනාපු පනත පිළිබඳව අපට තිබෙන්නේ බලවත් සැකයක්. පළාත් පාලන පනත ගෙනත් කළදේ අපට මතකයි. සයිටම් එකේ සිසුන් පමණක් මේ විද්‍යාපීඨයට ඇතුළත් කර ගෙන හරියන්නේ නැහැ. සයිටම් එකට මේ ළමයි දාන්න සල්ලිවලට මොකද වෙන්නේ. ඒවා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට ගෙනියන්න දුන්නද?. ඒ සම්පත්වලට මොකද වෙන්නේ.

ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-

ඒ ආයතනයේ තියෙන ඒවාට මොනවද වෙන්නේ කියල අපි දන්නේ නැහැ. ඒවා එයාලා බලාගනියි. ඇයි දැන් මේවා අහන්නේ. ගිය ආණ්ඩුවෙන් අහන්න තිබුණා නේ.

පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා (එජාප):-

මේක ආරම්භ කරපු කාලේ හිටපු මන්ත්‍රීවරු දැන් කිඹුල් කඳුළු හෙලනවා. මේ කඳුළු හෙලන්න තිබුණේ එදා. එදා කට වහගෙන ඉඳල අද මිදි තිත්තයි කියල අඬනවා. උසස් අධ්‍යාපනයට තිබෙන අයිතිය අප ආරක්ෂා කළ යුතුයි. පෞද්ගලික පාසල් පද්ධතිය වහල දාන්න කියනවද?. නැහැ මේවා අපි ආරක්ෂා කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය (එජනිස):-

සයිටම් අහෝසි කිරීමට ගත් තීරණය ගැන අප සතුටු වෙනවා. මේ ආයතනය සම්බන්ධ ගැටලු රැසක් තිබුණා. ඒවා නිරාකරණය කිරීමට පියවර ගැනීම හොඳ දෙයක් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට එස් තුන ප්‍රමාණවත් නැහැ. එය වෙනස් කරන්න. රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට ඇති අවම ඉසඞ්කෝර් අගය භාවිත කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-

විසඳිය හැකිව තිබූ ප්‍රශ්නයක් අපි අවුරුදු 3ක්ම කරතියාගෙන ආවා. මේ විසඳුම මීට පෙර නොගත්තේ ඇයි. ඒ ගැන සැකයක් ඇති වෙනවා. මේ රජය බලයට පත් නොවුණා නම් සයිටම් එක අහෝසි වෙන්නේ නැහැ. සමහරු නෙවිල් ප්‍රනාන්දු මහතාට කොටුවී ඒ තුළම සිටියා. ඊට අපේ රජයේත් කිහිප දෙනෙක් හවුල් වුණා. මේක මීට වඩා විසඳන්න ක්‍රමයක් නැහැ.

වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියාය.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ):-

සයිටම් එකේ කණ්ඩායම් 15 ගත්තේ කවදාද. කේ.ඩී.යූ. එක කුඩා ආයතනයක් මා හිතන්නේ මේ ටික ගන්න අවුරුදු 10ක්වත් යයි. සයිටම් ආයතනය ප්‍රායෝගික වශයෙන් අහෝසි වන්නේ කවදාද? සයිටම් එකේ අවම සුදුසුකම රජයේ වෛද්‍ය විද්‍යාලවල අවම සුදුසුකම නොවෙයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-

මේක ඉතා වටිනා විසඳුමක් බවට කරුණු කිව්වා. නමුත් මේකට කොයිතරම් මිලක් ගෙව්වාද. මේ අගනා වියදම ඉබේම පහළ වුණේ නැහැ. මේ සඳහා දුක් වින්ද අය බොහෝයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නයට කර දීපු වෛද්‍ය සංගම් නායකයෝ අද කණපිට ගහලා. නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණයට හැරවීමට ගියොත් එතැන අරගලයක් ඇති වෙනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා (එජාප):-

සයිටම් අර්බුදයට ගෙනා මේ විසඳුමට අපගේ ප්‍රශංසාව පළ කරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගැටලු විසඳන ආකාරයටම වතුකරයේ පාසල්වල විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ ප්‍රශ්නයත් විසඳීමට පියවර ගන්න. නැත්නම් ඌව ප්‍රදේශයේ ළමයිනුත් පාරට බහින්න ඉඩ තියෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී පී. වේලුකුමාර් මහතා (එජාප):-

සයිටම් අර්බුදය විසඳීමට පෙර පැවැති ආණ්ඩුව නිසි ලෙස ක්‍රියා කළේ නැහැ. නමුත් වත්මන් රජය ඒ සඳහා විධිමත් පියවරක් ගැනීම අප අගය කරනවා.

(නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය).

කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය (එජාප):-

රාගම වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය සම්බන්ධයෙන් එදා අපි පාරට බැස්සා. අපි ඒ උද්ඝෝෂණවලට සහභාගි වුණේ අකමැත්තෙන්. මේ නිසා 88-89 විශ්වවිද්‍යාල වසා තිබුණා. මේ ප්‍රශ්නය විසඳීමට ගත්ත කාලය වැඩියි කියල හිතෙනවා. මෙය ඉතා හොඳ ධනාත්මක විසඳුමක්.

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා:-

අද දක්වා ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවම සුදුසුකම එස් තුනයි. වෛද්‍ය අධ්‍යාපනයටත් එයමයි. මේකයි යථාර්ථය. 

වෛද්‍ය අධ්‍යාපනයට අවම සුදුසුකම නීත්‍යනුකූලව තවමත් අරගෙන නැහැ. එස් තුනට වෛද්‍ය අධ්‍යාපනය ලබා දොස්තරවරු වුණ අය ඉන්නවා.

බිමල් රත්නායක මහතා මගේ පංතියේ ගෝලයෙක්. හැබැයි මම මීනි මරන්න ඉගැන්නුවේ නැහැ. එතුමා මගේ ගොලයෙක් වීම ගැන මම ලැජ්ජා වෙනවා. 
පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. 

 



අදහස් (0)

පෞද්ගලික අධ්‍යාපන ආයතන ගුණාත්මක කිරීමේ ක්‍රමවේදයකට විශේෂ පනතක් ළඟදීම ගේනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 713 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site