IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


පනතින් ඡන්ද බලයට මරු පහරක් එල්ලවුණා

(නාලක සංජීව දහනායක)

මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව නැවැත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉකුත්දා (21) පැවසීය.

එමෙන්ම මැතිවරණ නොපැවැත්වීමේ රජයේ උත්සාහයට එරෙහිව කළ හැකි හැම දෙයක්ම කරන බවද කීය.

බොරැුල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්ෂය (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවසීය.

අද අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය ලෝකයේ කිසිම රටක නැහැ. කිසිම රටක් පළාත් පාලන මැතිවරණ වසර දෙකහමාරක් කල්දමන්නේ නැහැ. දැන් ඒ තත්ත්වයම පළාත් සභා සඳහාත් ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනවා. අද අපේ රටේ මැතිවරණ පවත්වන දිනය පිළිබඳව දන්නේ සක‍්‍රයා පමණයි.

මේ රජයට මැතිවරණ පැවැත්වීමට කිසිම අවශ්‍යතාවක් නැහැ. රජය ජනමතයට බයයි. ඒ නිසා නොයෙකුත් ව්‍යාජ හේතූන් ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීමට රජය උත්සාහ ගන්නවා.

කල්දමන පළාත් සභා තුනේ මැතිවරණ මාස හතරක කාලයක් ඇතුළතදී පවත්වන බව අගමැතිවරයා ප‍්‍රකාශ කළා. මාස හතරක් ඇතුළතදී මැතිවරණය පැවැත්වීමට නොහැකි වුණොත් කුමන හෝ ක‍්‍රමයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළා. නමුත් ඒ යෝජනාව රජය ප‍්‍රතික්ෂේප කළා.

ලෝකයේ කිසිම රටක් පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වා නැහැ. අපේ රටේ සිටි විධායක ජනාධිපතිවරයෙක් එලෙස ක‍්‍රියාකර නැහැ. එකම දිනයකදී පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප‍්‍රායෝගික නැහැ.

පළාත් සභා සඳහා කාන්තා නියෝජනය කිරීමට රජයට වුවමනාවක් නැහැ. පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමටත් රජයට කිසිම වුවමනාවක් නැහැ. මෙම පනත සම්මත වීමත් සමග සර්වජන ඡුන්ද බලයට මරු පහරක් එල්ල වුණා.

ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන රාශියක් තිබෙනවා. ඒ අනුව කිසියම් පනතක් ගැසට් කළ පමණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැහැ. ගැසට් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අතර අවම වශයෙන් සති දෙකක පරතරයක් තිබිය යුතුයි. ජනතාව ඒ යෝජිත පනත පිළිබඳව දැනුවත් විය යුතුයි. අදාළ පනතින් ජනතාවට අගතියක් සිදුවෙනවාදැයි දැනගත යුතුයි. ඒ පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහායි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම එවැනි නිර්දේශයක් කර තිබෙන්නේ.

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් තවත් සතියක කාලයක් ලබාදී තිබෙනවා. ඒ අදාළ පනත සම්බන්ධයෙන් අවශ්‍ය අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමටයි. නමුත් ඒ අවස්ථාව ඊයේ දිනයේදී අහෝසි වුණා.

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමේ පනතට ආණ්ඩුව විසින් පිටු 32 සංශෝධන 41 ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම අලූත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නව පනතක් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගවලට යොමුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ජනාධිපතිවරයා සංහිඳියාව, මානව අයිතිවාසිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කළා. නමුත් ඒ මොහොතේදීම එතුමාගේ රජය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් එල්ල කළා. එය දෛවයේ සරදමක් වගෙයි.

මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව අපිට කළ හැකි හැමදෙයක්ම කරනවා. මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව අප මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් වටිනා නඩු තීන්දුවක් දුන්නා. රජය ඒ නඩු තීන්දුව නිශේධ කිරීමට උත්සාහ ගන්නවා. අප ඒ උත්සාහයට විරුද්ධව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම හරහා ආණ්ඩුව දේශපාලනිකව මරණීය වැරදි කිහිපයක් සිදුකරගත්තා. මෙම පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් අමතරව ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබුණා. නමුත් මෙම පනත සම්මත කරගත් ආකාරයෙන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය අහිමි කරා. මේක නංගි පෙන්නල මීආච්චි දුන්නා වගේ වැඩක්.

මින්පසුව රටේ පාලනය භාරගන්නා ඒකාධිපති චේතනාවෙන් කටයුතු කරන පාලකයන් සඳහා මේ හරහා විසකුරු මාවතක් ආණ්ඩුව විවරකර දුන්නා. මින් පසුව පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබෙන  ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ අභිමතය පරිදි රටේ නීතිය වෙනස් කිරීමට හැකියාව තිබෙනවා.

මේ ආණ්ඩුව බලය බෙදාහැරීම සම්බන්ධව දිගින් දිගටම කතා කරනවා. එසේ කතා කරමින් පළාත් සභා සඳහා තිබූ බලයත් අහිමි කර ස්ථාවර පළාත් සභාවක් වෙනුවට එල්ලෙන පළාත් සභාවක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධ විවාදයට ආණ්ඩුව විසින් නම් කර තිබූ කථිකයන් වෙනුවට වෙනත් කථිකයන් ආදේශ කරමින් විවාදය වුවමනාවෙන් දිග්ගැස්සුවා.

ආණ්ඩුවේ මෙම උත්සාහය හරහා නීතිපති දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමිසම හෑල්ලූවට ලක්වුණා. ආණ්ඩුවේ මෙම සියලූ උත්සාහයන් අවසානයේදී උත්තරීතර පාර්ලිමේන්තුව වියපත් ගණිකාවක් බවට පත්වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් මට ඒ ගැන ලැජ්ජයි. මට දැනුණු ඒ ලැජ්ජාව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ටත් දැනෙන්න ඇති.

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අරුන්දික ප‍්‍රනාන්දු හා ප‍්‍රියංකර ජයරත්න මන්ත‍්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමත් සමගම ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබූ තුනෙන් දෙකක බහුතර බලය අහිමි වුණා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කරගැනීම සඳහා රජයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහය ලැබුණා.

එමෙන්ම මෙම පනතට සහය දීමට නම් කොට්ඨාස ක‍්‍රමයෙන් සියයට 60 ක් හා සමානුපාතික ක‍්‍රමයෙන් ලැයිස්තුවෙන් සියයට 40 මන්ත‍්‍රීවරුන් පත්කර ගැනීමේ ක‍්‍රමය 50/50 කරන ලෙසට මුස්ලිම් කොන්ග‍්‍රසය, රිෂාඞ් බදියුදීන් හා මනෝගනේෂන් රජයට දැනුම්දී තිබුණා. ඒ වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් 12 දෙනකු සභා ගැබෙන් ඉවතට ගියා. ඒ ගනුදෙනුව අවසන් කර ගැනීමට අවශ්‍ය නිසා පාර්ලිමේන්තු රැුස්වීම නියමිත කාලයටත් වඩා ඇදගෙන ගියා යැයි පැවසීය.



අදහස් (1)

පනතින් ඡන්ද බලයට මරු පහරක් එල්ලවුණා

shan saudi Monday, 25 September 2017 02:30 PM

මෙයාල වගේ රටට වැඩක් නැති සුදු අලි මේ චදෙන් එලියට විසිවෙනවා එකයි කෑගහන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2191 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1921 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site