IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රචණ්ඩවාදයට කවදාවත් එකට පවතින්න බැහැ

(නාලක සංජීව දහනායක)

ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රචණ්ඩවාදයට කිසිදා එකට පැවැතිය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (28) පැවැසීය.

මැරෙන්න බලාගෙන ආණ්ඩුවට එරෙහිව කට ඇරීමට සිදුව තිබෙන බවත් ඒ බව දැන දැනම තමන් ආණ්ඩුවට එරෙහිව කතා කරන බවත් මන්ත්‍රීවරයා කීය.

සමාජවාදී ජනතා පෙරමුණ බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

අපේ රටේ සෞඛ්‍ය වර්ධනය පිළිබඳව අමාත්‍යවරයා ලෝකයට අඬබෙර ගහනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සේවය අගයන්න මේ දවස්වල ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අපේ රටට පැමිණ සිටිනවා. ඇමැතිවරයා ඇගයුම් ලබන අතරදී රටේ මන්දපෝෂණය ශීඝ්‍රයෙන් වැඩිවෙලා. මන්දපෝෂණය වැඩිවීම අතින් ආසියානු කලාපයෙන්ම අපේ රට දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි.

ප්‍රතිශතයක් ලෙස ගත්විට සාමාන්‍යයෙන් අපේ රටේ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය සමස්ත ජනගහනයෙන් සියයට 22ක් පමණ වෙනවා. රටේ ඉහළ ආදායම් ලබන ජනතාවත් ඒ ඉලක්කමට අයිති වෙනවා. නමුත් ඉතාම දුෂ්කර ප්‍රදේශවල හා වතුකරයේදී මෙම තත්ත්වය ඉතාම බරපතළ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව හඬක් නඟාවි යැයි මම බලාපොරොත්තු වුණා. නමුත් එහෙම වුණේ නැහැ.

එමෙන්ම මේ වනවිට දකුණු පළාත පුරාම ඉන්ෆ්ලුවෙන්සා නමැති උණ රෝගය පැතිරී යනවා. එම උණට ගොදුරුවූ දරුවන්ගෙන් කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකය පිරිලා. එම නිසා වැඩිහිටියන් සඳහා වෙන්වූ දැඩි සත්කාර ඒකකයේ උණ රෝගය වැලඳුණු ළමයින්ට ප්‍රතිකාර කරනවා. මෙම උණ රෝගී තත්ත්වය දැන්ම මර්දනය නොකළහොත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා ශල්‍යාගාර පහසුකම් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ආදිය සලසමින් රෝගය පාලනය කිරීමට රජය කටයුතු කළ යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මුල සිටම පෙනී සිටියා. නමුත් ඔවුන් මේ මොහොතේදීම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ ඇයි?. මේ වනවිට ආණ්ඩුව අර්බුද ගණනාවකට මුහුණ දී තිබෙනවා. මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමඟම මුලු රටම ඒ ගැන කතාකරන්න පටන් ගන්නවා. එවිට ආණ්ඩුව ඇතුළත තිබෙන අර්බුද ඉබේම යට යනවා.

එමෙන්ම දැනට පනවා තිබෙන වැට් බද්ද 2020 වසරේදී සියයට දෙකයි දශම පහකින් අඩුකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබුණා. 2020 වසර වනවිට මීටත් වඩා ජීවන වියදම ඉහළ ගොස්, රුපියල තවදුරටත් අවප්‍රමාණය වේවි. ඒ නිසා එම කාලයේදී සියයට 2.5 වැට් බද්ද අඩුකිරීමේ ප්‍රතිඵලය කුමක් වේදැයි දන්නේ නැහැ. 
ලබන වසර වනවිට රටේ ජාතික ණය ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් අවශ්‍ය බව මුදල් අමාත්‍යවරයා පවසා තිබුණා. එහෙත් සමස්ත ණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 වන බව මහබැංකු අධිපතිවරයා පවසනවා. ඇමරිකානු ඩොලර් බිලියන 9.4 සංචිතයක් තිබෙන බැවින් ඒ ණය මුදල ගෙවීම අමාරු නොවන බවත් මහ බැංකු අධිපතිවරයා පවසනවා. දැන් අපි පිළිගන්න ඕන ඇමැතිවරයා කියන දෙයද, එහෙමත් නැත්නම් මහ බැංකු අධිපතිවරයා කියන දෙයද?. 

බැඳුම්කර වංචාවේ ප්‍රධාන අපරාධකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවේ සිටින බව ජාත්‍යන්තර පොලිසිය සඳහන් කරනවා. ඔහු මෙරටට ගෙන්වා ගැනීමට නම් උදර්පන නීතිය අනුව කටයුතු කළ යුතුයි. එසේ නොමැතිනම් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ සඳහා මැදිහත් විය යුතුයි. එහිදී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට එවන ලෙස රජය සිංගප්පූරුවෙන් ඉල්ලීම් කරන්න ඕනෑ. නමුත් මේ රජයෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ. 

අගමැතිවරයාට හැමදාමත් තනතුරේ ඉන්න බැහැ. අගමැතිවරයාගේ හිතවතුන් නොවන පිරිසක් අතට බලය මාරුවීමෙන් අනාගතයේ දවසක ඔහුට මේ සම්බන්ධ පරීක්‍ෂණ කොමිසමක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවේවි. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරුගෙන් මුදල් ගත් දේශපාලනඥයන් ගැන මේ දවස්වල කියවෙනවා. මම නම් කාගෙන්වත් සල්ලි අරගෙන නැහැ.

ගංවතුර ආපදා ගැන පසුගිය අවුරුදු තුනේදීම අපි පාර්ලිමේන්තුවේ කතා කළා. ආපදාවට ලක්වූවන්ට ඕනෑතරම් සල්ලි දෙන බව ආණ්ඩුව ඒ හැම වෙලාවෙම කිව්වා. නමුත් දෙන්නේ රුපියල් 10,000ක් පමණයි. ඒ මුදලත් නොලැබුණු පවුල් සිටිනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බවද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මෙසේ පැවැසීය.

මේ වනවිට දකුණු පළාත පුරාම ව්‍යාප්ත වන ඉන්ෆ්ලුවෙන්සා වසංගතය පසුගිය වසරේදී ඕස්ටේ්‍රලියාව, එංගලන්තය ආදී රටවල පැතිරුණා. ඒ නිසා අපේ රටේ මෙම රෝගය සංචාරක කලාප ආශ්‍රයෙන් පැතිරෙන්නට ඇතැයි වසංගත රෝග විශේෂඥයන් කල්පනා කරනවා. මෙවැනි වසංගත රෝග පාලනය කිරීම සඳහා වෙනත් රටවල් පූර්ව සූදානමක් ඇතිකර ගන්නවා. වෙනත් රටවල් මෙවැනි රෝග පාලනය කිරීම සඳහා විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නවා. නමුත් අපේ රටේ එවැන්නක් නැහැ. දැනට දකුණු පළාතේ පැතිරී යන මෙම රෝගය දැන්ම පාලනය නොකළහොත් මෙය මුළු රටටම දරුණු වසංගතයක් වේවි.

ගොඩනැගිලි ඉදිකිරීමෙන් රටක සංවර්ධන මනින්න බැහැ. සංවර්ධනය තිබිය යුත්තේ මිනිසුන් වෙනුවෙනුයි. අපේ රටේ ළමුන් සඳහා දැඩි සත්කාර ඒකක තිබෙන්නේ 4යි. වසංගත රෝග විශේෂඥයන් ඉන්නේ 10 දෙනයි. මෙවැනි තත්ත්වයක් හමුවේ වසංගත තත්ත්වයකට මුහුණ දෙන්නේ කොහොමද?. 

අද පාතාලය මෙහෙයවන්නේ පිටරට ඉඳගෙනයි. රටේ ආර්ථිකය මෙහෙයවන්නේත් පිටරට ඉන්න අයයි. ඒ නිසා මනුෂ්‍ය ඝාතකයන් මෙන්ම ආර්ථික ඝාතකයනුත් රටට හෙළිකළ යුතුයි. දිනපතාම වගේ වැඩ වර්ජන, උද්ඝෝෂණ ආදිය පැවැත්වීමෙන් රටේ සංවර්ධනය ආපස්සට යනවා. පසුගිය වසරේදී වර්ජන 32ක් පැවැතීම නිසා රටට නිෂ්පාදන පැය 58279 ක් අහිමි වෙලා තිබෙන බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. මේ නිසා රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා පැවැසීය. 

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුද දේශවිමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (7)

ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රචණ්ඩවාදයට කවදාවත් එකට පවතින්න බැහැ

Dawal migel Tuesday, 29 May 2018 11:14 AM

වයසට ගියත් කරපු දෙයක් නෑ නේද?

:       0       161

රාජුන් Tuesday, 29 May 2018 02:02 PM

අනිසි ලෙස හැඩ ගැසුනු , අවිචාරවත් ප්‍රජාතන්ත්‍රවාදය සැම විටම ප්‍රචන්ඩවාදය සමග අත්වැල් බැඳ ගනී. මන්ද යත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක පැවැත්ම රඳා පවතින්නේ ප්‍රචන්ඩවාදය මත බැවිනි.

:       0       0

Chanak Los angeles Tuesday, 29 May 2018 08:16 PM

ඒකනම් ඇත්ත. 2015 ජනවාරි 8 වෙනිදා පවතින්නේ නැහැ කියා ඔප්පු වුනානේ

:       0       0

Saththaya Wednesday, 30 May 2018 04:12 AM

ඇයි එහෙනම් ඒවාට සහයෝගය දෙන්නේ ? ඔබලාට ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණාද? ප්‍රචණ්ඩවාදය මිසක්. මේ රටට මොකද වුනේ කියලවත් හිතන්න බැරුව ඇති වයස නිසා.

:       0       416

amila Wednesday, 30 May 2018 05:13 AM

තව අවුරුදු කීයක් ඉඳීද? අනේ යකෝ මැරෙන්න ඉන්න අයට මොන දේශපාලනයද?

:       0       13

Chandra Wednesday, 30 May 2018 07:57 AM

ජනතාවට කරපු සේවයක් නැහැ ,ප්‍රචණ්ඩවාදයට කඩේ ගිහින් මල්ල පුරෝ ගත්ත මිසක්.

:       0       6

kalani Sunday, 03 June 2018 10:25 AM

ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීසියේ ඇතන්ස් නගරයේ තිබේවා. ප්‍රචණ්ඩත්වය අපි තබා ගනිමු. නැත්නම් තමුන්නාන්සේලාට කරන්න කියන්න දෙයක් නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 713 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site