කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි නියං තත්ත්වයන්ට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් වියයුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අදාළ පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් එම අභියෝගය ජය ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ රටක් ලෙස සූදානම් විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වල ප‍්‍රගතිය සොයාබැලීමේ සාකච්ඡාවක් අදාළ සියලූ අංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) පෙරවරුවේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
‘‘වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අධීක්‍ෂණය කළේය.
නියං තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති ගොවිබිම් ප‍්‍රදේශවල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීමේ කටයුතු මේ වනවිට විධිමත් අයුරින් කි‍්‍රයාවට නංවා තිබෙන අතර එම කටයුතු කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබ`දවද ජනාධිපතිවරයා කරුණු විමසීය.
එමෙන්ම ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීම සඳහා කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව කරුණු විමසූ ජනාධිපතිවරයා එම කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ජල බවුසර් 100ක් මිලදී ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ති‍්‍රවිධ හමුදා නිලධාරීන් යොදවා තිබෙන අතර, අදාළ වැඩසටහන් සඳහා ඔවුන්ගේ දායකත්වයද මෙහිදී සමාලෝචනය කෙරිණි.
පීඩාවට පත් වනජීවීන් සඳහා ජලය සහ ආහාර ලබාදීමේ වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලීය.
මේ අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය විසින් පරිත්‍යාග කළ ජල බවුසර් 04ක් යුනිසෙෆ් ශී‍්‍ර ලංකා නියෝජිත ටිම් සටන් මහතා ඇතුළු නියෝජිත පිරිස විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීමද මෙහිදී සිදුකෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා විසින් එම ජල බවුසර්වලට අදාළ ලිපි ලේඛන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ අමාත්‍යාංශ ලේකම් සරත්චන්ද්‍ර විතාන යන මහත්ම මහත්මීන් වෙත භාරදෙනු ලැබීය.
අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, මංගල සමරවීර, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පර්යේෂණවල නිරතවෙමින් අභියෝග ජයගනිමු